ඉහත සඳහන් අධර්මවාදී මත දැනුදු ඇතැම් පිරිස් අතින් ව්‍යාප්තව යාම සසුනේ අභාග්‍යයකි. 19 වන සියවස අගභාගයේ හා 20 වන සියවස මුල භාගයේ යුරෝපීය බොහෝ පිරිසක් ද බුද්ධ ධර්මය සෙවීමට උත්සුක වූහ. ඒ අතරින් සමහරෙක් එය කළේ බුදුදහමේ වැරදි සෙවීමේ අදහසින් බව පෙනේ. බුද්ධ කාලයේද එබඳු අය පැවිද්දන් අතරද වූ බව අංගුත්තර තික නිපාතයේ දැක්වෙන ‘‘සරභ” නැමති පරිබ්බාජකයාගේ පැවිදිවීම සම්බන්ධ කථා වස්තුවෙන් (සරභසුත්ත) දත හැක. එබැවින් එය පුදුමයට කරුණක් නොවේ. ගැටළුව වන්නේ සාසනය රැකීමට සිටින භික්ෂූන් වහන්සේලා අතිනුත් එබඳු වැරදි මත ප්‍රචලිත වීමයි.
පසුගිය සියවසේ භික්ෂූන් වහන්සේලා අතින් ලියැවුණු එබඳු ග්‍රන්ථ කීපයක් නිසාද මෙබඳු වැරදි මත ප්‍රචලිත වූ බව කිවයුතුය. විචාරාත්මක ග්‍රන්ථ යැයි සලකා එබඳු ග්‍රන්ථ උසස් විභාග සඳහාද අනුමත කර තිබීම ඛේදජනකය. උගත් භික්ෂූන් අතින් ලියැවුණු බැවිනුත්, ඒවායේ ඇති වැරදි දක්වා ඊට විරුද්ධව පොත්පත් නොලියවීම නිසාත්, තම මතය නිවැරදි යැයි පෙනෙන සේ එම ග්‍රන්ථයන්හි වැරදි තර්ක ඉදිරිපත් කර ඇති බැවිනුත් ධර්මය ගැඹුරින් නොවිමසන ආධුනික පිරිස මුලාවට පත්වේ. එම වැරදි කිහිපයක් මෙහිදී දක්වා නිවැරදි කිරීමට අදහස් කළේ එම ග්‍රන්ථ වල කියැවෙන සියල්ල නිවැරදි යැයි නොගත යුතුය යන බව දැක්වීමටය. තවද යමෙක් දහම දෙස වැරදි කෝණයකින් බලන විට නැති වැරදිද පෙනෙන බව දැක්වීමටය. පුද්ගල විවේචනයකට අකමැති අපි මෙහිදී එම ග්‍රන්ථ නාම පමණක් දක්වන අතර එම මතයේ ඇති වැරද්ද මිස පුද්ගලයින්ගේ වැරැද්දක් දැක්වීමට අදහස් නොකරමු.
භික්ෂූන් අතරත්, බුද්ධධර්මය-පාළිභාෂාව-බෞද්ධ ඉතිහාසය ආදී විෂයන් හදාරන සිසුන් අතරත් ප්‍රචලිත ග්‍රන්ථ වූ “අටුවා පරීක්ෂණය, පාලි සාහිත්‍යය, ලක්දිව බුදු සමයේ ඉතිහාසය, අසිරිමත් ඉංදියාව” යනාදී ග්‍රන්ථ වලින් ද ඉහත දැක්වූ පරිදි වැරදි මත ප්‍රචලිත විය. එම ග්‍රන්ථවල අඩංගු වන වැරදි කරුණු කිහිපයක් අපි මෙසේ නිවැරදි කිරීමට ලක් කරමු.
1. වැරදි මතය : පරිවාර පාළි - මෙහි ඇතුලත් වන්නේ පළමු කී විනය පොත් සතරේ තිබෙන ශික්ෂාවන් පිළිබඳ විශේෂ විභාගාදියයි. ප්‍රථම පාරාජික ශික්ෂාපදය කොහි පනවන ලද්දේද?........ යනාදී ප්‍රශ්ණ අසා ඒවාට උත්තර සැපයීම මෙහි පෙනේ. ඒනිසා මෙය විනය ඉගනීමට උපකාර වෙන සේ පසු කලක සම්පාදිත වූ පොතකි. අමුතු විනය ශික්ෂාපද එකක්වත් එහි නැත. (පාලි සාහිත්‍යය, 2002 නව මුද්‍රණය, 116 පිටුව, 2වන ඡේදය)
අපගේ පිළිතුර : පරිවාරපාළි යන මාතෘකාව යටතේ දක්වන මෙය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයකි. ‘‘කති නු ඛො, භන්‌තෙ, අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා’’ති? ‘‘පඤ්‌චිමෙ, උපාලි, අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා කතමෙ පඤ්ච? - අනාපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, අදෙසනාගාමිනියා ආපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, දෙසිතාය ආපත්‌තියා දිට්‌ඨිං ආවි කරොති, චතූහි පඤ්‌චහි දිට්‌ඨිං ආවි කරොති, මනො මානසෙන දිට්‌ඨිං ආවි කරොති, ඉමෙ ඛො උපාලි පඤ්‌ච අධම්‌මිකා දිට්‌ඨාවිකම්‌මා. යනාදී වූ බොහෝ බුද්ධදේශනා ද අත්‌ථාපත්‌ති තිට්‌ඨන්‌තෙ භගවති ආපජ්‌ජති, නො පරිනිබ්‌බුතෙ; අත්‌ථාපත්‌ති පරිනිබ්‌බුතෙ භගවති ආපජ්‌ජති, නො තිට්‌ඨන්‌තෙ; අත්‌ථාපත්‌ති තිට්‌ඨන්‌තෙපි භගවති ආපජ්‌ජති පරිනිබ්‌බුතෙපි. යන පාඨය පැහැදිලි කරමින් පරිවාර අටුවාහි දැක්වෙන පරිදි ‘‘එතරහි ඛො පනානන්‌ද, භික්‌ඛූ අඤ්‌ඤමඤ්‌ඤං ආවුසොවාදෙන සමුදාචරන්‌ති, න වො මමච්‌චයෙන එවං සමුදාචරිතබ්‌බං, නවකෙන, ආනන්‌ද, භික්‌ඛුනා ථෙරො භික්‌ඛූ ‘භන්‌තෙ’ති වා ‘ආයස්‌මා’ති වා සමුදාචරිතබ්‌බො’’ති වචනතො ථෙරං ආවුසොවාදෙන සමුදාචරණපච්‌චයා ආපත්‌තිං පරිනිබ්‌බුතෙ භගවති ආපජ්‌ජති, නො තිට්‌ඨන්‌තෙ. යන පාඨ අනුව ආවුසොවාදයෙන් වැඩිහිටියන් ඇමතීමේ ආපත්ති ද වෙන කිසිම විනය පොතක දක්වා නැත. එබඳු වූ වෙන පොත් වල නැති පැණවීම් බොහෝමයක් පරිවාර පාළියේ දක්නට ඇත. පරිවාර පාළිය බුද්ධදේශනාවක් නොවේය යන මතය මහාසංගීතිකයින්ගේ වැරදි මතයක් බව දීපවංසය අනුව අපි පෙර දැක්වීමු. මෙය සංගායනා කළ බව දැක්වෙන උදෘත ද පෙර දැක්වීමු.
2. වැරදි මතය : නෙත්තිප්පකරණය - .....අභිධර්මය ගැන කිසිවක් මේ පොතේ සඳහන් නොවේ එයින් උද්ධෘත පාඨ කිසිවක් ද දක්නට නැත, එබැවින් මෙය අභිධර්මය සකස් කිරීමට මත්තෙන් සම්පාදිත වූවක් යයි කිවයුතුයි. (පාලිසාහිත්‍යය නවමුද්‍රණය 2002, 126 පිටුව, 3වන ඡේදය)
අපගේ පිළිතුර : ත්‍රිපිටකයටත් අටුවා කාලයටත් අතර ලියැවුණු පොත් යන මැයෙන් ආරම්භ කර නෙත්තිප්පකරණය යන අනු මාතෘකාව යටතේ ඉහත ප්‍රකාශය දක්නට ලැබේ. මේ ප්‍රකාශය අනුව පිටක ග්‍රන්ථ සැකසීමෙන් පසු කලෙක නෙත්තිප්‍රකරණය සැකසුණු බවත් අභිධර්ම පිටකය සැකසී ඇත්තේ නෙත්තිප්‍රකරණයටත් පසුව බවත් දැක්වේ. මෙයද ඉතා බරපතල වැරදි ප්‍රකාශයකි. මීට පිළිතුරු අභිධර්මපිටකය යන මාතෘකාව යටතේ ඉහත දක්වා ඇත.
