18. බ්‍රහ්මදමන නම් පරිච්ඡේදය

බක නමු බඹහු[1] දැමු පරිදි කිසෙ යැ යත්:

බුදුන්[2] උක්කට්ඨා නම් නුවර නිසා සුභගවනයෙහි[3] සාලරාජමූලයෙහි වැඩැ වසන කල්හි, බක නම් බඹ හට පවිට්[4] ශාශ්වත දිට්හ[5] උපන්. බුදුහු උහු ගෙ අදහස් දැනැ දික් කළ අතක් වක් නොකරන තුරු ගොස් බඹ ලොවැ පහළ[6] වූහු.

බක නම් බඹ බුදුන් තමා කරා එනුවන් දැකැ, “මොබ එ. මෙ නිත්‍ය යැ. ධ්‍රැව යැ. ශාශ්වත යැ. මෙ බඹ ලොවැ මහලු වන්නෙක් හෝ මියන්නෙක් හො නැති, මෙයින් අනෙක් නිසරුණෙක්[7] ඇත්තෙ නොවෙ”යි කී යැ. මෙසෙ කියනුයෙ “මත්තෙහි[8] තුන් ධ්‍යානභූමි දු සතර මඟ සතර ඵල දු[9] නිවනුදු නැතී” කීවා වෙ.[10]

එකලැ “මොහයෙන් මුඪය,[11] බක බ්‍රහ්මය,[12] අනිත්‍යයට ‘නිත්‍ය’[13] යෙහි.[14] අධ්‍රැවයට ‘ධ්‍රැව’ යෙහි14 අශාශ්වතයට[15] ‘ශාශ්වත’10 යෙහි.14 ‘මෙහි මහලු වන්නෙක් හො මියන්නෙක් හො නැති’ යෙහි14 ‘මෙයින් අනෙක් නිසරුණෙක් ඇත්තෙ නොවෙ’ යෙහි14 අඳුරුවට වන්නක්හු වැන්නැ”යි වදාළො.[16]

