මළවුනට පින් දෙන්නා වූ ඇතැම්හු “අපගේ ඥාතීහු අභව්‍ය ස්ථානයකට පැමිණ සිටිත් නම් මේ පින අනුමෝදන් වී ඔවුහු ඉන් චුත ව සුගතියට යෙත්වා”යි පින් දෙති. ඇතැම් අව්‍යක්ත භික්ෂූන් ද එසේ කිරීමට දායකයනට අනුශාසනය කරනු සමහර තැන්වල දී අසන්නට ලැබේ. එය නො මනා පින්දීමේ ක්‍රමයෙකි. ප්‍රේතයන්ට ප්‍රේතාත්මයෙන් චුත ව සුගතියට පැමිණෙන්නට පැතීම නොහොත් ඉල්ලීම වරක් මළ අයට නැවතත් මැරෙන්නට පැතීම ය. සකල සත්ත්වයෝ ම ජීවත් වීමට කැමැත්තෝ ය. මැරෙන්නට නො කැමැත්තෝ ය. එබැවින් මැරෙන්නට පතා දෙන පිනට ප්‍රේතයන් කැමති වෙතැයි සිතිය නො හැකිය. ඔවුනට වුවමනා කර්නනේ මැරෙන්නට නොව ඒ සිටින සැටියට සිටගෙන සම්පත් ලැබීමට ය. ප්‍රේතයන්ට පින් දුන් සැටි දැක්වෙන බොහෝ කථා වස්තුවලින් පෙනෙන්නේ ද පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතත්වයෙන් සිට ගෙන ම ඔවුන් සැපසම්පත් ලබන බව ය. එ බැවින් ප්‍රේතයන්ට පින් දෙන කල්හි ඔවුන් මැරෙන්නට නො පතා ඔවුනට අඩුවක් පාඩුවක් ඇත්තා වූ යමක් වේ නම් මේ පින් අනුමෝදන් වී ඔවුහු ඒවා ලබත්වා යි පතා පින්දිය යුතු වේ.