11. ජටිලදමන නම් පරිච්ඡේදය

සච්චබද්ධක[1] නම් ජටිලයා දැමු පරිදි කිසෙයැ යත්:

සුනාපරන්ත[2] නම් ජනවියෙහි එක් වෙණෙඳ ගමෙකැ දෙ බෑ කෙනෙක් වූහු. ඔවුන් කෙරෙහි ඇතැම් කලෙකැ මහලු බෑ පන්සියක් ගැල් ගෙනැ ජනපදාන්තරයට ගොස් බඩු ගෙනැ එයි. ඇතැම් කලෙකැ මල් ගොස් ගෙනැ[3] එයි. එක් සමයෙක්හි මලු ගෙහි හිඳුවා පුණු[4] කෙළෙමි පන්සියක් ගැල් ගෙනැ දනවු සැරිසරමින් ගොස් සැවැත් නුවරට පැමිණැ දෙව්රම් වෙහෙරට නුදුරු තන්හි කඳවුරු බැඳැ පෙරවරු බත් කා (පරිජනයන්) පිරිවරා[5] (එපිරිස්) හා සැප තැනෙක්හි හුන්නෙ යි.

එක්බිති සැවැත් නුවරැ වැස්සො පෙහෙ වැ ගඳ මල් ගෙනැ බුදුන් කෙරෙහි බණ අසන්නට දකුණු දොරින් නික්මැ දෙව්රම් වෙහෙර[6] යෙති. හෙ, ඔවුන් දැකැ, “මොහු කොයට යෙතී?” එක් මිනිසක්හු පිළිවිතැ හෙ, “ලොකයෙහි බුදුරුවන් ධමුරුවන්[7] සඟුරුවන් උපන් පරිදි තෙපි නො දන්නා වන්ව. මොහු බුදුන් කෙරෙ බණ අසන්නට යෙතී” කී යැ. ඔව්හට ‘බුදුහ’ යන තෙප්ලෙන්[8] උපන් සොම්නස් සිවිසම් ආදි[9] සිඳැ ඇටමුල්හි සිටියෙ යැ. හෙ, තමා ගෙ පරිජනයන් පිරිවරා එ පිරිස් හා වෙහෙර ගොස් මියුරු සරයෙන්[10] ධම් දෙසන බුදුන් ගෙ පිරිස් අන්තයෙහි සිටැ බණ අසා පැවිජි වියටි වී බුදුන් කල් බලා පිරිස්වැස්සනට සමු දුන් කල්හි බුදුන් කරා එළබැ වැඳැ සෙට දවසට නිමන්ත්‍රණ කොටැ දෙවන දවස් මඬුවක් කරවා අසුන් පන්වා[11] බුදුපාමොක් සඟනට[12] මහදන් දී භාණ්ඩාගාරිකයා කැඳවා, “මෙතෙක් බඩු විකිණී යැ.[13] මෙතෙක් බඩු නො විකිණී යැ.[14] මෙ සම්පත් මා[15] මල් හට දෙ”යි[16] හැම උහුට දක්වා-දී පැවිජි වැ කමටහන් ගෙනැ දවස් යවී.[17]

ඔහු මනස්කාර කරන කලැ කමටහන් මනසට නො වටහයි. එයින් ඔහු, “මෙ ජනපදය මට යොගානුකූල නො වෙයි. සියරට මැ යෙමී” සිතා පෙරවරු නුවරැ වළඳා සවස් වෙලෙහි පිළිසලනෙන්[18] නැඟි බුදුන් කරා එළබැ වැඳැ එකත්පස් වැ හිඳැ, “වහන්සෙ, මට සැකෙවින් අවවාද කරනු මැනැවැ, යම් තැනෙක්හි එකලා වැ වාස කටටියෙමි”යි කීහු. බුදුහු ඔව්නට, “සන්ති ඛො පුණ්ණ, චක්ඛුවිඤ්ඤෙය්‍යා රූපා” යනාදි විසින් දුක්සස් සමුදසස් විසින් වට මුදුන් පමුණුවා, නිරොවසස් මඟසස් විසින් විවට මුදුන් පමුණුවා, රාත්බැවැ එවැ, ධම් දෙසුහු. මෙහි විස්තර මැදුම්සඟියැ[19] පුණ්ණොවාද සුතින් දන්නෙ යැ.