3. වැරදි මතය : කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව - ......යන ගාථා වලින් පෙනී යන්නේ මෙය පාලි විනය අටුවාව ආශ්‍රය නොකොට සිංහල අටුවා ආශ්‍රයෙන් ලියූ බවයි. එය එසේ නම් මෙය බුද්ධඝෝෂ ආචාර්යයන් විනය අටුවාව ලියන්නට පෙර සම්පාදිත වූවක් විය යුතුයි. සමන්තපාසාදිකාව ලියූ පසු මෙය සම්පාදනය කලා නම් සිංහල අටුවා බැලීමට ඕනෑ කමක් නැත. එසේම විස්තර බලාගත යුතු තැනදී සමන්තපාසාදිකාවෙන් බලාගත යුතුයයි කීමක්ද මෙහි පෙනෙන්නට නැත. එබැවින් මෙය බුද්ධඝෝෂ කාලයට පෙර තිබුණු අටුවාවක් විය යුතු.
මෙයට ටීකාවක් ලියූ බුද්ධනාග තෙරනම මෙය බුද්ධඝෝෂ ආචාර්යයන්ගේ කෘතියකැයි පිළිගනී. (පාලි සාහිත්‍යය,194-195 පිටු)
අපගේ පිළිතුර : මේ කඞ්ඛාවිතරණී මාතිකට්ඨකථාව ගැන දැක්වූ ඉතා වැරදි මතයකි. ටීකාචාර්යන් වහන්සේගේ මතය ද ගරු නොකරමින් පවසන මෙම කරුණ හාස්‍යජනකය. මාතිකට්ඨකථාවේ ඇති සමන්තපාසාදිකාව ගැන දැක්වීම් දැනට අපට හමු වූ තැන් පමණක් 14 කි. උදාහරණ- විත්‌ථාරො පන සමන්‌තපාසාදිකායං (චූළව. අට්‌ඨ. 102) වුත්‌තො, (සංඝාදිසේසකණ්ඩවණ්ණනාහි අග ඡේද දෙකෙහි පමණක් තැන් පහක සමන්තපාසාදිකා යන නම දැක්වේ.) භික්‍ෂුවක් විසින් හදාළ යුතු මූළික විනය ග්‍රන්ථයක් වූ මාතිකට්ඨකථාව පිළිබඳව පවා මෙවැනි අසත්‍ය ප්‍රකාශ ග්‍රන්ථ වල පළකිරීමේ හේතුව කුමක්දැයි සිතා බලත්වා.
4. වැරදි මතය : බෞද්ධාගම - ....බුද්ධභාෂිතයම සඳහන් වෙතැයි කියනු ලබන ත්‍රිපිටකයේ කොටස් වල බුදුන් ගැන සඳහන් වන දේ කෙරෙහි පවා එතරම් විශ්වාසය තැබිය නොහැකිය. වෙනෙකක් තබා බුදුන් බුද්ධත්වය ලැබීමෙන් පසු දේශනා කරන ලද පළමු වන ධර්ම දේශනය යැයි කියනු ලබන, සියලු බෞද්ධ වාද වල මූළික ධර්මයක් වූ, “ධම්මචක්කප්පවත්තන සූත්‍රය” පවා බුදුන් විසින්ම දෙසූ ධර්මයක් ද යන්න සැක සහිතය. (අසිරිමත් ඉංදියාව, 2012 හතරවන මුද්‍රණය, 331 පිටුව, 2 වන ඡේදය)
අපගේ පිළිතුර : රාජ්‍ය ව්‍යවස්ථාවෙන්ම බුදුදහම රැකීමට බැඳී සිටින රටක අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශිත ග්‍රන්ථයක මෙබඳු මත ඇතුලත් වීම ඛේදජනකය. මෙම ග්‍රන්ථයේ කතුවරයා බෞද්ධයෙකු නොවන බව පෙනේ. එබැවින් කිසිම සාධක පාඨයකින් තොරව පවසන මෙවැනි කරුණු පිළිබඳ පිළිතුරු දීමද අනවශ්‍යය.
5. වැරදි මතය ; ලක්දිව බුදු සමයේ ඉතිහාසය - ....ලෙඩෙකුට වෙදකම් කරන්ට නැතහොත් බෙහෙත් සාදා දෙන්ට කියා ගිහියෙකු භික්ෂුවකගෙන් ඉල්ලා සිටියොත් භික්ෂුව ඒ ඉල්ලීම ඉටු නොකළ යුතුයි.... එහෙත් එක්තරා භික්ෂුවකට එම ලෙඩම සෑදුණු විටක දුන් බෙහෙත ගැන භික්ෂූන් තම තමන් අතර කතාබහ කරන්ට පටන්ගත හැකිය..... මේ බවට නිදසුනක් හැටියට සමන්තපාසාදිකාවෙහි එන අපූරු කථාවක් මෙසේය. (ක්‍රි.ව.127-171) වසභ රජුගේ බිසවට රෝගයක් වැළඳුණු විට, සේවක ස්ත්‍රියක් මහාපදුම ස්ථවිරයන් වෙත ගොස් “දේවීන්වහන්සේට බෙහෙතක් නියම කරන්නැ”යි අයැද සිටියාය. විනයෙහි විශාරදයෙකු වූ ස්ථවිරයෝ තමන් වෙදකම් නොදන්නා බවක් නොකියාම, යටකී පිළිවෙළට භික්ෂූන් සමග කතාබහක් පටන් ගත්හ. ස්ත්‍රිය උන්වහන්සේලාගේ කතාබහෙන් බෙහෙත දැන ගත්තෙන්, එම බෙහෙතම රෝගී බිසවට දෙන ලද්දේය. දේවියට සුව වුණු පසු, ඔවුහු සිවුරු තුනක් හා කහවණු 300 ක් ගෙනවුත් තෙරුන් පාමුල තබා “ස්වාමින්වහන්ස, මේ කහවණු මල් පිදීම සඳහා යොදන්නැ”යි කියා සිටියෝය. මහාපදුම ස්ථවිරයෝ මෙය ආචාර්යභාගයැයි සිතා, කහවණු තුන්සියය භාරගන්ට නියම කොට, එම මුදල මල් පිදීමට යෙදුවෝයA.