එකල්හි මරදෙව්පිත්, “මහණ ගොයුම් කොහි ගියො හො!”යි[17] බලනුයෙ, බඹලො වඩන්නා[18] දැකැ, “මොහු බඹනට බණ කියා මාගෙ විෂය නොඉක්මවන තුරු ධම් දෙසුන් විනාශ කළ මැනැවැ”යි ගොස් බඹුන්[19] අතුරෙහි නොපැනී[20] සිටැ, බුදුන් බක බ්‍රහ්මයා ගර්හා කළ කල්හි, මහා බ්‍රහ්මතලවාසීන් හො බ්‍රහ්මපුරොහිතතලවාසීන් වෙරැ ආවිෂ්ට[21] වන්නට අසමර්ථ වූයෙ, බ්‍රහ්මපාරිෂද්‍යතල වැසි බඹක්හුගෙ ශරීරයෙහි ආවිෂ්ට21 වැ, “මහණ, මහණ, ඔහට නින්දා නොකරා. එ බඹ[22] මහබඹැ, හැම බඹුන් අභිභවයි. තෙමෙහෙ අනභිභූත යැ, සර්වදර්ශී යැ, හැමදෙනා තමා විසියැ වටයි, ලොකයෙහි ඉසුරැ, ලොකයා මැවුයෙ යැ. පොළොව් හිමගල් මෙරගල් සක්වළගල් මහ මුහුදු හිරි සඳ මුහු විසින්, මවන ලද්දෙ යැ, ලොකයට උත්තම යැ ‘තො ක්‍ෂත්‍රිය වා,[23] තො බ්‍රාහ්මණ වා,2 තො වෛශ්‍ය වා,2* තො ශුද්‍රවා, තො ගිහිගෙ ඔට්වා, තො ගොන්වා යි, යෙජි යැ.* උපන් සතුනු දු උපදනා සතුනු දු පියෙ යැ. හැම සත්හු මැ මුහු දරුවහැ.[24] මහණ, තට පෙරට වැ[25] ලොකයෙහි මහණ බමුණො වූහැ. ඔහු තා සෙයින් මැ ‘පොළොව අනිත්‍ය යැ. දුඃඛ යැ, ආත්ම යැ’යි ගැරහුහැ,[26] එසෙයින් මැදිය ගරහා, ගිනි ගරහා, බඹුන්[27] ගරහා, මියැ ගොස් සතර අපායෙහි උපන්හ. තා ගැරහුවා සෙ[28] එ නො ගරහා, ‘නිත්‍ය යැ, ධ්‍රැව යැ, ශාශ්වත යැ’යි පැසැස්සාහු මියැ ගොස් බඹලොවැ උපන්හැ. මහණ, මා තට කියන දැයෙක් නම් - බඹ යමක් කී ද, උහු කීවා කරන්නෙ යැ. උහුගෙ තෙපුල් නො ඉක්මෙන්නෙ යැ. ඉදින් තො බඹහු ගෙ තෙපුල් ඉක්මිණිහි නම්, ගෙට සිරි වදුත්[29] මොහොල්[30] ගත්තා වෙයි. මහණ, යම් පුරුෂයෙක් සියක් පුරුෂයක් පමණ ගැඹුරු ප්‍රපාතයෙකැ හෙන්නෙ, අතින් ගන්නට නිසි දැයක් හො පයින් ධරන්නට නිසි දැයක් හො නො ලදු වී නම්, ප්‍රපාතයෙහි ගොස් හෙයි. තො බඹහු ගෙ තෙපුල් ඉක්මිණිහි නම්, උහුට වූ දෑ තට වෙයි. මහණ, තො මෙහි මුළු දුන් බඹපිරිස් යශසින් හා ශ්‍රීයෙන් හා දිලියෙන සෙ දුටුයෙහි වෙහි ද? ඔහු හැම දෙන බඹහු ගෙ තෙපුල් පිදුවාහැ. තො ද බඹහුගෙ තෙපුල් නො ඉක්මැ උහු කීවා කරන්නෙහි විහි නම්, මොවුන් සෙ මැ යශසින් හා ශ්‍රීයෙන්[31] හා දිලියෙහි” යි කී යැ.

එකල්හි බුදුහු “පවිට, මම තා හඳුනමි.[32] මා තා නො හඳුනති[33] යි නො ගනැ[34] තො මාරයෙහි. මෙහිා යම් බඹ පිරිසෙක් ඇද්ද, උහු හැම තා හස්තගතයහැ,[35] තට වශග යහැ. ‘මෙ මහා හස්තගත යැ; මෙ මට වශග යැ” යනු දු තට දැනෙයි. මම් වනාහි තා හස්තගතයෙම් නොද වෙමි. තා වශගයම් නො ද වෙමි” වදාළො.

එකල්හි බක නම් බඹ “මම නිත්‍යය මැ[36] නිත්‍ය යැ[37] යෙමි. ධ්‍රැවය මැ[38] ධ්‍රැව යැ යෙමි. ශාශ්වතය[39] මැ ශාශ්වත යැ යෙමි. යම් තැනෙක්හි වූවො මැ මහලු නො වදේද, නො මියෙද්ද, අනෙක් නිසරුණෙක් නැද්ද, එ මැ කියමි. මහණ, තට පෙරට ව මැ ලොකයෙහි මහණ බමුණො වූහැ. ඔහු මහත් තව ඇත්තාහැ, මෙයින් අනෙක් නිසරුණක් නුදුටහැ. තො ද මෙයින් අනෙක් නිසරුණක් නොදක්හි.[40] හුදෙක් තට වෙහෙසයෙක් මත්න[41] තා සිතන්නෙ යැයි. ඉදින් තො පොළොව් ආදීන් තෘෂ්ණාමානදෘෂ්ටීන් තහවුරු කොටැ ගත්තෙහි විහි නම්, මා යන කලැ, වැළත ගෙනැ යනු ලැබෙයි. සිටුනා කලැ වැළැතැ සිටුනා ලැබෙයි. හිඳුනා කලැ, වැළැතැ හිඳුනා ලැබෙයි. හෝනා කලැ, වැළැතැ හෝනා ලැබෙයි. මා කෙරෙහි මට අරක් ගෙනැ සිටුනා ලැබෙයි. මම් තා කැමැත්තෙන් කෙරෙමි. සෙස්සන් හැරැ තා ඇතුළත් කෙරෙමි. නො එසෙ විහි නම්, හිරිහි[42] කොළගසටද් වඩා තා බිමැ ඇපිළි කෙරෙමි”යි කී යැ.

