16. අසුරදමන නම් පරිච්ඡේදය

star_outline

රාහු නම් අසුරා[1] දැමු පරිදි කිසෙ සැ යත්:

එක් සමයෙක්හි බුදුහු විශාඛාවන් විසින් කරවන[2] ලදු[3] පුවරම් වෙහෙරැ මුවරමා මහපහයැ[4] වැඩැ වෙසෙති. විසාඛාවො නම් කිසෙ වු[5] කෙනෙකැ යත්:

අතීතයෙහි ලක්‍ෂයක් කැපින් මත්තෙහි පියුමතුරා[6] නම් සම්මා සම්බුදු කෙනෙක් ලෝකයෙහි උපන්හු. ඔහු නොඑක් කප් කෙළ සුවහස්හි[7] පැරුම් පුරා තුසීපුරැ උපැදැ[8] දස දහස් ලොධාහි දෙව්බඹුන් ගෙ අයජමෙන් තුසීපුරෙන් සැවැ, හවුරුදු ලක්‍ෂයකට ආ[9] ඇති කල්හි හංසවතී නම් නුවරැ ආනන්ද නම් රජු පිණිසැ සුජාතා නම් දෙවිය කුසැ පිළිසිඳ ගෙනැ, දස මස් ඇවෑමෙන් හංසවතී නම් උයන්හි මවුකුසින් වලාගැබින්[10] නික්මුණු පුන්සඳක් සෙයින් නික්මැ, හංසවාහන[11] නම් යසොවාහන[12] නම් වසවත්ති[13] නම් තුන් පහයැ එක් ලක්‍ෂවිසි දහස් නළුවන් පිරිවරා දසවා දහසක් වාස කොටැ, වසදත්තා නම් අගමෙහෙස්න උත්තර නම් පුතකු ලද කලැ, සතර නිමිත්ත දැකැ, “මහභිනික්මන් කෙරෙමි” යි සිතුහැ. සිතු විගස මැ වසවත්ති13 නම් පහය කුඹල් සකක් සෙයින් හමා[14] දෙව්විමන් සෙයින් මැ අහසට නැඟී පුන් සඳක් සෙයින් ගොස් මහබො මධ්‍ය කොටැ බිමට බට.

මහාබොසතාණො[15] පහයින් බැසැ කඩුයෙන් කෙහෙ කපා මහබඹු අළ පාසිවුරු ගෙනැ පැවිජි වූහු. ඔවුන්[16] පැවිජි වූ කලැ, පහය ගොස් සිය තන්හි මැ තුබුයෙ යැ. ඔවුන්16 හා ආ තාක් දෙන,[17] මාගමුන් විනා, හැම පැවිජි වූහු. බොසතාණො ඔවුන් පිරිවරා සතියක් පධන්හි සැරැ වෙසඟ පුනුපොහොයැ උජ්ජයිනි නම් නියම් ගම්හි රුචිනන්දා නම් සිට්දුව[18] දුන් මීපිඬු[19] වළඳා සල්වෙනෙහි[20] දිවාවිහාර කොටැ, සවස් වෙලෙහි සුමිත්ත[21] නම් ආජීවකයන්හු දුන් අට මිටක් තණ ගෙනැ, සළල මහබොයට එළබැ පැදකුණු කොටැ අටතිස් හත් පමණ පලග මත්තෙහි පැදුන් ලොධා[22] බලා වැඩැහිඳැ සියුරඟ වැර ඉටා[23] මාරවිජය කොටැ සව්නදෙැනැ උදන් අනා, සතියක් මහබොපලග මතුයෙහි වැඩැහිඳ, දකුණු පය පොළොවට එළවුහු. එ කෙණෙහි පොළොව පැළී අනු හත් පෙති ඇති, තිස්හත්[24] කෙසුරු ඇති, දොළොස් හත් කෙමි[25] ඇති, නව කළක්[26] පමණ මුවරඳ රොන් ඇති, මහ පියුමෙක්[27] නැඟී පය පිළිගත.