A මහාපදුම තෙරුන්ගේ මේ මුදල් පිළිගැනීම විනයෙහි දැක්වෙන රූපිය සික්ඛාපදය කඩකිරීමක් ද? භික්ෂුවක් යම්කිසි මුදලක් (රන් හෝ රිදී) පිළිගැනීම හෝ පිළිගන්නට යෙදීම හෝ තමා වෙනුවෙන් තැන්පත් කරවීම හෝ නොකළ යුතු බව නීතියය........ මහාපදුම තෙරුන් වරක් උත්තර රාජපුත්ත විසින් එවනලද රන් කරඬුවක් (සුවණ්ණචෙතිය) අකැපයයි (න කප්පතීති) ප්‍රතික්ෂේප කර තිබීම ගැන සලකා බලන විට මෙහි පැහැදිලිවම පෙනෙන සිකපදය කඩකිරීම ආශ්චර්යවත්ය. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 174-175 පිටු සහ අධෝලිපි)
අපගේ පිළිතුර : ඉහත කළු අකුරින් දක්වා ඇති තැන් වල වැරදි ඇත. මෙහි මහාපදුම මහතෙරුන් වහන්සේ මුදල් පිළිගෙන සිකපදය කැඩුවේයැයි ඒත්තු ගැන්වීමට දැක්වූ උද්ධෘත වල පරිවර්තනයේ ද දෝෂ ඇත. එහි පාළි පාඨය මෙසේය. “වූපසන්‌තෙ ච රොගෙ තිචීවරෙන තීහි ච කහාපණසතෙහි සද්‌ධිං භෙසජ්‌ජචඞ්‌කොටකං පූරෙත්‌වා ආහරිත්‌වා ථෙරස්‌ස පාදමූලෙ ඨපෙත්‌වා ‘‘භන්‌තෙ, පුප්‌ඵපූජං කරොථා’’ති ආහංසු. ථෙරො “ආචරියභාගො නාමාය”න්ති කප්‌පියවසෙන ගාහාපෙත්‌වා පුප්‌ඵපූජං අකාසි. (රෝගය සන්සිඳුන කල්හි තුන් සිවුරකුත් කහවනු තුන්සියයකුත් සමග බෙහෙත් මංජුසාවක් පුරවා ගෙනවිත් තෙරුන් වහන්සේගේ පාමුළ තබා “ස්වාමීනි, මල් පූජාවක් කරනු මැනවි”යැයි කීහ. තෙරුන් වහන්සේ “මෙය ආචාර්යභාගය නම් වන්නේය”යි කැපවශයෙන් ගන්වාගෙන මල් පූජාව කළ සේක.)[1] මෙහි “ස්වාමීනි! මල්පූජාවක් කරනු මැනවි.” යැයි දැක්වූවා මිස කහවණු ගැන සඳහනක් කර නැත. තවද මේවා කැප ක්‍රමයෙන් ගන්වාගෙන පූජාව කළ බව “කප්‌පියවසෙන ගාහාපෙත්‌වා” යැයි ඉතා පැහැදිලිව දක්වා තිබේ. ඊට අදාල ටීකාවේද “කප්‌පියවසෙන ගාහාපෙත්‌වා’’ති, ‘‘අම්‌හාකං රූපියං න වට්‌ටති, පුප්‌ඵපූජනත්‌ථං පුප්‌ඵං වට්‌ටතී”ති ආදිනා පටික්ඛිපිත්වා කප්පියෙන කමෙන ගාහාපෙත්වාති අත්‌ථො.” (“කප්‌පියවසෙන ගාහාපෙත්‌වා” යනු “අපට මුදල් කැප නැත. මල්පූජාව සඳහා මල් නම් කැපයි” යනාදී ක්‍රමයෙන් ප්‍රතික්‍ෂේප කොට කැප ක්‍රමයෙන් ගන්වාගෙන යන අර්ථයි.) යනාදී ලෙස එය කැප අයුරින් (කැපකරුවන් ලවා) කළ අයුරු ඉතා පැහැදිලිව දක්වා තිබේ. තවද චෛත්‍යයට විහාරයට ලබාදෙන මුදල් ප්‍රතික්ෂේප නොකර අන් අය වෙත යොමුකළයුතු අයුරු සමන්තපාසාදිකාවේ 489 පිටුවේ දක්වා ඇත. කරුණු මෙසේ හෙයින් මහාපදුම මහතෙරුන් ආදී ක්ෂීණාශ්‍රව උතුමන් යැයි දක්වා ඇති උතුමන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් තොරව දක්වා ඇති මෙබඳු වැරදි ප්‍රකාශ නිසා එය කියවන අයගේද ශ්‍රද්ධාදී ගුණ පිරිහෙන බැවින් අපි මෙසේ මෙම නිවැරදි කිරීම් සිදු කළෙමු.
6. වැරදි මතය : ‘රහත්’ යන්න පිළිබඳ ආදිකාලීන අදහස කුමක් වුවත් එය කලින් කලට පළින් පළට වෙනස් වුණු බවට නම් සැකයක් නැත. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 227 පිටුව, 3 වන ඡේදය)
7. වැරදි මතය : ලක්දිව බුදු සමයේ ඉතිහාසය - ....රහත් වෙන්ට හැකිව තිබියදීම රහත් නොවී, ගෙට නොවැදී දොරකඩ සිටින්නා සේ, එම අධිගමය පවා යටපත් කරගෙන සිටින්නට පුළුවන් කමක් ඉතා සිල්වත් ගුණවත් ඇතැම් පෘථග්ජන භික්ෂූන්ට ඇතැයි යන විශ්වාසයක් ද පැවතුනේය. මහා සංඝරක්ඛිත ස්ථවිරයෝ .......... “මා විදසුන් නොවැඩුවේ මෙතේ බුදුන් දක්නා රිසියෙනි. එහෙත් ඔහොම නම්, මට හිඳින්නට උදවු වී මෙතැනින් අයින් වන්නැ” යි ස්ථවිරයෝ වදාළහ. උපස්ථායක භික්ෂුව ස්ථවිරයන්ට හිඳින්නට උදවු වී, එතැනින් පිට විය. උපස්ථායක භික්ෂුව වැඩි දුරක් යන්නට කලින්, මහා සංඝරක්ඛිත ස්ථවිරයෝ රහත් වී, උපස්ථායකයාට ඒ බව අඟවන්නට අසුරුසන් ගැසූහ.
.............. රහත්බව වනාහි යමකු විසින්, ඊට අත පොවන තරම් ලඟට පැමිණ, එහි නොවැද සිට, වුවමනා වූ විටෙක මොහොතකින් වාගේ අත්පත් කරගත හැකි දෙයකැයි යටත් පිරිසෙයින් 5 වන ශත වර්ෂයේ අර්ථකථාචාර්ය වරයන්ගේ මතය වූ බව මේ නිදසුන් වලින් පෙනේ. (ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 231 පිටුව අග ඡේදය- 232, 3 වන ඡේදය)
අපගේ පිළිතුර : තමාට අවිෂය වූ රහතන් වහන්සේලා පිළිබඳ දක්වන්නට යාමෙන් මෙම ග්‍රන්ථකර්තෘතුමා සිදුකරගෙන ඇත්තේ විශාල අකුසලයකි. මහා සංඝරක්ඛිත මාහිමියන්ගේ කථා වස්තුවේ දී මෙසේ ඉතා ඉක්මණින් මගඵල ලබාගැනීමට හැකිවූයේ කුමක් නිසාද යැයි ඉතා පැහැදිලිව දක්වා තිබියදී කථාවේ එම කොටස ඉවත්කර ඇත්තේ එය දැක්වුවොත් තම මතයට පහරක් වදින බැවින් විය යුතුය. ඒ කොටස මෙසේය. සඞ්‌ඝො සන්‌නිපතිත්‌වා ආහ – ‘‘භන්‌තෙ, එවරූපෙ මරණකාලෙ ලොකුත්‌තරධම්‌මං නිබ්‌බත්‌තෙන්‌තා දුක්‌කරං කරිත්‌ථා’’ති. නාවුසො එතං දුක්‌කරං, අපිච වො දුක්‌කරං ආචික්‌ඛිස්‌සාමි – ‘‘අහං, ආවුසො, පබ්‌බජිතකාලතො පට්‌ඨාය අසතියා අඤ්‌ඤාණපකතං කම්‌මං නාම න පස්‌සාමී’’ති. (සංඝරත්නය රැස්වී “ස්වාමීනි, මෙබඳු මරණාසන්න කාලයේදී ලෝකෝත්තර ධර්මයක් උපදවාගනිමින් දුෂ්කර කාර්යයක් කළ සේක” යැයි කීහ. ඇවැත්නි, මෙය නම් දුෂ්කරක්‍රියාවක් නොවේ. නමුත් අපි කළ දුෂ්කර කාර්යයක් ඔබ වහන්සේලාට කියමි “ඇවැත්නි, මම පැවිදි වූ කාලයේ පටන් අසිහියෙන් අනුවණින් කළ කිසි කටයුත්තක් නො දකිමි” යැයි මහා සංඝරක්ඛිත මාහිමිපානෝ කරුණ පහදා දුන් සේක.)[2] ඒ අනුව තෙරුන් වහන්සේ පැවිදි වූ කාලයේ පටන් අසතියෙන්, මුළාවී සිදුකළ කිසි කටයුත්තක් සිහි කිරීමට නැතැයිද, මෙම දුෂ්කර ක්‍රියාව තමන් කළ බවත් මෛත්‍රී බුදුසසුනේ දී රහත් වීමට තමාගේ තිබූ අදහස ඉවත් කිරීමෙන් පසු මෙසේ ඉක්මණින් රහත් ඵලය ලැබූ බවත් ඉතා පැහැදිලිව දක්වා තිබියදී මෙසේ කියවන්නන් නොමග යවන මෙබඳු ප්‍රකාශ කිරීම ඉතා සාහසික බවත් ඒවාට කටුක විපාක විඳීමට සිදුවිය හැකි බවත් මෙසේ කරුණාවෙන් දන්වමු.
