පින් දීමේ ගාථා

සියලු දෙවියන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බසම්පත්ති සාධකං

සබ්බේ දේවානුමෝදන්තු - අම්හේ රක්ඛන්තු සබ්බදා.

තේරුම :-

අප විසින් කරන ලද සියලු සම්පත් සාදා දෙන මේ පින සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. අප ද සැම කල්හි ආරක්‍ෂා කෙරෙත්වා!

විෂ්ණු දෙවියන්ට පින් දීම

නීලවණ්ණෝ මහා තේජො - බලෝ ගුරුළ වාහනෝ

වේණු නාමෝ දේව රාජා - ඉමං පුඤ්ඤානුමෝදතු.

තේරුම :-

නිල් වන් වූ මහා තේජස් ඇත්තා වූ බල ඇත්තා වූ ගුරුළු වාහනය ඇති විෂ්ණු නම් වූ දෙව් රජ තෙමේ මේ පින් අනුමෝදන් වේවා.!

කතරගම දෙවියන්ට පින් දීම

සළානනෝ මහා තේජෝ - බලෝ මයුර වාහනෝ

දේවින්දෝ කාචරගාමේ - ඉමං පුඤ්ඤානුමෝදතු.

තේරුම :-

මුහුණු සයක් ඇත්තා වූ මහත් තේජස් බල ඇත්තා වූ කතරම දේවේන්ද්‍රයෝ මේ පින් අනුමෝදන් වෙත්වා!

සමන් දෙවියන්ට පින් දීම.

වාරණ වාහනෝ සම්මා - සම්බුද්ධ පද පාලකෝ

තේජස්සී සුමනෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු

තේරුම :-

ශ්‍රී පාදය ආරක්‍ෂා කරන්නා වූ තේජස් ඇත්තා වූ ඇත් වාහන ඇත්තා වූ සුමන දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!

විභිෂණ දෙවියන්ට පින් දීම

කල්‍යාණි පුරේ රම්මේ - තුරඞ්ග වාහනෝ බලී

විභිසනව්හයෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු.

තේරුම :-

රම්‍ය වූ කැලණි පුරයෙහි අශ්ව වාහන ඇති බලවත් වූ විභිෂණ දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!

ගම්භාර සූනියම් දෙවියන්ට පින් දීම

නානා වණ්ණෝ මහා තේජෝ - ඕදාත හය වාහනෝ

ගාමසඤ්චාරකෝ දේවෝ - ඉමං පුඤ්ඤානුමෝදතු.

තේරුම :-

නොයෙක් වර්ණ ඇත්තා වූ මහත් තේජස් ඇත්තා වූ ශ්වේත අශ්ව වාහන ඇත්තා වූ ගම්හි හැසිරෙන්නා වූ ගම්භාර දෙවි තෙමේ මේ පින් අනුමෝදන් වේවා!

මිය ගිය ඥාතීන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං

ඤාතයෝ අනුමෝදන්තු - පරලෝක මිතෝ ගතා.

සකල සත්ත්වයන්ට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං

සබ්බේ සත්තානුමෝදන්තු - සුඛිතා හොන්තු තේ සදා.

මවට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං

මාතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතා.

පියාට පින් දීම

කතං අම්හේහිමං පුඤ්ඤං - සබ්බ සම්පත්ති සාධකං

පිතා මේ අනුමෝදතු - පරලෝක මිතෝ ගතෝ.