බාවරික[1] නම් මහතව්සා[2] දැමූ පරිදි කිසෙ යැ යත්:
අතීතයෙහි බරණැස් නුවරැ වැසි එක් රුක්වඩියෙක්[3] වාස්තු විද්‍යායෙහි[4] ශික්‍ෂිත වියැ. ඔහු අතැවැස්සො සොළොස් දෙනෙක් වූහු. එකක්[5] එකක්හුගෙ දහස් දහස් අතවැස්සො වූහැ. මෙසෙ ඔව්හු සොළොස් දහස් සතළොස් දෙනෙක් වූහු. ඔහු හැමදෙන බරණැස් නිසා වැටෙන්නාහු, ගල්පාතට ගොස් රුක් කපා දැව සැසැ, එ එ ගෙට නිසි කොටැ වන ළෑයෙන්[6] ගෙනැ පසුරු බැඳැ ගඟින් බරණැසට ඇරැ, රජ කැමැති වී නම්, ඔහට එක් බුමු කොටින්[7] හො යාවත් සත් බුමු කොටින්7 හො, පහා යොදා දක්වා දෙති. රජ නො කැමැති වී නම්, සෙස්සනට විකොට[8] අඹුදරුවන් පුසිත්.[9] මෙසෙ වැටෙමින් සිටැ වල් ගිය කලැ එක් දවසක් ඇදුරු වඩු, “හැම කල් මැ වඩුකම් කොටැ වැටෙන්නට දුකැ. මහලු කලැ නොද කට හැක්කැ”යි සිතා අතැවැස්සනට “දරුයෙනි,[10] මෙ දුඹුල් ඈ හර නැති රුක් ගෙනැ එව” යි කී යැ. ඔහු “මැනැවැ”යි අලහැ. හෙ එහි දඬියෙන් ලිහිණියක්හු කොටැ උහු ගෙ කුසට වැදැ යන්ත්‍ර පිරී යැ. දඬුලිහිණි ගුරුළු රජක්හු සෙයින් අහසට නැඟී වනමුදුනෙහි ඇවිදැ අතවැස්සන් පෙරට බට.
එකල්හි ඇදුරු වඩු “දරුයෙනි,10 මෙබඳු කාෂ්ඨවාහන කොටැ මුළු දඹදිව රජය ගත හැක්කැ. තෙපි දු[11] මෙසෙ මැ කරව. රජය හැරැ-ගෙනැ වැටෙම්හ. වඩුකැමින් වැටෙන්නට දුකැ”යි කී යැ. ඔහු එසෙ මැ කොටැ ඇදුරු වඩු හට[12] දැක්වූහැ. “දරුයෙනි,10 කවර රජය ගන්මහ?”යි කී යැ. “බරණැස් රජය ගන්මහ”යි කීහ. “හෙ මට නො රිසියෙයි. අප එ රජය ගත් කලැ, ‘වඩුරජ, වඩු යුවරජ යන දැ වෙයි. දඹදිව් මහතැ. අනෙක් තැනකට යම්හ”යි අඹු දරුවන් හා සමඟ කාෂ්ඨවාහන[13] නැඟි සරහා ගත් ආයුධ ඇති වැ හිමවු දසට ගොස් හිමවුයෙහි එක්තරා නුවරකට වැදැ රජගෙහි බැසැ සිටියො.[14] ඔහු එහි රජය ගෙනැ ඇදුරුවඩුවා රජ කළහැ. හෙ “කාෂ්ඨවාහන රජ” යි පාළ වි යැ. එ නුවර ද ඔහු විසින් ගත් වන බැවින් කාෂ්ඨවාහන නුවර නම් වි යැ. එ සෙයින් මැ සියලු රට දු කාෂ්ඨවාහන රට නම් වී.
එ රජ ධැමිට්[15] වි යැ. එසෙයින් මැ යුවරජ දු ඇමැති තන්හි තුබූ සොළොස් අතැවැස්සො ද ධැමිට් වූහු. රජු[16] විසින් සතර සඟා[17] වතින් සඟරා කරන ලද[18] එ රජය ඉතා සමෘද්ධ වී යැ. නිරුපද්‍රව වී. නුවර වැස්සො ද රටවැස්සො ද “භද්‍ර රජකු ලදුම්හැ. භද්‍ර රජපිරිසකුදු ලදුම්හ”යි රජු කෙරෙහි දු[19] රජපිරිස් කෙරෙහි දු මමත්ව කොළො.
එක් දවසක් මධ්‍යදෙශයෙහි සිටැ වෙණෙඳො බඩු ගෙනැ කාෂ්ඨවාහන නුවර[20] අවුදු පඬුරු ගෙනැ ගොස් රජු දුටහ.[21] රජ, “කොහි[22] සිටැ ආව?”යි[23] කී යැ. ‘බරණැසැ[24] සිටැ ආම්හ”යි කීහැ. හෙ එහි[25] හැම පවත් පිළිවිසැ “තොප ගෙ රජු හා මා හා මිත්‍රකම් කරව”යි කී යැ. ඔහු “ඉතා මැනැවැ”යි ගිවිස්සහැ. ඔව්නට සඞ්ග්‍රහ කොටැ, බඩු පෙරළා ඔවුන් යන කලැ එසෙ මැ කියා නඟා යවී යැ. ඔහු බරණැස් ගොස් රජ හට සැල කළහ.[26] රජ, ඉතා මැනැවැයි, කාෂ්ඨවාහන රටැ සිටැ ආ වෙණෙඳනට අද පටන්-ගෙනැ සුංවත්[27] හළමී” බෙර පියෙවි කරවා, “කාෂ්ඨවාහන මට මිත්‍ර වැ වැටෙව”යි[28] දෙදෙන නොදැක මිත්‍ර වූහු. කාෂ්ඨවාහන දු “බරණැසැ සිටැ ආ වෙණෙඳන් ගේ[29] සුංවත් හළමී” නුවරැ බෙර පියෙවි කරවි යැ. ඔව්නට සඞ්ග්‍රහ ද කෙළෙ.
එක්බිති බරණැස් මහරජ කාෂ්ඨවාහන රජ හට පත් දෙන්නෙ, “ඉදින් එ දනවියැ දක්නට හො අසන්නට නිසි කිසි ආශ්චර්යයෙක් ඇත් නම්, අප දක්වන්නෙ යැ. අසවන්නෙ යැ”යි[30] කී යැ. කාෂ්ඨවාහන දු බරණැස් රජ හට එසෙ මැ කියා යවී. මොවුන්[31] මෙසෙ ව්‍යවස්ථා කොටැ වැටෙන කල්හි එක් දවසක් කාෂ්ඨවාහනය හට ඉතා සියුම් අනැඟි අට පලසෙක් උපනැ. ළහිරි රස්කලබක් වැනි මැයැ.[32] මුරුතමල් කලබක් වැනි මැයි. රජ එ දැකැ, “මා-සබඳ රජ හට දී යවුව මැනැවැ”යි සුවරුවන් ලවා අට දළ කරඬුවක් ලියවා එකෙකි කරඬියෙහි[33] එකෙකි පලස් තබා, පියන් ගන්වා, පිටතැ ලාවට සෙයින් ලාකම් කරවා, අට ලාවට සුමුඟෙකැ[34] තබා, පිළින් වසා, රජමුඳුනෙන්[35] හස් කොටැ, “බරණැස් රජ හට දෙව”යි, “මෙ පඬුරු නුවර මැද ඇමැත්තන් පිරිවරා හිඳැ බලන්නෙ යැ”යි පත් දී යවී.[36] ඔහු ගොස් රජ හට දුන්හු.