මෙසෙ බුදුහු පුණු මහතෙරනට සැකෙවින් ධම් දෙසා, “දැන් තා ගොස් කොහි වෙනෙහි?” වදාළහැ. වහන්සෙ, සුනාපරන්ත නම් ජනවියෙක් ඇති, එහි ගොස් වෙසෙමී” කීහු. “පුණ, සුනාපරන්ත ජනපදවාසීහි දරුණු මිනිස්හැ. ඉදින් ඔහු තට ආක්‍රොශ කෙරෙත්නම්, එ තැනැ තට කිමෙක් සිතෙ?” යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘මිටින් මට පහර නොදෙනෙසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් උහු මිටින් පහර දුන්හු[20] නම්, එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කනෙකැ. ‘කැටින් මට පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් ඔහු කැටින් පහළනු නම්,[21] එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘දඬියෙන් මට පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ” යි කීහු. “ඉදින් ඔහු දඬියෙන් පහළනු නම්, එතැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘මට සැතින් පහර නො දෙනසෙ මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් ඔහු සැතින් පහළනු නම්. එ තැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “මොහු මනා මිනිස් කෙනෙකැ. ‘තිහිණි සැතින් පැහැරැ මා දිවි නොකළවනෙස මැනැවැ’යි සිතමි; වහන්සෙ”යි කීහු. “ඉදින් තිහිණි සැතින් පැහැරැ තා දිවි ගළවත් නම්, එතැනැ තට කිමෙක් සිතෙ?”යි වදාළහැ. “ඉදින්, වහන්සෙ, සුනාපරන්ත ජනපදවාසී මිනිස්හු තිහිණි සැතින් පැහැරැ මසා දිවි ගළවත් නම්, ඇතැම් බුදුසවු කෙනෙක්, සිරිරුහි පිළිකුල් ඇති වැ, තමන් මරනුවන් පිරියෙස්ති.[22] මම් එ නො පිරියෙසැ මැ[23] ලදිමි’ සිතමි, වහන්සෙ”යි කීහු. එ කල්හි බුදුහු තුන් යලක් සාධුකාර දී, “තො යා. සුනාපරන්ත[24] ජනපදයෙහි වසන්නට නිස්සෙහි. කල් දනැ”යි වදාළො.

මෙසෙ පුණු මහතෙරහු බුදුන් පෙර වැ සත් සිංහ නාදයක් කොටැ හුනස්නෙන් නැඟී බුදුන් වැඳැ, පැදකුණු කොටැ, පා සිවුරු ගෙනැ සැරිසරමින්, සුනාපරන්ත ජනපදයට ගොස් අඹටපවියෙහි[25] බැසැ වෙණෙඳ ගම සිඟන්නට වැඩියො මල් කෙළෙඹි හැඳිනැ වළඳවා, “වහන්සෙ, බැහැරැ නො ගොස් මෙහි මැ වාස කරව”යි ගිවිස්වා-ගෙනැ එහි මැ වැසැවි[26] එයින් මුහුදුගිරි නම් වෙහෙරකට ගියහ. එහි යකත්[27] පහණින් බඳ සක්මනෙන් ඇති. එහි මුහුදුරළ පැහැරැ මහත් ශබ්ද කෙරෙයි. මහතෙරහු, එහි සිටැ කමටහන් මෙනෙහි කරනුවනට සැප වනු සඳහා, “මුහුදු නිශ්ශබ්ද වෙව”යි ඉටා එයින් මයිලිගිරි නම් වෙහෙරකට ගියහ. එහි ලිහිණියො බොහොහැ. ඔවුන්ගෙ හඬ රෑදවල් එකාබද්ධයැ. එයින් මුහුලුඅරම්[28] නම් වෙහෙරකට ගියහ. වෙණෙඳ ගමට නො ද දුරැ, නො ද වෙතැ, ගමනාගමනසම්පන්න යැ, විවික්ත යැ, නිශ්ශබ්ද යැ, මහතෙරහු. “මෙතන සැප යැ”යි එහි රෑවටන් දිවාවටන් සක්මන් කරවා වස් වුසුහු[29] එහි වෙසෙමින් සිටැ, පිළිසිඹියා[30] පත් රාත් වූහු.

