ආරම්භක ගාථා

පඤ්ඤාසොභිතහදයං - අනන්තගුණසාගරං

කරුණාකරසුගතං - නමාමි සිරසා අහං

(ප්‍රඥාවෙන් ශෝභමාන වූ චිත්තසන්තානයකින් යුක්ත වූ, අනන්ත ගුණ සාගරයක් වූ, කරුණා ආකර වූ සුගතයින් වහන්සේව මම සිරසින් නමදිමි)

නාථස්ස හදයෙ ජාතං - සරතොපි සාරාවහං

පරිපුණ්ණං සුනිම්මලං - ධම්මඤ්ච සරණං වජෙ

(නාථ වූ බුදුරජුන්ගේ හදමඩළෙහි හටගත්තා වූ, සිහිකරන්නහුට ද සාර නිවන් ලබාදෙන්නා වූ, පිරිපුන් වූ ඉතා නිර්මල වූ ධර්ම රත්නය ද සරණ යමි.)

සඞ්ඝානං පවරුත්තමං - වන්දතං සුඛසාධකං

වන්දෙ සඛිලසම්භාසං - සඞ්ඝඤ්ච තං ජිනොරසං

(සමූහයන් අතුරින් ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ, වන්දනා කරන්නවුනට ද ලෞකික ලෝකෝත්තර සුව ලබා දෙන්නා වූ, මෘදුවචන හා සම්‍යක් වචන ඇත්තා වූ, ඒ ජිනේන්ද්‍රයින් වහන්සේගේ ඖරසපුත්‍ර මහා සංඝරත්නය ද මම වන්දනා කරමි.)

පුබ්බාචරියසීහානං - නමො කත්වා කතඤ්ජලී

සාසනෙ කුලපුත්තානං - ජාතවිමතිඡේදකං

ගන්ථමිමං කරිස්සාමි - පොරාණමතිදීපකං

(පූර්වාචාර්ය මහරහත් උතුමන්ට අඳිලි බැඳ නමස්කාර කොට, සාසනට පැමිණි කුලපුත්‍රයින්ගේ විමති දුරුකරන්නා වූ ද, පුරාණ මහරහත් උතුමන්ගේ මත ද දක්වන්නා වූ මේ ග්‍රන්ථය කරනෙමි.)