හෙ පත්[37] කියවා ඇමැත්තන් රැස් කරවා-ගෙනැ නුවර මැද රාජාඞ්ගනයෙහි හිඳැ හස් හැරැ වසුන් හැරැ සුමුඟ විවර කොටැ අට ලාවට දැකැ, “ම-සබඳ ලාවටින් කෙළෙනා දරුවනට සෙයින් මට ලාවට දී එවූයෙ යැ”යි රෑණිවැ[38] එක් වටක් තමා හුන් අස්නෙහි පහළ. එකෙණෙහි ලා නැඟි ගියෙ. දළකරඬුව විවර වි යැ ඇතුළතැ තුබූ පලස දැකැ, තුබුවා ද විවර කොටැ බලනුයෙ, එමැ සෙමැදිට එකෙකි පලස් දිග සොළොස් හතැ. පළල අට හතැ. පලස් විජහා-පී[39] කලැ සියලු රාජාඞ්ගන ළහිරු රසින් දිලියෙන්නාක් වැනි වි යැ. රජ අක්කැමියන්[40] ගෙන්වාගෙන එකෙකි පලසැ මිල බැලැවි යැ. හැම පලස මැ අමූල්‍ය වී.
එකල්හි රජ, “පසු වැ පඬුරු දෙනුවන් විසින් පෙරට වැ දුන් පඬුරට විගුණ[41] කළ මැනැවැයි ම-සබඳ හට කුමක් දී යවමී!” සිතී. එ සමාහි කසුබු සම්මා සම්බුදු උපදැ බරණැසැ වෙසෙති. එකල්හි රජ, “තුණුරුවනට වැඩි අනෙක් උතුම් රුවනෙක් නම් නැති. තුණුරුවන් උපන් බවම-සබඳ හට කියා යවමී” සිතී. හෙ, “බුදුහු ලොකයෙහි උපන්හැ, හැම සත්නට වැඩ සඳහා යැ. දහම් ලොකයෙහි උපනැ. හැම සත්නට සුව[42] සඳහා යැ. සඟහු ලොකයෙහි උපන්හැ, උතුම් පින්කෙත් වී යැ”යි[43] රන් පතැ දෑඟිඟුලෙන් ලියවා, සතුරුවන් මුවා සුමුඟෙකැ තබා, එ සුමුඟ මිණිමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ මරාමිණිමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ පියුම්රා මිණිමුවා සුමුඟෙකැ තබා, එ සුමුඟ රන් මුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ රිදීමුවා සුමඟෙකැ තබා, ඒ සුමුඟ දළමුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ සඳුන්මුවා සුමුඟෙකැ තබා, ඒ සුමුඟ වේවැල්[44]-සුමුඟෙකැ තබා, ඒ සුමුඟ පිළින් වසා, හස් කොටැ, මඟුල් ඇතු සව්බරණින් සදා, ඔහු පිටැ පලග’ පන්වා, පලග මත්තෙ සුමුඟ තබා, සෙ-සත නඟා, ගඳින් මලින් පුදමින්, පසඟතුරු රැවින් පුද කරවමින්, තියුගී කියවමින්, තමාගෙ රාජ්‍ය සීමා දක්වා මඟ සදවා[45], තෙමෙ මැ ගොස් එහි සිටැ, හාත්පසැ රජනට පඬුරු දී, “මෙ නියායෙන් සත්කාර කොටැ මෙ පඬුරු දී යවන්නෙ යැ”යි පත් දිනැ. එ[46] අසුන් අසා රජහු පෙරමඟට අවුදු කාෂ්ටවාහනයා ගෙ රාජ්‍යසීමා දක්වා පුදමින් ගෙනැ ගියො.
කාෂ්ඨවාහන රජ දු අසා පෙරමඟට අවුදු, එසෙයින් මැ පුදමින් නුවරට ඇරැ, ඇමැත්තනුදු නුවර වැස්සනුදු රැස් කරවා-ගෙනැ, රාජාඞ්ගනයෙහි තබා වැසු[47] පිළී හැරැ සුමුඟ විවර කොටැ, එහි තුබූ සඳුන් සුමුඟ විවර කොටැ දළසුමුඟ දැකැ, ක්‍රමයෙන් හැම සුමුඟ[48] විවර කොටැ, රන් පත ගෙනැ කියවා, තුණුරුවන් උපන් බව් දැනැ, “ම-සබඳ කප්සුවහස්හිදු දිලිඛු[49] බුදුරුවන් පඬුරු දී එවී යැ”යි සතුටුවැ, “මා ගොස් බුදුන් දුට මැනැවැ. බණ ඇසුව[50] මැනැවැ”යි සිතා ඇමැත්තන් කැඳවා-ගෙනැ, “තුණුරුවන් ලොකයෙහි උපනැ,[51]
කුමක් කළ මැනැවැ”යි කී යැ. “මහරජ, තෙපි මෙහි මැ හිඳුව. ඇප් ගොස් අතුරු දහන්මහ”යි සොළොස් දහසක් දෙනා පිරිවරා සොළොස් ඇමැත්තො රජු වැඳැ, “ඉදින් බුදුහු[52] ලොකයෙහි උපන්හු නම්, වටා ලා දැකුම් නැති. නොඋපන්හු නම්, එම්හ”යි නික්මුණුහු.[53] රජු බෑනෙක් පසු වැ රජු වැඳැ, “මම දු යෙමි” කී යැ. “තො බුදුන් උපනහොත්, අවුදු මට කියා”යි කී. හෙ “මැනැවැ”යි ගිවිසැ ගෙනැ ගියෙ.
ඔහු හැම දෙ මැ හැම තන්හි එකෙකි රෑ වෙසෙමින් බරණැසට පත්හැ. ඔවුන් නොවදනා[54] තුරු මැ බුදුහු පිරිනිවයො. ඔහු, “බුදුහු කොහි යැ? කොයට වැඩියහ?”යි වෙහෙර ඇවිදුනාහු,[55] සඟුන් දැකැ පුළුවුත්හැ. ඔහු බුදුන් පිරිනිවයෙ කීහ. “අහො පිරිහුණම්හ![56] දුරු කතර ගෙවා අවුදු බුදුන් දක්නා පමණකුදු නො ලදුම්හ”යි[57] වැලැපැ වැහැසැ, “කිම, වහන්සෙ බුදුන් දුන් ඔවා යැ?” යි පුළුවුත්හැ. “ඇති, උපාසකයෙනි, තෙසරණැ පිහිටිය යුත්තෙ යැ. පන්සිල් සමාදන් විය යුත්තේ යැ. පෙහෙවස් විසිය යුත්තෙ යැ. දන් දිය යුත්තෙ යැ. පැවිජි විය යුත්තෙ යැ”යි කීහු.