එකල්හි බුදුහු “මෙ බඹ මානනිඃශ්‍රිත යැ. ‘මම් දන්මි’ යි ගත්තෙ යැ. තමාගෙ යශසින් මතැ. තමා වෙර පහරනට නිසි කිසිවක්හු නො දක්කි. මුහු නිගත මැනැවැ”යි සිතා

“මම් තා ගෙ ගති දු දන්මි. ජුති[43] ද දන්මි. බකබ්‍රහ්ම මෙසෙ මහර්ධික යැ; මහානුභාව යැ; මහෙශාඛ්‍ය යැ යනු දන්මි”යි වදාළො. එ “කිසෙ යැ හො දන්නා පරිදි යැ”යි කී යැ.

බුදුහු “හිරි සඳ දෙදෙනා දස දිසා බබුළුවමින් ඇවිදුනා තාක් තැන් එක් සක්වළෙන් වෙයි. මෙසෙ වු සක්වළ දහසෙකැ[44] තා වසය[45] වැටෙයි. මෙ සක්වළ ඇතුළු වැ සක්වළ දහසැ හීනප්‍රණීත සත්ත්වයන් දන්හි. ‘මෙ සරාග යැ, මෙ විරාග[46] යැ’ යනු දන්හි උපදනවුන් නස්නවුන් දන්හි. තො වනාහි ‘ඉතා මහත්මී’ ගත්තෙහි. තො නම් සහස්‍රී බඹෙක්හි. තට වැඩි සිටි ද්විසහස්‍රී ත්‍රිසහස්‍රී චතුස්සහස්‍රී පඤ්චසහස්‍රී දශසහස්‍රී ශතසහස්‍රී බඹුන්ගෙ පමණ නැති. තො සතර රියන් කඩෙකැ[47] පමණ ගන්නට ව්‍යායාමයක් කරනුවක්හු වැන්නෙහි”යි නිගත්හු. නිගෙනැ, “බ්‍රහ්මය, අනෙක් තුන් ධ්‍යානභූමියෙක් ඇති. එයින් තා සැවැ ආ පරිදි තො නොදන්හි. මම දන්මි. මෙසෙ දැන්මෙන් තො මා හා නොසමයෙහි. මම තට වැඩි සිටියෙමි”යි වදාළො.

මොහු තුන් ධ්‍යානභූමියෙන් සැවැ ආ පරිදි කිසෙ යැ යත්:

මෙ බඹ අබුද්ධොත්පාදයෙහි තවුස් පැවිජි වැ[48] කිසුණු භාවනා කොටැ සමවත් උපයා ධ්‍යානයෙන් නො පිරිහී මියැ සතරවන ධ්‍යාන භූමි යැ. වෙහප්ඵල නම් බඹතෙලෙහි, පන්සියක් කපට ආ ගෙනැ උපනැ. එහි දු ආ පමණින් සිටැ එයින් පාන උපදනට තුන් වන ධ්‍යාන[49] පිණි කොටැ භවා, සුභකිණ්ණ නම් බඹකෙලෙහි සූසැට කපකට ආ ගෙනැ උපන. එහි දු ආ පමණින් සිටැ එයින් පාත උපදනට දෙවන ධ්‍යාන පිණි කොටැ භවා ආභස්සර නම් බඹ තෙලෙහි අට කපකට ආ ගෙනැ උපන. එහි දු ආ පමණින් සිටැ එයින් පාත උපදනට පළමු වන ධ්‍යාන පිණි කොටැ භවා මහාබ්‍රහ්ම[50] නම් බඹතෙලෙහි කපකට ආ ගෙනැ උපනි. හෙ තමා[51] කළ පින්කමුදු උපන් තැනුදු දති.[52]