බුදුහු උස, අටපනස්හත්තැ,[28] දෙ බාහු අතුරැ අටළොස් හතැ අතුල්පතුල් එකොළොස් හතැ. ඔවුන් ගෙ එකොළොස් හත් පත්ලෙන් දොළොස් හත් පියුම් කෙමියෙහි ඇක්මෙත් මැ.[29] නව කළක්[30] පමණ රන්සුදු බඳු මුවරඳ රොන් සළා අනවලොමුඳුන් දක්වා නැඟී, අටපනස්හත් රන්වන් සිරිරු ලාරස පරිෂෙකයක් සෙයින් වසා-ගෙනැ බස්සි, වම් පය ද පොළොවට එළවූ කලැ එ මැ නියායෙන්[31] පියුමෙක් නැඟී එ පය ද පිළිගතැ. එයිනුදු[32] මුවරඳ රොන් සළා එසෙයින් මැ නැඟී එ සෙයින් මැ බස්සි. එ රොන් අභිභවමින්[33] එ බුදුන් ගෙ ශරීරරශ්මි යතුරුනළින් වුහුට් රන්රස ධාරා සෙයින් නික්මැ හාත්පස්හි දොළොස් යොජනක් තන්හි රැයිත්[34] දෙවෙත්[35] එකලු[36] කොටැ පැතිරැ සිටී. තුන් වන පියවර නඟන කලැ පළමු නැඟී පියුම අතුරුධන් වෙයි. අනෙක් අලුත් පියුමෙක් නැඟි පය පිළිගන්නි. මෙ නියායෙන් එ බුදුන් යම් තැනකට වඩනා කල්හි පියෙහි පියෙහි පියුම් පිපෙයි. එයින් ඔව්නට ‘පියුමතුරාසම්මාසම්බුදුහ’ යන නම් වී.

ඔවුන් උපන් දවස්හි දු බුදු වූ දවස්හි දු දස දහස් ලොධා සදා පියුම්වැසි වට මැයි. බුදුහු මහබඹහු ගෙ අයජමෙන් විජෙනනන්[37] බලනුවො, මියුළුපුර[38] නම් නුවරැ දෙවල නම් සුජාත[39] නම් රාජපුත්‍රයන් දෙදෙනා දැකැ, අහසින් ගොස් මියුළුවන[40] නම් උයන්හි බැසැ, උයන්පල්ලා අත රජකුමරුන් දෙදෙනා හට තමන් වැඩි පරිදි කියා යවුහු. ඔහු “අප නැන්දණියන් පුතණුවො, බුදුහු වැඩියහැ. ඔවුන් දක්නට යම්හ”යි සහපිරිවරින් ගියො. බුදුහු ඔවුන් පිරිවරා එහි වැඩැහිඳ ධම්සක් පැවැත්වූහු. එ දවස් කෙළ ලක්‍ෂයක් දෙනා හට ධර්මාභිසමය වී.

එක්බිති සරද නම් තාපසයා ගෙ සමාගමයෙහි සැත්තෑ ලක්‍ෂයක් දෙනා හට අභිසමය වී. එකල්හිා බුදුන් පිය මහරජ බුදුන් වඩා-ගෙනැ එනු කොටැ ඇමැත්තන් විසි දෙනකු හා සමඟ විසි දහසක් පුරුෂයන් යවි. ඔහු හැම දෙන එහි භික්‍ෂු භාවයෙන් පැවිජි වූහු. ඔවුන් පිරිවරා හංසවති නුවර ගොස් කිඹුල්වත් නුවර වැඩි[41] අප බුදුන් සෙයින්, රුවන් සක්මන්හි සක්මන් කරනුවො බුද්ධවංශ වදාළහ. එ දවස් පනස් ලක්‍ෂයක් දෙනා හට[42] අභිසහය[43] වි.

එකල්හි තීර්ථකයො නැති වූහු. කිසෙ යැ යත්: ගෙවැසියො[44] උනට අහර නොදෙති. රටින් නෙරති.[45] ඔහු ඔවුන් විසින් අහර නොදී නෙරනා ලද්දාහු. හැමදෙන ගොස් බුදුන් මැ සරණ ගියො. එ බුදුනට දෙවල නම් සුජාත නම් මහතෙරහු දෙදෙනෙක් අගසවු වූහු. සුමන නම් මහතෙර කෙනෙක් අග උවටා වූහැ. අමිතා නම් අසමා නම් ථෙරීහි[46] දෙ දෙනෙක් අගසැවි වූහු.