ඔහු එ අසා රජු බෑනා[58] මිසැ හැම දෙන පැවිජි වූහු. බෑනෙ[59] පරිභොගධාතු ගත. පරිභොගධාතු නම්: මහ බො රුකැ; පාසිවුරු ආදි යැ. මෙ වනාහි බුදුන් ගෙ ඩබරාව දු මහබොපල දු වනදහම්[60] ධරා සිටී. මහතෙරකෙනකුදු ගෙනැ නික්මැ ක්‍රමයෙන් කාෂ්ඨවාහන නුවර ගොස්, “බුදුහු ලොකයෙහි උපන්හැ. පිරිනිවියහ” යි රජ හට කියා බුදුන් දුන් ඔවා[61] කී යැ. රජ මහතෙරුන් කරා එළබැ බණ අසා වෙහෙර[62] කරවා දාගබ්මහබො පිහිට්ටා,[63] තුන් සරණැ දු පන්සිලැ දු පිහිටා පෙහෙවස් වෙසෙමින්, දන් දෙමින් ආ පමණින් සිටැ, දෙව්ලොවැ උපනැ. එ සොළොස් දහසක් පැවිජියො ද පුහුදුන් වැ මියැ එ රජ හට පිරිවර වැ උපන්හු.[64]
හෙ[65] එක් බුදතුරක්[66] දෙව්ලොවැ ගෙවා, අප බුදුන් උපදනා පෙරට දෙව්ලොවින් සැවැ, මහකොසොල් රජුගෙ[67] පෙරෙවි බමුණ හට[68] දරු වැ උපනැ. නැමින් බාවරි[69] නම් වියැ. තුන් මහාපුරුෂ ලක්‍ෂණයෙකින් උපෙත යැ. තුන් වෙදයෙහි පාරයට ගියෙ යැ. පිය බමුණා ඇවෑමෙන් පෙරෙවි තන් පත.
සෙසු සොළොස් දහස්හුදු එ සැවැත් නුවරැ මැ බමුණු කුලෙහි උපන්හැ. ඔවුන් කෙරෙහි සොළොස් දෙට අතැවැස්සො බාවරිහි කෙරෙහි ශිල්ප උගත්හැ. තුබු සොළොස් දහස්හු දු ඔවුන් කෙරෙහි උගත්හු.[70] මෙසෙ ඔහු හැම දෙන පුන දු එක් වැ වුසුහු.[71]
මහකොසොල් රජ මෙළෙස[72] ඔහු පුතු පසෙනදි රජහු රජයෙහි පිහිට්වුහු. බාවරි බමුණු උහුටද් පුරොහිත වී. රජ පියා දුන් භොග දු අනෙක් භොග දු[73] ඔව්හට දිනි. එ ළදරු කලැ ඔහු කෙරෙහි ශිල්ප උගත්තෙ යි. එක්බිති බාවරි බමුණු පැවිජි වියැටි වැ රජ හට කී යැ. ආචාර්යය, තොප සිටි කලැ බපාණො[74] සිටියාහු මැ යැ.[75] පැවිජි නො වව” යි කී යැ. “කුමට ද? මහරජ,[76] පැවිජි වෙමී” කී යැ. රජ වළකන්නට නොහැකි වූයෙ. “රැයිම්මෙහි දු සවසැ දු මා දක්නට නිසි තැනැ, රජ උයන්හි, පැවිජි වන්නෙ යැ”යි අයැජි යැ. ආචාර්ය, සොළොස් දහසක් බමුණු දරු පිරිවර ඇති සොළොස් අතැවැස්සන් හා සමඟ තවුස් පැවිජියෙහි[77] පැවිජි වැ රජඋයන්හි විසී යැ. රජ සතර පසයෙන් උපස්ථාන කෙරෙයි. රැයිම්මෙහි දු සවසැ දු ගොස් දක්කි.
එක් දවසක් අතවැස්සො, “ආචාර්ය! නුවර වෙතැ වාස මහාපරිරොධ යැ. නිරාකුල තැනකට යම්හ යි; පැවිජියනට ගැඹුරු වල් නිස්සැ”යි කීහැ. ආචාර්යය, “මැනැවැ”යි ගිවිසැ රජ හට කී යැ. රජ තුන් යලක් කියා වළකන්නට නොහැකි වූයෙ, දෙ ඇමැත්තක් හට දෙලක්‍ෂයක් දී, “යම් තැනෙක්හි තව්සො විසියටි වූහු නම්, එහි ආශ්‍රමපදයක් කොටැ දෙව”යි යෙදී. ආචාර්යය, සොළොස් දහසක් ජටිලයන් පිරිවරා පස් පස් යන ඇමැත්තන් ඇති වැ, උතුරු දනවියෙන් දකුණු දනවු බලා ගොස්, අස්සක නම් මූලක[78] නම් දෙ රජුන් ගෙ දෙ රට ගොදාවරි හො-මැදැ තුන් යොදුන් ගිවුළු වනයෙහි සරභඞ්ගාදීන් වුසු පියෙස් දැකැ, “මෙ පෙරැ තව්සන් වුසු පියෙසෙක් වනැ. පැවිජියනට නිස්සැ”යි ඇමැත්තන්ට කී යැ. ඇමැත්තො බිම් ගන්නට[79] අස්සක රජ හට ලක්‍ෂයක් දුන්හ. මූලක රජ හට ලක්‍ෂයක් දුන්හු. උහු එයින් දුන්හැ. දෙරටින් අනෙක් දෙ යොජනක් තැන් දු දුන්හු. මෙසෙ දෙ රදුන් දුන් දෙරට මැදැ පස් යොජනක් තන් වී.[80] ඇමැත්තො එහි ආශ්‍රමපද කරවා, සැවැත් නුවර යවා යළි දු ධන ගෙන්වා ගෙනැ ගොදුරුගම් පිහිට්ටා දී ගියො.
තව්සො වනයෙහි කඳුමුලු[81] ඵලයෙන් හා කෙණෙසි අහරින් යපෙති එ ගමැ කෙළෙඹියො බදුකරවුවරින් ලක්‍ෂයක් ධන නඟා-ගෙනැ අස්සක රජු කරා ගෙනැ ගියහැ. හෙ, “මම නො ගන්මි. ආචාර්යය හට දෙව’ යි කී යැ. ආචාර්යය ද නො ගෙනැ දන් දින්.[82] හෙ මෙසෙ හවුරුදු පතා[83] දන් දෙන්නෙ එක් හවුරුද්දක් මහදන් දී ගැමින් නික්මැ ආශ්‍රම පදයට ගොස් පන්සල්[84] වැදැ දැන් අවජමින්[85] හුන්නෙ යි.