කල් යත් යත්, දෙ මැ සඳහන් නොකොටැ සස්සතදිට්ඨි ගත්. එ සඳ බඹ “මහණ ගොයුම් මාගෙ ආයුදු උපන් තැනුදු පෙරැ කළ පින් කමුදු දන්නි. ඔස, මොහු පුළුවුත මැනැවැ”යි සිතා, තමා[53] පෙරැ කළ පින්කම් පිළිවිත. බුදුහු වදාළො.

කිසෙ යැ යත්:

පෙර මෙ බඹ කුලගෙකෙක් හි උපැදැ කාමයෙහි ආදීනව දැකැ ‘ජරාමරණින් මිදී ගිය මැනැවැ’යි ගිහිගෙන් නික්මැ ඉසිපැවිජියෙහි පැවිජි වැ ධ්‍යාන උපයා අභිඥලාභී වැ ගඟක් අසැ පන්සලක් කොටැ ගෙනැ දහන්සමවතින් දවස් යවයි. එකල්හි සත්වාවො පන්සියයක් ගැලැ[54] බඩු පුරවා මරු කතර පිළිපන්හැ. එවුදු එක්තරා හුණු වැල්ලෙකැ, දාවල් නොඇක්මිය හැක්කෙන්, රෑ රෑ ගමන් යෙත්. එහි පළමු යන[55] ගැල අග්වියෙහි[56] බඳ ගොන්හු යෙමින් සිටැ ආ මඟ බ ලා නැමුණාහැ. හැම ගැල්හු එ ගැල ගිය නියායෙන්මැ ගියො. හිරු නැඟි කලැ ගැල් නැවති බව දත්හු. හෙ ඔවුන් කතර ඉක්මැ යන දවස යැ. දිය දර හැම හී ගියෙ යැ. මිනිස්හු “දැන් කලි අප දිවි නට”යි[57] සිතා ගොනුන් ගැල්සකැ බැඳැ-පියා ගැල්සෙයෙහි වැද හොත්හු.

තවුස් වනාහි පන්සලින් නික්මැ පන්සල් දොරැ හිඳැ ගඟ බලනුයෙ, ගඟ මහත් වතුරෙන් පිරී, වැටෙමින් එන මිණිකඳක් සෙයින්, එන්නා දැකැ, “මෙ ලොව්හි මෙබඳු මියුරු දිය නොලදින් නස්නා සත්හු හා ඇති හො!”යි අවජනෙ, මරුකතරහි සත්වාවන් දැකැ “මෙ සත්හු නො නසිත්ව’යි, මෙයින් මහත් දිය කඳෙක් කැඩී මරුකතරැ සත්වාවන් කරා යෙව”යි ඉටී යැ. එමැ විගස ඇළින් යන දිය සෙයින් දිය එයට ගියෙ. මිනිස්හු දිය දැකැ සතුටු සොම්නස් වැ නහා පැන් බී ගොන් පැන් පොවාගෙනැ සුවයෙන් තමන් කැමති තැනට ගියො.

මෙසෙයින් බුදුහුමහබඹහු පූර්වයෙහි ගිමනැ[58] නස්න මිනිස්නට පැන් දුන්සෙ වදාරා, එවුහු මැ ගෙ[59] අනෙක් පින්කමක් දැක්වූහු.

