95. මල්ලක මහතෙර

සීසෑ ඉඩමක් දෙස බලන්නා වූ මේ තෙරුන්ට ඒ ඉඩම පමණ වූ ම පඨවිකසිණ නිමිත්ත උපණි. එතුමා එය වඩා ධ්‍යානපස උපදවා විදසුන් වඩා රහත් වී යයි විසුද්ධිමග්ග පඨවිකසිණනිද්දෙසයෙහි කියවේ. (ඉං. 123)

එහිම කායගතාසතිනිද්දෙසයෙහි (ඉංත 265) මල්ලක නම් තෙරුන්ට කායගතා සතියේ ඇති කොටස් ගණන අනුව වෙන් වශයෙන් ප්‍ර‍ථමධ්‍යාන දෙතිසක් උපන්නාහ යි කියවේ.