එකල්හි ළදැරු බැමිණියක්, “බමුණ, මම් නිත්තෙන් තාගෙ ගෙසි මෙහෙ නොකටැ[86] හෙමි. එම්බල, බාවරි බමුණු හවුරුදු පතා ධන ලක්‍ෂයක් දන් දෙයි. තො ගොස් පන්සියක් ඉල්ලා ගෙනැ මට දැසක[87] ගෙනැ එ”යි සැමියා නඟා යවු.[88] බමුණු බාවරි මහතව්සා කරා ගොස්, “පන්සියක් දෙ” යි කී යැ. “ඇති දෑ හැම දන් දින්මි.[89] මාගෙ පන්සියෙක් ඇත්තෙ නොවෙයි, හදහා”යි කී යැ. බමුණු, “ඉදින් තො[90] කියතු දු ධන නො දෙහි නම්, සත් වන දවස් හා හිස් සත් කඩක් කොටැ පළා-පියෙමී” කියා, එවැනි[91] විධියක් තමා නොදනුතු දු[92] බවා-පියටි වැ[93] ගොම[94] වලමල් කුසතණ ආදි වෙළෙවි වෙළෙවි වැ ගෙනැ ගොස් බාවරි ගෙ පන්සල් දොරට ඇරැ, ගොමයෙන්[95] මඬුල්ලක් කොටැ, එහි මල් හිසැ-ලා තණ අතොට[96] ලා, වම්පස කමඬායෙහි[97] දියෙන් දෙවැ[98] සත් පියවරක් තැනට ගොස්, “බාවරිහි හිස් සත් කඩක් වැ පැළෙව”යි ඇසෙන සෙ කියා ජප කරන වන් වැ තොල් සලසලා හුන්නෙ යැ. මහතවුස්, “සැබැව”යි සිතා බිය පත් වී.
එකල්හි ආශ්‍රම පදයෙහි දෙවතා බාවරි ගෙ දුක් දොම්නස් දැකැ කරුණායෙන් උහු කරා එළබැ, “මහතව්ස, හෙ මුදුන් නො දන්නි. මුදුන් පළන සෙ නොද දන්නි. ධන කැමැති කුහකයෙකැ”යි කිවැ. “තො මුදුනුදු මුදුන් පළන සෙ දු දන්හි?” යි[99] කී යැ. “මම් එ නො දන්මි. එවැනි නුවණෙක් මට නැති” කිවැ. “කවරහැ එ දන්නාහ?” යි කී යැ. බුදුන් එකුන් තිස් හැවිරිදි කල්හි නික්මුණු බාවරි බමුණු ගොදාවරි තිරයෙහි වසන අට හවුරුද්දක් ඉකුත් කල්හි ලොකයෙහි[100] බුදුහු උපන්හු. බුදුන් උපන් පරිදි[101] දක්වන දෙව්දු, “ඔකා රජහු මුනුබුරෙ[102] සිද්ධත් කුමර කිඹුල්වත් නුවරින් නික්මැ බුදු වැ ලොකයෙහි ධම්[103] දෙසයි. තො ගොස් උහු පුළුවුස. හෙ තට කියයි, කිවැ. බුදුහු යන බස් අසත් වැ බමුණාට ශෝක නැති වි යැ. විපුල ප්‍රීති ඇති වී. හෙ සතුටු සොම්නස් වැ, “බුදුහු කොහි වෙසෙති? කොයට ගොස් දැක්මහ”යි කී යැ. “සැවැත් නුවරැ වෙසෙති”යි කියා අතුරුධන් වුවැ.
එක්බිති එ තවුස් අතැවැස්සන් කැඳවා, “බුදුහු ලොකයෙහි දිලිබුහැ.[104] දැන් බුදු කෙනෙක් උපන්හුල. තෙපි වහා සැවැත් නුවර ගොස් අතුරුදන්ව”යි කී යැ. “ඔවුන් දැකැ ‘බුදුහු’[105] යනු කිසෙ දන්මහ?”යි[106] කීහ. “දෙතිස් මහපුරිස් ලකුණු වෙදයෙහි ආයෙ යැ. එ මහපුරිස්ලකුණු යමක් හට ඇද්ද, හෙ ගිහිගෙයි සිටියෙ[107] සක්විති රජ වෙයි. පැවිජි වී නම්, බුදු වෙයි. තෙපි මාගෙ වයසු දු[108] ගොතුදු6 ලක්‍ෂණදු6 උගත් ගතුදු6 මාගෙ ශිෂ්‍යයනුදු6 මුදුනුදු6 මුදුන් පැළුමු දු6 සිතින් පුළුවුස්ව. ඉදින් හෙ බුදු වී නම්, තොප සිතින් පුළුවුත් පැන තෙපුලෙන්[109] විසජයි. කී යැ. බාවරි මහ තවුසා[110] තෙපුල් අසා සොළොස් බමුණො. කසුඛු සම්මා සම්බුදුන් සස්නෙහි පැවිජි වැ සිල් රැකි සොළොස් දහසක් බමුණන් පිරිවරා, ඔහු වැඳැ පැදකුණු කොටැ, දළමඬුලු අඳුන් දිවිසමින් සැරැහී, උතුරුදස බලා නික්මුණුහු. එයින් කීහ:
“බාවරිස්ස වචො සුත්වා - සිස්සා සොළස බ්‍රාහ්මණා,
අජිතො තිස්සමෙත්තෙය්‍යො - පුණ්ණකො අථමෙත්තගු.
.
ධොතකො උපසීවො ච - නන්දො ච අථ හෙමකො,
තොදෙය්‍යකප්පාදුභයො - ජතුකණ්ණි ච පණ්ඩිතො.
.
භද්‍රාවුධො උදයො ච - පෙසාලො චාපි බ්‍රාහ්මණො,
මොඝරාජා ච මෙධාවී - පිඞ්ගියො ච මහාඉසි.
.
පච්චෙකගණිනො සබ්බෙ - සබ්බලොකස්ස විස්සුතා,
ඣායී ඣානරතා ධීරා - පුබ්බවාසනවාසිතා.
.
