17. දෙවදමන නම් පරිච්ඡේදය

සක් දෙව්රජහු දැමු පරිදි කිසෙ යැ යත්:

ඔහු ඇසු සුතක්[1] ඉසිරි[2] මදමත් වැ නොසඳහන් කෙළෙන්, ඔව්හට[3] සොම්ස් භය ජනවා, මොහඳුරු විධමා, සඳහන්[4] කැරැ වූයෙන්[5] කියත්.

කිසෙ යැ යත්:

පොළො තෙලෙන් දෙ සාලිස් දහසක් යොජුන් තන්හි යුගඳුරු මුදුන හා සම අහස්හි සව්මහරජ දෙව්ලොව්[6] සක්වළ ගල් දක්වා පිහිටියෙ යැ. හෙ අතුරුවෙහෙ පියා පිහිටි රන්රිදීමිණිමුවා දෙව්විමනින් අතුරු නැතියෙ යැ. සතරවරම් මහරජුන් ගෙ සතුරුවන්මුවා දෙව්නුවර යුගඳුරු මුදුනෙහි පිහිටියෙ යැ.[7] එ දෙව්ලොවින් උඩ දෙ සාලිස් දහසක් යොජුන් තන්හි මෙරමුදුන් හා සම අහස්හි තව්තිසා දෙව්ලො සක්වළ ගල් දක්වා පිහිටියෙ යැ. මෙරමුදුන මිණිමුවා යැ. එහි පිටිනුවර[8] මිසැ, තව්තිසා[9] දෙව්නුවර නම් ඇතුළු නුවර මතු පැදි දොරින්[10] පැළදොර දක්වා දස දහසක් යොජනැ. දකුණු දොරින් උතුරු දොර දක්වා දස දහසක් යොජනැ. එ නුවර සතුරුවන්මුවා මහවුරෙන්[11] හා දහසක්[12] රුවන් දොරොට්යෙන්[13] පිරිඛෙව්[14] ලද්දෙ යැ. රන් විමන් රිදී විමන් මිණි විමන් පෙළින්[15] හා උයන් පෙලින් විල් පෙළින් සැදුම් ලද්දෙ යි.

එ නුවරට[16] පැදුන් දෙසෙහි රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලද දහසක්[17] යොජුන් නඳුන්වන නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙ අතුරෙහි නන්දා නම් චුල්ලනන්දා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ කේල්මුවසම් සෙයින් යහපහස් දෙන නන්‍දා නම් චුල්ලනන්දා නම් දෙ රුවන් අතළෙක්[18] ඇති. දකුණු දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු[19] පන්සියක් යොජුන්[20] ඵාරුසකවන නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙ අතුරෙහි භද්‍රා නම් සුභද්‍රා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ භද්‍රා නම් සුභද්‍රා නම් දෙ රුවන් අතළෙක්1 ඇති. පැළ දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු2 පන්සියක් යොජුන් චිත්‍රලතා[21] නම් උයනෙක් ඇති. උයන හා නුවර හා දෙඅතුරෙහි චිත්‍රා[22] නම් චුල්ලචිත්‍රා නම් දෙ රුවන් අතළෙක්1 ඇති. උතුරු දෙසෙහි එ සෙයින් මැ රුවන්මුවා පවුරු දොරොට් පිරිඛෙව් ලදු2 පන්සියක් යොජුන් මිශ්‍රකවන නම් උයනෙක් ඇති. එ උයන හා නුවර හා දෙ අතුරෙහි ධර්මා නම් චුල්ලධර්මා නම් දෙ පොකුරුණියෙක් ඇති. එ දෙ විල්තෙරැ ධර්මා නම් චුල්ලධර්මා[23] නම් දෙ රුවන් අතළෙක්1 ඇති. පැදුන් උතුරු කන්හි[24] එසෙයින් මැ රුවන්මුවා පවුරුදොරොට් පිරිඛෙව් ලදු2 සත්සියක්[25] යොජුන් මහාවන නම් උයනෙක් ඇති. එහි රුවන්මුවා දහසක් කූටාගාර ඇති. මහාවන නන්දන[26]වන දෙ අතුරෙහි සියක් යොජුන් නන්දා[27] නම් පොකුරුණියෙක් ඇති. නුවර මැදැ තැන් සියක් යොජුන් රුවන් දද පෙළින් දිලියෙන උසා සත්සියක්* යොජුන් විජයත්පහා නම් මහත් පහයෙක් ඇති. එ පහය සක් දෙව්රජහු මිනිස්පියෙහි වසන කලැ, යන එන ගමනින් වැදැ වසන හලක් කරවා, දුන් පින්කැමින් නිපන්නෙ යි.[28]

එ පහයට පැදුන් දෙසෙහි එකපුණ්ඩරික නම් උයනෙක් ඇති. එ උයන්හි වට පසළොස් යොජුන්[29] උසා පනස් යොජුන්[30] කඳ ඇති පරසතු නම් දෙව් රුකෙක් ඇති. එ රුකැ සතර දෙසෙහි සතර ශාඛාව ද මධ්‍යයෙහි ශාඛාව ද පනස් පනස් යොජනැ. මුල පටන් ගෙනැ මධ්‍ය ශාඛායෙහි අග්[31] දක්වා සියක් යොජනැ. පැදුන් දෙසෙහි ශාඛා අගින් පැළ දෙසෙහි ශාඛා අග්2 දක්වා සියක් යොජනැ. දකුණු දෙසෙහි ශාඛා අගින් උතුරු දෙසෙහි ශාඛා අග් දක්වා සියක් යොජනැ. ශාඛා මඩුලු තුන් සියක් යොජනැ.[32] එ රුකැ[33] පුප්නා මලැ පැහැ පනස් යොජනක් තන්හි පැතිරෙයි. ගඳ සියක් යොජනක් තැනට යෙයි. එ රුක සක්දෙව් රජහු මිනිස් පියෙහි වසන කලැ යන එන ගමනින් සතප්නට කොබොළල[34] රුකක් පිහිට් වූ පින්කැමින් නිපන්නෙ යි.

එ රුක්මුලැ දිග සැට යොජුන්, පළල පනස් යොජුන්, බොල පසළොස් යොජුන් හුන් කලැ තිලි සෙ[35] නාභිය[36] දක්වා ගැලෙන, නැඟි කලැ බෙරතලක්[37]සෙ සම වන, කැමැති සෘතුවක් දෙන, බඳුව ද මල් රැසක් සෙ රත්, පාණ්ඩුකම්බල නම් සලඅස්නෙක් ඇති. හැමබුදුහු හිඳැ විජම් දෙසත්. එ අස්න සක්දෙව්රජහු මිනිස් පියෙහි[38] වසන කලැ යන එන ගමනින්[39] හිඳුනට කොබොළල රුක්පයැ[40] තුබු වලපහණෙකැ[41] පින්කැමින් නිපන්නෙ යි.

විජයත්පහයට උතුරු දෙසෙහි සුධම් නම් දෙව්සහයෙක් ඇති. එහි බිම් පිළිමිණිමුවා යැ.[42] ටම[43] ගන රන්මුවා යැ. කොතුරුපක්[44] රිදීමුවා යැ. වගපෙළ පබළමුවා යැ. හොත් වස්[45] ගොවනැස[46] මුවවිටි සතුරුවන් මුවා යැ. ඇතුළු සියන ඉඳුනිල්මිණිමුවා යැ. පිටි පියන ගන රන්මුවා යැ. කැරැළි රිදී මුවා යැ. අයම් විතර තුන්සිය තුන්සිය යොජනැ[47] වටා නව නියක් යොජනැ. උසා පන්සියක් යොජනැ දෙ දෙව්ලොවැ එයට වඩා රමණි තැනෙක් නම් නැති දෙශනා ද විනිස ද එහි හිඳැ කෙරෙත්. එ දෙව්සහය හලකට රියනක් පමණ කැළිමඬලක් දුන් සුධර්මා[48] නම් මාගම ගෙ පින්කැමින් නිපන්නෙ යැ.

දෙවියො එ දෙව්සහයෙහි රැස් වන කලැ, පරසතු මල් සැණට[49] රැස් වෙත් මැ යැ. බණ අසන්නට රැස් වෙත් මැ යැ. විනිසට[50] රැස් වෙත් මැ යැ. සඟුන් වසා වසන කලැ[51] රැස් වෙත් මැ යැ. පවරන කලැ රැස් වෙත් මැ යි.

කිසෙ යැ යත්:

තව්තිසැ[52] වැසි දෙවියො හවුරුද්දක් දවස් දිව පරසතු රුක ගොස් ගොස් බලන්නාහු. එහි පත් විලිකුන් කලැ, “පත් විලික්සිණ, මඳ දවසෙකින් වැම්හෙ”යි[53] සතුට් වැ සැන මත් වැ සැණ කෙළිති.[54] පත් වැම්හුණු කලැ “මඳ දවසෙකින් අකුරු[55] විහිද්දි”යි සතුට් වැ සැණ කෙළිති.* අකුරු8වුහුට් කලැ[56] “මඳ දවසෙකින් පලු විහිද්දි” සතුට් වැ සැණ කෙළිති. පලුපත් වුහුට්9 කලැ “මඳ දවසෙකින් කැන් ගන්නි”යි සතුට් වැ සැණකෙළිති. කැන් ගත් කලැ “මඳ දවසෙකින් කැකුළු ගන්නි”යි සතුට් වැ සැළකෙළිති. කැකුළු ගත් කලැ “මඳ දවසෙකින් මිණිදැදිරි වර[57]වෙ”යි සතුට් වැ සැණකෙළිති. මිණිදැදිරි වර වූ කලැ “මඳ දවසෙකින් මල් පිපෙ”යි සතුට් වැ සැණකෙළිති. මල් පිපි කලැ මල් බිඳුනා සඳහා රුකට නැඟෙන කිස නො ද ඇති. මල්කතුරු ගෙනැ අතු නමන කිස නො ද ඇති මල් ඕනා[58] සුමුඟු එළවන කිස නොද ඇති. එක් සුළඟෙක් නැඟි මල් තුවටුයෙන් කඩයි. එක් සුළඟෙක් මල් ගෙනැ සිටී. එක් සුළඟෙක් මල් සුධම් දෙව්සහයට[59] ගෙනැ වද්දි. එක් සුළඟෙක් එහි මල්පරඬලා හැමැදැ[60] ගෙනැ යෙයි. එක් සුළඟෙක් එහි පෙති[61] කෙසරුකෙමි රඳවමින් මල් අතුරයි.[62]

මධ්‍යයෙහි[63] ධර්මාසනයෙක් වෙයි. එ අස්නෙහි යොජුන් පමණ රුවන් පලග වෙයි. පලග මුදුනෙහි තුන් යොජුන් පමණ දිව සෙ-සත් වෙයි. එ වැළැතැ සක් දෙව්රජ හට අසුන් පනවති. එ එක්බිති දෙතිස් දෙව්පුත්නට[64] අසුන් පන්වති. එ එක්බිති මහානුභාව දෙවියනට අසුන් පන්වති. සෙසු දෙවියනට[65] පරසතු මල්කෙමි මැ අසුන් වෙයි. දෙවියො දෙව්සහයට වැදැ හිඳිති. එ මල්මි මුවරද[66] රොන්සළා නැඟී කැණිමඬලෙහි පැහැරැ බැසැ දෙවියන්ගෙ තුන් ගවු පමණ රන්වන් සිරිරු ලාරස පරිෂෙකයක් සෙයින් තවරයි.[67]

එහි සනත්කුමාර නම් මහබඹ[68] හො අවුදු හිඳැ බණ කියයි. බණ දන්නා මහතෙර කෙනෙක් හො හිස් හිඳැ බණ කියති. බණ කියන සෙ දන්නා දෙව්පිතෙක්[69] හො බණ කියති.[70] සක් දෙව්රජ හො, බණ කියා. සනත්කුමාර[71] බණ කියන කලැ පන්සිකා දෙව්පිත්හු ගෙ[72] වෙසින් හිඳැ බණ කියා.

කුමට යැ යත්:

පන්සිකා දෙව්පිත් මිනිස්පියෙහි සිටැ පින්කම් කරන කලැ කෙහෙ පන්සුළ ලු[73] ළදැරි[74] යැ[75] හෙ ගොපලුදරු වනට[76] දෙට වැ සෙසු රදුවන් ගෙනැ ගැමින් පිටත සතර මඟ එක් වූ තැනැ හල්[77] කරවමින් පොකුණු බිඳුවමින් හෙ[78] කරවමින්[79]ඇවිදුනෙ, නව යොව්නෙහි මැ මෙළෙ. ඔව්හට ඒ අත්බව් කල් විය.[80]හෙ මියැ, සව්මහරජ දෙව් ලොවැ ගඳෙවු[81] දෙවියන් කෙරෙහි අනූ ලක්‍ෂයකට ආයුෂ ගෙනැ උපන. ඔව්හට තුන් ගව් පමණ කසුන් කඳක් වන් දිලියෙන අත්බව් වියැ. හෙ දහසක් ගැල් පමණ පළඳනා පැළැඳැ නව කුඹක්[82] පමණ ගඳ[83] විලෙවුන් ගෙනැ රත්දිවපිළී[84] හැඳැ රත්රන්කෙමි පැළැදැ පස්සුළක් කොටැ කෙහෙ බැඳැ බහා-ලයි. එයින් පන්සිකා දේව නම් වැ ඇවිද්දි. එ දෙව් හැම දෙවියනට මැ ප්‍රිය යැ. එයින් සනත්කුමාර නම් මහබඹ උහුගෙ වෙසින් අවුදු හිඳැ බණ කියා.