කිසෙ යැ යත්:

එ බඹ අනෙක් අත් බැවෙකැ එසෙයින් මැ පැවිජි වැ ගඟක් අසැ පන්සලක් කොටැ-ගෙනැ වලැ වු ගමක්[60] නිසා වෙසෙයි. එකල්හි සොරහු ගම් පැහැරැ අත්සරු[61] රුවන් ගෙනැ, ගෙරි ගෙනැ, එහි මිනිසුන් ලවා ගෙන්වා-ගෙනැ, යෙති. ගෙරි දු බල්ලො දු මිනිස්හු දු මහ හඬින් හඬති. තවුස් එ හඬ අසා, “කිම හො!”යි අවජනෙ, මිනිස්නට භය උපන් බව දැකැ, “මා දක්නා සෙමෙ සත්හු නො නසිත්ව”යි දහස් සමවැදැ නැඟී, සොරුන් පෙරමඟැ සිවුරඟ සෙනඟ මැවීයැ. සොරහු බෙරැ අතොවමින්[62] එන සෙනඟ දැකැ, “රජ ආ වනැ”යි තමන් තමන් ගත් වොලො දමා-පියා වැලෑහ. තවුස් “යමෙක් යමක්හු ගැත්තෙ ද, හෙ ඔව්හට මැ වෙව”යි ඉටී යැ. හෙ එසෙ මැ වියැ. ගම්වැස්සනට සෙත් වී.

මෙසෙ බුදුහු එ බඹහු පූර්ව ජන්මයෙහි සොරුන් ලුහුබැඳැ පියා ගම්වස්සනට සෙත් කළ පරිදි වදාරා, උහු මැ ගෙ අනෙක් පින්කමක් දැක්වූහු.

කිසෙ යැ යත්:

එ බඹ අනෙක් ජන්මයෙක්හි එසෙයින් මැ පැවිජි වැ ගඟක් අසැ පන්සලක් කොටැ-ගෙනැ වෙසෙයි. එකල්හි උඩු ගඟැ වැසි එක් කුලෙක් යටි ගඟ වැසි එක් කුලක් හා සමඟ මිත්‍රකම් කොටැ නැව් හඟුළු බැඳැ, බොහො කන බොන දෑ දුගඳ මලු දු නැවට නඟා-ගෙනැ දියපිටින් එති. මිනිස්හු කමින් බොමින් නටමින් ගයමින්[63] දෙව් විමනෙකින් යනුවන් සෙයින් සොම්නස්හැ. එ ගඟැ වසන නාගරාජ දැකැ දැහැවැ, “මොහු මා ඇති යන සිතු දු නො කෙරෙති. දැන් මොවුන් මුහුදුබත් කළ මැනැවැ”යි මහත් අත්බවක්[64] මවා, දිය දෙකක් කොටැ පළා-පියා නැඟී, පැණය[65] කොටැ සුස්මමින් සිටියෙ යැ. මිනිස්හු දැකැ බියපත් වැ හඬා නැංග යැ. තවුස් පන්සලැ හුන්නෙ, එ හඬ අසා, “මෙ හු ගයමින් නටමින් සොම්නස් වැ එති. දැන් වනාහි භයරවයෙන්[66] හැඬූහු. “කිම හො!”යි අවජනෙ, නා රජු දැකැ, “මා දක්නා සෙ මෙ සත්හු නො නසිත්ව”යි යන සිතින් සමවත් සමවැජැ නැඟී ගුරුළු වෙසක් මවා-ගෙනැ නා රජහු දැක්වී යැ. නා රජ බියපත් වැ පැණය හකුළුවා-ගෙනැ දියෙහි ගැලී ගියෙ. මිනිස්නට සෙත් වී.

මෙසෙ බුදුහු එ බඹහු පූර්ව ජන්මයෙහි ගුරුළුවෙස් ගෙනැ නාරජහු ලුහුබැඳැ - පියා නැවැ මිනිස්නට සෙත් කළ පරිදි වදාළො.