8. වැරදි මතය : ලක්දිව බුදු සමයේ ඉතිහාසය - .....නේවාසික භික්ෂූන් නිසි ගරුබුහුමන් කොට තමන් වහන්සේ නොපිළිගැනීම ගැන ධම්මදින්න ස්ථවිරයන් වහන්සේ අමනාප වූ බවත් තරමක් උදහස් වූ බවත් මේ කථාවෙන් ඇඟවෙතැයි සිතිය හැකිය..........
.......... රහතන් වහන්සේ භික්ෂූන් දෙනමට කමටහන් නොදී ඔවුන් පිටත්කර යැවුයේ අමනාප වීම නිසා බව පැහැදිලිය.
......මේ රහතන් වහන්සේ අමුතුම පිළිවෙළකට පිරිනිවන් පෑමෙන් කීර්තිනාමයක් ඇතිකරගන්ට අදහස් කළා සේ පෙනේ.
...... මහාව්‍යග්ඝ ස්ථවිරයන් වහන්සේ ප්‍රදර්ශනයට කැමති කෙනෙකු බවත් විශිෂ්ට අවමංගල උත්සවයකට ප්‍රිය කළ බවත් මේ කථාවෙන් ඇඟේ.
......... ස්ථවිරයෝ මල් පිළිගෙන “පොඩිතැන, මල් ටිකයි නොවේදැ”යි කීහ. ස්ථවිරයන් මෙසේ කීමෙන් ඇඟෙන්නේ අතළොස්සක් පමණ මල් ලැබීමෙන් උන් වහන්සේ තරමක් කලකිරුණු බවත් තවත් ඇත්නම් හොඳයයි සිතූ බවත්ය. එකම මලක්වත් නැතුව සිටි ස්ථවිරයන් මල් අතළොස්සක් පමණ වත් ලැබීම ගැන සතුටු වී සාමණේර නමට කෘතඥ වියයුතු තැන, උන්වහන්සේ කෙළේ ‘මල් ටිකයි’ කියා මදිපාඩු කීමය.
(ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 232-235 පිටු)
අති පුරාණයේ පටන්ම - කිසිම සැකයක් නැතිව පාලි අට්ඨකථා කාලයේ රහත් යන පදයෙහි සම්මත අදහස නියම කොට සීමා පනවා නොතිබුණු බවත්, එම පදය බුරුලට ව්‍යවහාර වුණු බවත් යට සඳහන් කථාවලින් අපට නිගමනය කරගත හැකිය. ....(ලක්දිව බුදු සමයේ ඉතිහාසය, 238 පිටුව, 3 වන ඡේදය)
අපගේ පිළිතුර ; ඉහත ප්‍රකාශ සියල්ලගෙන්ම හැඟෙන්නේ මෙම කර්තෘතුමා හරිහැටි රහත් විෂය පිළිබඳ කියවීමෙන් වත් දැනගෙන නැති බවයි. මෝඝපුරිසවාදයෙන් භික්ෂූන්ට අමතන භාග්‍යවතුන් වහන්සේව මෙතුමා දුටුවා නම් භාග්‍යවතුන් වහන්සේද බුදුවී නැතැයි පවසනු ඇත. ඉහත දැක් වූ කිසිම තැනක ඒ උතුමන්ට කෙළෙස් සිතක් හටගත් බවට කිසිඳු සලකුණක් නැත. තවද ධම්මදින්න මහරහතන් වහන්සේ උදහස් වී අහසින් වැඩි බව මෙහි දක්වයි. කේන්ති ගිය විට අභිඤ්ඤා පිරිහෙන බව වත් මෙම ග්‍රන්ථකර්තෘතුමා දැන නොසිටි බව මින් හැඟේ. මෙම සියලු සිදුවීම් වලට පිළිතුරු උදානපාළියේ පිළින්දිවච්ඡ සූත්‍රයෙන් ලැබේ. එහි අථ ඛො භගවා ආයස්‌මතො පිලින්‌දවච්‌ඡස්‌ස පුබ්‌බෙනිවාසං මනසි කරිත්‌වා භික්‌ඛූ ආමන්‌තෙසි – ‘‘මා ඛො තුම්‌හෙ, භික්‌ඛවෙ, වච්‌ඡස්‌ස භික්‌ඛුනො උජ්‌ඣායිත්‌ථ. න, භික්‌ඛවෙ, වච්‌ඡො දොසන්‌තරො භික්‌ඛූ වසලවාදෙන සමුදාචරති. වච්‌ඡස්‌ස, භික්‌ඛවෙ, භික්‌ඛුනො පඤ්‌ච ජාතිසතානි අබ්‌බොකිණ්‌ණානි බ්‍රාහ්‌මණකුලෙ පච්‌චාජාතානි. සො තස්‌ස වසලවාදො දීඝරත්‌තං සමුදාචිණ්‌ණො . තෙනායං වච්‌ඡො භික්‌ඛූ වසලවාදෙන සමුදාචරතී’’ති. යැයි කිසිඳු ක්ලේශ මාත්‍රයකුදු නැතත් පෙර පුරුදු ආදී හේතු නිසා පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ වැනි මහාශ්‍රාවක තනතුරු ලැබූ රහත් උතුමන් අතින් ද වසලවාදයෙන් කථාකිරීම ආදී සාමාන්‍ය සමාජයේ වැරදි යැයි සම්මත සුළු සිදුවීම් සිදුවිය හැකි බව මෙහි දැක්වේ. පෘතග්ජනයින්ට අවිෂය වූ මෙබඳු තැන් විනිශ්චයට යාමෙන් භයානක විපාක ලැබිය හැකි බැවින් පාඨකයෝ විමසිලිමත්ව මෙබඳු තැන් කියවත්වා යනු අපගේ මෛත්‍රී පූර්වාංගම ඉල්ලීමයි.
9. වැරදි මතය : අටුවා ප්‍රකීර්ණක දේශනාවද? - ....මෙසේ මුල් අටුවාවල ලක් සසුන් පිහිටීමට පසු සිදු වූ දෙයක් ඇතුලත් නොවිය හැකි බවට අර්ථකථාචාර්ය ටීකාචාර්ය දෙපක්ෂයම සාක්ෂ්‍ය දෙන නමුත් කොයි ආකාරයකින් හෝ මෙකල විද්‍යමාන සියලු අටුවා වල ලක් සසුන් පිහිටියාට පසු සිදු වූ ප්‍රවෘත්ති ඇතුළත්ව තිබෙත්,...
දැන් “අටුවාව නම් ප්‍රකීර්ණක දේශනාවය”යි දැක්වූ ටීකාචාර්ය වචනය ගැන තව දුර පරීක්‍ෂණය කරමු:- අටුවා වල දැක්වෙන පඤ්ච අන්තර්ධානයන්ගේ විස්තරය පිටකත්‍රයේ කිසි තැනක නොපෙනේ.....විමානවත්ථු අටුවාවන්හි දැක්වෙන කථාවලින් යමක් පෙළ පොත්වල දකින්ට ලැබේ නම් හේ අතිවිරල වශයෙනි. මිලිඳු-නාගසේන කථාවන්ගෙන් ලේශමාත්‍රයක්වත් පිටකත්‍රයෙහි ඇතුළත් විය නොහැක. මේ නිසා වැඩිකරුණු නොදක්වාම ඒ කීම (“අටුවාව නම් ප්‍රකීර්ණක දේශනාවය”යි දැක්වූ ටීකාචාර්ය වචනය) ප්‍රතික්‍ෂේප කළ හැක......... (අටුවාපරීක්‍ෂණය 2-3 පිටු)
අපගේ පිළිතුර : මෙම ප්‍රකාශ සියල්ලම අටුවා හා ටීකා වල දැක් වූ අදහස නිවැරදිව තේරුම් නොගෙන කළ ප්‍රකාශයෝය. පාළි අටුවා සැකසීමේදී පැරණි අටුවාවන්ට ථේරවාදාදිය ඇතුලත් කොට සංවර්ණනාව කරන බව විනය අටුවාවේ ආරම්භක ගාථා වලදීම ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ මෙසේය- තතොපි අන්‌තොගධථෙරවාදං; සංවණ්‌ණනං සම්‌ම සමාරභිස්‌සං. (මහාපදුම ආදී මහරහතන් වහන්සේලාගේ ථේරවාද ද ඇතුලත් කොට විනය සංවර්ණනාව මනාව අරඹන්නෙමි.)
