36. ආභිධම්මික අභයමහතෙර.

වැලිපිටි විහාරයෙහි විසූ ආභිධම්මික අභයස්ථවිරතුමා වස් එළඹෙන දිනක වෙන්ව විසීමේ අනුසස් දක්වන මහාසුඤ්ඤතා සූත්‍ර‍ය භික්‍ෂූන් ඉදිරියෙහි හදාරා ඒ වස්කාලය තුළ වෙන්ව විසීමට කතිකා කෙළේය. සියලු දෙන වෙන්ව විවේකීව භාවනාකොට වස්කාලය තුළ රහත් බවට පැමිණියාහයි මැඳුම්සඟි අටුවාවේ මහාසුඤ්ඤතාසුත්තවණ්ණනා (907) වෙහි එයි.