දෙවියන් සුධම් දෙව්සහයෙහි රැස් වෙත් මැ, දියරට් නම් ගඳෙවු දෙව්රජ[85] කෙළ සුවහසක් ගඳෙවු දෙවියන් පිරිවරා කෙළ සුවහසක් රන්[86] පලග හා රස්අඩයටි හා ගෙන්වා ගෙනැ පැදුන් දිසායෙහි පැළ දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. විරුළු[87] නම් වරම් මහරජ කෙළ සුවහස් කුම්භාණ්ඩ දෙවියන්[88] පිරිවරා කෙළ සුවහස් රිදී පලග හා රන් අඩයටි හා ගෙන්වා-ගෙනැ දකුණු දිසායෙහි උතුරු දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. විරූපක්ඛ[89] නම් වරම් මහරජ කෙළ සුවහසක් නාගභටයන් පිරිවරා කෙළ සුවහසක් මිණිපලග හා රන්අඩයටි හා ගෙන්වා - ගෙනැ පැළ දිසායෙහි පැදුන් දිසා බලා දෙ දෙව් ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී. වෙසවුණු[90] නම් වරම් මහරජ කෙළ සුවහසක් යක්ෂයන් පිරිවරා කෙළ සුවහසක් පබළපලග හා රන් අඩයටි හා ගෙන්වා-ගෙනැ උතුරු දිසායෙහි දකුණු දිසා බලා දෙ දෙව්ලොවැ දෙවියන් පෙරට කොටැ අරක් ගෙනැ හිඳී.

මෙ සෙයින් ගත් අරක් ඇති දෙවියන්ගෙ පරසතු මල් සැණ සාර මසින් අවසන් වේ.

අටවක් පොහො දවස් සතරවරම් මහරජුන් ඇමැත්තො, සයිත්[91] පොහොදවස් සතරවරම් මහරජුන් දරුවො, පනුරැසි පොහො දවස් සතරවරම් මහරජහු, රන්පත් හා දෑහිඟුල්[92] හා ගෙනැ නික්මැ ගම් නියම්ගම් නුවර වැද “අසුවල් මාගම් අසූවල් පිරිමි[93] බුදුසරණ ගියෙ යැ[94]: ධම්සරණ ගියෙ යැ2; සඟසරණ ගියෙ යැ2; පන්සිල් රක්කි[95]; පෙහෙ වෙයි; මවුවටන් පියවටන් ධම්[96] පුරයි; මල් පුදයි; ගඳ පුදයි; පහන් පුදයි; බණ අසයි; බණ දන්නාහට[97] මහත් සත්කාර කොටැ බණ කියවයි; දහගම්[98] මහබො පිළිම පිහිට්වයි; තුන් සුසිරි පින්කම්[99] පුරයි; දස කුසල් කම්පථයෙහි සමාදන් වැ වැටෙයි; රන් පතැ දෑහිඟලෙන් ලියා ඇරැ පන්සිකා දෙවියාට දෙති. පන්සිකා දෙව්[100] මාතලි දෙව්පිත් හට[101] දෙයි.[102] මාතලි දෙව්පිත් සක් දෙව්රජ හට දෙයි.10

යම් කලෙක්හි පින්කම් කරන්නාහු නොබොහොහු ද, එ කල්හි පොත කුඩා වෙයි. එ දැකැ දෙවියො “ජනයො පමා වැ දවස් යවති. සතර අපාය පිරෙයි; සදෙව්ලොව සිස්වෙ”යි රෑණි[103] වෙති. ඉදින් පොත මහත් වී නම්, එ දැකැ, “ජනයො නොපමා වැ දවස් යවති; සතර අපාය හිස් වෙයි; සදෙව්ලො පිරෙයි. බුදුසස්නෙහි පින්කම් කොටැ ආ මහපිනැති දෙවියන් ප්‍රධාන කොටැ සැණ කෙළෙනා[104] ලබම්හ”යි[105] සතුට් වෙති. එ පොත ගෙනැ සක් දෙව්රජ කියවයි. ඔහු පියවි බසින් කියවන කලැ දොළොස් යොජනක් තැනට ඇසෙයි. මහත් කොටැ කියවන කලැ සියලු දස දහසක් යොජුන් දෙව්නුවර පැතිරැ සිටී.

පොළොව පටන්-ගෙනැ කප්රුක් සඳහා දිවසරන් සඳහා දෙවියන් උනුන් හා කරන සටන් සක් දෙව්රජහු කෙරෙ සිඳෙයි.[106] දෙවියන් දුහු දු පුත්හු දු උපපාදුක වැ ඇකයෙහි උපදිති. පාදපරිචාරිකාවො යහන්හි උපදිති. ඔවුන් පායින් ගන්වන[107] පළඳනා පළඳවන, දෙවියො යහන්[108] වටා උපදති. මෙහෙ කරන දෙවියො ඇතුළු විමන්හි උපදති. ඔවුන් සඳහා දෙවියන් කරන සටන් නැති.

යම් කෙනෙක් හිම්අතුරෙහි උපන්හු ද, ඔහු “මා ගැත්තහ” යි[109] “තා ගැත්තහ”යි1 නිශ්චය කරන්නට නොපොහොසත් වූවාහු, උනුන් හා සටන් කෙරෙති. සක් දෙව් රජහු කරා ගොස් පුළුවුස්ති. හෙ, යමක්හු ගෙ විමනට ආසන්න වී නම්, “උහු ගැත්තෙ යැ” යෙයි. ඉදින් දෙදෙනා ගෙ සීමා මධ්‍යයෙහි උපැද යමක්හු විමන් බලා සිටියෙ වී නම්, “උහු මැ[110] ගැත්තෙ යැ” යෙයි. එකක්හු දු ගෙ විමන් නොබලා සිටියෙ වී නම්, දෙදෙනා කලහ පසිඳුනා සඳහා සක් දෙව්රජ තමා අයැති කෙරෙයි. මෙ ඈ නො එක් විනිස දු එහි මැ පවත්ති.

සඟුන් පවරන දවස් රැස් වූ දෙවියො, “අද කොයට ගොස් කා කෙරෙහි පවරම්හ හො!” යි බැණැ ගන්ති. ඔවුන් කෙරෙහි සක් දෙව්රජ බොහො සෙ පුවඟු දිවයින් ලක්දිව් හො ගොස් පවරා දහ[111] මහබො වන්දි. සෙසු දෙවියො පරසතු මල් ඈ දිවමල් හා දිව සඳුන් ගෙනැ තමන් තමනට රිසියුණු තැනට ගොස් පවරා දහ3 මහබො වඳිත්.

සක් දෙව්රජහු[112] දෙවියන් රැස් වනු සඳහා එක්සියවිසි රියන් විජයතුරා[113] සක එක් යලක් පිඹැ-පී[114] කල්හි එ හඬ දස දහසක් යොජුන් තව්තිසැ දෙව්නුවරැ පැතිරැ සාර මසින් නිසන් වෙ.

මෙසෙ[115] විසිතුරු තව්තිසැ දෙව් ලොවැ රජ කරන සක් දෙව්රජහු උයන් කෙළනට යන කල්හි, දියරට් නම් වරම් මහරජ පැදුන් සක්වළ මුවවිටියෙහි තමාගෙ සෙනඟ එවැ, රිදීමුවා අසිපතර ඉසුලු කෙළ සුවහසක් ගඳෙවු දෙව් බලන්ගෙනැ වටා ලු කෙළසුවහසක් රිදී දඬුවැට ඇතියා වැ සුදු බරණින්[116] සැදි[117] සුදු[118] දිවඅස්රජක්හු නැඟී යුඟඳුරු ගල් මුදුනෙහි පැදුන් දෙසෙන්[119] අරක් ගන්නි. විරුළු නම් වරම් මහරජ දකුණු සක්වළ මුවවිටියෙහි තමාගෙ සෙනඟ එවැ,

මිණිමුවා අසිපතර ඉසුලු කෙළ සුවහසක් කුම්භාණ්ඩදෙව භටටයන් හා සමඟ කෙළ සුවහසක් මිණිදඬුවැට ඇතියා වැ, මිණිඅබරණින් සැදි සම්වන්[120] දිවඅසක්හු[121] නැඟි යුඟඳුරු ගල් මුදුනෙහි දකුණු දෙසෙන්[122] අරක් ගන්නි. විරූපක්ඛ නම් වරම් මහරජ පැළ සක්වළ මුවවිටියෙහි තමන්ගෙ සෙනඟ එවැ, පබළමුවා[123] අසිපතර ඉසුලු කෙළසුවහසක් නාගභටයන් හා සමඟ කෙළ සුවහසක් පබළ දඬුවැට ඇතියා වැ, පබළ බරණින් සැදී පබළවන් දිව අසක්හු නැඟී යුගඳුරු ගල් මුදුනෙහි පැළ දෙසෙන් අරක් ගන්නි. වෙසවුණු නම් වරම් මහරජ උතුරු සක්වළ මුවවිටියෙහි තමා ගෙ සෙනඟ එවැ, රන්මුවා අසිපතර ඉසුලු[124] කෙළ සුවහසක් යක්බළන් හා සමඟ කෙළ සුවහසක් රන් දඬුවැට ඇතියා වැ, රන් අබරණින් සැදි රන්වන් දිව අසකු නැඟී යුගඳුරු ගල් මුදුනෙහි උතුරු දෙසෙන් අරක් ගන්නි.

සුධම් නම් ගඳෙවු දෙව්පිතෙක් සර්වනන්ද[125] නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ, නොඑක් දහස් දෙව්නළන්[126] හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, පැදුන් සක්වළගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙයි. තිම්බරු[127] නම් ගඳෙවු දෙව්පිතෙක් එකප්‍රමුඛ[128] නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ නොඑක් දහස් දෙව්නළන්[129] හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, දකුණු සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙයි.[130] දික්ප්‍රමුඛ[131] නම් ගඳෙවු දෙව්පිතෙක් මහාභාණ්ඩ නම් බෙරක් අස්හි ලා, අට සැට දහසක් බෙරින් පිරිවරන ලදු වැ, නො එක් දහස් දෙව්නළන් හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි මඬුලු බැඳැ, පැළ සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙ. පඤ්චශිඛ නම් ගඳෙවු දෙව්පිතෙක් සුස්වර නම් බෙරක් අස්හි ලා, ඇට සැටදහසක් දිවබෙරින් පිරිවරන ලදු වැ නොඑක් දහස් දෙව්නළන් හා සමඟ අවටහි පනස් යොජනක් පමණ තන්හි පිරිස් බැඳැ[132] උතුරු සක්වළ ගල් මුදුනෙහි නළුගඳෙවු කෙරෙ.

මෙසෙ සිවුපස්හි සතරවරම් මහරජුන් විසින් ගත් ඇරක් ඇතියා වැ හාත්පසින් දක්වන ලද නළුගඳෙවු විඳිමින් සක් දෙව්මහරජ උයන් කෙළෙනට යනුයෙ, ඇතැම් කලෙක්හි විශ්වකර්මයා මැවු නාරිවාහන ඇති රන්මුවා මණ්ඩපයෙන්[133] යෙයි ඇතැම් කලෙක් දිව අස් දහසුන් යුත් පස් වනක් ධ්වජ පෙළින් ගැවැසී ගත් අහස්කුස් ඇති යෙළ සියක් යොජුන් සත්රුවන්මුවා විජයත් නම් රථයෙන්[134] යෙයි. ඇතැම් කලෙක්හි ඓරාවණ නම් දිව ඇත්රජක්හු නැඟී යෙයි.

එ ඇත් දිග එක්සියපනස් යොජුන් වැ උසා අනූයොජුන් වැ බොල පනස් යොජුන්වැ තෙතිස් කුඹුපෙළ ඇතිවැ මැවෙයි. එකෙකි කුඹුතෙලෙහි[135] සත් සත් දළ මැවෙයි.[136] එකෙකි දළ පනස් පනස් යොජුන් වෙයි. එකෙකි දළැ සත් සත් පොකුරුණි වෙයි. එකෙකි පොකුරුණියැ සත් සත් නෙලු ඹුලිය වෙයි. එකෙකි ලියෙහි සත් සත් පියුම් වෙයි. එකෙකි පියුමෙහි සත් සත් පෙති වෙයි. එකෙකි පෙත්තෙහි සත් සත් දෙවඟනො නටති. එකෙකි දෙවඟනට සත් සත් දෙව්දුහු පිරිවර වෙත්.

