1. දුර්දාන්තදමන නම් පරිච්ඡේදය

“ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදු අනුත්තරො පුරිසදම්මසාරථි සත්‍ථා දෙවමනුස්සානං බුද්ධො භගවා[1]” යනු විස්තර කරත්, බුදුගුණ අනන්ත වන බැවින් නවගුණ හැම කියත්. නොපිළිවනින්[2] ‘පුරිසදම්මසාරථි’ යන පදය ගෙනැ අප බුදුන් පැරුම් පුරා බුදු වැ දෙව්රම් වෙහෙර පිළිගෙනැ එහි වෙසෙමින් තුන් ලොව්හි[3] සැරිසැරැ[4] විෂම පුරුෂයන් දමා අමාමහනිවනින් පැමිණිවු[5] සෙ නොවියත් හුදී ජනන්[6] සඳහා සියබසින් මා විසින් සැකෙවින්[7] දක්වනු[8] ලැබේ.

අප බුදුහු අතීතයෙහි සාරාසඞ්ඛ්‍ය කපුසුවහස්[9] මතුයෙහි සුමෙධ නම් මහ තව්සක් වැ දිවකුරු බුදුන් හමු වැ අතට පත් නිවන් පියා මහ කුළුණින්[10] ගොර බිරම් සසර[11] වැදැ පැරුම් පුරා පඤ්චායුධ[12] ජාතක ‘සුතනු’ ජාතකාදියැ බිහිසුණු දරුණුන වන යකුන්[13] සධම්[14] දෙස්නෙන් දමා පන්සිල්හි[15] පිහිටවමින්, දෙවධම්මජාතක තයොධම්ම ජාතකාදියැ පිහිටවමින්, දෙවධම්මජාතක තයොධම්ම ජාතකාදියැ දියරක්සන් දමා සුගිමොක් මඟට පමුණුවමින් මහාසුතසොමජාතක ජයද්දිසජාතකාදියැ මිනීමස් කන නරයකුන් දමා රජයෙහි පැවිජියෙහි[16] පිහිටවමින් සුවණ්ණමිග ජාතක මහාමොරෙ ජාතකාදියැ තමන් බැඳු වැද්දන් දමා ලොවී-ලොවුතුරා සැපත් වළඳවමින්, ඉල්ලිස ජාතක සුධාභොජන ජාතකාදියැ මහ මසුරන් දමා මහදන් දෙවමින්, මතකභත්ත ජාතක ධොනසාඛ[17] ජාතකාදියැ ප්‍රාණාතිපාතයෙහි[18] දොස් දක්වමින්, තුන් වන සීලවිමංස ජාතක පස් වන සීලවීමංස ජාතකාදියැ අදත්තාදානයෙහි දොස් දක්වමින්, ලොහකුම්හි ජාතක මහානාරදකස්සප ජාතකාදියැ, පරදාරසමාගමයෙහි දොස් දක්වමින්, චෙතිය ජාතක තක්කාරු[19] ජාතකාදියැ මෘෂාවාදයෙහි[20] දොස් දක්වමින්, කුම්භ ජාතක භද්‍රඝට ජාතකාදියැ සුරාපානයෙහි[21] දොස් දක්වමින්, වණ්ණාරොහ[22] ජාතක සන්ධිභෙද ජාතකාදියැ පිශුන[23] වචනයෙහි දොස් දක්වමින්, නන්‍දිවිසාල ජාතක