එක් දවසක් එ මැ අතවසැ[31] පන්සියක් වෙණෙඳහු, “පර මුහුදු යම්හ”යි නැවට බඩු නැඟුහු. නැව් නැඟෙන දවස් මහතෙරුන් මල්, මහතෙරුන් වළඳවා, මහතෙරුන් ගෙන් පන්සිල් ගෙනැ, වැඳැ, යන්නෙ, “වහන්සෙ, මහමුහුදු නොහැදහිය[32] හැක්කැ. නොඑක් අන්තරාය ඇත්තෙ යැ. එක බැවින් අප සඳහන් කරන්නෙ යැ”යි කියා නැව් නැංගැ. නැව උතුම් ජවයෙන් යන්නෙ එක් දිවයිනකට සම්ප්‍රාප්ත වි යැ. “මිනිස්හු[33] පෙරවරු මෙහි බත් කැව[34] මැනවැ”යි සිතා දිවයිනට බටහැ. එහි අනෙක් දෙයෙක් ඇත්තෙ නොවෙයි, රත් සඳුන් වනයක් මිසැ යැ[35] එක් මිනිසෙක් රුකක්[36] වැහැයෙන් ඇනැ බලා රත් සඳුන් බව් දැනැ, “ඇපි ලාභ සඳහා මරපුහුදට යම්හ, මෙයට වැඩි ලාභයෙක් නැති, සතරඟුල් පමණ සඳුන් කඬෙක්[37] ලක්‍ෂයක් වටී, හරනට නිසි බඩු හැරැ-පියා සඳනෙත්[38] පුරම්හ”යි කී යැ. “ඉතා මැනැවැ”යි ඔහු සතුටු වැ හළ මනා බඩු හැරැ නැව සඳනෙන් පිරුහැ.

එ සඳුන් වනයෙහි අමනුෂ්‍යයො දැහැවැ, “මොවුන් විසින් අප ගෙ සඳුන් වනය නසනදල. මොවුන් මරම්හ”යි සිතා “මෙහි මැරු කලැ හැම වන එක්[39] කුණු රැසෙක් වෙයි. මුහුදුමැදැ මොවුන් ගෙ නැව ගලා-පියම්හ”යි කීහු. ඔවුන් නැවට නැඟි මඳක් සැඳින් එහි අමනුෂ්‍යයො මහමුහුදු උපැරළගල[40] කොටැ, තුමුහු දු භයානක රූප දැක්වූහ. බිය පත් මිනිස්හු දු තමන් තමන් ගෙ[41] දෙවියන් වැඳැ අයජති. මහ තෙරුන් මල් කෙළෙඹි, “ම-බෑණො[42] මට වහල් වෙත්ව”යි මහතෙරුන් සඳහන් කෙරෙමින් සිටියෙ යැ. මහතෙරහු දු එ මැ කෙණෙහි අවජනාහු, ඔවුන් වසන් පත් බව් දැනැ අහසින් එයට ගියහ. අමනුෂ්‍යයො මහතෙරුන් දක්මින් මැ[43] “අප වත්හිමියො පුණු මහතෙරහු වැඩියහ”යි පහ වූහු. උත්පාත[44] සන්හිනැ. මහතෙරහු, “නොබව, නොබව” යි ඔවුන් අස්වසා, “කොයට යාටියා ද?” යි[45] පුළුවුත්හැ. “වහන්සෙ, අපගෙ තැනට මැ යම්හ” යි කීහු. මහතෙරහු නැව් හිසැ ලැ[46] ඇක්මැ, “මොවුන් කැමැති තැනට යෙව”යි ඉටුහ. වෙණෙඳො තමන්ගෙ තැනට ගොස් එපවත් අඹු දරුවනට කියා, “එව, මහතෙරුන් සරණ යම්හ”යි පන්සියො මැ[47] තමන්ගෙ පන්සියක් මාගමුන් හා සමඟ තෙසරණ පිහිටා උපාසක වූහු.

එක්බිති නැවැ බඩු බහා මහතෙරනට කොටසක් තබා “වහන්සෙ, මෙ තොප ගෙ කොටසැ”යි කීහ. මහතෙරහු, “මට වෙන කොටසින් කම් නැති, බුදුන් දුටුවීරුහු දැ?” යි[48] කීහ. නුදුටුවිරුම්හ,[49] වහන්සෙ” යි කීහු. “ඔස, මෙයින් බුදුනට ගඳකිළියක්[50] කරව.[51] එසෙ වන්නා හා බුදුන් දක්ව”යි කීහ. ඔහු, “ඉතා මැනවැ, වහන්සෙ”යි එ කොටසිනිදු තමන්ගෙ කොටසිනිදු ගඳකිළි කරන්නට[52] පටන් ගත්හ. බුදුහු ආරම්භයෙහි පටන්-ගෙනැ පරිභොග කළහැ. රක්නා මිනිස්සු රෑ බුදුරස් දැකැ, “මහානුභාව දෙවි කෙනෙකැ”යි සිතුහු. උපාසක වරහු බුදුන් වසන ගඳකිළිය ද සඟුන් වසන සෙනස්න ද නිමවා දානයසම්භාර සරහා තබා, “වහන්සෙ, ඇපි අප විසින් කළ මනා දෑ කළම්හ. බුදුන් වහන්සෙ වඩනට කලැ”යි කීහ. මහතෙරහු සවස් වෙලෙහි ඉදුභයෙන් සැවැත් නුවර ගොස්, “වහන්සෙ, වෙණෙඳගම්වැස්සො දැකැ වැන්දැටියහ.[53] ඔවුන් ගෙ මනදොළ පිරෙනු මැනැවැ”යි බුදුන් අයජියහැ. බුදුහු ඉවසු දැ යැ. මහතෙරහු තමන් වසන තැනට මැ එළබියහැ. බුදුහු[54] අනඳ මහතෙරුන් කැඳවා, “අනඳ, සෙට සුනාපරන්ත ජනපදයෙහි වෙණෙඳගමැ සිඟන්නට යම්හ. තො උනුපන්සියක් සඟනට[55] ලහා දෙ”යි[56] වදාළො. මහතෙරහු. “ඉතා මැනැවැ; වහන්සෙ”යි සඟනට එ පවත් සැල කොටැ,[57] “අහසින් ඇවිදුනත් ලහා ගන්නෙ මැනැවැ”යි කීහැ.