මෙසෙ සැදි ඇත්රජුහු පිටැ දිග පනස් යොජුන් උසා පසළොස් යොජුන් රුවන් මඬියෙක්[137] හො වෙයි. මැදැ දෙතිස් යොජුන් මහසුදසුන් කුඹුමතුයෙහි දොළොස් යොජුන් රුවන් මඬියෙක් හො වෙයි. එ මඩුයෙහි සුවසූදහසක් රුවන් ටඹ වෙයි. එකෙකි ටඹ වැළැදි සත් සත් රුවන් කුසුම්ලිය වෙයි. උඩ සතුරුවන්මුවා මල්දමින් දුන් ලල් දහස් වෙයි. අතරතුරෙහි සතුරුවන්මුවා දද පෙළ වෙයි. තන්හි තන්හි ලඹන මිණිකිකිණි දැල්වෙයි. එ දැල් මඳමරු පහසින් පසඟ තුරු රැවු පරයා හඬයි. වටා මිණිවෙදිකා වෙයි. වෙදිකායෙන් පිටත ආයුධහස්ත වැ අටවිසි යක් සෙනෙවියො සිටිති. වෙදිකායෙන්[138] ඇතුළතැ සක් දෙව් රජ හට වල්ලභ මහානුභාව දෙවියො සිටිති. දෙපස්හි දෙතිස් කුඹුතෙළෙහි පිහිටි රුවන් මඬියෙහි දෙතිස් දෙව්රජහු හිඳිති.

මැඳැ තිස්යොජුන් සුදසුන් කුඹැ පිහිටි දොළොස් යොජුන් පමණ රුවන්මඩු මැඳැ යොජුන් පමණ මිණිපලඟෙහි තුන් යොජුන් සෙ-සත්යට දිවබරණින් සව්සජ වැ සක්දෙව් මහ රජ හිඳී. උහුගෙ සුධර්මා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා පෙරට[139] හිඳී. සුජාතා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා දකුණත්පස්හි හිඳී. නන්දා නම් භාර්යා දිවබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා වමත්පස්හි හිඳී. චිත්‍රා නම් භාර්යා දිවඅබරණින් සව්සජ වැ නොඑක් සුවහස් දෙව්සරන් පිරිවරා පිටිපස්හි හිඳී. වල්ලභ වූ තෙයනූදහසක් දෙව්දුහු සැදී පැහැදී රුවන් කොතුරු ඈ පානීයභාජන ගෙනැ හාත් පස්හි හිඳිත්. නොඑක් දහස් සුරවමියො පුන් කලස ගෙනැ මොවුන් පිරිවරා සිටිත්. මොවුන් මැ පිරිවරා හිඳැ නොඑක් දහස් සුරවමියො බිහිරඟහි[140] නටත්.

අලම්බුසා ඈ ප්‍රධාන සුරවමියන් කෙරෙහි ගර්ගරා නම් අප්සරා මහාවීණා නම් වෙණක් වයා. එ සඳැ එ වෙණ පිරිවර[141] සැට දහසක් වෙණ තෙමෙ මැ රැව් දෙ. සුධමා[142] නම් දෙව්දු සුන්දරරාව[143] නම් වංශයක් පුඹී.[144] එ වංශය පිරිවර[145] සැට දහසක් වංශ තෙමෙ මැ රැව් දෙ. ආහත්‍යසාරී[146] නම් දෙව්දු මධුරස්වර නම් නකුලවීණාවක් වයා. එ සඳැ එ වෙණැ පිරිවර4 සැට දහසක්8 නකුලවීණා තෙමෙ මැ රැව් දෙ. මණිමෙඛලා නම් දෙව්දු විජයොත්තර නම් සකක් පුඹී.[147] එ සක පිරිවර[148] සැට[149] දහසක් සක් තෙමෙ මෑ රැව් දෙ. මනොහරා නම් දෙව්දු පෘථුබිම්බ නම් මිහිඟක්[150] වයා. එ මිහිඟ පිරිවර2 සැට දහසක්3 මිහිඟු තෙමෙ මැ රැව් දෙ. අතිවෘත්තිකා[151] නම් දෙව්දු ආනන්දජනක[152] නම් මිහිඟක් වයා. එ මිහිඟ පිරිවර2 සැට3 දහසක් මිහිඟු තෙමෙ මැ රැව් දෙ. මත්තකී[153] නම් දෙව්දු දීර්ඝමුඛ[154] නම් එකච්ඡිද්‍ර යක්[155] වයා. එය[156] පිරිවර2 සැට3 දහසක් එකච්ඡිද්‍ර තෙමෙ මැ රැව් දෙ. නන්දා නම් දෙව්දු කොලස්වර[157] නම් වෙණක් වයා. එය10 පිරිවර2 සැට3 දහසක් කොලස්වර11 තෙමෙ මැ රැව් දෙ. යාමා නම් දෙව්දු චිත්‍රපුෂ්කර[158] නම් පටහයක් වයා. එය10 පිරිවර2 සැට3 දහසක් පටහ තෙමෙ මැ රැව් දෙ. ඝොරස්වරා[159] නම් දෙව්දු මඤ්ජුස්වර[160] නම් මණිපර්වයක් වයා එය10 පිරිවර2 සැට3 දහසක් මණි පර්ව තෙමෙ මැ රැව් දෙ. සර්වාඞ්ගශොභනා[161] නම් දෙවුදු දෘඪඝොස[162] නම් මහබෙරක්[163] වයා. එය10 පිරිවර2 සැට3 දහසක් මහ බෙර තෙමෙ මැ රැව් දෙ.

මෙසෙ නොඑක් දහස් සුවහස් දිව්‍යාඞ්ගනාවො නානා නාමයෙන් විශිෂ්ට වූ ආතත යැ විතත යැ ආතතවිතත යැ ඝන යැ සුසිර යැ යන වාද්‍ය වයත්. එකෙකි වාද්‍ය පිරිවර සැට3 දහසක් වාද්‍ය තෙමෙ මැ රැව් දෙ.

මෙසෙ එක් දවසක් දෙ දෙව්ලො වැසි දෙවියන් විසින් අනුයාත වැ, සිවු ලොපලුන් විසින් අත් අරග් ඇතියා වැ, අටවිසි යක් සෙනෙවියන් විසින් පමුණුවන ලද් දෙව්සෙනඟ හා සමඟ සත්රුවන්[164] කලස ඈ සලිල භාජන ඉසුලු අඩු තුන් කෙළක් සුරසුන්දරීන්[165] පිරිවර ඇතියා වැ, සූවිසි කෙළක් දෙව්නළන් ගෙ නළුගඳෙවු විඳිමින්, නන්[166] දෙසෙන් වස්නා දිවකුසුම් පරත වීරමින්, නරතුරු[167] වැහෙන දිව කළුවැල් ඈ ගඳරොනින් වැසෙමින්, උයන් කෙළෙනට යන සක් දෙව්රජ උයන් දොරට පත් කල්හි “නිවන් අරමුණු කොට රාත් වු දෙව්මිනිස්නට උතුම් මහණහු ගෙ[168] පූර්වභාග පිළිවෙත් කවර හො?” සිතී.

එක්බිති “මෙ පැනය ඉතා සසිරි ය.[169] ඉදින් මම් මෙ නොඋගෙනැ උයන් වනිම් නම්. සක්දොර ඈ සදොරින් අවුදු වදනා රූ ඈ සඅරමුණෙන් මුළා වැ මෙ පැනය සඳහන් නොකරනු වෙමි. දැන් උයන්කෙළි තබා බුදුන් කරා ගොස් මෙ පැනය පිළිවිසැ උගත් පැන ඇතියා වැ, උයන් කෙළිමි”යි ඇත්කඳැ උතුරුධන් වැ, වක් කළ අතක්[170] දික් නොකරන තුරු, පුවරම් මහවෙහෙරැ මුවරමාපායැ[171] බුදුන් පෙරට පහළ වී[172] එ සතර වරම් මහරජහු දු රකවල් ගෙනැ සිටි සෙ මැ සිටියාහැ. පිරිවරා සිටි දෙව්රැස්හු දු නළුවො ද ඓරාවණ ඇත්රජ දු එ මැ උයන්දොරැ සිටි සෙ මැ සිටියාහු.

එකල්හි සක් දෙව්රජ බුදුන් වැඳැ එකත්පස් වැ සිටැ, විසිතුරු උයන් කෙළෙනට යාටි[173] වූයෙ, වෙළෙවි වැ පැන පුළුවුස්නෙ, “වහන්සේ, නිවන් අරමුණු කොටැ රත් වූ දෙව්මිනිස්නට උතුම් මහණහු ගෙ පූර්වභාග ප්‍රතිපත් සැඛෙවින්[174] මට වදාරනු මැනැවැ”යි කී යැ. එ සඳැ බුදුහු “ඉධ දෙවා නමින් ද, භික්ඛුනො සුතං හොති” යනාදි විසින් සල්හු කොටැ පැන විසජුහැ. සක් දෙව්රජ අසා අනුමො වැ[175] සාධුකාර දී උයන් කෙළෙනට ගියෙ. මෙහි විස්තර මැඳුම්සඟි යෙහි චුල්ල තණ්හාසඞ්ඛය සුතින්[176] දන්නෙ යැ.

එකල්හි බුදුහු මුවරමාපායැ සතුරුවන්මුවා කූටාගාරයෙහි සිරියහන් ගැබැ වැඩැහුන්නාහු. එයට දකුණු පස්හි[177] සැරැයුත් මහතෙරුන් වසන රුවන්මුවා කූටාගාර යැ.[178] වමත් පන්හි මහමුඟලන් මහතෙරුන් වසන රුවන්මුවා කූටාගාර යැ.1 අතුරෙහි සිදුරු විවර නැති.

එකල්හි මහමුඟලන් මහතෙරහු අන්තඃ[179] කූටාගාරයෙහි වැඩැ හුන්නාහු බුදුන් පැන විසජන[180] හඬ[181] නො ඇසුහු. සක් දෙව්රජහු අනුමො වැ සාධුකාර දෙන හඬ ඇසුහ. බුදුන් පැන විසජන[182] හඬ කුමට නො ඇසුහැ යත්: බුදුන් ධම් දෙසන කලැ එකාබද්ධ වැ සක්වළගල් පරියන්ත වැ5 හුන් පිරිස්නට ඇසෙයි. පිරිස් අන්තය පියා[183] එක් අඟලක් තනුදු[184] නො ඇසෙ. කුමට නො ඇසෙ[185] යත්: එබඳු මියුරු තෙපුල් නිරර්ථක වැ නොගිය මැනැවින්[186] නො යෙ.[187]

එබැවින් බුදුන් පැන විසජන හඬ4 සෙ ඇසුව දැ, සක් දෙව්රජහු සාධුකාර දෙන හඬ අසා, “මෙ දෙව්රජ[188] දැනැ අනුමො වියැ.[189] හො! නො දැනැ හිස් සලයි හො!යි, ගොස් පිළිවිසැ බැලුව මැනැවැ”යි දික් කළ අතක් වක් නොකරන තුරු මුවරමාපායැ අතුරුධන් වැ තව්තිසැ දෙව්නුවරැ[190] පෙනුණුහු. එකල්හි සක් දෙව්රජ එකපුණ්ඩරීක[191] නම් උයන්හි තමා පිරිවරා වයන[192] පන්සියක් පසඟ තුරු රැවින් නැටුම් ගඳෙවු විඳිමින් හුන්නෙ, මහමුඟලන් මහතෙරුන් වඩනවුන්[193] දුරින් දැකැ, යම්සෙ සැදැහැ ඇති රජෙක් එබඳු මහතෙර කෙනකුන් දැකැ “අසුවල් වහන්සෙ වැඩි දෑ යැ දැරියෙනි, ගී නොකියව. නො වයව.[194] නො නටව”යි නළුවන් පහර කෙරෙ ද, එ සෙයින් ම සක් දෙව් රජ වයමින් සිටි පන්සියක් දිවපසඟතුරු පහ කරවා-පියා මහතෙරුන් කරා එළබැ, සෙසු කලැ මහතෙරුන් දෙවචාරිකාවට වැඩි විරු ද[195] වුව, “අප කරා බොහො කලෙකින් වැඩි දෑ යැ”යි ප්‍රිය කථා බැණැ, යොජුන් පමණ මිණිපලඟක් පන්වා[196] මෙ අස්නෙ වැඩැහිඳුනෙ යැ” යි[197] කී යැ. මහතෙරහු එහි වැඩැහුන්හ. සක් දෙව්රජ දු මිටි අස්නක් ගෙනැ,[198] එකත්පස් වැ හින්දි.[199] ඔව්හට මහතෙරහු “දෙව්රජ, අප බුදුන් තට වදාළ සුත ඇසියටියම්හ”යි කීහු.

සක් දෙව්රජ “වහන්සෙ, ඇප් බොහො කාර්යය ඇත්තම්හ. අපගෙ කාර්යය මඳැ. දෙවියන් ගෙ කාර්යය බෙහෙවැ. අප මනා කොටැ උගත් දෙයකුදු වී නම්, වහා මැ අතුරුධන් වෙයි. අඳුරුයෙහි[200] රූ සෙයින් නො පැනෙයි. එයින් මම වහන්සෙ පුළුවුත් දෑ කියන්නට නො නිස්සමි”යි කී යැ.

මහතෙරහු “මෙ දෙව්රජ කවර කාරණයෙන් නොසඳහන් කෙරෙයි[201] හො?” අවජනාහු[202] “දෙවියො නම් මහාමූඪයහැ.[203] සදොර සඅරමුණෙන් මඩනා ලද්දාහු තමන් කෑබව් නොකෑබව් පූබව් නොපූව් නො දන්ති” යි ඔහු මුළා වැ නොසඳහන් කළ පරිදි දත්හු.

එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, පූර්වයෙහි දෙවාසුර සඞ්ග්‍රාම වී යැ.[204] එකල්හි දෙවියො දුනුහැ.[205] අසුරො පරදහැ[206] දෙවියන් දුනු කල්හි විජයත්[207] පහා නම් පහයෙන් උපනැ. එ පහයැ සියක් නිර්යූහ යැ.[208] එකෙකි නිර්යූහයෙහි සත්සිය සත්සිය කූටාගාර යැ. එකෙකි කූටාගාරයෙහි සත් සත් දිවසරහැ. එකෙකි දිවසරට[209] මල් ගොතන, පහයින් ගන්වන පළඳනා[210] පළඳවන, සත් සත දෙව්දුහැ. මෙ සෙයින් රමණිනන් විසිතුරු මිණිරසින් දිලියෙන විජයත්පහා බලනු මැනැවැ”යි කී හැ. මහතෙරහු නො බැණැ ඉවසුහු.

එකල්හි සක් දෙව්රජ දු ඔව්හට වල්ලභ වෙසවුණු රජ දු මහතෙරුන් පෙරට කොටැ විජයත් පහයට ගියො. එ සඳැ සක් දෙව්රජහු ගෙ පාරිචාරිකාවො මහතෙරුන් දැකැ,

සුහුරක්හු දුටුව ණියක[211] සෙයින්, විළි ඇති වැ, තමන් තමන්ගෙ අපචරකයට වැදැ දොර අඩවළ[212] කොටැ බලැ[213] සිටියො. එ සඳැ සක් දෙව්රජ හා[214] වෙසවුණු දෙව්රජ හා දෙ දෙන මහතෙරුන් පහයැ සක්මන් කරවමින් ඇවිද්නාහු[215] “වහන්සෙ, මෙ පහය රමණි සෙ දුටු ද? මේ රන්ටඹ බලව, රිදීටඹ බලව, මිනිටඹ බලව, පබළටඹ බලව. මරාටඹ බලව. සතුරුවන්ටඹ බලව. රන්මුවා රිදීමුවා මිණිමුවා පබළමුවා මරාමුවා*සතුරුවන් මුවා කොතුරු පක්[216] බලව. වගවළරු[217] බලව. ටඹමුල් බලව” යනාදි විසින් පහය රමණි පරිදි කියකියා දැක්වූහු.

එ සපුව ඔහු පෙරැ කළ පින්කැමින් ලද[218] පරිදි කියා සිටැ, මහතෙරහු “මෙ දෙව්රජ තුමාගෙ පහයෙන්[219], නළුවන් විසින්, සම්පතින්, යශසින්, ඉතා පමා වැ දවස් යවයි. මොහට සංවෙග ජැනවුව මැනැවැ”යි අප්කිසුණු සමවත් සමවැදැ, “පහය පිහිටි අවකාශය දිය වෙව”යි ඉටා, පහය කැරළඅග පාදාඞ්ගුෂ්ඨයෙන් පහළහු. සම්සෙ දියපිට, තුබු පයෙක්, මුවවිට ඇඟිල්ලෙන් පහරන[220] ලද්දෙ, බමා ද,[221] සැලෙ ද, නො සිටී ද, එසෙයින් මැ පහය බමයි[222] සැලෙයි. නො සිටියි. ටඹ වළ[223] සඟළ ගොවනැස් කැණි මඬුලු ආදිහු “කර කර” යන හඬ විහිදුවමින් හෙන්නන් වැනි වූහු. එකල්හි සක් දෙව්රජ දු වෙසවුණු දෙව්රජ දු තව්තිසැ වැසි දෙවියො ද මහතෙරුන් ගෙ සෘද්ධිප්‍රාතිහාර්යය දැකැ, විස්මයප්‍රාප්ත වැ “අච්ඡරියං වත හො! අබ්භුතං වත හො!”යි ගුගුළහැ.

එකල්හි මහතෙරහු, සක් දෙව්රජහු උද්විග්ල වැ චලිත වැ කසුන් බිත්හි මිණිනාදැති සෙයින් පිපි ලොමින් ගැවසී ගත් සිරිරු ඇතිසෙ දැකැ, “දෙව්රජ, අප බුදුන් තට වදාළ සුත ඇසියටියම්හ”යි කීහු. එකල්හි සක් දෙව්රජ, මහතෙරුන් තම හට සොම්නස්[224] සංවෙග දනවා මොහඳුරු දුරු කළ කල්හි සුත සඳහන් කොටැ, තමා බුදුන් කරා ගිය සෙ, වැඳැ එකත් පස් වැ සිටැ පැන පුළුවුත් සෙ, බුදුන් විසැජු සෙ, කී යැ.

මහතෙරහු සක් දෙව්රජහු විසින් කියන ලද සුත අසා අනුමො වැ[225] වක් කළ අතක් දික් නොකරන තුරු තව්තිසැ දෙව්ලොවැ අතුරුධන් වැ මුවරමාපහයැ පහළ වූහු. සක් දෙව්රජහු ගෙ පිරිවර සුරවමියො මහතෙරුන් වැඩි කලැ - “මහරජ, කොයට ගොස් ආහි[226]යි පුළුවුත් කලැ[227] බුදුන් වහන්සෙ කරා ගියෙමි”යි යෙහි.[228] “මුහු තා කියන බුදුහු වෙත් දැ?”යි කීහැ. “මොහු බුදුහු නොවෙති. බුදුන් ගෙ සස්නෙහි මා හා සබඳ එක් සඟ කෙනෙකැ”යි කී යැ.[229]

එකල්හි සුරවමියො “මහරජ, තො පිනැත්තෙහි. මෙබඳු මහානුභාව සබඳ කෙනකුන් ඇත්තෙහියැ සව්වන්ගෙ සෘද්ධිප්‍රාතිහාර්යය මෙසෙ වත්,[230] බුදුන් ගෙ සෘද්ධිප්‍රාතිහාර්යය කිසෙ යැ හො!” යි බුදුන්ගෙ සෘද්ධිප්‍රාතිහාර්යය දක්නා රිසිවූහු.

මහමුගලන් මහතෙරහු බුදුන් කරා එළබැ එකත් පස් වැ හිඳැ, “වහන්සෙ, එක්තරා මහෙශාඛ්‍ය දෙවියක් හට නිවන් අරමුණු කොටැ රාත් වූ දෙව්මිනිස්නට උතුම් වූ මහණහු ගෙ පූර්වභාගප්‍රතිපන් වදාළ දෑ වෙ දො හො?” යි[231] කීහු. එ සඳැ බුදුහු සක් දෙව්රජහු තමන් කරා අවුදු පැන පුළුවුත් සෙ, තමන් පැන විසැජු සෙ, දක්වමින් එ මැ සුත මහමුගලන් මහතෙරනට[232] වදාළො.

මෙ සෙයින් මහමුගලන් මහතෙරහු සක් දෙව්රජ දැමුහු. රට සාහන්නට[233] ගිය ඇමැත්තන් කළ දෑ රජු මැ කළා ව සෙයින් බුදුහු මැ ඔහු දැමුවා[234] වෙත්.

මෙ සෙයින් දැමු[235] ඔහු අමාමහනිවන්[236] පැමිණි වූ පරිදි කිසෙ යැ යත්:

එක් සමයෙක්හි බුදුහු මගධ රට රජගහා නුවරට පැදුන් දෙසෙහි මහත් අඹ වනයක් වෙතැ පිහිටියෙන් අම්බසණ්ඩ නම් ලදු බමුණුගමට උතුරු දෙසෙහි ගල්පාතැ මිණිවළක්[237] බඳු නිල් වනළවෙකින්[238] පිරිඛෙව් ලද්දෙන් වෙදියක නම් ලදු පවියෙහි ලෙන දොරැ ඉඳුසලු රුකෙකින් ඉන්සලුගුහා නම් ලදු පවුරු දොරකවුළු යුත් සුනුවමින් හා මල්කැමින් ලියකැමින් විසිතුරු ලෙනෙහි වැඩැ වෙසෙති. එකල්හි සක් දෙව්රජ හට බුදුන් දක්නට උත්සාහ උපන්. ඔහු බුදුන් එක්වන්[239] දකුත්, උහු නො ආවිරිහි, දෙවියන් ගෙ සන්නිපාතයෙක්[240] නැත, උහු සෙ නොපමා අනෙක් දෙව්පුතක්හු නැත, බුදුන් දක්නට නොගියවිරියක් හට සෙයින් උත්සාහ කෙසෙ උපනැ යත්: මරණ බියෙන් බිය පත් වූයෙන් උත්සාහ උපන්.

කිසෙ යැ යත්:

ඔහු දේව සැපත් වළඳා මිනිස් ලොවැ හවුරුදුගණනින් තුන් කෙළ සැට ලක්‍ෂයක් හවුරුදු ගෙවූ කල්හි, හෙතෙම හට උපන් පස් පූර්වනිමිත්ත දැකැ තමාගෙ ආයුෂ හි ගිය බව දති. යම්[241] දෙව්පුත් කෙනෙක්හට මරණ නිමිත්ත[242] පැනිණි ද,[243] ඔවුන් කෙරෙහි මඳ පින්කමෙකින් යම් කෙනෙක් දෙව්ලොවැ උපන්නාහු වුහු ද, ඔහු “දැන් කොහි උපදම්හ හො?”යි බිය පත් වැ වෙවුළති. යම් කෙනෙක් බොහො පින් කොටැ උපන්නාහු ද,[244] ඔහු තමන් දුන් දන්, රැකි සිල්, වැඩු භාවනා පිණිසැ “මතු මත්තෙ දෙව්ලොවැ සම්පත්[245] වළඳම්හ”යි[246] නො බත්.

සක් දෙව්රජ වනාහි පූර්ව නිමිත්ත දැකැ, දස යොජුන් දහස්[247] දෙව්නුවර ද දහසක් යොජුන් විජයත් මහපහා ද[248] පන්සියක් යොජුන්[249] සුධම් දෙව්සභ ද, සියක් යොජුන් මහ පරසතු[250] දු, සැට යොජුන් පඬුඇඹුල්සල අස්නුහු, අඩු තුන් කෙළක් නළුවනුදු, දෙ දෙව්ලොවැ දෙව් පිරිසිදු[251] නඳුන්වන ඈ උයනුදු, යන දෙව්සැපත් බලා,[252] තමා එ සම්පතින්[253] පිරිහෙනසෙ දැකැ බිය පත් වී.

එක්බිති “කිසි මහණෙක් හො බමුණෙක් හො බඹෙක් හො මාගෙ හෘදයයෙහි ශොක නමැති ශල්‍ය උදුරා-පියා මට මෙ සම්පත් තහවුරු කරන්නට නිස්සෙක් ඇති හො?” යි බලන්නෙ, කිසික්හු නොදැකැ, වැළි දු බලන්නෙ බුදුන් දිට. “මා තබා, මා වැනි සුවහස්නට ද්[254] උපන් ශොකශල්‍ය බුදුහු උදුරා පියන්නට නිස්සහ”යි සිතන්නාට[255] යැ උත්සාහ උපන්නෙ.

එකල්හි සක් දෙව්රජ “බුදුහු කවර දනවියෙහි කවර නුවර නිසා කාගෙ පස පරිභොග කොටැ කහට අමාදහම් දෙසමින් වෙසෙති හෝ?”යි බලනුයෙ, මගධ රට රජගහා නුවරට පැදුන් දෙසෙහි අඹසඬ නම් බමුණු ගැමින් උතුරු දෙසෙහි වෙදියක නම් පවියෙහි ඉඳුසලු ගුහායෙහි වැඩැ වසනුවන් දැකැ, තව්තිසැ වැසි දෙවියන් තමා හා එනු සඳහා කැඳවී.

කුමට යැ යත්:

පළමු සක් දෙව්රජ බුදුන් සැවැත් නුවර නිසා දෙව්රම් වෙහෙරැ සලලාගාර නම් ගඳකිළියෙහි වැඩැ වසන කල්හි එකලා වැ දක්නට ගියෙ. බුදුහු උහු ගෙ නුවණ නොපරි පැසුණුසෙ[256] දැකැ[257] “කිහිප දවසක් හැරැ පියා මා ඉඳුසලු ගුහායෙහි වසන[258] කල්හි, පස් පූර්ව නිමිත්ත දැකැ මරණ භයභීතවැ දෙ දෙව්ලොවැ දෙවියන් හා සමඟ අවුදු තුදුස්පැනක්[259] පිළිවිසැ විසැජු[260] තැන සිටැ අසූදහසක් දෙවියන් හා සමඟ සොවන් වෙ”යි සිතා අවකාශ නො කොළො.

හෙ “මා පෙරැ එකලා වැ ගිය වන බැවින් බුදුහු අවකාශ නො කළහ.[261] එකාන්තයෙන් මට මඟ ඵල පැමිණෙන්නට නිසි උපනිඃශ්‍රය නැති. එකක් හට උපනිඃශ්‍රය ඇති කලැ වනාහි සක්වළැ පිරි සිටි පිරිසැ ද බුදුහු ධම් දෙසත් මැයැ. එකාන්තයෙන් දෙ දෙව්ලොවැ දෙවියන් කෙරෙහි කිසිවක් හට උපනිඃශ්‍රය වෙයි. බුදුහු උහු සඳහා ධම් දෙසති. එ ධම්[262] අසා මාගෙ[263] දොම්නස් සන්හිඳුවමි”යි සිතා තමා හා එනු සඳහා දෙවියන් කැඳවා “බුද්හු ඉඳුසලු ගුහායෙහි වැඩැ වෙසෙති. බුදුන් දක්නට යම්හ”යි කී යැ.[264]

දෙවියො ද “මැනැවැ, මහරජ, තට වැඩ වෙව යි, ‘හිම වූ කෙළෙනට ගඟ කෙළෙනට යම්හ යි නොකියා අප බුදුන් කරා ගෙනැ යම්හ’ යි සිතු සෙ යහපත් නො!”යි ඔහුගෙ තෙපුල් මුදුනෙන් පිළිගත්හු.