සුජාතා[24] ජාතකාදියැ පරුෂ වචනයෙහි දොස් දක්වමින්, තිත්තිර ජාතක අකාලරාවි ජාතකාදියැ ප්‍රලාපයෙහි[25] දොස් දක්වමින්, දුරාජාන ජාතක ඉන්ද්‍රිය ජාතකාදියැ සතුන් සතන්හි දිලි නැඟි[26] රා-ගිනි නිවමින්, එකපණ්ණ ජාතක තිලමුට්ඨි ජාතකාදියැ කො-ගිනි[27] නිවමින් මාතඞ්ග ජාතක මහාබොධි ජාතකාදියැ මිසදිට්හ[28] බිඳැ සතුන් සම්දිට්හයෙහි පිහිටවමින්, සන්ථව ජාතක නඞ්ගුට්ඨ[29] ජාතකාදියැ මිථ්‍යා තපස්හි දොස් දක්වමින්, සෙතකෙතු ජාතක උද්දාලක[30] ජාතකාදියැ කොහොන්[31] පිළිවෙත්හි දොස් දක්වමින්, පාරාපත ජාතක[32] රුචිර ජාතකාදියැ ලොලතායෙහි දොස් දක්වමින්, බ්‍රහ්මදත්ත ජාතක අට්ඨිසෙන ජාතකාදියැ යාච්ඤායෙහි දොස් දක්වමින්, ගිජ්ඣ ජාතක චතුද්වාර ජාතකාදියැ දුර්වවස්ති දොස් දක්වමින්, සාලිත්‍ථක[33] ජාතක කොකාලික[34] ජාතකාදියැ අතිමුඛරතායෙහි දොස් දක්වමින්, මහිලාමුඛ ජාතක මනොජ ජාතකාදියැ විපක්‍ෂසෙවායෙහි දොස් දක්වමින්, භීමසෙන ජාතක කටාහක[35] ජාතකාදියැ විකත්‍ථනයෙහි[36] දොස් දක්වමින්, සුවණ්ණහංස ජාතක මහාවාණිජ ජාතකාදියැ අතිලොභයෙහි දොස් දක්වමින්, කූටවාණිජ ජාතක මච්ඡුද්දාන[37] ජාතකාදියැ කූට ව්‍යවහාරයෙහි[38] දොස් දක්වමින්, ලාභගරභ[39] ජාතක ලොසක ජාතකාදියැ ලාභොත්පාදයෙහි,[40] ලාභාන්තරායකරණයෙහි දොස් දක්වමින්, සම්මොදමාන ජාතක භරු[41] ජාතකාදියැ කලහයෙහි[42] දොස් දක්වමින්, සඤ්ජිවක[43] ජාතක ගොධ ජාතකාදියැ අනිෂ්ටප්‍රග්‍රහයෙහි[44] දොස් දක්වමින්, වරණ[45] ජාතක ගජකුම්භ ජාතකාදියැ අලසතායෙහි දොස් දක්වමින් දධිවාහන ජාතක සීලානිසංස ජාතකාදියැ අසුත් සමාගමයෙහි[46] දොස් දක්වමින්, සත්සමාගමයෙහි අනුසස් දක්වමින්, අලීනචිත්ත ජාතක පදමාණවක[47] ජාතකාදියැ ධැමිට් වැ[48] රජ කෙරෙමින්, උරග ජාතක කුලාවක ජාතකාදියැ නාගුරුළුමුළු රක්මින්,[49] ඛරපුත්ත[50] ජාතක දද්දභ ජාතකාදියැ ගිනි වැදැ මියන රජනුදු මුහුදු වැදමියන සිවුපාවනුදු