එහි ටීකාවේද ‘‘අට්‌ඨකථංයෙව ගහෙත්‌වා සංවණ්‌ණනං කරිස්‌සාමී’’ති වුත්‌තෙ අට්‌ඨකථාසු වුත්‌තත්‌ථෙරවාදානං බාහිරභාවො සියාති තෙපි අන්‌තොකත්‌තුකාමො ‘‘අන්‌තොගධථෙරවාද’’න්‌ති ආහ, ථෙරවාදෙපි අන්‌තොකත්‌වාති වුත්‌තං හොති. (අටුවාවම ගෙන සංවර්ණනාව කරන්නෙමි යැයි කී කල්හි අටුවාවන්හි වදාල ථේරවාදයන්ගේ බාහිරබව වන්නේයැයි එම ථේරවාද ද ඇතුලත් කරනු කැමැත්තේ “අන්තොගධථෙරවාදං” යැයි වදාළ සේක. ථේරවාද ද ඇතුලත් කොට යැයි කියන ලද්දේ වෙයි.) යැයි එය තවදුරටත් පැහැදිලි කර ඇත.
පැහැදිලි කිරීම් සඳහා කථාවස්තු දක්වන විට මෙය නිදර්ශනයක් බව ඉතා පැහැදිලිව දක්වා ඇත. ඒ කිසිම තැනක ඒවා ප්‍රකීර්ණක දේශනා යැයි දක්වා නැත. තවද “ප්‍රකීර්ණක දේශනා යනු පිටකත්‍රයේ ඇති දේශනායි.” යන වැරදි වැටහීමක සිට ඉහත තර්ක ගොඩනගා ඇති බව හැඟේ. පිටකත්‍රයේ කිසි තැනක නොවූ පමණින් එය ප්‍රකීර්ණක දේශනාවක් නොවේ යැයි කිය නොහැකිය. සියළු ප්‍රකීර්ණක දේශනාව සංගායනාවට නොනැංවූ බව දේශනා පාළිය ඇසුරින්ම පැහැදිලි වේ. තවද ත්‍රිපිටකයේ තිබෙන සියලු වචන ද බුද්ධදේශනා නොවේ. “එවං මෙ සුතං” යනාදී පාඨ ද, නිදානකථාදිය ද, සූත්‍ර නාම ද බුද්ධ වචනම නොවේ. පළමු සංගායනාවට සහභාගී වූ ආනන්ද මහරහතන් වහන්සේ වැනි උතුමන්ගේ වචනයි. තවද ත්‍රිපිටකයේ අඩංගු නොවූ බුද්ධදේශනා බොහෝ ඇති බව ද පෙළපාඨ වලින්ම දැක්විය හැකිය. අථ ඛො භගවා .......... තදනුච්‌ඡවිකං තදනුලොමිකං ධම්‌මිං කථං කත්‌වා භික්‌ඛූ ආමන්‌තෙසි- (ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඊට සුදුසු ඊට අනුලොම් වූ දැහැමි කථාවක් කොට භික්‍ෂූන් ඇමතූ සේක.) (විනයපිටකයේ තැන් 230 කට වැඩි) යනාදී තැන් වල දැක්වූ දැහැමි කථාව පෙළේ නැත. ඒ පිළිබඳව විනය අටුවාවේ මෙසේ දැක්වේ,
භගවා කිර ඊදිසෙසු ඨානෙසු පඤ්‌චවණ්‌ණකුසුමමාලං කරොන්‌තො විය, රතනදාමං සජ්‌ජෙන්‌තො විය, ච යෙ පටික්‌ඛිපනාධිප්‌පායා අසංවරාභිරතා තෙ සම්‌පරායිකෙන වට්‌ටභයෙන තජ්‌ජෙන්‌තො අනෙකප්‌පකාරං ආදීනවං දස්‌සෙන්‌තො, යෙ සික්‌ඛාකාමා සංවරෙ ඨිතා තෙ අප්‌පෙකච්‌චෙ අරහත්‌තෙ පතිට්‌ඨපෙන්‌තො අප්‌පෙකච්‌චෙ අනාගාමි-සකදාගාමි-සොතාපත්‌තිඵලෙසු උපනිස්‌සය-විරහිතෙපි සග්‌ගමග්‌ගෙ පතිට්‌ඨපෙන්‌තො දීඝනිකායප්‌පමාණම්‌පි මජ්‌ඣිමනිකායප්‌පමාණම්‌පි ධම්‌මදෙසනං කරොති. තං සන්‌ධායෙතං වුත්‌තං – ‘‘භික්‌ඛූනං තදනුච්‌ඡවිකං තදනුලොමිකං ධම්‌මිං කථං කත්‌වා’’ති.
එනම් මගඵල ලැබීමට හේතු සම්පත් ඇති අයට මගඵල ලැබීමට තරම් හේතුවන දීර්ඝ දේශනාවක් කරන බවයි. මෙබඳු වූ පෙළෙන් මිදුනා වූ, පෙළේ සඳහන් නොවූ බුද්ධදේශනාවන්ගේ සාරය ගෙන, ඒ පිළිබඳ කෝටිප්‍රාප්ත දැනීමක් ඇති සාරිපුත්තාදී සම්මුඛශ්‍රාවක උතුමන්ගේ විවරණයන්ටද අනුකූලව අටුවා සංගෘහිත බැවින් අටුවා ප්‍රකීර්ණක දේශනා නම් වේ යනු අටුවා-ටීකාවන්හි දැක්වූ අදහසයි. ඒ බව සම්‌මාසම්‌බුද්‌ධෙනෙව හි තිණ්‌ණං පිටකානං අත්‌ථවණ්‌ණනාක්‌කමො භාසිතො, යා ‘‘පකිණ්‌ණකදෙසනා’’ති වුච්‌චති. (සම්මා සම්බුදුරජුන් විසින් ම යම් ඒ ප්‍රකීර්ණක දේශනා යැයි කියනු ලබන ත්‍රිපිටකයේ අර්ථවර්ණනාක්‍රමය වදාරණ ලද්දේය.)[3] යනාදී ටීකා පාඨයන්ගෙන් පැහැදිලි වේ.
මීට අමතරව මජ්ඣිම නිකායේ ගහපති වර්ගයේ සේඛ සූත්‍රයෙහි “අථ ඛො භගවා කාපිලවත්‌ථවෙ සක්‍යෙ බහුදෙව රත්‌තිං ධම්‌මියා කථාය සන්‌දස්‌සෙත්‌වා සමාදපෙත්‌වා සමුත්‌තෙජෙත්‌වා සම්‌පහංසෙත්‌වා ආයස්‌මන්‌තං ආනන්‌දං ආමන්‌තෙසි. (ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කපිලවස්තු වාසී සාක්‍යයන් හට රාත්‍රියේ බොහෝ වේලාවක් දැහැමි කථාවෙන් කරුණු දක්වා සමාදන් කරවා තෙදගන්වා සතුටු කොට ආයුෂ්මත් ආනන්ද තෙරුන්ව ඇමතූ සේක.)”[4] යනාදී තැන්හි දැක්වෙන රාත්‍රියේ බොහෝ වේලාවක් සිදුකල දැහැමි කථාව දක්වා නැත. එබඳු තැන්හි අටුවාවේ “තත්‌ථ ඉමා ගාථාව සඞ්‌ගහං ආරුළ්‌හා, පකිණ්‌ණකධම්‌මදෙසනා පන සඞ්‌ගහං න ආරොහති. (එහිදී මේ (සීතං උණ්හං පටිහන්ති) යනාදී ගාථා පමණක් සංගායනාවට නැගුනේය. ප්‍රකීර්ණක ධර්ම දේශනාව සංගායනාවට නො නැංවේ.)” යනුවෙන් පැහැදිළි කර ඇත.