එකල්හි සක් දෙව්රජ පන්සිකා නම් ගඳෙවු දෙව්පිත්[265] කැඳවා “අප හා එනු මැනැවැ, බුදුන් දක්නට යම්හ”යි කියා දෙවියන් කැඳවව”යි කී යැ. මුහු කුමට කැඳැවී යැ යත්: අවකාශ කරවා දෙනු සඳහා යි.[266]

කිසෙ යැ යත්

දෙ දෙව්ලොවැ දෙවියන් ගෙනැ පියෙහි පියෙහි පහරනාක්හු සෙයින් මා[267] බුදුන් කෙරෙ ගොස් වැදැ සිටුනා තැන් නො යෙදෙයි.[268] “මෙ පන්සිකා දෙව්පිත් බුදුන් කෙරෙ වල්ලභ යැ. කැමැති කැමැති සඳැ ගොස් පැනී පැන පිළිවිසැ බණ අසයි. මුහු පෙරට කොටැ නඟා යවා අවකාශ කරවා ගෙනැ ගොස් පැන පුළුවුස්මි”යි[269] යන සිතින් කැඳැවී. හෙ ද “මැනැවැ[270]: මහරජ, තට වැඩ වෙව”යි උහුගෙ තෙපුල් මුදුනෙන් පිළිගෙනැ බෙලුවපණ්ඩු නම් වෙණ ගෙනැ ගොස් එකත් පස් වැ සිටියෙයි.

කිසෙ යැ යත්:

එ වෙණ පොකුරු රන්මුවා යැ. දඬු ඉඳුනිල් මිණිමුවා යැ. තත් රිදීමුවා යැ. වෙළුම් පබළුමුවා යැ. වෙණපත් ගවි යැ.[271] තත් ගවි යැ.3 මතුයෙහි දඬුව ගවි යැ.3 මෙසෙ හෙ තුන් ගවු පමණ වෙණ ගෙනැ. සමපනස් මුසනින් මුසන් කොටැ, නිය ඇගින් පැහැරැ, මියුරු ගීන් සර[272] විහිදැ, දෙවියනට සක් දෙව්රජහු ගෙ ගමනට කල් දන්වමින් සිටියෙ යැ. මෙසෙ ඔහු කියන වයන හඬින් දෙවියන් රැස් වූ කල්හි, සක් දෙව්රජ දෙවියන් පිරිවරා පන්සිකා නම් දෙව්පුත්හු පෙරට කොටැ, දික් කළ අතක් වක් නොකරන තුරු තව්තිසැ දෙව්නුවරැ අන්තර්හිත වැ[273] වෙදියක නම් පර්වතයෙහි බැසැ සිටියෙ යැ. වෙදියක නම් පර්වතය දු අම්බසණ්ඩි නම් බමුණු ගම දු සෙසු දවස් එක්[274] දෙවියකු හො මරකු හො බඹකු හො සිරිරු පැහැයෙන් දිලියෙයි. එ දවස් වනාහි දෙ දෙව්ලොවැ දෙවියන්ගෙ සිරිරු පැහැයෙන් එක් පහන් වි යැ. සඳදහස් හිරිදහස් නැඟි කල්[275] වැනි වී.

එ දවස් සක් දෙව්රජ, මිනිසුන් සවසැ බත් කන වෙලෙ ගම් මැද දරුවන් කෙළෙනා කල්හි, එයට ගියෙ යැ. එයින් හාත්පස්හි හැම මිනිස්හු[276] ඉතා මැ දිලියෙන පර්වතය දැකැ, “බුදුන් කරා දෙවියො මැදියම් යමැ එළබෙති. දැන් පෙර යම්හි පළමු වන භාගයෙහි මැ ආහැ. කිම හො! අද මහානුභාව දෙවියෙක්[277] හො බඹෙක් හො බුදුන් පැන පුළුවුස්නට[278] ආ වනැ. කිසෙයින් බුදුහු පැන විසජති හො! මෙසෙ දෙවියන්ගෙ කුහුල් හරනා බුදුහු අපට නොදුරු වෙහෙරැ වෙසෙති. හඹුළුවක් බත් කෙණෙස්සක් දුන් කෙනෙක් මො පිනැත්තම්හ”යි සතුටු සොම්නස් වැ පිපී ගිය ලොම් ඇති වැ මුදුනෙහි ඇඳිලි බැඳැ වඳිමින්[279] සිටියො.

එකල්හි සක් දෙව්රජ පන්සිකා දෙව්පුත්හු කැඳවා “මම් සාගයෙමි. බුදුහු වීතරාගයහැ. බුදුන් සිත් ගන්නට නො පිළිවන. තො පළමු බුදුන් පහදවා අයැජැ අවකාශ කරවා දෙයි.[280] එකලැ ඇපි ගොස් දක්මහ’යි කී. “මැනැවැ, මහරජ” යි පන්සිකා දෙව්පිත් දසරියෙහි එල්වා-ලූ වෙණ බහා වම් අත්ලෙ තබා-ගෙනැ ලෙනට[281] වැදැ බුදුනට නුදුරු නොවෙත් තන්හි සිටැ බුදුන් උදෙසා දහම් උදෙසා රාතන්[282] උදෙසා කාමගුණ උදෙසා පෙරැ තමා ගායනා කළ.[283]

“වන්දෙ තෙ පිතරං භද්දෙ තිම්බරුං සුරියද්වච්චසෙ,

යෙන ජාතාසි කල්‍යාණි ආනන්දජනනී මම”

යනාදි ගාථායෙන් ගායනා කොටැ වෙණ වයයි. එහි “සොබනා අඟපසඟ ඇත්තිය, මට සොම්නස් දෙනුවිය, පාදාන්තයෙහි පටන්-ගෙනැ කෙශාන්ත දක්වා ළහිරුරස් කලබක් සෙයින් නැඟෙන ශරීරරශ්මීන් සූරියවච්චසා නම් ලදු[284] සොඳුර, තී පියා තිම්බරු[285] නම් ගඳෙවු දෙව්රජහු වනමි.[286] සොසුළුවනට[287] සුළඟ සෙයින්, පවස් ඇත්තනට පැන් සෙයින්, රාත්නට දහම් සෙයින්, ආතුරයනට බෙහෙත් සෙයින්, සා ඇතියනට බත් සෙයින්, දිලියෙන ගිනි නිවන්නට දිය සෙයින්,* තී විසින් උපන් මාගෙ කාමරාගපරිදාහ[288] නිවා. යම්සෙ මිරිඟු අවල අඟණෙකැ පුල් පියුම් විලකට බට ඇතෙක් පැන් බී අක්සොඬ මතු පැනෙන සෙ දියෙහි ගැලි සුව විඳී ද, එසෙයින් මැ තී තනබඩතුරට මම් කවර දවසෙකැ වැද සුව විඳිමි හො! යම්සෙ මදමත් ඇතෙක් තොත්‍රතොමර අංකුශයෙන් විදුනා ලද්දෙ, අවස්[289] වන බැවින් නිසි කාරණයක් නො දන්නි ද[290] එසෙයින් මැ මම් උතුම් වන බැවින් විරාගයට නිසි කිසි කාරණයක් නො දන්මි. තී කෙරෙ බඳ සිතින් කිසි කෙනකුන් කීවා නො ගන්මි. මා තී කෙරෙ බඳ සිත, ඛිලි ගිලු මසක්හු සෙ[291] ගළවන්නට නො නිස්සෙමි. යම්සෙ රාත්නට මද දෙයකුදු දුන, නොඑක් ඵල වෙ ද, එසෙයින් මැ අග්බඹුරු[292] කෙහෙ ඇත්තිය,[293] මඳ බැලුම් ඇත්තීය, මට පළමු උපන් එක සිත දැන් නොඑක් සිත් වි යැ. රාතන් කෙරෙහි මා කළ යම් පින්කැමෙක් ඇද්ද, හෙ මට තී හා සමඟ ඵල දෙවයි. පොළො තෙලෙහි සත්නට මා දුන් යම් දනෙක් ඇද්ද, හෙ මට තී හා සමඟ ඵල දෙවයි. යම්සෙ සැහැමහණරජ පළමු[294] නිවන් සොයා ඇවිදි දු එසෙයින් මැ මම් තී සොයා ඇවිදිමි. යම්සෙ බුදුරජ මහබො පලග්ගි වැඩැහිඳැ සව්නෙ දැනැ සොම්නස් වී ද, එසෙයින් මැ මම තී ලද දවස් සොම්නස් වෙමි. සක් දෙව්රජ මට වර[295] දෙමින් ‘දෙදෙව් ලොවැ[296] රජ[297] ගන්හි ද? සුරියවච්චසාව ගන්හි දැ?’යි කී නම්, දෙදෙව් ලොවැ රජ පියා තී මැ ගන්මි. තී පියාගෙ නුවර දොරැ අලුත්[298] පිපි සල්රුකෙක් ඇති. හෙ ඉතා මනොහර යැ. එ සල්රුක සෙයින් සිරි බැරි වූ තී පියා ගඳෙවු දෙව්රජහු වැඳැ නමස්කාර කෙරෙමි” යන වස්තු ඇති ගයින් ගඳෙවු කෙරෙයි.

එකල්හි බුදුහු “පඤ්චසිඛය, තාගෙ තන්ත්‍රිස්වර[299] ගීතස්වර[300] හා සසන්දි.[301] ගීත ස්වර ද තන්ත්‍රිවර හා සසන්දි. තාගෙ තන්ත්‍රිස්වර ගීත ස්වර නො ඉක්මෙයි. ගීත ස්වර තන්ත්‍රිස්වර නො ඉක්මෙ”යි වදාළො.

බුදුහු ගීත ශබ්දයා[302] හා වීණා ශබ්දයා ගෙ ගුණ කුමට කියති? කිම බුදුනට එහි රාග ඇති ද යත්: නැති. සඇඟින් යුත් උපෙක්‍ෂායෙන් උපෙක්‍ෂක වැ[303] මෙබඳු තන්හි හුදු[304]

ඉෂ්ටානිෂ්ට දන්ති. එහි නො ඇලෙත්.[305] ඉදින් බුදුහු ගුණ නො වදාළො නම් පන්සිකා දෙව්පිත් ‘තම හට අවකාශ කළහ’ යනු[306] නොදන්නි. සක් දෙව්රජ “බුදුන් විසින් පන්සිකා දෙව්පිත් හට අවකාශ නොකරන ලදැ”යි දෙවියන් ගෙනැ එහි මැ සිටැ නැවැතී[307] යනු වෙයි. එසෙ වන්නා හා[308] මහපිරිහිණි වෙයි. එහි ගුණ වදාළ කලැ වනාහි “බුදුන් විසින් පන්සිකා දෙව්පිත් හට අවකාශ කරන ලදැ”යි වැඳැ පැන පිළිවිසැ විසැජු කල්හි අසූදහසක් දෙවියන් හා සමඟ සොවන් වෙ”යි යනු දැනැ ගුණ වදාළො.

එක්බිති “පන්සිඛය, මෙ ගාථා තුණුරුවන් හා කාම ගුණ උදෙසා තා විසින් කවර කලෙකැ කරන ලදැ?”යි වදාළහැ. “වහන්සෙ, තොප බුදු වූ අට වන සතියැ අජපල් නුග මුල්හි වැඩැවසන කල්හි නැමින් භද්‍රා නම්, ශරීර සම්පත්තින් සූරියවච්චසා නම්, තිම්බරු නම් ගඳෙවු දෙව් රජහු දුවක්, සතර වරම් මහරජුන් හා සමඟ සක් දෙව් රජ හට නැටුම් දක්වන්නට ගියා. එ කෙණෙහි සක් දෙව් රජ බුදුන්ගෙ යථාභූත වූ[309] අට ගුණයක් කී යැ. එ දවස් ගොස් නටන්නී, එ ඇසුව, සක් දෙව්රජ මාතලි සඞ්ග්‍රාහකයා පිතෙක් සිඛණ්ඩි නම්-ඔහට ඇය දියටි වැ සිටී. මම්[310] නොඑක් සෙ පතා ඇය නොලදිමි. නොලදින් බෙලුවපණ්ඩි නම් වෙණ ගෙනැ තිම්බරු නම් ගඳෙවු දෙව්රජහු ගෙට ගොස් වෙණ වයනුයෙම්, මෙ ගාථා කීමි. එකලැ හො මට ‘මම් බුදුන් වෙතැ නුදුටුවිරිමි. තව්තිසැ වැසි දෙවියන්[311] සුධම් දෙව්සහයෙහි නටන්නෙයිම් ඇසීමි මත්න. යම් හේතුවෙකින් තො එ බුදුන්ගෙ ගුණ කියහි ද, අද අපගෙ සමාගමවෙ’යි කිව. එ දවස් අපගෙ සමාගම වි යැ. එතන පටන්-ගෙනැ ඇය හා සමාගම නො ලැබෙමි”යි කී.

එකල්හි සක් දෙව් රජ “මෙ පන්සිකා දෙව්පිත් මාගෙ කාර්යයට යවුසෙ තමාගෙ කාර්යය බෙණෙයි. එබඳු බුදුන් කෙරෙහි සිටැ කාම ගුණ අරභයා නොනිසි කථා කෙරෙයි.

නළුවො නම් විළි නැති වෙති. බැණැ බැණැ සිටැ නැටුම් දැක්වුයෙ වී නම්, නො යෙදෙයි. එසෙ බැවින් මාගෙ කාරිය දන්වමි”යි සිතා ඔහු කැඳවා-ගෙනැ “පුතැ පඤ්චසිඛය, ‘වහන්සෙ, සක් දෙව්රජ සහපිරිවරින් භගවත්හු පා වඳි’යි මා වැඳමෙන් බුදුන් පා වඳ”යි කී යැ. “ඉතා මැනවැ, මහරජ” යි පන්සිකා දෙව්පිත් බුදුන් කරා එළබැ වහන්සෙ, සක් දෙව්රජ සහ පිරිවරින් භගවත්හු පා වඳි”යි වැන්ද. “පඤ්චසිඛය, සක් දෙව්රජ සහපිරිවරින් සුවපත් වෙව යි; දෙවියො මිනිස්හු අසුරනාගගන්ධර්වයො නොඑක් සත්හු සුව කැමැත්තාහ”යි වදාළහැ.

එකල්හි සක් දෙව්රජ ඉඳුසලු ගුහාවට වැදැ බුදුන් වැඳ එකත්පස් වැඳැ සිටියෙ යැ. තව්තිසැ වැසි දෙවියො ද පන්සිකා දෙව් පුත් ද වැඳ එකත්පස් වැ සිටියාහැ. එකල්හි ඉඳුසලු ගුහා මහත් වී යැ. එකාලොක වී.

එකල්හි බුදුහු සක් දෙව්රජ හට “තා අනවසරසෙ[312] බැලු කලැ ආ සෙ වෙසෙසැ”යි[313] වදාළහැ. “මම් බොහො දවසක් වහන්සෙ දක්නට ආටියෙමි[314] පොළො තෙලෙහි පටන්-ගෙනැ දෙ දෙව්ලොවැ දෙවියන්ගෙ කාර්යයෙහි ව්‍යාවට[315]වැ වහන්සෙ දක්නට නොපොහොසත් වීමි. එක්[316] සමයෙක්හි භගවත්හු සැවැත් නුවර නිසා දෙව්රම්හි සලලාගාර නම් ගඳකිළිසැ වැඩැ වසන කල්හි, මම් වහන්සෙ දක්නා සඳහා එයට ගියෙමි. එ සමාහි වහන්සෙ එක්තරා සමවතක් සමවැදැ වැඩහුන් දෑ යැ. එකල්හි වෙසවුණු මහ රජහු ගෙ භුඤ්ජතී[317] නම් පාදපරිචාරිකාවක් තමා සෙද ගැමියෙන් දෙව් ලොව්හි උකටලී වැ, වහන්සෙ කරා අවුදු මුදුනෙහි ඇඳිලි බැඳැ වඳිමින් සිටි.[318] මා දැකැ ‘වහන්සෙ දන්ට අකලැ.[319] එක්තරා සමවතක් සමවන්නො යැ’යි[320] කිව. එකලැ මම් ‘වහන්සෙ සමවතින් නැඟී කලැ, මා වැඳමෙන් වඳ’යි[321] කියා ගියෙමි. කිම, හො වහන්සෙ, මා වැඳැමෙන් වැන්දි හො?”යි කී යැ. “හොමා වැන්ද. ඇය කී දෑ සඳහන් ඇති. අනෙකෙක් මත්න, මම් තාගෙ[322] රථයෙහි නිමැ හඬින් මැ සමවතින් නැංගෙමි”යි වදාළො. “නිමැ හඬින් නැංගෙමි” යනු කුමට යැ? නිමැ හඬ මැ තිබියෙව යි; සමවත් සමවන් කලැ කන් මුලා තබා පුඹුනා සක්යුවළෙහි දු සසලන සෙණ දහස්හි දු හඬ නො අසති.

බුදුහු වනාහි එ දවස් “සක් දෙව්රජහු යන තැන් දක්වා අවකාශ නො කෙරෙමි”යි කල් පිරිසිදැ ඵලසමවත් සමවන්හැ.[323] සක් දෙව්රජ “දැන් බුදුන් වහන්සෙ අවසර නැතිවන්හැ”යි ගඳකිළි පැදකුණු කොටැ රථය නවතා-ගෙනැ දෙව් ලො බලා යවීයැ.[324] ගඳොළ[325] පිරිවෙන[326] රථ හඬින් වයන ලද පසඟතුරු වැනි වි යැ. බුදුන් පිරිකැපු කල්හි[327] සමවතින් නැංගානට රථ ශබ්දයෙහි මැ පළමු අවජුන් උපනැ. එයින් වදාළහ: මම් තාගෙ රථයෙහි නිමැ[328] හඬින් මැ සමවතින් නැංගෙමි”යි.

එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, යම් දෙවි කෙනෙක් අපට පෙරට වැ[329] තව්තිසැ දෙව් ලොවැ උපන්හු ද, ඔවුන් කෙරෙහි මාකන් සපුරා යම් කලෙකැ බුද්හු මෙ ලොකයෙහි උපන්නාහු නම්, එකල්හි දෙව් ලො පිරෙයි. පොළො සිස්වෙ’යි යනු අසනු ලද්දෙ යැ. වහන්සෙ, දැන් මම එ පසක් කොටැ දිට්මි. යම් කලෙකැ පටන් ගෙනැ ලොකයෙහි බුදුහු උපන්හු ද, එතැන පටන්-ගෙනැ දෙව් ලො පිරෙයි. පොළොව සිස් වෙයි. වහන්සෙ, මෙ මැ බුදුරජයෙ කිඹුල්වත් නුවරැ ගොපිකා නම් සැහැදුවක්[330] තුණුරුවන්හි පැහැදැ, පන්සිල් නොකඬ කොටැ රැකැ, සඟනට දන් දී, මාගම් වැ සිටැ සක්විති රජ නොවියැ හැක්කැ. සක් සැපත් මර සැපත් බඹ සැපත් නො ද වින්ද හැක්කැ, පසෙ බුදු සම්මා සම්බුදු නොද වියැ හැක්කැයි අඹුන්[331] මිනිස් බැවැ විරාග ඇති වැ, පිරිමි බව් උතුම්සෙ දැකැ, ‘ඉහි සිටැ එ සපුවට පැමිණිය හැක්කැ’යි පිරිමි බවට පතා කුසල් කොටැ, තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි, මා දරු වැ,[332] ගොපක නම් දෙව්පුතක් වැ උපනැ.

“බුදු සස්නෙහි සඟහු[333] තුන් දෙනෙක් සිල්වත් වැ ධෑන්[334] උපයා, පෙරැ තමන් වුසු තන්හි නිකාන්ති ඇති වැ, සවුමහ රජ දෙව් ලොවැ ගඳෙවු දෙවියන් කෙරෙහි උපැදැ, පස් කම් ගුණෙන් පින පිනා දෙව් සපු වළඳන්නාහු, මට ‘නැටුම් ගඳෙවු කරම්හ’යි සුධම් දෙව්සහයට[335] ආහ. එකල්හි ගොපක නම් දෙව් පිත් ඔවුන් දැකැ, ‘මෙ දෙව්පිත්හු ඉතා මැ දිලියෙති. පැහැ පත්හැකි නම් පින්කම් කොටැ ආහ හො![336] යි අවජනෙ. ඔවුන් පෙරැ මහණසෙ දිටැ. ‘මහණ වැ සිල් සකස් කොටැ පිරුහැ හො!’යි, නො පිරුහැ හො!යි අවජනෙ, සකස් කොටැ පිරුසෙ දිටැ. සිල් විරුව ද, ‘අනෙක් ගුණයෙක් ඇති හො!යි, නැති හො!’යි බලනුයෙ, ධ්‍යාන ලදුසෙ දිටැ. ‘ධ්‍යාන ලදින් කොහි වුසුහැ හො!’යි බලනුයෙ, තමා මැගෙ කුලොපග වුසෙ දිටැ. ‘පිරිසිදු සිල් ඇත්තාහු නම්, සදෙව්ලොවැ යම් තැනක්[337] කැමැති වූහු නම්, එහි උපදිති. මොහු මත්තෙ දෙව්ලොවැ නොද උපන්හැ. ධ්‍යානලාභීහි නම් බඹලොවැ උපදිති. මොහු බඹ ලොවැ නො උපන්හැ. මම් වනාහි මොවුන් මුවායෙහි සිටැ දෙව් ලොවට ස්වාමි වූ සක් දෙව් රජහු ඇකයෙහි පුත් වැ උපන්මි. මොහු හීන වූ ගඳෙව් දෙවියන් කෙරෙ උපන්හැ. ‘මොහු ඇට විදුනා[338] පුඟුලො නම්හැ. වඩ වඩා තර කොටැ විද්ද යුතුහැයි සිතා උනට චොදනා කරනුයෙ, ‘තෙපි බුදුන් ධම් දෙසන කලැ අන්‍යවිහිත වැ ඇසුව[339] හො? දෙ පිට බල බලා ඇසුව9 හො? නිද නිදා ඇසුව9 හො? මම් වනාහි අඹුන් මිනිස් බැවැ විරාග ඇති වැ පිරිමි බවට පතා තව්තිසැ වැසි දෙවියන් කෙරෙහි උපදනෙයිම්[340] සක් දෙව්රජහු පුත් වැ ගොපක නම් දෙව් පුතක් වැ උපන්මි. තෙපි වනාහි බුදු සස්නෙහි පැවිජි වැ[341] හීන වූ ගඳෙවු දෙවියන් කෙරෙහි උපන්නා ව.[342] එක බුදුන් ගෙ සස්නෙහි එක් වැ[343] පින්කම් කොටැ හීන වූ ගඳෙවු දෙවියන් කෙරෙහි උපදනුවන් දක්නාමො, නො දුට[344] මනා කෙනකුන් දුටුම්හ.[345] තෙපි හිරි ඔතප් නැත්තා ව’ යි[346] කීය.*

මෙසෙ ගොපක නම් දෙව් පුත්හු විසින් චොදනා කරන ලද දෙවියන් තුන්දෙනා කෙරෙහි දෙදෙනෙක් සිතුහු: ‘නැටුම් ගඳෙවු කරනුවන් විසින් බලනුවන් කෙරෙන් සඟරා ලද මැනැවැ. මෙ දෙව් පිත් අප දුටු තැන පටන් - ගෙනැ ගිනියෙහි බහා-ලූ ලුණු පුපරන කල් සෙයින් තටතටායමාන යැ. කිමෙකැ මෙ!”යි අවජනාහු, “තමන් මහණ බව් පිරිසිදු සිල් ඇති බව් ධ්‍යානලාභී බව් උහු මැගෙ[347] කුලොපග බව් දැකැ ‘පිරිසිදු සිල් ඇත්තාහු නම්, සදෙව් ලොව්හි රිසියුණු තැනෙකැ උපදිති.[348] ධ්‍යානලාභිහි බඹ ලොවැ උපදිති.8 අපි මත්තෙ දෙව් ලොවැ ද බඹ ලොවැ ද උපදනට නොනිසි වූම්හ අපගෙ ඔවායෙහි සිටැ මෙ ගැහැනි මත්තෙ දෙව් ලොවැ පිරිමි වැ, උපන. ඇපි මහණ වැ බුදුන් කෙරෙහි බඹසර වස් රැකැ හීන වූ, ගඳෙවු දෙවියන් කෙරෙහි උපන්මහැ.[349] එයින් මෙ අප නිගන්නි” යනු දැනැ උහු ගෙ බස් අසා[350] සිටියාහු මැ පළමු ධ්‍යාන උපයා අනාගාමීඵලපසක් කොටැ, එහි මැ සිටැ සැවැ, බ්‍රහ්මපුරොහිත නම් බඹ තෙලෙහි[351] උපන්හැ.

“එක් දෙව් පිතෙක් සර්වකාම පියන්නට නොපොහොසත් වූයෙ, එහි මැ විසී යැ. වහන්සෙ, එතුන් දෙව් පුතුන් කෙරෙහි දෙ දෙව්පුතෙක් තොප ගෙ දහම් තුබූ පරිදි දැනැ අප[352] දක්නා සෙමැ තමන් පියපස් දෙවියන් මුදුනෙහි ඕමින්, අහසට නැඟී බ්‍රහ්මපුරොහිතයට ගියහැ. ඇපි දු එ මැ දහමට පැමිණෙනු සඳහා තොප වහන්සෙ කරා ආම්හ. වහන්සෙ, අවසර දුන හොත්, පැන පුළුවුස්මහ”යි[353] කී යැ.[354]

එ සඳ බුදුහු “දෙව්රජ, තා සිතට රිසියුණු යම් දැයක් පුළුවුස. මම විසජමි”[355] යි වදාළහ. එකල්හි සක් දෙව්රජ “වහන්සෙ, යම් දෙවි කෙනෙක් මිනිස් කෙනෙක් අසුරනාග ගන්ධර්ව කෙනෙක්, බොහො යම්[356] සත් කෙනෙක්[357] ඇද්ද, ඔහු වෙර නැති වැ, දඬ නැති වැ, සතුරන් නැති වැ, දොම්නස් නැති වැ, කිසි තැනෙක්හි කො[358] නො කොටැ ‘අසුරෙන් ගත් දෙයක් දහසක් දෙනා හා සමඟ බෙදා[359] වළඳ කරමොව’ යි දන් දී පුද කොටැ පතති. එතෙකුදු වුවහොත්, ඔහු වෙර සියො වැ, දඩ සියො වැ, සතුරන් සියො වැ, දොම්නස් සියො වැ, වෙසෙති. ඔහු කවර බන්ධනයෙන් බද්ධයහ[360]?” යි පළමු වන පැන පිළිවිත.