වළක්වමින්,[51] ථුස[52] ජාතක මූසික ජාතකාදියැ රජනට වන අනාගතභය වළක්වමින්,[53] රාජොවාද ජාතක අනෙක් (තෙසකුණ) රාජොවාද ජාතකාදියැ රාජානුශාසනයෙන්[54] සත්නටසෙත් කෙරෙමින්, මහාසාර ජාතක බන්ධනමොක්ඛ ජාතකාදියැ බන්ධනගත සත්ත්‍වයන් බන්ධනයෙන් මුදමින්, කච්ඡප[55] ජාතක ජවසකුණ[56] ජාතකාදියැ දුඃඛිත සත්ත්‍වයන් සුඛිත කෙරෙමින්, මහාසුපින ජාතක අට්ඨසද්ද ජාතකාදියැ සශොක සත්ත්වයන් නිශ්ශොක කෙරෙමින්, දසණ්ණක ජාතක කාම ජාතකාදියැ සරොග සත්ත්වයන් නීරොග කෙරෙමින්, කුස ජාතක භොජාජානීය ජාතකාදියැ තමන් ගෙනැදුන්, රුපු රජුනට අභය දෙවමින්, ගුණ ජාතක කුරුඞ්ගමික ජාතකාදියැ උපකාරයනට ප්‍රත්‍යුපකාර කෙරෙමින්, මහාඅස්සාරොහ ජාතක පලාස ජාතකාදිය, මඳ උපකාරයෙක්හි පැහැදැ සත්නට අර්ධරාජ්‍ය[57] දෙමින්, මහානිධාන පාමින් වට්ටක ජාතක මච්ඡ ජාතකාදියැ ගින්නෙන් නස්නා සත්නට ලැව්ගිනි නිවමින්,[58] මහවැසි වස්වමින්, අසදිස ජාතක මහා උම්මග්ග ජාතකාදියැ යමක්හුවෙරින්[59] ලෙහෙ[60] නොසොල්වා කැටක් ගෙනැ ලුහුබඳනා කපුටු[61] සෙනඟක් සෙයින්, හීයක් ගෙනැ ලුහුබඳනා කපුටු සෙනඟක් සෙයින්, හීයක් ගෙනැ ලුහුබඳනා වඳුරු සෙනඟක් සෙයින්, [62]රුපුරජ සෙනඟ ලුහුබැඳ, බුදු වූ දවස් බුන් මරසෙනඟ සෙයින් බිඳැපියා සත්නට සෙත් කෙරෙමින්, මාතුපොසක ජාතක සාලිකෙදාර ජාතක සොණනන්‍ද[63] ජාතකාදියැ සතුන් මවුවටන් පිය වටන් ධැම්හි පිහිටවමින්, සොමදත්ත ජාතක මට්ටකුණ්ඩලී ජාතකාදියැ දිලි-නැඟි පුත්‍රශොක නිවමින්, සුජාත ජාතක තත්කල[64] ජාතකාදියැ පීතෘශොක සන්සිඳුවමින්, මතරොදන ජාතක උරග ජාතකාදියැ සැනැහැති[65] මල් බෑයනුදු උරෙහිදා දරුවනුදු මළ කලැ දොම්නස් නො කෙරෙමින්, අනනුසොචීය ජාතක දසරථ ජාතකාදියැ මළානට වලප්නා සතුන් සධම්[66] දෙස්නෙන් අස්වසමින්,[67] තින්‍දුක[68] ජාතක සුරුචි[69] ජාතකාදියැ පැන වෙසෙස් දක්වමින්, පුණ්ණනදී ජාතක ගාමණිචණ්ඩ ජාතකාදියැ පැන