මෙසෙ බඹහු බක ජාතකාදි නොඑක් අත්බැවැ කළ දෑ බුදුහු වදාළහ. බුදුන් කියත් කියත්, ඔහු පූර්ව ජන්මයෙහි කළ පින්කම් දහස් දිලියෙන ගෙකෙක්හි රූ සෙ පහළ වී එ සඳ එ බඹ බුදුන් කෙරෙහි පැහැද, “තෙපි මාගෙ වෑත්තා මතු දන්නා නොව.[67] තොප නො දන්නා දෑ නම් නැති. එයින් මැ තොප දිලියෙන අනුභාව සියලු බඹලො බබුළුවමින් සිටියෙ යැ”යි කී යැ.

එකල්හි බුදුහු බඹහු ගෙ දුලද් බිඳුනට “පඨවිං ඛො අහං බ්‍රහ්මෙ” යනාදීන් අසමතා[68] දැක්වූහු. මෙහි විස්තර මැදුම්සඟියැ බ්‍රහ්මනිමන්තණිය සුතින් දන්නෙ යැ.

එ බඹ තමා ගත් ගත් ලද[69] බුදුන් විසින් විහිදුවා-පි කල්හි ගන්නට නිසි කිසි දැයක් නො දැකැ, ලළිතකම් කටටි වැ, “ඔස මම් අතුරුධන් වෙමි”යි කී යැ. පොහොසත් විහි නම්, අතුරුධන් වා. තො අතුරුධන් වන්නට නො හැක්කෙහි”යි වදාළහැ. හෙ “සෙස්සනට අවිෂය වූ සියුම්[70] මුල් පිළිසඳට[71] ගොස් අතුරුධන් වෙමි”යි සිතී යැ. බුදුහු “මෙ බඹ මුල් පිළිසඳට නොයෙව”යි ඉටුහු.[72] එයින්[73] හෙ අතුරුධන් වන්නට නො නිසි වියැ. “අතුරුධන් වෙමි”යි[74] සිතා විමන්හි හැලෙයි.[75] කප්රුක්හි හැලෙයි.9 උළුළයෙන්[76] හිඳී[77] උහු දැකැ බඹහු* “මෙ බක බ්‍රහ්ම විමන්හි හැලෙයි.9 කප්රුක්හි හැලෙයි.9 උළුළයෙන් හිඳී. තො ‘අතුරුධන් වීම’යි සිතූයෙහි” යි පරිහාස කළහැ. මෙ බඹුන්* විසින් පරිහාස කරන ලද්දේ, දළ බුන් සපක්හු සෙ තොප නැති වී යැ. මන් නැති වී යැ.

එකල්හි බුදුහු එ බඹ හට “මම් අතුරුධන් වෙමි”යි වදාළො. ‘පොහොසත් වුව අතුරුධන් වා”යි කී යැ. එ සඳැ බුදුහු “මෙ බඹ ලො වැසියො මා නො දකිත්ව යි; බස් අසත්ව”යි ඉටා හුනස්නෙහි මැ අතුරුධන් වැ වැඩ හිඳ-

“භවෙ චා’හං භයං දිස්වා භවඤ්ච විභවෙසිනං,

භවං නාභිවදිං කිඤ්චි නන්‍දිඤ්ච න උපාදියිං”

යන මේ ගාථාව වදාළහැ. අතුරුධන් වැ හිඳැ මෙ ගය කුමට වදාළහ යත්: බඹගණා “මහණ ගොයුම්හු මෙ තැනැ ඇති බව් කවුරු දනිද්ද!”යි කියන්නට අවකාශ නොදෙනු සඳහා වදාළො.

මෙයින් බඹ ලොවැසියො බුදුන් ගෙ සෘද්ධිප්‍රාතිහාර්යය දැකැ, “ඇපි මෙසෙ වූ සෘද්ධිප්‍රාතිහාර්යය කරන මහණ බමුණු[78] කෙනකුන් පෙරැ නොදුටු විරීම්හැ. නොද ඇසු[79] වීරිම්හ”යි විස්මිත වැ ගුගුළො.