බුදුහු එ පැන විජසන්නාහු, “දෙව්රජ යම් දෙවි කෙනෙක් මිනිස් කෙනෙක් අසුරනාගගන්ධර්ව කෙනෙක් බොහො යම් සත් කෙනෙක්5 ඇද්ද, ඔහු වෙර නැති වැ, දඬ නැති වැ, සතුරන් නැති වැ, දොම්නස් නැති වැ, කිසි තැනෙක්හි කො6 නොකොටැ ‘ඇසුරෙන් ගත් දෙයක් බෙදා වළඳ කරමොව’යි දන් දී පුද[361] කොටැ පතති. එතෙකුදු වුව හොත්, වෙර සියො වැ, දඬ සියො වැ, සතුරන් සියො වැ, දොම්නස් සියො වැ, වෙසෙති. ඔහු ඉස්සාමච්ඡරිය සංයොජනයෙන් බද්ධයහ” යි වදාළො.

එහි ‘ඉස්සා’ නම් අනුන්ගෙ ඉසුරු[362] නො වින්දැ හෙන බව යැ. ‘මච්ඡරිය’ නම් තමාගෙ සම්පත් අනුන් හා සාධාරණ බව නොකමැති බව යැ. මෙහි ‘මච්ඡරිය’ නම්: ‘ආවාස මච්ඡරි යැ, කුලමච්ඡරිය යැ, ලාභමච්ඡරිය යැ, වණ්ණ මච්ඡරිය යැ, ධම්ම මච්ඡරිය’යි පසෙක් වේ. එහි අවසැ මසුරු වූවාහු, යක්‍ෂ වැ හො ප්‍රෙත වැ හො උපැද, එ අවසැ කසළ හිසින් නඟා-ගෙනැ ඇවිදිත්. කුලෙහි මසුරු වූවාහු, එ කුලවැස්සන් අන්නට දන් දෙන්නන[363] පුදන්නන් දැකැ, ‘මාගෙ කුල බිනැ’යි[364] සිතනුවන් කටින් හුණු ලෙහෙ හො නැඟෙයි. ගිනි[365] හො බිඳෙයි. අතුණු හො කඬ කඬ වැ නික්මෙයි. ලාභයෙහි මසුරු වූයෙ, සඟුන් හො ගණ හො හිමි ලාභයෙහි මසුරු වැ, පුඟුල් පරිභොගයක් සෙයින් වළඳා, යක් වැ හො ප්‍රෙත වැ හො ගරවිල් වැ හො උපද්දි. සිරිරු වැන්මෙහි ගුණ වැන්මෙහි දහම්හි මසුරු වූයෙ. තමාගෙ මැ ගුණ වනයි; අනුන්ගෙ ගුණ “කිනම් ගුණයෙකැ”යි එහි දොස් දක්වනුයෙ ද, දහම් අන්නට නොකියනුයෙ ද, විවන වෙයි. වහතොලු වෙයි. නොහොත් අවසැ මසුරු වූයෙ වී නම්, ලොහොගෙයි උපද්දි. කුලෙහි මසුරු[366] වූයේ වී[367] නම්. අලාභී වෙයි. ලාභයෙහි මසුරු4 වූයෙ වී නම්,5 භවයෙහි උපන්නා හට වර්ණ නම් නොවෙයි. දහම්හි ඉසුරු වූයෙ වී නම්5 හළුනිරයැ උපද්දි. මෙ ඉස්සාමච්ඡරියසංයොජන සොවන් මැඟින් පැහෙයි. එතාක් කල්හි වෙර නැති බව් ආදි පතන්නාහු දු වෙර ආදීන් නො මිදෙත් මැයි. මෙසෙයින් බුදුහු සක් දෙව්රජහු පුළුවුත් ‘ඉස්සාමච්ඡරිය’ නම් පැන විසජුහු එකල්හි සක් දෙව් රජ සතුටු වැ, මෙ නියායෙන් තුදුස් පැනයක් පිළිවිත්.

තුදුස් පැනය නම් කවරැ යත්:

ඉස්සාමච්ඡරියං’ යනු එක් පැනයෙකැ ‘පියාප්පියං’ යනු එකෙකැ ‘ඡන්දො’ යනු එකෙකැ. ‘විත්කකො’ යනු එකෙකැ. ‘පපඤ්චො’ යනු එකෙකැ. ‘සොමනස්සං’ යනු එකෙකැ. ‘දොමනස්සං’ යනු එකෙකැ. ‘උපෙක්ඛා’ යනු එකෙකැ. ‘කායසමාචාරො’ යනු එකෙකැ. ‘වචීසමාචාරො’ යනු එකෙකැ. ‘පරියෙසනා’ යනු එකෙකැ. ‘ඉන්ද්‍රිය සංවරො’ යනු එකෙකැ. ‘අනෙකධාතු’ යනු එකෙකැ. ‘අච්චන්තනිඨා’ යනු එකෙකැ යි යන මෙ යැ. මෙසෙ තුදුස් පැනය සක් දෙව්රජහු පුළුවුත් පරිදි දු, බුදුන් විසැජු පරිදි දු, දික්සඟියැ සක් පැනසුතින් දන්නෙ යැ.

මෙහි උපෙඛා පැන විසජුන්හි සිටැ සක් දෙව්රජ අසූ දහසක් දෙවියන් හා සමඟ සොවන් වි යැ. බුදුහු වූ කලැ රාත් ඵල පරියන්ත කොටැ ධම් දෙසුහු. එවැනි ධම් දෙන්නෙහි මෙ කුමට රාත් නොවී යැ යත්: බුදුහු රජක්හු වැන්නාහැ. විනෙජනයො රජකුමරුන් වැන්නො. යම්සෙ, රජ, වළඳන කලැ තම හට පමණින් පිඬු වටා රජකුමරුනට[368] එළවයි. ඔහු එයින් තමන් මුව පමණින් මැ ගන්ති. එසෙයින් මැ බුදුහු තමන් අධ්‍යාශය වූ[369] පරිද්දෙන් රාත්ඵල පරියන්ත කොටැ ධම් දෙසති. විනෙ ජනයො තමන්ගෙ උපනිඃශ්‍රය පමණින් සොවන් ඵල හො ගන්ති. සෙදැගැමි අනැගැමි රාත් ඵල හො ගනිත්.

සක් දෙව්රජ වනාහි සොවන් වැ බුදුන් පෙරට මැ[370] සිටැ සැවැ ළදරු සක් දෙව්රජක් වැ වැළිඳු තුන් කෙළ සැට ලක්‍ෂයකට ආ[371] ඇති වැ උපනි. සැවැ යන දෙවියන්ගෙ අත් බව් ගිය තැන් ආ තැන් නො පැනෙයි. දිලියෙන පහන් යන්නා[372] වැනි වෙයි. එ හෙතුවින් සෙසු දෙවියො නො දත්හැ. සක් දෙව්රජ වනාහි තමා සැවැ යන බැවින් ද. බුදුහු තමන් සව්නෙ දන්නා බැවින් දත්හු.

එකල්හි සක් දෙව්රජ තමා මියැ උපන්[373] පරිදි බුදුනට සැළ කොටැ, නොඑක් සෙ බුදුන් ගෙ ගුණ වනා[374] සිටැ පන්සිකා දෙව් පුත්හු කැඳවා, “තො මට බොහො උපකාරයෙහි. බුදුන් පළමු ප්‍රසාද කැරැවිහි. තා[375] ප්‍රසාද කැරැවූ කැල පැසුළු ඇපි ගොස් බුදුන් දුටුම්හ. තා මට පිය තැනැ තබමි. ගඳෙවු දෙව්රජ කෙරෙමි. සුරියසච්චසාවත් දෙමි” යි කියා

බුදුන් බැසැ-හෙවැ වැඳැ, “නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස” යි තුන් යලක් බුදුනට නමස්කාර කොටැ, පැදකුණු[376] කොටැ, වක් කළ අතක් දික් නොකරන තුරු තව්තිසැ දෙව්නුවරැ පාළ වී.

විසාඛාවනට හා අනෙවඩු මහසිටාණන්ට සෙයින් සක් දෙව්රජ හට දු භවරාග බලවති. එසෙයින් මැ සක් දෙව්රජ සවරෙකා දඹදිවැ රජසපු වළඳා, සදෙව් ලොවැ ක්‍රමයෙන් උපැදැ[377] දේව සපු වළඳා එහි සිටැ ධ්‍යාන උපදවා, බඹ ලොවැ උපද්දි. එහි දු හැම බඹ තෙලෙහි ක්‍රමයෙන් උපැදැ ප්‍රීතිසුඛ අනුභව කොටැ එහි සිටැ අනගැමි වැ සුදවස්හි උපද්දි. එහි උපදනෙ, පළමු වන අවිහතෙලෙහි දහසක් කපට ආ ගෙනැ උපැදැ එහිදු ආ පමණින් සිටැ සමවත් සුව අනුභව කොටැ, දෙවන අතප්තලයෙහි දෙ දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහි දු ආ පමණින් සිටැ තුන් වන සුදස් තලයෙහි[378] සාර දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහිද් ආ පමණින් සිටැ සතර වන සුදස්සි තලයෙහි අට දහසක් කපට ආ ගෙනැ උපැදැ, එහි දු ආ පමණින් සිටැ පස් වන අකනිටා බඹ තෙලෙහි සොළොස් දහසක් කපට ආ ගෙනා උපැදැ, එහි සිටැ රාත් වැ ආ පමණින් සිටැ සමවත් සුව අනුභව කොටැ අනුපාසෙස් නිවන් ධැයින් පිරිනිවෙයි.

මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් සක් දෙව්රජහු දු. ආදි ශබ්දයෙන් ගත් සූවිසි තැනෙක්හි වැඩැ හිඳැ සූවිසි වරෙකා වදාළ ධම් දෙස්නෙන් කෙළ සුවහසක් කෙළ සුවහසක් බැවින් රාත් වූ, අසඞ්ඛ්‍ය අසඞ්ඛ්‍ය බැවින් සොවන් සෙදගැමි අනැගැමි වූ දෙවියනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.

දෙවදමන නම් සතළොස් වන පරිච්ඡේදය නිමි.

  1. සුතන්

  2. ඉසුරු

  3. ඔහුහට

  4. සනහන්

  5. කරවුසෙ-මු

  6. ලොව

  7. පිිහිටියේයි

  8. පිහිටි පිහිනුවර

  9. තව්තිසැ

  10. පදිදොරින්

  11. මහ පවුරෙන්

  12. දසදහසක්

  13. දොරටුයෙන්

  14. පිරිඛෙව්කොට

  15. රන්විමන් මිණිවිමන් පෙළින්

  16. එනුවර

  17. දසදහසක්, සත්-මු

  18. දෙ අතුළෙක්

  19. ලද, ලත්

  20. ‘සත්තයොජනපරිමාණං’ - ජිනාලඞ්කාර වණ්ණනා

  21. චිත්‍රලතාවන

  22. චිත්‍රලතා, චිත්‍ර

  23. ‘සුධම්මා’ - ජී: වණ්ණනා

  24. තන්හි

  25. සත්දහසක්-හැම ‘සත්තයොජනසතප්ප මාණං’ - ජී: ව:

  26. නන්දා

  27. නන්දනා-ජී: ව:

  28. පැන්නේයි

  29. බොල පසළොස් (සතළොස් සළොස්) යොජුන් වට..... කිසි

    * “දහසක් යොදුන් විජයත් මහා ඇති” - ධර්ම ප්‍රදීපිකා

  30. සියක්

  31. අග, හග

  32. “යොජනසතපරිමණ්ඩලො”-ධම්මපදට්ඨකථා

  33. එ රුක්

  34. කොබොලීල, කොබලල

  35. තිළියෙ

  36. නාභිය

  37. තලයක්

  38. මිනිස්වැ

  39. මඟින්

  40. කොබොළීළරුකක්පයැ

  41. වල්පහණෙකැ-හැම. පලුපහණෙකැ-මු:

  42. ඉඳුනිල්මිණිමුවායැ, බිත් (ති) පිළිමිණිමුවායැ

  43. ටැම්, යට

  44. කොතුරුපත්පබළුමුවායැ

  45. ගොත්වත්

  46. ගෝනැස්, ගොනැස්, ගොවැනැස්

  47. එවටා

  48. සුධම්

  49. සැණයට

  50. විනිශ්චය (ට)

  51. වසා වන කල, වතාවන වන කලැ, වරු වන කල

  52. තව්තිසා

  53. වැම්හෙයින්

  54. කෙළි

  55. අතුරු, අංකුරු

  56. වුහුටුකල

  57. පර

  58. උනා

  59. සභාවට-හැම

  60. මල්පෙති

  61. අතුරෙයි, අතුරෙහි, *මෙ වැකිය පාළියෙන් අධිකයෙකි.