ප්‍රකීර්ණක දේශනා යන පදයේ මෙම නියම අරුත නොදැනදෝ මෙම පොතේ කර්තෘතුමා අටුවා ටීකා ඇදුරුවරුන්ට කරන දෝෂාරෝපනය තමන්ටම පාරාවළල්ලක් වන හැටි මෙයින් ප්‍රකට වේ. එබැවින් ත්‍රිපිටකයේ හා අටුවාවන්හි ද පාරප්‍රාප්ත දැනීමක් ඇති එමෙන්ම ඒවා ප්‍රායෝගිකව පුහුණුකළ සුපේශල ශික්ෂාකාමී එම ඇදුරුවරුන්ගේ වචන ප්‍රතික්ෂේප කිරීමට පෙර දෙතුන් වරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතු බවත්, එම උතුමන් මෙන් ප්‍රායෝගිකව ධර්මය හුරුකිරීම කෙසේ වෙතත් අවම වශයෙන් එම අටුවා-ටීකාචාර්ය උතුමන් සතුව තිබූ දැනුමෙන් දශම ගණනක තරම් දැනීමක්වත් නැති පිරිසක් එම අටුවා-ටීකා විවේචනය කරන්නට යාම විහිළුවට පාත්‍රවීමක් බවත් මෙසේ කරුණාවෙන් මතක්කර සිටිමු.
10. වැරදි මතය : එක අටුවාවේම තේරුම් දෙකක් - ....ඒ ඒ තැනට නියමිතාර්ථය කුමක්දැයි නොදත් නිසාම අර්ථ දෙක තුන බැගින් දෙන්ට සිදුවිය.... (අටුවාපරීක්‍ෂණය 6 පිටුව)
අපගේ පිළිතුර : මෙහිදී ද පැවසිය යුත්තේ එකම වචනයට විවිධ අර්ථ ඇති නිරුත්ති කීපයක් පැවතිය හැකි බවයි. එවැනි විටෙක එම අරුත් සියල්ලම ගැලපේ. එසේ එකම වචනයට විවිධ අරුත් පෙළෙහිම දැක්වූ තැන් කීපයක් මෙසේ උද්ධෘත වශයෙන් දක්වමු.
බුද්‌ධොති කෙනට්‌ඨෙන බුද්‌ධො? බුජ්‌ඣිතා සච්‌චානීති බුද්‌ධො, බොධෙතා පජායාති බුද්‌ධො, සබ්‌බඤ්‌ඤුතාය බුද්‌ධො, සබ්‌බදස්‌සාවිතාය බුද්‌ධො, අනඤ්‌ඤනෙය්‍යතාය බුද්‌ධො, විසවිතාය බුද්‌ධො, ඛීණාසවසඞ්‌ඛාතෙන බුද්‌ධො, නිරුපක්‌කිලෙසසඞ්‌ඛාතෙන බුද්‌ධො, එකන්‌තවීතරාගොති බුද්‌ධො, එකන්‌තවීතදොසොති බුද්‌ධො, එකන්‌තවීතමොහොති බුද්‌ධො, එකන්‌තනික්‌කිලෙසොති බුද්‌ධො........
(බුද්ධ යනු කවර අර්ථයකින් බුද්ධ නම් වේද? චතුරාර්ය සත්‍යය අවබෝධ කළ හෙයින් බුද්ධ නම් වේ, ප්‍රජාවට එය අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වේ,.......ඒකාන්ත නික්‍ලේෂී බැවින් බුද්ධ නම් වේ.)[5]
භික්‌ඛූති භික්‌ඛකොති භික්‌ඛු, භික්‌ඛාචරියං අජ්‌ඣුපගතොති භික්‌ඛු, භින්‌නපටධරොති භික්‌ඛු, සමඤ්‌ඤාය භික්‌ඛු, පටිඤ්‌ඤාය භික්‌ඛු, එහි භික්‌ඛූති භික්‌ඛු, තීහි සරණගමනෙහි උපසම්‌පන්‌නොති භික්‌ඛු,.... (පාරාජිකා පාළි)
මෙබඳු තැන් තව බොහෝ ඇතත් විමසන්නන්ට මෙය ප්‍රමාණවත්ය. දැනුදු එකම ගමට නම සැදුණු ක්‍රම කීපයක් තිබෙනු අසන්නට ලැබේ. ඒ සියල්ලම අරුත් වශයෙන් නිවැරදිය. මෙම අටුවා අර්ථ දැක්වීම්ද මේ අයුරින් වියහැකි බව දතයුතුය.
11. වැරදි මතය : අධික වර්ණනා - ....ක්‍ෂත්‍රිය කුලයෙන් පැවිදි වූවන් ජාතිය නිසා මානය උපදවන බැවින් ද බමුණන් වේදමන්ත්‍ර නිසා මානය උපදවන බැවින් ද මහණකමට අයෝග්‍යයයි ඒ දෙතැන්හිම කියවේ. (අටුවාපරීක්‍ෂණය 10 පිටුව)
අපගේ පිළිතුර : මෙය ද වැරදි ප්‍රකාශයකි. මෙම තැන් දෙකේදීම ක්‍ෂත්‍රිය බ්‍රාහ්මණ කුලවල අය මහණකමට නුසුදුසු යැයි කියා නැත. ඒ අය බොහෝ සෙයින් මානය උපදවන බව පමණක් (යෙභුය්‍යෙන හි ඛත්‌තියකුලතො පබ්‌බජිතා ජාතිං නිස්‌සාය මානං කරොන්‌ති.) දැක්වේ. එයින් එම සියලු දෙනා මානය උපදවන්නේ යැයි හෝ ඔවුන් පැවිද්දට නුසුදුසු යැයි හෝ නොකියැවේ. ඊට අදාල පාළිපාඨය මෙසේය. යෙභුය්‍යෙන හි ඛත්‌තියකුලතො පබ්‌බජිතා ජාතිං නිස්‌සාය මානං කරොන්‌ති. බ්‍රාහ්‌මණකුලා පබ්‌බජිතා මන්‌තෙ නිස්‌සාය මානං කරොන්‌ති. හීනජච්‌චකුලා පබ්‌බජිතා අත්‌තනො අත්‌තනො විජාතිතාය පතිට්‌ඨාතුං න සක්‌කොන්‌ති. ගහපතිදාරකා පන කච්‌ඡෙහි සෙදං මුඤ්‌චන්‌තෙහි පිට්‌ඨියා ලොණං පුප්‌ඵමානාය භූමිං කසිත්‌වා තාදිසස්‌ස මානස්‌ස අභාවතො නිහතමානදප්‌පා හොන්‌ති. තෙ පබ්‌බජිත්‌වා මානං වා දප්‌පං වා අකත්‌වා යථාබලං සකලබුද්‌ධවචනං උග්‌ගහෙත්‌වා විපස්‌සනාය කම්‌මං කරොන්‌තා සක්‌කොන්‌ති අරහත්‌තෙ පතිට්‌ඨාතුං. ඉතරෙහි ච කුලෙහි නික්‌ඛමිත්‌වා පබ්‌බජිතා නාම න බහුකා, ගහපතිකාව බහුකා. ඉති නිහතමානත්‌තා උස්‌සන්‌නත්‌තා ච පඨමං ගහපතිං නිද්‌දිසතීති. (දී.නි.අ. 125 පිටුව)
තවද බුදුරජාණන් වහන්සේත්, ආනන්ද, අනුරුද්ධ, භද්දිය,භගු,කිම්බිල, මහාකප්පින ආදී මහරහත් උතුමෝත් ක්‍ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදි වූ බවත් සාරිපුත්ත-මහමුගලන් ආදී මහරහත් උතුමෝ බ්‍රාහ්මණ කුලයෙන් නික්ම පැවිදි වූ බවත් අටුවාචාරී උතුමෝ නොදන්නේ නොවේ. බුද්ධඝෝෂ මහ ඇදුරුපාණෝ ද බ්‍රාහ්මණ කුලයෙන් නික්ම පැවිදි වූ උතුමෙකි. එතුමන් වහන්සේට තම කුලය අමතක වූවා විය නොහැක. එබැවින් මෙබඳු තැන් විචාරයට ලක් කිරීමේදී දහමෙහි පිහිටා, ගුරුන් ඇසුරුකොට, ධර්ම ගෞරවය උපදවාගෙන විමසා බලන්නේ නම් මෙබඳු වැරදි සිදු නොවනු ඇත.
