15. තවත් පිණ්ඩපාතික තිස්ස තෙරනමක්

රජරට තාලචතුක්කය (=තල්ගස් සතර) අසළ සුදර්‍ශන පධානඝරයෙහි පිණ්ඩපාතික තිස්ස නම් තෙරනමක් විය. සුළු රජයෙහි තිස්ස නම් ඇමතියෙක් අනුරාධපුරයට අවුත් රාජොපස්ථාන කොට හැරීයන්නේ අතරමග දී පිඬු පිණිස වඩින මේ තෙරුන් දැක තමාගේ ගෙට ගොස් බත් නො තිබුණු බැවින් කහවණු අටක් දී මග යන මිනිසකුගෙන් බත් මුලක් ගෙන තෙරුන්ට පිළිගැන්වීය. තෙරනම පිණ්ඩපාතය ලැබුණු සැටි සලකා භාවනා කොට රහත් වී එය වැළඳුවේ යයි රසවාහිනියෙහි සද්ධාතිස්ස ඇමතියාගේ කථාවෙහි දැක්වේ.