යම් සත්ත්වයකු මරනු පිණිස උගුල් ඇටවීම් ආදි ස්ථාවර ප්‍රයෝගයක් කරන ලද කල්හි ඒ සත්ත්වයාගේ මරණයෙන් ම ප්‍රයෝගය කළ තැනැත්තාට ප්‍රාණඝාත කර්මය වේ. අන් සත්ත්වයෙක් හසු වී මළේ ද ප්‍රාණඝාත කර්මය සිදු නො වේ. නියමයක් නැති ව ඇටවූ උගුලට හසු වී කවර සත්ත්වයකු වුව ද මළ හොත් ප්‍රාණඝාත කර්මය වේ. නියමයක් නැතිව සතුන් මැරීමට වළක් කපා තැබුව හොත්, ඒ වළ පවත්නා තුරු ම එහි වැටී මැරෙනා සත්ත්ව ගණනට ප්‍රාණඝාත කර්ම වළ කැණුවහුට වේ.