12. වැරදි මතය : පෞරාණිකයෝ කවරහුද? - ....අටුවා වලදීම “අටුවාචාරීහු මෙසේ කීහ”යි කරුණු ගෙනහැර දක්වන විට මේ වර්තමාන අටුවා අලුත් ඒවා බවත් පුරාණ අටුවා ඊට වෙනස් අදහස් ඇතිව පැවති බවත් කාට නම් පැහැදිලි නොවේද?.... (අටුවාපරීක්‍ෂණය 15 පිටුව)
අපගේ පිළිතුර : මෙතැන ද සිතාගත නොහැකි අයුරින් අරුත් පටලවාගත් තැනකි. “ තෙනාහු අට්ඨකථාචරියා” යැයි මෙසේ දක්වන්නේ පැරණි අටුවාවේ අරුත දැන් පැවසූ දෙයට විරුද්ධ බව දැක්වීමට නොව. දැන් පැවසූ අදහස සනාථ කිරීම, තහවුරු කිරීම පිණිසය. ඊට උදාහරණ මෙසේ දක්වමු.
I. යොපෙස යථාවුත්‌තප්‌පකාරාය එතාය ධම්‌මසාමග්‌ගියා බුජ්‌ඣතීති කත්‌වා අරියසාවකො ‘‘බොධී’’ති වුච්‌චති, තස්‌ස බොධිස්‌ස අඞ්‌ගොතිපි බොජ්‌ඣඞ්‌ගො, සෙනඞ්‌ගරථඞ්‌ගාදයො විය. තෙනාහු අට්‌ඨකථාචරියා ‘‘බුජ්‌ඣනකස්‌ස පුග්‌ගලස්‌ස අඞ්‌ගාති වා බොජ්‌ඣඞ්‌ගා’’ති.[6]
(යම් ඒ කෙනෙක් ‘කියූ ආකාර ඇති මේ ධර්මසාමග්‍රියෙන් සත්‍ය අවබෝධ කරයි’ යැයි ගෙන අරියශ්‍රාවක තෙමේ ‘බෝධි’ යැයි කියනු ලැබේ. ඒ බෝධි නම් වූ ආර්යශ්‍රාවකයින් වහන්සේගේ අංග බැවින් ද “බොජ්ඣඞ්ග” නමි. සේනාංග, රථාංග මෙනි. [සේනාවේ අංග සේනාංග යනුවෙන් ද රථයේ අංග රථාංග යැයි ද හඳුන්වන්නාක් මෙන් බෝධි නමින් හඳුන්වන ආර්ය ශ්‍රාවකයින් වහන්සේගේ අංග බොජ්ඣංග යැයි හැඳින්වේ.] එබැවින් අටුවාචාරීන් වහන්සේලා “අවබෝධකරන පුද්ගලයාගේ අංග බැවින් හෝ බොජ්ඣංග නම් වෙත්” යැයි වදාල සේක.)
II. තත්‌ථ ඉතිවුත්‌තකඞ්‌ගස්‌ස අඤ්‌ඤං කිඤ්‌චි න පඤ්‌ඤායති තබ්‌භාවනිමිත්‌තං ඨපෙත්‌වා ‘‘වුත්‌තඤ්‌හෙතං…පෙ.… මෙ සුත’’න්‌ති ඉදං වචනං. තෙනාහු අට්‌ඨකථාචරියා ‘‘වුත්‌තඤ්‌හෙතං භගවතාති ආදිනයප්‌පවත්‌තා ද්‌වාදසුත්‌තරසතසුත්‌තන්‌තා ඉතිවුත්‌තක’’න්‌ති.[7]
(ඒ නවාංග අතුරින් ඉතිවුත්තක අංගයට ඒ නම අතිවීමට නිමිත්ත වූ “වුත්තඤ්හෙතං ... පෙ.... මෙ සුතං” යන මේ වචනය හැර අන් කිසි ලක්‍ෂණයක් නොපෙනේ. එබැවින් අටුවාචාරීන් වහන්සේලා “වුත්‌තඤ්‌හෙතං භගවතා යනාදී වශයෙන් පැවති එක්සිය දොළහක් සූත්‍රයෝ ඉතිවුත්තක නමි” යැයි වදාළ සේක.)
අටුවාචාරීන් වහන්සේ දක්වන අදහස සනාථ කිරීමට පුරාණපාඨ දැක්වූ බව මෙයින් තහවුරු වේ. තවත් මෙබඳු තැන් කීපයක්ම ඇතත් ලිපිය දික්වන බැවිනුත්, නුවණැත්තන්ට මෙපමණක් සෑහෙන බැවිනුත්, නව තාක්‍ෂණික මෙවලම් මගින් දැන් එබඳු තැන් පහසුවෙන් සොයාගත හැකි බැවිනුත් සෙසු තැන් නොදක්වමු. මෙබඳු මූළික න්‍යායන් වරද්දා ගන්නා කල්හි ත්‍රිපිටකයේ හා අටුවාවන්හි ද පාරප්‍රාප්ත දැනීමක් ඇති උතුමන් කළ අටුවා-ටීකා ග්‍රන්ථ විවේචනය කෙසේ කරන්නේදැයි නුවණැත්තෝ සිතා බලත්වා.
13. ආචරියවාදො වැරදි මතය : වරද්දාගත් වචනයක් - ....අංගුත්තර පාළියේ කියවෙන්නේ සල් පැලයක ලක්‍ෂණයි. ඒ සල්පැලය ගැන “වන්නේ ද නොවන්නේ දැ”යි ඉපදවිය යුතු සැකය කුමක් දැයි අටුවාව විස්තර නොකරයි.... “වේද නොවේ දැ”යි සැකයක් සල් ගසේ විශේෂණයක් වශයෙන් කෙසේ යෙදිය හැකිදැයි මෙය කියවන්නෝ සිතා බලත්වා. (අටුවාපරීක්‍ෂණය 23-24 පිටු)
අපගේ පිළිතුර : වරද්දාගත් වචනයක් යන මාතෘකාව යටතේ දැක්වූ මෙම පාඨය ගැන හොඳින් සිතා බැලූවිට සල් ගසේ විශේෂණයක් වශයෙන් “වන්නේ ද නොවන්නේ දැ”යි සැකයක් ඇතිවීම සිදුවිය හැක්කකි. පැලයක් කුඩා කල දී “මෙය ජීවත් වේවි ද මැරේවි දැ”යි සැකයක් විය හැකිය. එය වැඩී තරුණ ගසක් වූ විට මෙම සැකය දුරු වේ. මෙම අටුවාවේදී කියැවෙන්නේ තරුණ සල් පැළයක් ගැනයි. ඒ බව නවන්ති තරුණං යන පාඨයෙන් කියැවේ. එබැවින් ඉහත පරිදි ජීවත්වීම පිළිබඳ සැක දුරුවී තරුණ තත්වයට පත්වී ඇති බැවින් සල් පැළයට අකුක්කුච්චකජාතං (නිසැක බවට පත්) යැයි දැක්වේ. එබැවින් අටුවාවේ දැක්වූ අරුතේ කිසිම විරෝධයක් හෝ නොගැලපීමක් හෝ නැත.
මෙසේ වරද්දාගෙන ඇත්තේ අටුවාචාරීන් වහන්සේලා නොව, ශ්‍රද්ධාවෙන් තොරව, හොඳ පදනමක නොපිහිටා ඒවා විවේචනයට යන අය බව මෙම කරුණු වලින් ද සනාථ වේ.