මෙසෙ[80] සිවුසස් දිස්වා බුදුහු ධම් දෙසුහු. දස දහසක් බඹහු* රාත් වූහු. මෙසෙයින් බුදුහු තමන් අනුත්තර වූ ‘පුරුෂදම්‍යසාරථී වන බැවින් බක ආදි බ්‍රහ්මයන් දමා අමා මහනිවන් පැමිණිවූහ.

x x x x

මෙ සෙයින් තුන් ලොව්හි සැරිසැරැ[81] උපාලි ගහපති ඈ සිට්නුදු, කූටදන්ත ඈ බමුණනුදු[82], අජාසත් ඈ රජුනුදු, අඟුල්මල් ඈ සොරුනුදු[83], සභිය ඈ පරිබ්‍රාජකයනුදු, සච්චක ඈ නුවරදරුවනුදු, පාඨිකපුත්‍ර ඈ නුවටනුදු, සච්චබද්ධක ඈ ජටිලයනුදු, බාවරි ඈ තව්සනුදු, සාක්‍යභික්ඛු ඈ මහණනුදු, නන්දොපනන්ද ඈ නාගරාජයනුදු, නාලාගිරි ඈ මහානාග යනුදු, ආළවක ඈ යක්ෂයනුදු, රාහු ඈ අසුරනුදු[84] සක්දෙව් රජහු ඈ දෙවියනුදු, බක ඈ බඹනුදු දමා අමා මහනිවන් පමුණුවමින් තරුපිරිවර ලද පුන්සඳහු[85] සෙයින්, පිරිබද්ධ පවු පිරිවර ලද රුවන්මෙර සෙයින් පත්පෙළ පිරිවර ලද පියුම් කෙමියක් සෙයින් අරීගණ[86] පිරිවරා දෙව්රම් මහ වෙහෙරැ වැඩැ විසූහැ බුදුහු

“සසී’ව තාරාගණසම්පුරක්ඛතො

ගිරී’ව මෙරූ පරිභණ්ඩගන්තරෙ,

සරෙ සුඵුල්ලම්බුජකණ්ණි කූපමො

වසී ජිනො ජෙතවනෙ පහඞ්කරො”

බුදුගුණ අනන්ත වන බැවින් නව ගුණය හැම කියත්, නො පිළිවතින් එහි ‘පුරිසධම්මසාරථී’ යන පදය ගෙනැ, විස්තර කෙරෙමින් දුර්දාන්තදමන යැ* ස්වසන්තානදමන යැ පරසන්තානදමන යැ ගෘහපතිදමන යැ බ්‍රාහ්මණදමන යැ රාජදමන යැ චොරදමන යැ පරිබ්‍රාජකදමන යැ මාණවක දමන යැ දිගම්බරදමන යැ ජටිලදමන යැ තාපසදමන යැ භික්ෂුදමන යැ නාගදමනය යැ යක්‍ෂදමන යැ අසුරදමන යැ දෙවදමන යැ බ්‍රහ්මදමන යැ යන අටළොස් පරිච්ඡේදයෙකින් පිරිසුන් මෙ ගත් කරන මා විසින් යම් පින්කමෙක් ගගනොපම කොටැ රැස් කරන ලදු ද, එ පින්කම් ගගනොපම හැම සත්ත්වයනට පැමිණෙවා.

යාව තිට්ඨති සෙලින්දො - යාව චන්දො විරොචතී,

තාව තිට්ඨතුගන්ථො’යං - පසාදෙන්තො මහාජනන්ති.

ගුරුළුගොමින් විසින් කරන ලද අමාවතුරු නම් ‘පුරිසදම්මසාරථී’ පද වර්ණනා නිමි.

බුදුගුණ මුත් තෙපුල් - මෙත්බහවුත් මුත් සිත්

නොවෙ වා කෙණෙක්හි දු - පරවැඩ මුත් පියො මා.

