1. ‘‘සගාරවො වුඩ්‌ඪතරෙසු භික්‌ඛුසු; ආචෙරකම්‌හි ච සකෙ විසාරදො;
අලං පමෙතුං පගුණො කථෙතවෙ; පච්‌චත්‌ථිකානඤ්‌ච විරද්‌ධිකොවිදො.
වැඩිමහලු මහණුන් කෙරෙහි ගෞරව සහිත වූයේ වාසය කරයි. ස්වකීය ආචාර්යවාදයෙහි විශාරද වෙයි. ඒ ඒ කරුණු නුවණින් ප්‍රමාණ කරන්නට (විනිශ්චය කරන්නට) සමර්ථ වෙයි. කියයුත්තෙහි කළ පරිචය ඇත්තේ වෙයි. පසමිතුරන් (වැරදි මතධාරීහු) වැරැද්ද වූ තැන් දැක්මෙහි දක්ෂ වෙයි. [1]
- මෙම සාසනයට අනුබල දීමටත් විනය විනිශ්චයාදිය සිදුකිරීමටත් සුදුසු වන්නේ කවර ගුණ වලින් යුත් භික්ෂුවක්දැයි උපාලි මහ රහතන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරණ ලදුව එම සුදුසුකම් දක්වමින් වදාළ ගාථා අතුරින් එක් ගාථාවක් හා එහි තේරුම ඉහත දක්වන ලදි. මෙහි ආචාර්යවාදය යනු බුද්ධකාලයේ පටන් පැවතුණු අර්ථ විවරණයි. එනම් අටුවායි.
2. ‘‘ද්‌වෙමෙ, භික්‌ඛවෙ, ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌ති. කතමෙ ද්‌වෙ? දුන්‌නික්‌ඛිත්‌තඤ්‌ච පදබ්‍යඤ්‌ජනං අත්‌ථො ච දුන්‌නීතො. දුන්‌නික්‌ඛිත්‌තස්‌ස, භික්‌ඛවෙ, පදබ්‍යඤ්‌ජනස්‌ස අත්‌ථොපි දුන්‌නයො හොති. ඉමෙ ඛො, භික්‌ඛවෙ, ද්‌වෙ ධම්‌මා සද්‌ධම්‌මස්‌ස සම්‌මොසාය අන්‌තරධානාය සංවත්‌තන්‌තී’’ති.
මහණෙනි, මේ ධර්මයෝ දෙදෙනෙක් සද්ධර්මයාගේ විනාශය පිණිස අතුරුදන්වීම පිණිස පවත්නාහ. කවර දෙදෙනෙක් ද යත්: උපිලිවෙලින් වරදවා ගත් (පද පිළිවෙල මාරුකර ගත්) පෙළ ද වරදවා පෙරළා ගත් (පරිවර්තනය කළ) අටුවා ද යන දෙකය. යනු එහි තේරුමයි. [2]
- ශ්‍රී සද්ධර්මය අතුරුදන් වීමට බලපාන කරුණු දෙකින් එකක් ලෙස දක්වා ඇත්තේ අර්ථය වරදවා ගැනීමයි. බුද්ධකාලයේ පටන් මහරහත් උතුමන් අතින් අපට ලැබුණු අර්ථ විවරණ අඩංගු අටුවා තිබියදීත් මෙකළ මෙතරම් අර්ථ වරදවන්නේ නම් එම අටුවා නොතිබුනේ නම් කුමන තත්වයක් උද්ගත වේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.
3. ‘‘ඉධාවුසො සාරිපුත්‌ත, භික්‌ඛු අත්‌ථකුසලො ච හොති, ධම්‌මකුසලො ච, බ්‍යඤ්‌ජනකුසලො ච, නිරුත්‌තිකුසලො ච, පුබ්‌බාපරකුසලො ච. එත්‌තාවතා ඛො, ආවුසො සාරිපුත්‌ත, භික්‌ඛු ඛිප්‌පනිසන්‌ති ච හොති කුසලෙසු ධම්‌මෙසු, සුග්‌ගහිතග්‌ගාහී ච, බහුඤ්‌ච ගණ්‌හාති, ගහිතඤ්‌චස්‌ස නප්‌පමුස්‌සතී’’ති.
ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මේ සසුනෙහි භික්ෂුවක් අර්ථයෙහි (අටුවාවෙහි) ද දක්ෂ වෙයි. පාළි ධර්මයෙහි ද දක්ෂ වෙයි. නිරුක්ති වචනයෙහි ද දක්ෂ වෙයි. පුර්ව අපරය ගැලපීමෙහි ද දක්ෂ වෙයි. ආයුෂ්මත් ශාරිපුත්‍රයෙනි, මෙපමණකින්ම භික්ෂුවක් කුසල ධර්මයෙහි ඉක්මණින් අසා නිවැරදිව දරන්නේද, මනාව ඉගෙන ගන්නේද, බොහෝ ඉගෙන ගන්නේද, ඉගෙන ගත් දෙය නොනැසී පවත්නේ ද වන්නේය. යනු එහි තේරුමයි.[3]
අත්‌ථකුසලොති අට්‌ඨකථාය ඡෙකො. ධම්‌මකුසලොති පාළියං ඡෙකො. (අත්ථකුසලො යනු අටුවාවෙහි දක්‍ෂ යනාර්ථයි, ධම්මකුසලො යනු පෙළෙහි දක්‍ෂ යනාර්ථයි.) (අං.නි.අටුවා)