විජසමින්[70], සුසීම ජාතක තිත්තිර[71] ජාතකාදියැ ළදරුවක් වැ[72] එක රැයෙකින් ත්‍රිවෙද නිමවා-ගෙනැ, “තොප අතැවැස්සනට[73] මෙසෙ කියව”යි[74] ආචාර්ය හට වෙද සෝධා[75] දෙමින්[76], වටුවක් මැ ගල්මුදුනෙන් බස්නා හොයක් සෙ පන්සියක්[77] දෙන හට[78] ත්‍රිවෙද ප්‍රතිපාදනා කෙරෙමින්, සම්භව ජාතක සත්තුභස්ත[79] ජාතකාදියැ පැන විසජනෙන්, සතුන් සොම්නස් මහවිල්හි ගලා සනහමින්, පරොඝසහස්ස ජාතක සිරිකාලකණ්ණි ජාතකාදියැ නුවණැතියන්ටද් ලොවැඩ[80] පසස්නානටද් සඞ්ග්‍රහ කෙරෙමින්, සාධීන ජාතක නිමි ජාතකාදියැ විජයත්රථ අරා දෙව්ලො[81] ගොස් දෙවියන් තුස්වමින්, සිගාල ජාතක චුල්ලපලොභන[82] ජාතකාදියැ ඡන්‍දරාගයෙහි දොස් දක්වමින්, තක්ක ජාතක නලිනී[83] ජාතකාදියැ ස්ත්‍රීලීලාවලොකනයෙහි දොස් දක්වමින්, මුදු ලක්ඛණා[84] ජාතක සඞ්කප්ප ජාතකාදියැ ශුභ වශයෙන් බැලීමෙහි දොස් දක්වමින්,[85] ආසඞ්ක ජාතක උම්මදන්තී ජාතකාදියැ ස්ත්‍රීරූපදර්ශනයෙහි දොස් දක්වමින්, මොර ජාතක කක්කට ජාතකාදියැ ස්ත්‍රී ශබ්දයෙහි දොස් දක්වමින් පුප්ඵරත්ත[86] ජාතක අලම්බුසා[87] ජාතකාදියැ ස්ත්‍රී ශරීර ස්පර්ශයෙහි දොස් දක්වමින්, කණවෙර[88] ජාතක අට්ඨාන ජාතකාදියැ ස්ත්‍රී සංසර්ගයෙහි දොස් දක්වමින්, කුම්මාසපිණ්ඩ[89] ජාතක ගඞ්ගමාල ජාතකාදියැ තමන් අනන්තරජන්මයෙහි එක් දවසද් දුන් දනින් හා එක් රැයක් රැකි සිලින් රජසපු ලද[90] පරිදි[91] කියා සතුන් දන්සිල්හි[92] පිහිටවමින්, ආදිත්ත ජාතක දසබ්‍රාහ්මණ ජාතකාදියැ විචෙය්‍යදාන[93] දෙවමින්, කුම්භකාර ජාතක භික්ඛාපරම්පර[94] ජාතකාදියැ පසේබුදුන් පුදමින්, සඞ්ඛ ජාතක මහාජනක ජාතකාදියැ සත් දවසක් නිරාහාරව වැ මහමුහුදු පිහිනන කලුදු දිවබොජුන් පිළි‍ඛෙව්[95] කොටැ පෙහෙවස් මැ රක්මින්, තෙලපත්ත ජාතක සමිද්ධි ජාතකාදියැ දිව්‍ය රූපද්[96] ඉන්ද්‍රිය භෙද කොටැ නො බලමින්, ගන්ධාර ජාතක කණ්හ[97] ජාතකාදියැ තවුස් පැවිජි වැ පන්සිල් මාත්‍රයක්[98] රක්නා කලැ ද පවා බලවත් අපිස්සතොස්බවට පැමිණෙමින්, කාක ජාතක භද්‍රසාල ජාතකාදියැ නෑයනට වැඩ කෙරෙමින්, දුම්මෙධ ජාතක අයකූට ජාතකාදියැ ලො[99] වැඩ කෙරෙමින්, ධජවිහෙඨන[100] ජාතක මහාකණ්හ ජාතකාදියැ සසුන් වැඩ කෙරෙමින්, නිග්‍රොධමිග ජාතක නන්‍දිමිග ජාතකාදියැ සධම්[101] දෙස්නෙන් දරුණු රජුන් දමා හැම සත්නට අභයදාන[102] දෙමින්, සරභඞ්ග ජාතක සඞ්කිච්ච ජාතකාදියැ තමන් පොළොව පළා පෑ නරක දැකැ වෙවුළන සතුන් තදන්තර්ධානයෙන් අස්වසමින්, ජවනහංස ජාතක වලාහකඅස්ස ජාතකාදියැ මරණ මුවපත්[103] හසුන්, යක් මුවපත්[104] මිනිසුන් පියායෙන් පිටින් තරවමින්, සච්චඞ්කිර ජාතක චුල්ලපදුම[105] ජාතකාදියැ දියෙන් යනුවන් ජලදුර්ගයෙන් නඟමින්, සරභමිග ජාතක මහාකපි ජාතකාදියැ නරාවළැ[106] හුණුවන් නරක ප්‍රපාතයෙන් උද්ධරමින්,[107] මහාකපි ජාතක සුප්පාරක ජාතකාදියැ මරණ මුවපත් වඳුරන් වළබමුවපත් වෙණෙඳුන්[108] ගඟමුහුදු[109] පරතෙරට පමුණුවමින්, අබ්භන්තර ජාතක ලොමසකස්සප[110] ජාතකාදියැ උග්‍රතපසින් ශක්‍රභවන කම්පිත කෙරෙමින්, අකිත්ති ජාතක භිස ජාතකාදියැ ගිහිසපු[111] උර සක්මල් සෙ දැකැ තපොවන එළෙඹෙමින්, මඛාදෙව ජාතක සයභ[112] ජාතකාදියැ පඤ්චකාමගුණ විෂමිශ්‍ර අමෙධ්‍ය සෙ[113] ගරහමින්, සොමනස්ස ජාතක සුසීම ජාතකාදියැ වලප්නා නෑයන් යමපලුන් සෙපියා තවවල් නික්මෙමින්, සොණ ජාතක දරීමුඛ ජාතකාදියැ ලැව්ගිනිගත්[114] වන ගහනයෙකින් නික්මෙන ඇතක්හු සෙයින් රජසපු හැරැපියා[115] නික්මෙමින් උදඤ්චනී[116] ජාත චිත්තසම්භූත ජාතකාදියැ කාමපඞ්කයෙහි ගැලී-ගිය[117] සතුන් නඟා පැවිජිතලයෙහි පිහිටවමින්, චන්‍දකින්නර ජාතක සාම ජාතකාදියැ තමන් මියන සෙ වීදි රදුන්[118] කෙරෙහි දොම්නස්ස නො කෙරෙමින්, මහාඛන්තිවාද[119] ජාතක චුල්ලධම්මපාල[120] ජාතකාදියැ තමන් කටුමගිගායෙන් සප්වා[121] අත්පාකන්නාසාද්[122] කස්පා[123] පාවිළිඹින්[124] කඩුසිළින් ළෙහි ඇනැ මරන රජුන් කල්යහළුවන් සෙ දක්මින්,[125] මහාසීලව ජාතක එකරාජ ජාතකාදියැ ඇමැතිමඬුලු ඇතොවුරු කොටාරදහස් පැහැරැ ගෙනැ තමන් සොහොන්වළැ සිඟල්බත් කොටැ ගැලු, දොරතුරෙහි එල්වූ, රදුන් පිය පුතුන්[126] සෙ දක්මින්,[127] ඛදිරඞ්ගාර ජාතක සස ජාතකාදියැ දන් දෙනු සඳහා දිලියෙන ගිනිමැදට පුල්පියුම්විලට[128] සෙ වදිමින්, සීලවජාතක ඡද්දන්ත ජාතකාදියැ තමනට[129] වධ කළ වැද්දනට සිය අතින් සරස් විහිදිනා[130] දළ කපා-දෙමින්,[131] භූරිදත්ත ජාතක සංඛපාල ජාතක චම්පෙය්‍ය ජාතකාදියැ තණපතක් සෙ දිවි පියා පොළොව පෙරළන්නක්හු සෙ[132] සිල් පොහො පිසමින්, වෙලාම ජාතක මන්ධාතු ජාතකාදියැ සත්නට රුවන්වහරෙ වස්වමින්, කුරුධම්ම ජාතක සිචි ජාතක විසය්හ ජාතක වෙස්සන්තර ජාතකාදියැ දන්වහරෙ වස්වමින් මහෞෂධ පණ්ඩිත කල්හි, වීධුර පණ්ඩිත කල්හි, සෙනක පණ්ඩිත කල්හි, කෙවිලි රජකල්හි, හස්රජ[133] කල්හි, ගිරාසෙනෙවි කල්හි, සුවන් මොනර කල්හි, රූරුමුව කල්හි, කුකුරු කල්හි, සුපත්[134] කපුටු කල්හි, තුණ්ඩිල හූරු කල්හි, සත්නට ධම්වහරෙ[135] වස්වමින්, කුද්දාල සමාගමයෙහි හත්‍ථිපාල[136]