මෙසෙ පියුමතුරා සම්මා සම්බුදුන් හංසවතී නුවර නිසා උයන්හි වැඩැ වසන කල්හි, එ නුවරැ එක් කුදුවක් නුවර වැස්සන් ගඳ මල් ගෙනැ, බණ අසන්නට යනුවන් දැකැ, ඔවුන් හා වෙහෙර ගොස් බණ අසන්නී,[47] බුදුන් එක් උපාසිකාවක දායිකාවනට අග තන්හි තබනුවන් දැකැ, “මම දු අනාගතයෙහි එක් බුදු කෙනකුන් ගෙ සස්නෙහි දානාහිරත උපාසිකාවනට අගතන් පත්තෙම් වීම්[48] නම්, මැනැවැ”යි සිතා දෙසුන් අවසන්හි එ බුදුන් කරා එළබැ. වැඳැ පවරා ගොස්, පරිජනයන් කැඳවාගෙනැ දන්වැට සරහනු කොටැ යොදා, මඬුවක් කරවා උඩ විසිතුරු වියන් බැඳැ, රන්තරු රිදී තැරමිණිතරයෙන් හා ගඳදම්[49] මල්දම්[50] රුවන්දමින්[51] සදා, බිම සිවු දෑ ගඳින් පිරිබඩ ගෙනැ[52] මහාරහ අසුන් පනවා, බුදුන් සඟුන් වඩා හිඳුවා සිය අතින් දන් දී, එ නියායෙන් බුදුපාමොක් සඟනට මහදන් දී, සති අවසන්හි සිවුරු පිළි දී, බුදුන් පෙරට බැසැහෙවැ වැඳැ, “වහන්සෙ, මා සත් දවසක් බුදුපාමොක් සඟනට සත්කාර[53] කළ පින්කැමින්[54] අනාගතයෙහි තොප සෙ මැ වු එක් බුදු කෙනකුන් ගෙ සස්නෙහි දානාහිරත උපාසිකාවනට අගතන් පැමිණෙම්ව”යි පැතුව.[55]

බුදුහු “අනාගතයෙහි ලක්‍ෂයක් කප් ගිය කලැ ලොකයෙහි ගෞතම[56] නම් සම්මා සම්බුදු කෙනෙක් උපදිති, තො විශාඛා නම් සිට් දුවක් වැ දායිකාවන් කෙරෙහි අගතන පැමිණෙහී” වදාළො. හො දිවිපමණින් දන් දී සිල් රැකැ පෙහෙ වැ බණ අසා බොහො පින්කම් කොටැ දෙව්ලොව්හි උපදැ,[57] දස පැරුමෙන් නො වියො වැ,[58] දිවි සැපත්[59] මිනිස් සැපත් වළඳා කප් ලක්‍ෂය ගෙවා-පියා, කසුබු[60] සම්මා සම්බුදුන් දවසැ කිකි නම් කසී රජක්හු දුහුන් සත්දෙනා හට සග වැ උපනු.[61] එසත් බිහින්න මැ[62] සඟුන් කෙරෙහි බණ අසා තුණුරුවන්හි පැහැදැ සත් දෙන සත් පිරිවෙනක් කරවා සඟනට මහදන් දී, පතිකුලයට නොගොස් දස සිල් සමාදන් වැ, විසි දහසක් හවුරුදු[63] බඹසර වස් රැකියො. එ බුදුරජයෙහි-

“සමණි සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදායිකා

ධම්මා චෙව සුධම්මා ච සඞ්ඝදාසී ච සත්තිමා”

යන මෙ සත්බිහින්න[64] මෙ බුදුරජයෙහි -

“ඛෙමා උප්පලවණ්ණා ච පටාචාරා ච ගොතමී

ධම්මදින්නා මහාමායා විසාඛා චෙව සත්තිමා”

යන මෙ සත් දෙන[65] වූහු.

