අනුන් අයත් වස්තුවක් හිමියාට සොරෙන් හෝ ඔහු රැවටුමෙන් හෝ බිය ගැන්වීමෙන් හෝ බලහත්කාරයෙන් හෝ ගැනීම අදත්තාදාන නම් වේ.
(1) අන් සතු වස්තුවක් වීමය, (2) අන් සතු වස්තුවක් බව දැනීම ය (3) පැහැර ගනු කැමති සිතය. (4) පැහැර ගැනීමට උපක්‍රම කිරීම ය. (5) වස්තුව ගැනීම යයි අදත්තාදානයේ අංග පසෙකි. මේ පඤ්චාංගයෙන් එකකුදු අඩු වුවහොත් අදත්තාදාන කර්මය සිදු නො වේ.
යම්කිසි වස්තුවක් සොර සිතින් ගත්තේ ද, එය හිමියකු නැති වස්තුවක් වේ නම් එයින් අදත්තාදාන කර්මය සිදු නො වේ. හිමියකු ඇති හිමියා විසින් නුදුන් වස්තුවක් වුව ද සොර සිතින් තොර ව හිමියා කෙරෙහි විශ්වාසයෙන් ගතුයේ ද අදත්තාදාන කර්මය නො වේ. අන්සතු වස්තුවක් තමාට අයත් ය යන හැඟීමෙන් ගතුයේ ද අදත්තාදාන පාපය නො වේ.
අනු මාතෘකා
keyboard_arrow_rightපස්විසි අවහාරයstar_outlineshare
keyboard_arrow_rightඅදත්තාදාන කර්මයාගේ අල්ප සාවද්‍ය මහා සාවද්‍ය භාවයstar_outlineshare
keyboard_arrow_rightඅදත්තාදාන කර්මයාගේ විපාකයෝstar_outlineshare