බාවරිං අභිවාදෙත්වා - කත්වා ච නං පදක්ඛීණං,
ජටාජීනධරා සබ්බෙ - පක්කාමුමුත්තරාමුඛා”යි
එයින් මූලක නම් නුවරට ගියහ. එයින් අස්සක නම් නුවරට ගියහ. එයින් මාහිස්සතී[111] උජ්ජයිනී නම්, ගොධිපුර නම්, විදිසා නම්, වල්සැවැත් නම්, කොසඹෑ නම්, නුවරට ගියහ. එයින් සාකෙත පුරයට ගියො. එයට යන්නා හා ඔවුන්ගෙ සයොජුන් පමණ පිරිස් වී. එකල්හි බුදුහු, “බාවරිහි ගෙ ශිෂ්‍යයො මහපිරිස් ගෙනැ එති. තව ඔවුන්ගෙ ඉඳුරො නො පරිපැසුණහැ.[112] මෙ දෙශය ද සැප නොවෙයි. මගධ රට පහණ උනට සැප යැ. එහි හිඳැ මා ධම් දෙසන කලැ බොහො දෙන හට[113] අභිසමය වෙයි. හැම නුවරට මැ වැදැ එන කලැ බොහො දෙනා හා සමඟ එනු වෙතී” මහසඟුන් පිරිවරා සැවැත් නුවරින් නික්මැ දනවු සැරිසරමින් රජගහා නුවර වැඩියො. ඔහු හැම දෙනැ ම සැවැත් නුවර අවුදු වෙහෙර වැදැ, “බුදුහු කවරහ? කොහි යැ බුත්හ?” යි[114] සොයන්නාහු[115] ගඳකිළි[116] දොරට ගොස් බුදුන් පදලස් දැකැ සව්නෙ දන්නා බුදුන්[117] පරිදි දත්හු. බුදුහු ක්‍රමයෙන්, සෙතව්‍යා නුවර, කිඹුල්වත් නුවර, කුසිනාරා නුවර, පාවා නුවර, භොග නුවර, විසාලා නුවර, රජගහා නුවර ගොස්, රමණි[118] පාණසෑ වෙහෙර වැඩියො. හෙ, පෙරැ මහත් ගල්පිටෙක්හි වූ දෙවොලකැ. බුදුන් උපන් කලැ වෙහෙර වී යැ. එ මැ නම් වී.
තව්සො ද එ මැ විගස සැවැත් නුවරින් නික්මැ හැම නුවර වැදැ පුළුවුස්මින් වෙළෙවි වැ බුදුන් අනු වැ යන්නාහු. පස්වරු වැඩි මඟ ගෙනැ පෙරවරු යන්නාහු, පෙරවරු වැඩි මඟ ගෙනැ පස්වරු යන්නාහු, පාණසෑ පැමිණැ, “බුදුහු මිහි යැ”[119] යනු අසා සිහිල් පැන් ලදු[120] පිපාසිතයක් හු[121] සෙයින්[122] මහාභොග ලදු2 වෙණෙඳක්හු සෙයින් ගිමන්හි කළකිරි[123] සිහිල් සෙවණ ලදු2 මැඟියක්හු සෙයින්, සොම්නස් එ ගලට නැඟියො. එයින් කීහ.
“තුසිතොව උදකං සීතං - මහාලාභංව වාණිජො,
ඡායං ඝම්මාහිතත්තො’ව - තුසිතා පබ්බතමාරුහුං”යි.
එක්ලිහ බුදුහු පාණසෑ තන්හි සක්දෙව් රජහු මැවු රුවන් මඬියෙහි සෙ-සතින් සැදී, රුවන්පලග මතුයෙහි සඟ පිරිස් පිරිවරා සවනක් රස් විහිදුවමින් වැඩැ හිඳැ මියුරු සරයෙන් ධම් දෙසත්. එයින් කීහ:
“භගවා ච තස්මිං සමයෙ - භික්ඛුසඞ්ඝපුරක්ඛතො,
භික්ඛූනං ධම්මං දෙසෙති - සීහො’ව නදතී වනෙ”යි.
එ සඳ තව්සො ගොස් බුදුන් දැකැ සතුටු වැ පිරිවැරුහ. ඔවුන් අනු වැ එ එ රටින් ආ මිනිස්පිරිස්[124] බුදුනට මැ පිරිවර වී. එදවස් බුදුන් පෙරටද්[125] පිටිපසද්7 දකුණත්පසත්7 වමත්පසද්7 සයොජුන් සයොජුන් පමණ පිරිස් වී යැ. අයම්විතරහි[126] දොළොස් යොජුන් වි යැ. වටි සතිස් යොජුන් වී. එ පිරිස් මැදැ බාවරි මහතව්සා අතැවැසි සොළොස් බමුණන් කෙරෙහි දෙට අතැවැසි අජිත මාණව, බුදුන් විසින් කරන ලද සාමීචි ඇති වැ, තෙමෙ ද බුදුනට පිළිසථර කොටැ එකත්පස් වැ සිටැ බලනුයෙ, පනුරැසි පොහොදවස්[127] සොළොස් කලායෙන් පිරිහුන්[128] සඳක් සෙයින් බුදුන් දෙතිස් මහපුරිස් ලකුණෙන් පිරිහුන්10 සෙ දැකැ සතුටු වැ, මනසින් පැන පුළුවුස්නෙ, “අප ආචාර්යයා ගෙ වයස් කියව, ගොත් කියව, ලකුණු කියව, උහු උගත් ගත් කියව, උහු ගෙ ශිෂ්‍යයන් කියව” යි සිතී.
එකලැ බුදුහු, “තාගෙ බමුණු එක්සිය විසි හැවිරිද්දැ, ගොතින් ප්‍රවරයා මුනුබුරු වන බැවින් ප්‍රාවරි යැ. ලොකයො බාවරි යැ යෙති. උහුට තුන් මහාපුරුෂ ලක්‍ෂණයෙක් ඇති. ත්‍රිවෙදයෙහි පාරයට ගියෙ යැ. පියොවින් අලස වූ නුවණ මඳ පන්සියක් දරුවනට වෙද කියයි” වදාළො.
“උහුගෙ තුන් මහාපුරුෂ ලක්‍ෂණයො කවරහ?”[129] යි සිතින් පිළිවිත්. “තමා දිවින් මුහුණ වසයි. නළලැ උණුලොම් ඇති උහුගෙ අඞ්ගජාතය ඇතුළතැ ගොස් සැඟවෙ”යි වදාළො. මෙසෙ ඔහු මනසින් පුළුවුත් පැන වචසින් විසජු කල්හි සතිස් යොජුන් පිරිස්වැසියො අසා, “කවර දෙවියෙක් බඹෙක් මෙසෙ විසජනුයෙක් වී!”[130] යි සාධුකාර දී ගුගුරා මුඳුනෙහි ඇඳිලි බන්හු.[131] මෙසෙ පස් පැනයක් බුදුන් විසජු කල්හි තුබු දෙ පැන පුළුවුස්නෙ, “අපගෙ ආචාර්යය මුඳුනු දු මුඳුන් පැළුමුදු පුළුවුස්සි.[132] එ කියව”යි සිතී, “අවිජ්ජා සංසාරයා[133] හිස් වන බැවින් මුඳුනැ. රාත් මඟ නුවණින් ඇය කඩන[134] බැවින් විද්‍යා මුඳුන් පැළුමැ”යි[135] වදාළො.