මොවුන් කෙරෙහි සඞ්ඝදාසී නම් රජකුමරී,[66] එක් බුදු තුරක් දෙවි වැ මිනිස් වැ[67] මහසැපත් වළඳා, මෙ බුදුරජයෙහි අඟු රට භද්දිය නුවර මැඩ මහසිටහු පුතු[68] ධනඤ්ජය සිටහු දුව විසාඛා නම් වැ, සත් හැවිරිදි කුලැ පන්සියයක් කුමරියන් හා සමඟ සියනුවර එන බුදුන් පෙර මඟට ගොස්, පළමු දස්නෙහි මැ සොවන් වැ, පස් කලණ ගුණෙන් පිරිහුන්[69]වැ, විය පත් කල්හි, සැවැත් නුවරැ මුවර[70] සිටහු පුතු පුණ්‍යවර්ධන නම්[71] සිට්දරුවා කෙරෙහි වැසැ, සුහුරු මුවර සිටහු විසින් මවු තන්හි තබන ලදු වන බැවින් මුවරමා[72] නම් වැ දන් ඈ පින්කම් කරන්නී,[73] බුදුන් කෙරෙන් අට වරක්[74] ලදින්, නුබ තෙලෙහි ළසඳ ලෙයක්[75] සෙයින් පැනෙනු වී දුන්[76] පුතුන් විසින් වෘද්ධි[77] ප්‍රාප්ත වූ[78] ඇය පුත්හු දස දෙනෙක් වූහු. දුහු දස දෙනෙක් වූහු. එසෙයින් මැ එකක් එකක්හු දස දස පුත්හු[79] වූහු. දස දස දුහු වුහු. එවුනුදු කෙරෙහි එකක් එකක්හු දස දස පුත්හු වූහු. දස දස දුහු වූහු. මෙසෙයින්[80] ඇය දරු මුණුබුරුහු පරම්පරායෙන් අට දහස් සාරසිය විසි දෙනෙක් වූහු. මොහු හැම නීරොගයහ.[81] නොකල්හි මරණ පත්[82] එකෙක්[83] නැත්. ඇය එක්සිය හැවිරිදි වයස් දක්වා හිසැ කනැ එක් නරයෙකුද් නොවී යැ. හැම කල්හි සොළොස් හැවිරිදි වයස් වැනි වූ[84]

ඇය යන කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් යෙත්වයි, යන කලැ මැ හොබී”[85] සිතත්. සිටි කල්හි දුටු ජනයො “අප හැඹු[86] මඳක් සිටිත්ව යි, සිටි කලැ මැ හොබි5 සිතත් හුන් කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් හිඳිත්ව යි, හුන් කලැ මැ හොබී5” සිතත්. හොත් කල්හි දුටු ජනයො “අප හැඹු මඳක් හොවිත්ව යි, හොත් කලැ මැ හොබී5” සිතත්. මෙසෙ සතර ඉරියවුයෙන් අසුවල් ඉරියව්වෙහි මැ නො හොබීයනු නැත්. පස් ඈතක් හට බල ඇත්තී යැ.[87] අභිමඞ්ගල සම්මත යැ. සත් කෙළක් ජනයන් වසන සැවැත් නුවරැ මඟුලෙහි සැණයෙහි ඇය අයැජා ඇරැ වළඳවත්.

හො සෙනසුන්දනැ ඵල මහත්සෙ අසා, තමාගෙ පිනින් නිපන් නව කෙළක් අගනා මෙහෙල පළඳනා වියදම් කොටැ සෙනස්නක් කැරැවියටි වැ, රථයෙ තබා නුවරැ ඇවිද්වා ගන්නට නිස්සන් නැත්තෙන්, තොමො මැ විකිණි[88] - ගෙනැ සත් විසි කෙළක් ධන විසඳා පුවරම් වෙහෙරැ යෙළ දහසක් පහා පිරිවර ලදු* මුවරමා[89] පහය කරවා, සැට කළක්[90] දිය ගන්නා ගනරන් දැරටියක්[91] කරවා, පාදෙනිය පිහිට්වා, බුදුපාමොක් සඟනට පිළිගැන්වු. එ පහයැ යටි මහලෙ පන්සියක් ගැබි. උඩුමහලෙ[92] පන්සියක් ගැබි. පහාමහන් දවස් දෙ මාලෙ දහසක් ගැබැ දහසක් නිර්මිත බුදුහු සවනක් රසින් දිලිහි දිලිහි වැඩැහුන්හු.

