93. ගෝධගත්තතිස්ස මහතෙර

තිස්ස කුමරා ගැමුණු රජු හා යුද්ධකොට පැරදී අප්‍ර‍කට වෙසින් දිගාවැවට ගොස් ගෝධගත්තතිස්ස තෙරුන් වෙත එළඹ තමා කළ වරදට රජුගෙන් සමාව ඉල්ලා දෙන ලෙස අයැද සිටියේ ය. තෙරණුවෝ කුමරුට කුඩය හා පාත්‍ර‍ය දී වතාවත් කරන්නකු මෙන් මාගමට කැඳවාගෙනවුත් රජු හා සමගිකර වූහ යි රසවාහිනියේ දුටුගැමුණු කථාවෙහි කියවේ. මහාවංශයෙහි 24 වෙනි පරිච්ඡේදයෙහිත් මේ පුවත මෙසේ ම කියවේ.