එකල්හි අජිත මාණව පැන විසජුන් අසා ප්‍රීතිමත්[136] වැ අඳුන් දිවිසම් එකස් කොටැ ලැ “බාවරි බමුණු සතුටු සොම්නස් වැ ශිෂ්‍යයන් ශිෂ්‍යයන් හා සමඟ භවත්හු පා වඳී” යි ආචාර්යයා වැඳමෙන්[137] බුදුන් පාවිට[138] හිස් තබා වැන්ද. බුදුහු උහු ගෙ ආචාර්යයාට දු උහුට දු ආ වඩන්නාහු:
“සුඛිතො බාවරි හොතු - සහ සිස්සෙහි බ්‍රාහ්මණො,
ත්වඤ්චාපි සුඛිතො හොති - චිරං ජීවාහි මාණව” යි
වදාළහැ. එක්බිති[139] පැන පුළුවුස්නට අවසර ඉල්ලු කල්හි “බාවරීහි ගෙ වුව මැනෑ මැ යැ,[140] තොප හැම දෙනා ගෙ වුව මැනෑ මැ යැ, යම් සංසයක් පුළුවුස්ට” යි සර්වඥ ප්‍රවාරණායෙන් පැවරුහු.
බුදුන් අවසර දුන් කල්හි අජිත මාණව වැදැ එකත් පස් වැ හිඳැ පැන පිළිවිත්. “කෙනස්සු නිවුතො ලොකො” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “අවිජ්ජාය නිවුතො ලොකො” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, සුත්තනිපාත යෙහි පාරායණ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි අජිත මාණව තමා අතැවැසි දහසුන්[141] හා සමඟ[142] රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්සු දු අධිගම කොළො. රාත් වත් මැ. අජිත මාණවයා හා අතැවැස්සන් ගෙ තවුස් පිරිකර අතුරුධන් වි යැ. හැමදෙන මැ සෘද්ධිමය පාත්‍රචීවරධර වැ දෙ අඟුල් පමණ කෙහෙ ඇති වැ එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බැදැඳිලි වැ හුන්හු.
එක්බිති මොඝරාජ පැන පුළුව්ස්නට වන.[143] බුදුහු උහු ගෙ ඉඳුරන් පරිපාකයට නොගිය බව් දැනැ, “තො සිට. අනෙකෙක් පැන පුළුවස්සිව”යි[144] වදාළො. එකල්හි තිස්ස මෙත්තෙය්‍ය නම් මණෙවු[145] පැන පිළිවිත්.[146] “කොධ සන්තුසිතො ලොකෙ” යනාදීන් උහු පැන පුළුවුත් පරිදි දු, බුදුන් “කාමෙසුබ්‍රහ්මචරියවා” යනාදීන් පැන විසජු පරිදි දු, එමැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි මෙයිදු අතැවැසි දහසුන්[147] හා සමඟ රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්සු දු අධිගම කොළො. රාත් වෙමින් මැ ඔහු හැම දෙන[148] පළමු නියායෙන් එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් මැ බැදැඳිලි වැ[149] හුන්හු.
එක්බිති පුණ්ණක[150] නම් මණෙවු,5 බුදුන් පෙර සෙ මැ මොඝරාජයා පැන පුළුවුස්නට වන්නහු පිළිබැහු කල්හි, පැන පිළිවිත්. “අනෙජං මූලදස්සාවිං” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “යෙ කෙවි ඉසයො මනුජා” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි මෙයිදු අතැවැසි දහසුන්7 හා සමඟ රාත් වි යැ.
සෙසු නොඑක් දහස් මිනිස්සු අධිගම කොළො. රාත් වෙමින් මැ ඔහු හැම දෙන පෙර සෙ මැ එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බදැඳිලි වැ හුන්හු.
මෙ නියායෙන් මෙත්තගු නම්, ධොතක නම්, උපසීව නම්, නන්ද නම්, හෙමක නම්, තොදෙය්‍ය නම්, කප්ප නම්, ජතුකණ්ණි නම්, භද්‍රාවුධ නම්, උදය නම්, පෙසාල නම් මෙ එකොළොස් දෙන දු පැන පුළුවුත් කල්හි, බුදුහු පැන විසජුහු මොහු තමන් තමන් අතැවැසි දහස් දහස් හා සමඟ රාත් වැ එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වැඳැ බදැඳිලි වැ හුන්හු.
එක්බිති මොඝරාජ, “වහන්සෙ, මම් දෙ යලක් පැන පිළිවිස්සැටි වැ අවසර ගෙනැ භවත්හු විසින් ප්‍රතික්ෂිප්ත වීමි. ‘මෙන් තුන් වන වරැ, පුළුවුත් කලැ කියති’ යනු ගොදාවරී තීරයෙහි ලා මැ ඇසිමි. දැන් කලි වදාළ මැනැවැ”යි පැන පිළිවිතැ. බුදුහු උහු ගෙ ඉඳුරන් පිරිපැසුණු බව් දැනැ ගිවිස්සහැ. “කථා ලොකං අවෙක්ඛන්තං මච්චුරාජා න පස්සති” යනාදීන් උහු පැන පුළුවුත් පරිදි දු, “සුඤ්ඤතො ලොකං අවෙක්ඛස්සු” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන් හි මෙයිදු අතැවැසි[151] දහසුන් හා සමඟ රාත් වි යැ. සෙසු නොඑක් දහස් මිනිස්හු දු අධිගම කළහැ. රාත් වෙමින් මැ ඔහු හැමදෙන[152] පෙර සෙ මැ එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් වඳිමින් බදැඳිලි වැ හුන්හු.
එක්බිති එක්සිය විසි හැවිරිදි පිඞ්ගිය[153] නම් බමුණුසොළොස් වනු වැ බුදුන් පැන පුළුවුතැ.[154] “ජිණ්ණො’හමස්මි අබලො විවණ්ණො” යනාදීන් ඔහු පැන පුළුවුත් පරිදි දු, “දිස්වාන රූපෙසු විහඤ්ඤමානෙ” යනාදීන් බුදුන් පැන විසජු පරිදි දු, එ මැ සුතින් දන්නෙ යැ. දෙසුන් අවසන්හි පිඞ්ගික බමුණු අනගැමි[155] වි යැ. හෙ අතරතුරෙහි “ම-මයිල් බාවරි බමුණු මෙ විසිතුරු ප්‍රශ්න ව්‍යාකරණ අසනු නොලද” යන සෙනෙහෙන් වික්ෂිප්ත වැ රාත් නොවී. ඔහු අතැවැසි දහස්හු වූ කල[156] රාත් වූහු. පිඞ්ගිය බමුණා හා ඔහු අතැ වැස්සන්ගෙ තවුස් පිරිකර අතුරුධන් වී. හැම දෙන මැ, සෘද්ධිමය පාත්‍ර5 චීවරධර වැ දෙ අඟුල් පමණ කෙහෙ ඇති වැ එහි භික්‍ෂුභාවයෙන් පැවිජි වැ බුදුන් පිරිවැරුහු.