එ දවස් ඇය සබඳ සිට්දුවක් දහසක් වටනා පිළියක් ගෙනැ ඇය කරා ගොස්, “අප හැඹු, මෙ පිළියය මෙ පහයැ එක් තැනෙකැ බුමුතුරුණු කොටැ අතුරුවා ලව”යි කිවැ. “යෙහෙළි, මම් ඉදින් තිට, ‘අතුරන තැනක් නැතැ’ කීම් නම්, තී සිතට නොසෙ වද්දි.[93] තො මැ ගොස් බලා මෙයට අඩු පිළියක් ඇත, හැරැ-පියා අතොට[94]ලා”යි කිවැ. හො එ පිළිය ගෙනැ, දෙ මහලැ[95] ගබ් දහසට වැදැ ඇවිදැ බලන්නී, තමාගෙ දහසක් වටනා පිළියට අධම පිළියක් නො දැකැ, “මම මෙ පහයැ පුණ්‍යභාග[96] නො ලදිමි”යි එක් තැනෙකැ වැලැපැ වැලැපැ සිටියා.[97] අනඳ මහතෙරහු[98] දැකැ, “දැරිය, කුමට වලප්පි?”[99] පිළිවිසැ. එ පවත් අසා “තෙකා රෑණි නොවා.[100] ති ගෙ පිළිය අතුරන තැනක් දක්මහ.[101] සඟහු පා දෙවැ පළමු තිගෙ පිළියෙ ඇක්මැ සෙනස්නට වදති.[102] තිට මහත් ඵල වෙ”යි අඩසඳ පහණ හා පාදෙනි[103] හා දෙ අතුරෙහි ඇතිරැවූහැ. වෙහෙරමහන් සාරමසින් අවසන් වී.

මාගම් වැ සිටැ විසාඛාවන් සෙයින් බුදු සස්නෙහි ධන පරිත්‍යාග කළාහු නැති. පිරිමි වැ සිටැ අනෙවඩු මහ සිටාණන් සෙයින් ධන පරිත්‍යාග කළාහු නැත්. සිටාණො සූපනස් කෙළක් ධන විසඳා සැවැත් නුවරට දකුණු දෙසෙහි, අනුර[104] පුරට මහවෙහෙර සුදුසු තන්හි, දෙව්රම් මහ වෙහෙර කැරැ වූහු. විසාඛාවො, සැවැත් නුවරට පැදුන් දෙසෙහි, අනුරපුරට[105] උතුම් දෙවීයරම්[106] සුදුසු තන්හි, පුවරම් වෙහෙර කැරැවූහු. බුදුහු මෙ දෙ කුලවැසියනට අනුකම්පායෙන් එක් ඇතැ වසෙකැ දෙව්රම් හි වෙසෙති. එක් ඇතැ වසෙකැ පුවරම්හි වෙසෙත්. මෙසෙ සැවැත් නුවර නිසා පස් විසි අවුරුද්දක් දවස් මෙ දෙ වෙහෙරැ වාස කොළො. මෙසෙ[107] විසාඛාවන් විසින් කරවන ලද පුවරම් වෙහෙරැ මුවරමා පහයැ[108] වැඩවසන කලැ යැ. බුදුන් රාහු නම් අසුරා දැමු සෙ[109] කිසෙ යැ යත්:

රාහු නම් අසුරිඳු උසා[110] සාරදහස් අටසිය යොජනැ. ඔහු බාහු අතුරු එක් දහස් දෙසියක් යොජනැ. බොල සසියක් යොජනැ. හිස නව සියක් යොජනැ. නළල තුන් සියක් යොජනැ. බැම අතුරු පනස් යොජනැ. නැහැ තුන් සියක් යොජනැ. මුව[111] දෙසිය යොජනැ. ගැඹුරු තුන් සියක් යොජනැ. අතුල් පතුල් පළල තෙසියක් යොජනැ.[112] ඇඟිලි පර්ව පනස් යොජනැ. මෙසෙ වූ රාහු අසුර බුදුන් ගෙ මහත් අසා, “ලොකයෙහි මට වඩා මහත් කෙනෙක් නම් ඇද්ද!” යි බුදුන් කරා නො එළඹෙයි. සෙසු අසුරන් බුදුන්ගෙ මහත් කියත් කියත්, “ඔස ඔහුගෙ මහත් හො මාගෙ මහත් හො බැලුව මැනැවැ”යි බුදුන් කරා ගියෙ.