  1. බඹු

  2. බුදුහු

  3. සුභවනයෙහි

  4. පවිට, පවිටු

  5. සහස්වත දිටහ, දිටුහ

  6. පාළ

  7. නිසරු කෙනෙක් (කෙනෙක්)

  8. මත්තේ

  9. ද්

  10. කීව වෙ

  11. මුඪව, මුඪයව

  12. බකබඹ

  13. නිත්‍යය (යැ)

  14. යෙයි

  15. අසහස්වතයට

  16. සහස්වත (යැ)

  17. කොහියැ හොයි

  18. වඩනන් වඩන්නන්-මු

  19. බඹු

  20. පෙනී

  21. ආවෙශ

  22. එ බඹනම් (ම්)

  23. දරුවාහ

  24. පෙරට මැ, පෙර මැ

  25. හැරවූහු, ගැරවූහු, ගැරපූය

  26. බඹහු-හැම, බඹපුත්-මු ‘පජාපතිගරහකා’-පෙළ ‘මාරො පජාපතී’-අටුවා

  27. සේම

  28. වදුවන්

  29. මොළු, මොල්,

    * ‘තො ගෘහපතිවා’ යනුදු පොත්වල එතත් අටුවාහි නැත.

    * ‘තො ගොත්වා, ගෙන්වා සියැ’ - පොත්වල එන සැටියි.

  30. ශ්‍රියායෙන්,

  31. හඳුනෙමි,

  32. නො හඳුනෙතියි,

  33. නො ගණු-මු:

  34. සහස්තගතයහ,

  35. නිත්‍යයට,

  36. නියත,

  37. ධ්‍රැවයට,

  38. ශාශ්වතයට

  39. නො දක්හිදු,

  40. වන් තැනැයි, මතනයෙක්,

  41. ගිරිහි, හිරිඟි.

  42. වුති,

  43. දහසෙක්,

  44. විසියැ, විෂයැ විසියැටිවෙයි,

  45. වීතරාගය,

  46. කඩ

  47. තවුස්, තවුස් පැවිජියෙහි පැවිජිවැ,

  48. පළමු තුන් ධ්‍යාන,

  49. මහා බ්‍රහ්ම තල,

  50. හෙ පළමු තමා-මු

  51. දන්නි, දන්ති

  52. මා

  53. ගැල්

  54. පළමුවන

  55. අගවියෙහි

  56. නටයයි

  57. ගිමැ

  58. මාගෙ

  59. වලගමක්, වලෙව්ගමක්, වල්ගමක්-මු

  60. අත්සර

  61. අන්වමින් අනොවමින්-මු

  62. වයමින්

  63. අත්බැව්

  64. පණය, පැණ

  65. භෛරවයෙන්

  66. නො වව-මු

  67. අසමසමතා

  68. දුලද(ද්)

  69. පියුම්

  70. පිළිසිඳ

  71. සිතූහ

  72. මෙයින්

  73. වීමයි

  74. ගැලෙයි

  75. උත්පලයෙන්, උඵලයෙන්,

  76. හිඳ

    * බුදුහු-හැම “බ්‍රහ්මගණො” - අටුවා

    ‘තොප දිලියෙන අනුභාව ඇත්තෙය’-හැම

  77. මාණබමුණු

  78. ඇසි

  79. මෙසෙයින්

  80. සැරිසරා, සැරිසර, සැරිසැරු-මු

  81. බමුණුදු

  82. සොරනුදු

    * බුදුන් - හැම “බ්‍රහ්මගණෙන උප්පණ්ඩිතො”-අටුවා.

    * දහසක් - හැම, “දසමත්තානි බ්‍රහ්මසහස්සානි”-අටුවා.

  83. අසුරයනුදු

  84. පුන්සඳක්, පුන්සඳක් හු

  85. ආරිය ගණයා

    * දමනා-යන ආකාරාන්ත රූපය ද ඇතැම් පොත්හි හැම තැනැ මැ යෙදුසෙ සළකන්නෙ යැ.