මෙසෙ බුදුන්, මගධ රට පහණසෑ තන්හි[157] වැඩැහිඳ බාවරි මහ තව්සා අතැවැසි දහස් දහස් පිරිවර ඇති සොළොස් මහතව්සන් පුළුවුත් පැන විසජා[158] පාරායණ සුත දෙසු දවස්, සොළොස් දහසක් තව්සො රාත් වූහැ. තුදුසු කෙළක් දෙව් මිනිස්හු සොවාන් සෙදැගැමි අනගැමි වූහු. එයින් කීහ:
“තතො පාසාණකෙ රම්මෙ - පාරායණසමාගමෙ,
අමතං පායයී බුද්ධො - වුද්දස පානකොටියො” යි.
ධම් දෙසුන් නිමි කලැ, එ එ රටැ සිටැ, තව්සන් අනු වැ ආ මිනිස්හු බුදුන් ගෙ අනුභාවයෙන් තමන් තමන් ගෙ ගම් නියම්ගම් ආදියා[159] පැනණුහු[160] බුද්හු සොළොස් දහසුන් හා සමඟ නොඑක් දහස් සඟපිරිස් පිරිවරා සැවැත් නුවර මැ වැඩියො. එහි සිටැ පිඞ්ගිය මහතෙරහු බුදුන් වැදැ, “වහන්සෙ, මම් බාවරි මහතව්සා හට[161] බුදුන් ‘උපන් පරිදි අවුදු කියමි’ යි පිළින කොටැ ආයෙමි” සැල කළහැ. බුදුහු අනුදත්හැ. ඔහු චිත්තගතීන් ගොදාවරි තීරයට ගොස් පාදගතීන් ආශ්‍රම පදයට ගියො.
එකල්හි බාවරි පෙරමඟ බලා[162] හුන්නෙ යැ.[163] ඔවුන් දුරැ මැ තවුස්වෙස් හැරැ මහණ වෙසින්[164] එනුවන් දැකැ, බුදුන් ලොකයෙහි උපන් බව් දැනැ, අවුදු වන් කලැ.[165] “කිම, පිඞ්ගිය, බුදුහු ලොකයෙහි උපන්හ?” යි පිළිවිතැ. “බුදුහු උපන්හැ, පහණ සෑ තන්හි[166] වැඩැහිඳ අපට දහම්[167] දෙසුහැ. එ දහම් තට දෙසන්නට ආමී” කී යැ. එකල්හි බාවරි බමුණු මහත් සත්කාර කොටැ සහපිරිවරින් ඔවුන් පුදා අසුන් පැන්වී යැ.[168] එහි වැඩැහිඳැ පිඞ්ගිය මහතෙරහු, තමන් ගොස් බුදුන් දුටු සොම්නසින් වචසින් මනසින් පැන පුළුවුත් සෙ[169] කියා, තමන්[170] බුදුන් කෙරෙ ඇසු නියායෙන්, අපාර වූ සංසාරසාගරයාගෙ[171] නිර්වාණ පාරයට පමුණුවන්නෙන් පාරායණ නම් ලදු සුත දෙසූහැ. දෙසා, “යම්සෙ ලිහිණියෙක්[172] කුඩා වනයක් පියා ගොස් මහත් මධුර ඵලහරිත වනයෙක්හි අවුදු වෙසෙ ද, එසෙයින් මැ[173] මම මඳ නුවණ ඇති තා වැන්නන්[174] පියාමහත් උදකරාසි ඇති අනුතත්දහතළ යට පත් හස් රජක්හු සෙයින් සව්නෙ දන්නා බුදුන් කරා ප්‍රාප්ත වීමි. රෑ දාවල් බුදුන් කෙරෙන් මොහොතෙක්හි ද වියො නොවැ ගිය ගිය දසායෙහි ඇසින් දක්නහු[175] සෙයින් සිතින් බුදුන් දැකැ, වැඳැ වෙසෙමී”[176] කීහු.
එසඳ බුදුහු, පිඞ්ගිය මහතෙරුන් හා බාවරිහිගෙ ඉඳුරන් පිරිපැසුණු බව් දැනැ, සැවැත් නුවරැ සිටැ රන්වන් රස්කලබක් වුහුටහ.[177] පිඞ්ගිය මහතෙරහු බාවරි මහතව්සා හට බුදුගුණ කියමින් හුන්නාහු බුදුරස් දැකැ, “මෙ කිම් හො!”යි බලන්නාහු, බුදුන් තමන් පෙරට සිටියවුන් සෙ පැනෙනුවන් දැකැ, “බුදුහු වැඩියහ”යි කීහු. බමුණු හුනස්නෙන් නැඟී, බැදැඳිලි වැ සිටියෙ යැ. බුදුහු රන් පතුරුවා බමුණු හට තමන් දක්වා, “යථා අහු වක්කලී මුත්තසද්ධො” යනාදීන් සිවුපැදි ගයක් වදාළහැ. දෙසුන් අවසන් හි පිඞ්ගිය මහතෙරහු රාත් වූහ. බාවරි මහතව්සා අනගැමි වී යැ. ඔහු අතැවැසි පන්සියක් බමුණු දරුවො සොවාන් වූහු.
මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් බාවරි මහතව්සා ද ඔහු අතැවැසි සොළොස් දහස් සොළොස් තව්සනුදු බමුණු දරුවන් පන්සියනුදු, ‘ආදි’ ශබ්දයෙන් ගත් අග්ගදත්තාදි තාපසයනුදු දමා අමාමහනිවනින් පැමිණිවූහු.
තාපසදමන නම් දොළොස් වන පරිච්ඡේදය නිමි.