බුදුහු ඔහු එන බව දැනැ, “සතර ඉරියවුවෙන් කුඩා ඉරියවුවෙන් කරව හො!”යි අවජනාහු, හෝනා ඉරියවු[113] කුඩාසෙ දැකැ “හෙවැ ඔහු දැක්කුව මැනැවැ”යි සිතා, “අනඳ, මෙහි හෝනා දැයක් අතොට-ලා” යි වදාළහැ. “මැනැවැ, වහන්සෙ”යි මහතෙරහු හැඳක් ඇරැ තබා යහන් සැලසුහු. බුදුහු සිංහශය්‍යායෙන් පා මත්තෙ පා තබා-ගෙනැ එහි වැඩැ හොත් හැ. රාහු අසුරිඳු අවුදු, එමැ දවස් උපන් දරුවකු පත්ලක් සෙ මෙළෙක් වූ පියුම්රාණිවන් රස් විහි දුනා අටතුරා සියක් මඟුල් ලකුණු පිරිවර ලද්[114] දැවි දහස් නිම් නැබැ සියො සක් ලකුණෙන් විසිතුරු පතුල් දිටි. එ සඳැ බුදුහු “කුමක් බලයි? අසුර,” යි වදාළහැ. “තොප පත්ලෙහි කෙළවර බලමී” කී යැ. “තො භවඅග් දක්වා නැඟි මා පත්ලෙහි කෙළවර බලහි නම්, දක්නට නො නිස්සෙහි”යි වදාළො. එ බස් අසා රාහු අසුරිඳු වැඩැ හොත් බුදුන් මුහුණ බලනුයෙ, නුබ මුදුනෙහි සිටි[115] පුන් සඳක් බලන මිනිසක්හු සෙයින් බැලී යැ. “මෙ ලොකයෙහි තොප වහන්සෙට වැඩි මහත් කෙනෙක් නම් නැති”යි පැහැදැ වැඳැ සරණ ගියෙ.

මෙසෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් රාහු නම් අසුරා ද ආදි ශබ්දයෙන් ගත් වෙපචිත්ති යැ. සුචිත්ති යැ, පහාරාද යැ,[116] ඛලිපුත්‍ර යැ[117] යන අසුරනුදු දමා සරණසිලැ පිහිට්වුහු. අසුරභවන වාසීන් හා වශවර්තිභවන වාසීන් හා අච්ඡන්‍දික අභව්‍ය වන බැවින් ඔව්නට අධිගම නැත්.

අසුරදමන නම් සොළොස් වන පරිච්ඡේදය නිමි.

  1. අසුරිඳු

  2. කරන

  3. ලත්, ලද්, ලද

  4. මුවරමහමහය, මුවරු මහපායැ-මු: මුවරමාපායැ-මු:

  5. කෙසෙවු

  6. ලොකයෙහි පියුමතුරා

  7. සුවාසූ දහස්හි

  8. ඉපද

  9. ආයු

  10. උයන්හි වලාගබෙකින්

  11. ‘නරවාහන’-බුද්ධවංසට්ඨ කථා

  12. වස, ‘යසවාහන’ - බුද්ධවංසට්ඨකථා

  13. යසවතී, යසවත්තී, වංශවතී, වශවර්ත

  14. හුමා

  15. බොසතාණො

  16. මොවුන්

  17. දෙනෙ

  18. සිටුදුව

  19. කිරිපිඬු, ‘මධුපායාසං’-බු: අට්ඨකථා

  20. සල්වනයෙහි, සල්වලයෙහි

  21. විද්දෙ සුමිත්ත

  22. පැදුම්දෙස

  23. සිවුරඟ ඉටා

  24. තිස්සත් තිස්දහස්,

  25. ‘කණ්ණිකා දසහත්‍ථා’-බු: අට්ඨකථා

  26. කෙළක්

  27. දඬු පියුමෙක්-මු:

  28. අටපනස්හත්, අටපණස් හත්තැ-මු:

  29. ඇක්මෙත් මැනැව, ඇක්මෙන් වනව

  30. කෙළක්

  31. නිසා

  32. එහි, එහිදු, එයින්,

  33. අභිභවමින් මෙන්-මු:

  34. රැසින්, රුසිරින්

  35. දෙවෙනු, දෙවනු, දෙවෙන්, දෙවෙයිත්-මු:

  36. එක පෑ.

  37. ජනයන්

  38. මියුල (ළ) පුර

  39. සජත

  40. මියුළවන නම්

  41. වැසි

  42. දෙනෙහට, දෙනහට

  43. අධිගමය

  44. ගිහිවැසියො, ගිහිගෙ (හි) යි වැසියො

  45. නෙරව (වි) නි

  46. තෙරහු, තෙරිහි

  47. අසන්නෙ

  48. පත් (පත්තෙ) වීම්

  49. ගඳදුම්

  50. මල්දමින්

  51. ගඳදුම් මල් පහන් අ

  52. කොට

  53. මහදන් දී සත්කාර

  54. පිනින්

  55. පැතුවා

  56. ගොතම

  57. උපද්, උපදැ

  58. වියොනොවැ

  59. දෙව් සැපත්

  60. කසුප්

  61. උපන්හු උපන්නු-මු:

  62. බිහින්නෝ ම-මු:

  63. විසිවාදහසක් හවුරුදු

  64. බිහින්නෙ, බිහින්නො-මු:

  65. දෙනහු

  66. රජකුමරිය

  67. දෙව්මිනිස් වැ

  68. පුත්

  69. පිරිපුන්, පිරිහු

  70. මුවරු

  71. පුර්ණවර්ධන නම්

  72. මුවරමාතා

  73. කරණුවී-මු:

  74. වරයක්, අවසරයක්

  75. ළසඳලිය (ය) ක්

  76. නම්දුන්, නමුදු දැන්-මු:

  77. වෘද්ධ

  78. වුහු, වුහැ

  79. දෙනෙ පුත්හු

  80. එසෙයින්-මු:

  81. නීරොගියහ

  82. මරණට (මරණයට) පත්

  83. එක (ද) කෙනෙක් එක් කෙනෙකුදු

  84. වී-හැම

  85. සොබි

  86. ඇඹු

  87. ඇත්තීහ

  88. විකිණ

  89. මුවරු

  90. කළයක්

  91. ගන දැරටියක්

  92. උඩුමහල්ලෙත්-මු:

    * “යෙළදහසක් පහා පිරිවරලදු” මෙය ‘චුල්ලතණ්හාසංඛයසුත්ත’ අටුවායෙන් මෙහි එයි.

  93. නොසේවද්ද

  94. අතුටලා

  95. මෙමහල් දෙමහලේ

  96. පුණ්‍යභාග (භාග්) වනු

  97. සිටියාය සිටිය, සිටියැ

  98. අප අනඳමහතෙරහු

  99. වලප්හියි

  100. නොවායි, නොවෙයි

  101. දක්මයි, දක්නාම්හ

  102. වදිති

  103. “සොපානපාදධොවනන්තරෙ, පියගැට හා පාදෙනි දෙඅතුරෙහි” ධම්පියාටුවාගැටපදයි

  104. නුවර

  105. නුරාපුරට, නුපුරට

  106. උතුම් දෙව්රම්, උතුම් දෙව්අරම්-මු

  107. මෙහි, මෙ-මු

  108. මුවරමහපහය

  109. දමුසෙය

  110. උස

  111. මුවය

  112. දෙසියයක් යොජන

  113. ඉරියව්ව

  114. පිරිවර ලද

  115. පිහිටි

  116. පහ රාජය

  117. බලිපුත්‍රයහ