සමාගමයෙහි ජොතිපාල සමාගමයෙහි, අයොඝර සමාගමයෙහි, චුල්ලසුතසොම[137] සමාගමයෙහි, මූගපක්ඛ සමාගමයෙහි, සතුන් ශීලාදිගුණයෙහි පිහිටවමින් මෙසෙ තමන් බෝසත්කල්හි මැ පුරිසදම්මසාරථි වන බැවින් නො එක් දෑකෙළසුවහස්හි[138] දුර්දාන්තසත්ත්වයන් දමා ශීල සමාධි ප්‍රඥාලක්‍ෂණ ගුණධර්මයන්[139] පිසමින්[140], සත්කෘත්‍යාභ්‍යාස[141] නෛරන්තර්යාභ්‍යාස[142] දීර්ඝකාලාභ්‍යාස විසින් බොධිසම්භාර ධර්මයන් මුහුකරුවමින්, දැමි දමනු සඳහා සවන්ඤණ ගබ්[143] ගන්වා-ගෙනැ[144] වෙසතුරු[145] අත් බැවින් සැවැ තුසී පුරෙහි[146] උපන්හු.

දුර්දාන්තදමන නම් පළමු වන පරිච්ඡේද[147] නිමි.

  1. භගවා’ති.

  2. පිළිවන.

  3. ලෙව්හි

  4. සැරිසරා සැරිසැරු, සැරිසැර

  5. පැමිණවූ සේ

  6. ජනයන්

  7. සැබවින්

  8. දක්වනු

  9. කප්සුවහස්

  10. මහකුළිණින්

  11. සසරට

  12. පඤ්චායුධ

  13. වනරක්සන්, මෙ වන රක්සන්,

  14. ධම්-මු,

  15. පන්සිල්, පන්සිල

  16. පැවිජුයෙහි, පැවිජි

  17. වොණසාඛ, වෙනසාක - අටුවා

  18. පාණාතිපාතයෙහි

  19. තක්කාරි, කත්තර, තක්කාර, කක්කාර

  20. මුසා වාදයෙහි

  21. සුරාපාණයෙහි

  22. වණ්ණු රොහණ. වණ්ණරොහණ, වපණ්ණරොහණ, වණ්ණරොහ-මු.

  23. පිසුනු

  24. සුජාත, සුජාතක

  25. විප්‍රලාපයෙහි, සම්ඵප්‍රලාපයෙහි-මු

  26. දිලිනැගී ගිය

  27. කෝගිනි

  28. මිසදුටුහැ

  29. නාථ කට්ඨ, නංගුෂ්ට

  30. උද්දාල-හැම

  31. කොහන්

  32. ලොලජාතක-අටුවා ‘කපොත’ නමිනුදු අටුවායෙහි එනුයෙ මෙය යි.