14. වැරදි මතය : අපෙන් අසන ප්‍රශ්ණයක් - .....“තමාගේ නමට ගුණපද යොදාගන්නෝ ආත්ම ගෞරව නැති පුහු මිනිස්සු” යයි ද “එබැවින් බුද්ධඝෝෂ මාහියෝ එසේ නොකලාහ”යි ද ඇල්පිටියේ සුමනසිරි ස්ථවිරතුමා කියයි....ඒ අටුවාවේ හෝ උන්වහන්සේගේ අන් අටුවාවක අග බැලුවා නම් බුද්ධඝෝෂ මාහිමිතුමන් පමණ තමන්ගේ නමට ගුණපද යොදාගත් වෙන කෙනෙකු මේ සාසනයේ නැතිබව පෙනී යායුතුයි.... දැන් මේ “පුහු මිනිස්” කතාව කවුරුන් කරා ගියේදැයි සලකා බලනු යෙහෙකි... (අටුවාපරීක්‍ෂණය 28 පිටුව)
අපගේ පිළිතුර : මෙම ප්‍රකාශය ද වැරදිය. මෙම ගුණපද අටුවාවන්ට ඇතුලත් කළේ බුද්ධඝෝෂ මාහිමියෝ නොවේ, බුද්ධමිත්‍ර නමැති තෙර කෙනෙකැයි බොහෝ පැරණි පොතක් වූ විසුද්ධිමාර්ග පැරකුම්බා සන්නයේ අග දැක්වේ. මෙම බුද්ධමිත්‍ර තෙරණුවෝ බුද්ධඝෝෂ මාහිමියන්ගේ ද ශිෂ්‍යයෙකු බැවින් එතුමන්ගේ නම ඍජුව නොකියා “ගුරුවරුන් විසින් බුද්ධඝෝෂ යැයි නම් කළ තෙරුන් විසින් මෙම විශුද්ධිමාර්ගය නමැති පොත කළේ ”යැයි දැක්වූ බව එම සන්නයේ දැක්වේ. (විසුද්ධිමග්ග සන්නය 1755 පිටුව- බෙන්තර ශ්‍රද්ධාතිස්ස හිමිගේ සංස්කරණය)
15. වැරදි මතය : “මාරයා මනඃකල්පිත දෙවියෙකැ”යි දිනමිණ වෙසක් කලාපයේ පළ වූ මාගේ ලිපියෙහි ඇතුළත් විය.... මෙයින් ඒ කාරණය පහදා දීමට උත්සාහ ගනු ලැබේ.... (අටුවාපරීක්‍ෂණය 45 පිටුව)
16. වැරදි මතය : මාරයා මනඃකල්පිත දෙවියෙකි - ....දෙවියෙක් මිනිසෙකුගේ ආමාශයට ඇතුල්ව සිටියේ යැයි කීම සඟියකට ඇතුළත්ව තිබුණත් පිළිගැනීම ඉතා අපහසුයි.... (අටුවාපරීක්‍ෂණය 53 පිටුව)
අපගේ පිළිතුර : මාරයා යැයි දැක්වෙන දෙවියෙක් සැබවින්ම නැතැයි ඔප්පුකිරීමට පිටු 15 ක් තරම් කරුණු ලියා ඇතත් ඒ සියල්ලම අනුමාන වශයෙන් තමාගේ වැරදි දෘෂ්ටියට අනුව දැක්වූ කරුණු මිස බලවත් සාක්‍ෂි නොවේ. මාරයා යැයි හඳුන්වන දෙවියෙක් ඇතැයි දැක්වීමට පෙළපොත් වලින්ම ඕනෑතරම් බලවත් සාක්‍ෂි සොයාගත හැකිය. ඉන් කීපයක් මෙසේ දක්වමු.
I. අථ ඛො මාරො පාපිමා, අචිරපක්‌කන්‌තෙ ආයස්‌මන්‌තෙ ආනන්‌දෙ, යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං එතදවොච – ‘‘පරිනිබ්‌බාතු දානි, භන්‌තෙ, භගවා, පරිනිබ්‌බාතු දානි සුගතො.....
ඉක්බිති පාපී මාරතෙමේ ආනන්ද මාහිමියන් පිටත්ව ගොස් නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා. සුගතයන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා.” යන මෙය කීය. [8]
II. අථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්‌කමඤ්‌ඤාය යෙන භගවා තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා භගවන්‌තං ගාථාය අජ්‌ඣභාසි ..
ඉක්බිති පාපී මාරතෙමේ තමාගේ සිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්කය දැන භාග්‍යවතුන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් (මෙය) කීය. [9]
III. අථ ඛො මාරො පාපිමා වජිරාය භික්‌ඛුනියා භයං ඡම්‌භිතත්‌තං ලොමහංසං උප්‌පාදෙතුකාමො සමාධිම්‌හා චාවෙතුකාමො යෙන වජිරා භික්‌ඛුනී තෙනුපසඞ්‌කමි; උපසඞ්‌කමිත්‌වා වජිරං භික්‌ඛුනිං ගාථාය අජ්‌ඣභාසි...
ඉක්බිති පාපී මාරතෙමේ වජිරා භික්‍ෂුණීන් වහන්සේට භයක්, තැතිගැන්මක්, ලොමු ඩැහැගැන්මක් උපදවනු කැමැත්තේ, සමාධියෙන් පහකරනු කැමැත්තේ වජිරා භික්‍ෂුණීන් වහන්සේ යම් තැනක ද එතැනට එළඹියේය. එළඹ වජිරා භික්‍ෂුණීන් වහන්සේට ගාථාවකින් (මෙය) කීය. [10]
මෙබඳු තැන් සිය ගණනක් ත්‍රිපිටකය පුරා සඳහන් වී ඇත. මෙසේ ඉතා පැහැදිලිව දිව්‍යපුත්‍ර මාරයෙකු පිලිබඳ දක්වා තිබියදී එය ප්‍රතික්‍ෂේප කිරීම විශ්මයට කරුණකි. මාරයා ජීවියෙකු නොවේ නම් භාග්‍යවතුන් වහන්සේගේ සිත සිතින් දකින්නේත්, වෙත එළඹ ප්‍රශ්ණ විචාරීම, ගාථාකීම, ඉල්ලීම් කිරීමාදිය සිදුවන්නේත් කෙසේදැයි නුවණැත්තෝ විමසත්වා. අපට ප්‍රත්‍යක්‍ෂ නොවන සියල්ල බොරු නොවන බවත්, එබඳු සත්‍ය බොහෝවක් ලෝකයේ ඇති බවත්, බුදුදහම ප්‍රචලිත නැති බටහිර රට වල පවා බොහෝ දෙනෙක් දැන් අමනුෂ්‍යාදීන්ව විශ්වාස කරන බවත් දතයුතුය. එසේ තිබියදී බුදුදහම ඇති රටක බෞද්ධ පිරිස අතර “දෙවියන්, මාරයන් නැත” යනාදී මෙබඳු මිත්‍යා මත පවතින්නේ නම් එය අභාග්‍යකි.
-
විනය අටුවා හේවාවිතාරණ මුද්‍රණ 337 පිටුව ↑
-
විසුද්ධිමග්ග ↑
-
අංගුත්තරනිකාය ටීකා ↑
-
මජ්ඣිමනිකාය 2 කොටස 28 පිටුව ↑
-
මහා නිද්දේස ↑
-
මජ්ඣිමනිකායට්ඨකථා 1 සබ්බාසවසූත්‍ර අටුවා (හේවාවිතාරණ මුද්‍රණ) 77 පිටුව ↑
-
ඉතිවුත්තකට්ඨකථා නිදානවණ්ණනා (හේවාවිතාරණ මුද්‍රණ) 25 පිටුව ↑
-
(දීඝනිකාය 2 , 162-163 පිටු ../මජ්ඣිම/සංයු. නි.) ↑
-
සංයුත්ත නිකාය 1 කොටස 188-189 පිටු. ↑
-
සංයුත්ත නිකාය 1 කොටස 246-247 පිටු. ↑