-
බාවාරික, බාවාතික ↑
-
නම් තවුසා ↑
-
වැඩියෙක්, වඩුයෙක් ↑
-
වස්තුවිජ්ජා (විජ්‍යා) යෙහි ↑
-
එහි එකක් ↑
-
වනලාසන්, වතලායන්, වතලාසන්, වනලා, වැනලායෙන්-මු: ↑
-
කොටින්වත් ↑
-
විකුට ↑
-
පුසුත් ↑
-
දරුවෙනි, දැරියෙනි-මු ↑
-
තෙපි තෙපි දු ↑
-
වඩුවහට ↑
-
කාෂ්ටවාහනයට-මු ↑
-
රජයගත්හ ↑
-
ධැමිටු ↑
-
රජහු ↑
-
සඞ්ග්‍රහ ↑
-
ලදු, ලද් ↑
-
රජපිරිසිදු ↑
-
නුවරට ↑
-
දුටුහ, දුටුහ ↑
-
කුහි, කොයි ↑
-
අවයි ↑
-
බරණැස් නුවර ↑
-
එහි හෙ ↑
-
මෙ (එ) පවත් සැළකළහ. ↑
-
සුක්වත්, සුන්ගත් සුන්වත්, සුත්වත්, සුවත් ↑
-
මිත්‍රයයි වැටෙයි, මිත්‍ර වේව යි-මු ↑
-
වෙණෙඳන්ගෙන් ↑
-
අස්වන්නේ යයි ↑
-
මොහු ↑
-
වැනිවිය ↑
-
කරඬුයෙහි ↑
-
අට සුමුඟෙක-මු ↑
-
මුන්ද්නෙන්-මු ↑
-
පත් යවී ↑
-
පවත් ↑
-
හානි වැ-හැම ↑
-
විජහාපූ ↑
-
අරක්කැමියන් ↑
-
ද්විගුණ කොට ↑
-
වැඩ ↑
-
පින් කෙත් ව සිටියේ යයි ↑
-
වේවැල්මුවා ↑
-
සදවමින් ↑
-
හෙ ↑
-
වැසි ↑
-
සුමුඟු-මු ↑
-
දිලිබු, දිලුබ් ↑
-
අසනු ↑
-
උපන්හ ↑
-
බුදුන් ↑
-
නික්මුණහු ↑
-
ගොස් නොවදනා ↑
-
ඇවිදුනා ↑
-
පිරිනිවියෝ ↑
-
පිරිහුණුහැ, පිරිහිණහ, පිරිහුනුම්හ-මු ↑
-
නොලදම්හ ↑
-
බෑණො ↑
-
බණදහම් ↑
-
බුදුන් ඔවා ↑
-
වෙහෙරක්-මු ↑
-
පිහිටුවා ↑
-
පිරිවර උපන්හු ↑
-
ඔහු-හැම ↑
-
බුදුතුරක් ↑
-
රජ මහ කොසොල් ගෙ, රජ මහකොසොල් රජු ගෙ ↑
-
බමුණ, බමුණු, බහුණා-මු ↑
-
බාවාරි, බාවාරික ↑
-
උගත්තු ↑
-
එකක් ම වුහු, එක් ම වුහු ↑
-
මෙළෙය ↑
-
භොගයකු දු, භොගයනු දු-මු ↑
-
මපණො, මපාණො ↑
-
සිටියා හා මය ↑
-
කුමට ද මහරජ පැවිජි නො වන්නෙ. ↑
-
තවුස්පැවිද්දෙ (පැවිද්දෙන්-මු) ↑
-
අළක-සුත්තනිපාත අටුවා හා පෙළ ↑
-
නඟන්නට ↑
-
පමණ තන් වී ↑
-
මුළු, මුල ↑
-
දිනු ↑
-
හවුරුදු හවුරුදු පතා ↑
-
පන්සලට, පස්නල ↑
-
අවජමෙනි ↑
-
කොටනොහෙමි ↑
-
දාස ↑
-
යවි ↑
-
දිනිමි ↑
-
තා ↑
-
එවෙනි ↑
-
නොදනිතුද්, දනිතුද් ↑
-
බාවාරියටි ව, බලාපියව්, බාවාරිමාරිය ටිව-මු ↑
-
හොම, හොබ, හොමයෙන් ↑
-
හොමයෙන් ↑
-
අතුට ↑
-
කමඩලායෙහි ↑
-
එව-හැම ↑
-
දක්හි ↑
-
ඉකුත් ලොකයෙහි ↑
-
බව ↑
-
මුනුබුරෙක්-මු ↑
-
ධම්සක් ↑
-
දිළුහ, දිලිබ්හ-මු ↑
-
බුදුහු ↑
-
දනුම්හයි ↑
-
සිටිය ↑
-
ද්, ත් ↑
-
තෙපලෙන් ↑
-
මහා තව්සා ගෙ ↑
-
මහසිස්තී ↑
-
නොපිරිමැසුණහ, නො පිරිහුණහ ↑
-
දෙනාහට-මු ↑
-
බුදුන්හයි, බුදුහුහොයි-මු’ ↑
-
සොයමින් යන්නාහු ↑
-
ගඳකෙළි ↑
-
බුදුහු ↑
-
රමණීය ↑
-
මෙහි යැයි ↑
-
ද් ↑
-
පිපාසයක්හු-මු ↑
-
සිහිල් පැන් වළඳා පිපාස සන්හුන්නක්හු සෙයින්, සිහිල් වළඳ (ඳා) පිපාසයක්හු සෙයින් ↑
-
ගිමකලකිරි-බොහො, ගිමන්, ගිමින් කලකිරි-මු: ගිමකලැපිරි-මු: ↑
-
මිනිස් පිරිවරින් (පිරිවරින්) ↑
-
දු, ද ↑
-
අයම්විතරින් ↑
-
පනුරැසි පොහොය ↑
-
පිරිපුන්-මු: ↑
-
කවරැයි ↑
-
විහි-සමහර ↑
-
බත්හු ↑
-
මුඳුන් පුළුවුස්සි ↑
-
සංසාරයැ-මු: ↑
-
කැඩෙන ↑
-
පැළමැයි ↑
-
ප්‍රීතින් මත්-මු: ↑
-
වඳමෙන්, වඳනාමෙන් ↑
-
පාපිට ↑
-
වදාළ එක්බිති ↑
-
මැනැවැ ↑
-
දහසත්-මු ↑
-
සැම ↑
-
වන්හ, වන් ↑
-
පුළුවුස්සියි, පුළුවුසී, පුළුවුසවයි, ↑
-
මණවු ↑
-
පිළිවිත් කෙබඳු ද ↑
-
දහසදු-මු: දහසුනුදු-මු: ↑
-
හැමදෙනෙ ↑
-
බද්ධාඤ්ජලිවැ ↑
-
පූර්ණක ↑
-
දහසත්-මු ↑
-
දෙන මැ ↑
-
පිඞ්ගියානි ↑
-
පිළිවිත ↑
-
අනාගාමි ↑
-
දහස වූ කලි-මු: ↑
-
පහණසතන්හි ↑
-
විසදා ↑
-
ආදියට-මු: ↑
-
පැමුණුනුහු-මු: ↑
-
තවුසාට, තවුස්නට, තව්සනට. ↑
-
බලබලා ↑
-
හුන්නාහු ↑
-
මහණවෙස් ගෙන ↑
-
වන්කලැ මැ ↑
-
පහණසතන්හි ↑
-
ධම් ↑
-
පැනවියැ ↑
-
නියා ↑
-
තමා ↑
-
සංසාරයා ගෙ ↑
-
ලිහිණියක් ↑
-
එයින්මැ ↑
-
තවත් තැන්, තැනැත්තන්, ත වැන්නන් ↑
-
දක්නාහු ↑
-
වැඳ මෙසෙ කීහු ↑
-
වුහුටුහ, වුහුට්හ ↑