  33. සාලි, සාළි, සාලිත, සාලිත්ත-මු

  34. කොකාලි, කොක්කාලික

  35. කටාහ-හැම

  36. විකර්තණයෙහි

  37. මච්ඡාදාන

  38. කූටව්‍යවහාරයෙහි

  39. ලාභ ගරු-හැම

  40. ලාභොත් පාදනයෙහි

  41. ගරු

  42. මසක

  43. සච්චව, සච්චක

  44. අනිෂ්ට වාසනායෙහි, අනිෂ්ට ප්‍රස්තායෙහි, අශිෂ්ටසෙවායෙහි-මු

  45. වාරණ, පරන්ත, වපණ

  46. මෙය සමහර පොතෙකැ නැති

  47. පදමාණව,

  48. ධැමිටු වැ, දැමිටු වැ

  49. රක්වමින්

  50. බරපත්ත

  51. වළකමින්

  52. ඵුස, ලස

  53. වළකමින්

  54. රාජ්‍යානුශාසනයෙන්-මු

  55. කච්ඡ

  56. අර්ධරාජ්‍යය

  57. නිවා

  58. විරින්, වෙරෙන්

  59. ලේ

  60. කවුඩු

  61. “රුපු රජ සෙනඟ බුදු වූ දවස් බුන් මර සෙනඟ සෙයින් බිඳැ ලුහුබැඳැ-පියා” යනු පොත්වලැ එයි. කිසි පොතෙකැ ‘බිඳැ ලුහුබැඳැ-පියා’ යනු ‘බිඳ-පියා’යි ඇති.

  62. යොගානන්‍ද

  63. තක්කල, තක්කාකොළ

  64. සැනැති, සැනැහැති, සිනෙහැති මුද්‍රිත

  65. දම්, සද්ධම්-මු

  66. අස්වසමින්

  67. කන්දුක, කින්දුක

  68. සුව

  69. විසඳමින්

  70. දද්දර-හැම,

  71. ළදරු දරුවක් වැ

  72. අතවැස්සහට

  73. කියා,

  74. යොදා සායා

  75. දෙවමින්

  76. පත්සියයක්

  77. දෙනා හට

  78. සත්තු භත්ත

  79. ලෙව්වැඩ,

  80. දෙව්ලොව,

  81. චුල්ලපලොභ,

  82. නළින

  83. මුදුලක්ඛණ

  84. ශුභ වශයෙන් දොස් දක්වමින්

  85. පුප්ප පත්ත

  86. අලම්බුස

  87. කණවෙරු

  88. කුම්මාසපිණ්ඩි

  89. රජසපුව වැලඳ,

  90. සරිජි

  91. දන්සිල්, දන්සිල

  92. විවෙස, විවෙච, විචෙය, විශෙෂ-මු

  93. භික්ඛාපරම්පරා

  94. පිළිකෙව්

  95. දිව්‍යරූප-මු

  96. අයකුට

  97. පන්සිල් මාත්‍රාවක්

  98. ලෝවැඩ-මු

  99. ධජවිහෙඨ

  100. සදාදම්, සදම්

  101. අභයදානය

  102. මරමුවපත්

  103. බිහිසුන් යක්...මු

  104. හිස

  105. නිරැවළ

  106. උද්ධරවමින්

  107. වෙණෙ දැන් වෙණෙදනන්-මු

  108. ගෙන මුහුදු-

  109. ලොමකස්සප

  110. ගිහිසපුව-මු

  111. හංස විසය්හ

  112. අමෙධ්‍යය

  113. පත්

  114. රජසුව හැරැපියා, රජසපුව පියා

  115. උදෙනි

  116. හැමීගිය

  117. රජුන්

  118. ඛන්තිවාද

  119. චූලධම්මපාල

  120. සප්පා

  121. අත්පාද්

  122. තප්පා

  123. පාවිළුඹින්

  124. දක්වමින්

  125. ප්‍රිය පුතුන්

  126. දකිමින්

  127. පුල් පියුම්විල

  128. තමන්

  129. විහිදන

  130. කඩා-දෙමිත්

  131. පෙරළෙන්නාක් සෙයින් සිල් පොපියමින්-හැම. පොහො ඝ පෝ පිසමින් ඝ පියමින් = පොපියමින් මෙසෙ වන ලෙඛ දොෂයි

  132. අස් රජ

  133. සුවපත් සුසාත්

  134. දහම් වතුරෙ

  135. හස්තිපාල

  136. චූලසුතසෝම

  137. දෑකෙළ සුවහස්ගණන්

  138. ගුණධර්මයෙන්

  139. පිරිපසමින්, පිසමින්

  140. සතකන්‍යාභ්‍යාස

  141. රෛන්තරාභ්‍යාස

  142. ගබ

  143. ගන්නා ගෙනැ

  144. විසිතුරු, විසතුරු

  145. තුසීපුරයෙහි

  146. පරිච්ඡෙදය