  62. එහි

  63. පුතුන්ට

  64. දෙවියන්ට

  65. මුරුදු

  66. රවයි, වරයි

  67. ‘සනංකුමාරො වා මහාබ්‍රහ්මාවා’ - සුමඞ්ගලවිලාසිනි

  68. පුතෙක්

  69. කියති

  70. සනත්කුමාර

  71. පුත්හුගෙ

  72. පන්සුලු, පන්සුලගුළු, පත්සුලගුළු, පත්සුසුකළු, සුළුළ, සලෙඑළ, සුලැලු

  73. ළදරු දැරිය

  74. හො

  75. ගොපල්ලනට

  76. හන්

  77. ගෙ

  78. උදුරවමින්

  79. කෙරෙමින්

  80. ගඳම්, ගඳව.

  81. කුඹක්

  82. සුවඳ

  83. රන්දිවපිළි

  84. දෙව්රම්රජ

  85. රිදී

  86. විරූප

  87. කුම්භාණ්ඩයන්

  88. විරූපාක්‍ෂ

  89. වෙසමුණු

  90. සයින්, සාදවස් ධර්මප්‍රදීපිකා, සයික්සි-සිඛවළඳ විනිස සයිත්සී-මු:

  91. දෑහිඟුලෙන්

  92. පිරිම්නි

  93. ගියෝ ය

  94. රක්ති

  95. වටන්ධම්, මවුපියවටන්ධම්-මු:

  96. දන්නාහට, දන්නනට, දන්නන්ට

  97. දාගොබ් (ප්)

  98. සුසුරුපින්කම්, සිසිරුපින්කම්

  99. දෙවි

  100. දෙව්පුතු (ත්)

  101. දෙති

  102. රැහැනිං

  103. කෙළි. කෙළනට-මු

  104. බලම්හයි-හැම ‘ලහිද්දාස’-සු: වි: ‘ඡණ කරිස්සාම’ - ජී: ව:

  105. දෙයි

  106. ගන්වන ලද

  107. යහන, යහන්ගෙ

  108. ගැත්තාහයි

  109. ඔහු මා

  110. දහගබ්

  111. සක්දෙව්රජ

  112. විජයත්

  113. පිඹි

  114. මෙසෙයින්

  115. සුදු බරණින්

  116. සැදු

  117. හුදු

  118. දෙය්නෙන්

  119. සමවන්

  120. අසක්කු, අසකු

  121. දෙසෙහි

  122. පබළු

  123. එළවු

  124. සබ්බනන්දන-ජි:

  125. බළන්

  126. තිම්බරූසක-ජි: ව:

  127. එක පොක්ඛර-ජි: ව:

  128. නළුවන්

  129. කෙරෙමින් සිටි

  130. දීඝමුඛ-ජි: ව:

  131. මැද

  132. මණ්ඩප්පයෙන්

  133. රථයෙකින්

  134. කුඹුපෙළෙහි

  135. වෙයි

  136. මඩුයෙක්

  137. දෙ පස්හි වෙදිකායෙන්

  138. පෙරට වැ

  139. මිහිරිඟෙහි, මිහිරිඟෙහි

  140. පිරිවරා

  141. සුයාම, සුයාමා, සුධර්මා-මු

  142. සුන්දරාරාව, සුන්දරාව,

  143. පුම්බී, පිඹි

  144. අටසැට දහසක්

  145. ආහස්තවරියා ආහත්‍යසරියා ආහස්ත්‍යසරියා

  146. පුම්බී, පිඹි,

  147. පිරිවරා

  148. අටසැටදහසක්

  149. මිහිඟයක්

  150. අතිමුත්තකී-ජි: ව:

  151. ආනන්ද ජී: ව:

  152. මුත්තකි ජී: ව:

  153. දිශාමුඛ එකක් ඛී-ජී: ව:

  154. එයට

  155. කෞලස්වර

  156. මිත්‍රපුෂ්කර

  157. පෙතස්සරා-ජී: ව:

  158. මධුරස්වර

  159. සන්තඞ්ගසෙනා

  160. ඝොස-ජී: ව:

  161. බෙරයක්

  162. රන්රුවන්

  163. සුරසුන්දරී

  164. නන්නන්.

  165. නිරතුරු

  166. බමුණු ගෙ, බමුණු ගෙ

  167. සසරිය, සරිය-මු

  168. අත

  169. මුවරමහපහය

  170. පැලවි

  171. යායටි. යටි

  172. සඛෙවින්

  173. අනුමෝදන් වැ-මු, අනුමෙ වැ-මු

  174. චුලකණ්හසමයසුතින්

  175. පස්සෙහි

  176. කූටාගාරය යැ

  177. අන්තකූටාගාරයෙහි

  178. විසජූ

  179. හට

  180. කොට

  181. අන්තසිටියා පියා

  182. තැනටදු

  183. නො ඇසෙයි. නො ඇසෙද

  184. මැනැවැයි

  185. වෙ

  186. සක්දෙව්රජ නො ඇසුව ද

  187. අනුමෙවි යැ-මු.

  188. නුවරට

  189. පුණ්ඩරික

  190. යන

  191. වඩනාවුන්

  192. නොයව, නො වසව

  193. විරී

  194. පනවා

  195. වැඩහිඳුනෙහිය

  196. තබවා ගෙනා, තබාලා කරතබාගෙනැ

  197. හිසි-මු

  198. අඳුරුගෙහි,

  199. කෙරෙත්,

  200. අවජනා, අවනාහු

  201. මුඪයහ,

  202. දෙවාසුරසංග්‍රාමය

  203. දිනූහ

  204. පරද්දහ, පැරැද්දාහ, පැරැද්දහ, පරද්හ, පැරැද්හැ-මු:

  205. විජයොත්

  206. නිර්ය්‍යුහහ,

  207. දිවසරනට,

  208. විසිතුරු පළඳනා

  209. දුටුමණියක්-බොහෝ, වර්ණයක් හු-කිසි, මෑණියන්, බෑනියක-මු: මැනියන්-මු:

  210. අඩවල් (ල)

  211. බල බලා

  212. රජුන් හා, රජු හා - මු:

  213. ඇවිදුනාහු

  214. තොරතුරු පත්, කොතුරු, කොතුරුමුවාපක්,

  215. වගුග් වළලු,

  216. කළ,

  217. පහයෙ

  218. පහකරන,

  219. බ්‍රමාද,

  220. බ්‍රමයි,

  221. වළලු, වළරූ - මු:

    * ‘මසාරගල්ලත්‍ථම්හෙ’ යනු අටුවායි.

  222. සොම්නසින්,

  223. අනුමෙවැ-මු:

  224. අයි,

  225. පුළුවුත්හු-මු:

  226. කිය-මු:

  227. කීහු

  228. පත්,

  229. වේදොයි

  230. තෙරහුට, තෙරුන්ට

  231. සහන්නට,

  232. දැමුවෝ වෙත්.

  233. මෙසෙයින් දමා-හැම, මෙසෙයින් මැ-මු:

  234. නිවන්හි,

  235. මිණිවළල්ලක්-හැම, ‘මණිවෙදිකා සදිසෙන’ යනු අටුවායි.

  236. වන ලැහැබෙකින්, වලහෙකින්, ලැබෙකින්,

  237. එක්වුනු:

  238. දෙවසන් නිපාතයෙක්-මු:

  239. යම් කෙනක්හට, යම් දෙව කෙනක්නට,

  240. මරණ නිමිතියෙක්,

  241. පැමිණි ද

  242. දු

  243. සැපත්

  244. වැළඳම්හයි

  245. දසයොජුන් දසදහස්, යොජුන් දසදහස්

  246. මහපායද, මහ පහය ද,

  247. “තියොජනසතිකං සුධම්මදෙවසහං” අටුවා

  248. පරසතු රුකදු (ද්)

  249. පිරිස් (ස) නුදු

  250. තබාලා. ‘ඔලොකෙත්වා’-අටුවා

  251. සම්පත්තියෙන්

  252. දහස් සුවහස්නටද්

  253. සිතන්නාට

  254. නො පිරිපැසුණුසෙවු (ව්)

  255. දැනැ

  256. ගුහායට යන කල්හි

  257. පැනයක්

  258. පැනයක් විසජු

  259. නො කළහ

  260. මම්

  261. තමා ගෙ

  262. කීහු

  263. දෙව්පුත්හු

  264. සඳහිය

  265. සෙයින් මැ (ව)

  266. නො දැනෙයි, නොදදෙයි.

  267. පුළුවුසුමි

  268. මැනැවැ මැනැවැ

  269. ගවුයැ

  270. මියුරුසර, ගිසර-මු

  271. අන්තරහිත වැ

  272. සෙස් එක්........ හැම

  273. කල්හි;

  274. මිනිස්හි, මිනිසුන්

  275. දෙවිකෙනෙක්

  276. පිළිවිස්නට

  277. ඇඳිලි බඳිමින්, වඳවමින්

  278. දෙව-මු

  279. ලෙස

  280. රහතුන්,

  281. කළවිරිගාථායෙන්-හැම,

  282. ලද්,

  283. තිබුරු

  284. වඳිමි-මු,

  285. සොසුලුවහට *සොසුළුවනට-යන තැන සිට පාළියට වෙනස් පරිදි පෙළගැස්මෙක් පොත්වලැ එයි

  286. කාමරාග දාහ,

  287. අවුස්

  288. නොදනී ද,

  289. මසකු සෙයින්,

  290. අගුබබුරු

  291. ඇති

  292. පළමුව,

  293. වරයක්

  294. දෙව්ලොවැ,

  295. රජය, ජය

  296. අලුතැ-මු:

  297. තන්ති ස්වර,

  298. ගීත ස්වරය,

  299. සසඳ,

  300. ගීත ශබ්ද,

  301. උපේක්‍ෂාවෙන්. උපෙක්‍ෂව

  302. උහුදු-හැම ‘කෙවලං’ - අටුවා

  303. නොගැලෙත් ‘න නත්‍ථි රජ්ජති,-අටුවා

  304. බුදුන් විසින් පන්සිකා දෙව්පිත් තම හට අවකාශ කළ,

  305. නැවත

  306. යන්න,

  307. කථා භූත වූ

  308. දියටිවිය, සිටවැටමන්,

  309. දෙවියන් යන

  310. අනවසරයෙ

  311. වෙසෙසයයි

  312. යටියෙමි, ආයටියෙමි-මු

  313. වැවටවැ

  314. මම් එක්......

  315. හඤ්ජවතී

  316. සිට

  317. ආකල

  318. සමවන්නේ යයි

  319. වඳියි

  320. තමාගේ, තමන්ගේ

  321. සමවන්නහ

  322. යමෙයිය, මෙයියත, මෙහෙයි-මු

  323. ගඳළ, ගඳකිළි

  324. පිරිවරා, පිරිවරින

  325. උහු (ඌ) බුදුන් පිරිකැපූ කල්හි වැනි විය

  326. තාගෙ නිමැ

  327. පෙරට වැ සිට

  328. සැදෑදුවක්

  329. අඹු

  330. මාරුව, ම ආදර වැ

  331. සග

  332. ධ්‍යාන, දැන්

  333. සුදම් දෙව්සභාවට

  334. ආහුයි

  335. යම්තාක්

  336. අවවිදිනා, ඇවිදුනා

  337. ඇසුහු

  338. උපදනෙම්

  339. මහණ ව

  340. උපන්නුව, උපන්ව, උපනුව

  341. එකක් වැ

  342. දුටු

  343. දුටුම්හ

  344. නැත්තාහයි

  345. උහු මාගේ

  346. උපදිති

  347. උපනුම්හැ

  348. අස අසා

  349. බඹලොතෙලෙහි

  350. අද

    * “එකබුදුන් ගෙ සස්නෙහි එකක් වැ පින්කම් කොට හීන වූ ගඳවු දෙවියන් කෙරෙහි උපන්හ. එක බුදුන් ගේ සස්නෙහි එකක් වැ පින්කම් කොට හීන වූ ගඳවු දෙවියන්න කෙරෙහි උපදනවුන් දක්නමෝ නො දුටමනා කෙනෙකුන් දුටුම්හ. තෙපි හිරිඔතප් නැත්තාවයි කී යැ.”

  351. පුළුවසුම්හයි

  352. කීහ

  353. කියමි

  354. කෙනෙක් හෝ ලොහො යම්

  355. සත්වකෙනෙක්

  356. කොව්, කොවු, කොප

  357. දෙයක් බෙදා......

  358. බන්ධ නයහ යි

  359. පුදකරමෝවයි

  360. වස්තු ඉසුරු

  361. දෙන්නාහු

  362. බිඳැයි

  363. බඳ

  364. මසුරන්

  365. විමෙන්

  366. කුමරුවන්ට

  367. තුබූ

  368. පෙර මැ

  369. ආයු

  370. නිවන්නා, වන්නා පහනක් වැනි

  371. උපන්බැව්හි

  372. වනාහි

  373. මෙහි තා

  374. වැඳ පැදකුණු

  375. උපද උපද

  376. සුදවස් තලයෙහි