එ දවස් කුණ්ඩධාන මහතෙරහු පළමු ලහා ගත්හ. වෙණෙඳගම්වැස්සො ද, “සෙට බුදුහු වඩත් ල”යි ගම මැදැ මඩුවක්[58] කොටැ උඩ විසිතුරු වියන් බැඳැ ගඳදම්[59]මල්දම් රුවන්දැමින් රන්තරු රිදීතරු මිණිතරුයෙන් වියන් සාදා බිම සිව්දෑගඳින් පිරිබඩ ගෙනැ[60] මහරහ අසුන් පැන්වූහු. බුදුහු උදය මැ සිරිරු පිළිදැගිලි කොටැ ගඳකිළියට වැදැ පලසමවත් සමවැදැ වැඩහුන්හැ. සක් දෙව්රජහු ගෙ පඬු ඇඹුල් සල අස්න හුණු වි යැ. හෙ, “මෙ කිමෙකැ හො!”යි අවජනෙ බුදුන්ගෙ සුනාපරන්ත ජනපදයට ගමන් දැකැ විස්සම්[61] දෙව්පුත්හු කැඳවා “පුතැ, අද බුදුහු තුන්සියක් යොදුන් තැන් සිඟන්නට වඩති.[62] පන්සියක් කූටාගාර[63], මවා[64] දෙව්රම් දොරොටු මුදුනෙහි සරා තබ”යි[65] කී යැ. හෙ අවුදු රුවන්මුවා පන්සියක් කූටාගාර මැවී යැ. බුදුනට කූටාගාර[66] සතරමුණැ.[67] දෙ අගසව්වනට දෙමුණැ. සෙස්සනට[68] එක්මුණැ. මෙ සෙයින් නිර්මිත යැ කූටාගාර.* බුදුහු ගඳකිළියෙන්[69] නික්මැ පටිපාටීන්[70] සිටි කූටාගාරයන් කෙරෙහි ප්‍රධාන කූටාගාරයට වන්හැ. දෙ අගසව්වන් පටන් කොටැ එකුන්[71] පන්සියක් සඟහු දු කූටාගාරගත වුහු. එකෙක්[72] සිස් කූටාගාරයෙක් වි යැ. පන්සියක් කූටාගාරයො අහසින් ගියහැ.

බුදුහු අතරමඟැ සච්චබද්ධ නම් පර්වතයකට පැමිණැ කූටාගාර අහසැ සිටුවා බැසැ, ඒ පර්වතයෙහි මිසදිට්හ[73] ගත් ජටිලයෙක් මහජනා මිසදිට්හ1 ගන්වා ලාභයෙහි දු යශස්හි දු අග්‍රප්‍රාප්ත වැ වෙසෙයි. ඔහු ළෙහි ඇතුළු සැළැ පහනක් සෙයින් රාත්බවට උපනිඃශ්‍රය දිලියෙයි. ඔහු දැකැ, “මොව්හට ධම් දෙසුව මැනැවැ”යි ගොස් දුලදු[74] බිඳැ ධම් දෙසුහැ. තවුද් දෙසුන් අවසන්හි රාත් වැ එහි භික්‍ෂුභාවයෙන්[75] පැවිජි වැ හිස් වැ ආ කූටාගාරයට වනැ.[76]

බුදුහු කූටාගාරගත වූ පන්සියක් රාත් සඟුන් හා සමඟ වෙණෙඳ ගම් ගොස් කූටාගාරයන් අතුරුධන් කොටැ වෙණෙඳ ගම් වන්හැ. වෙණෙඳො මඩුයෙහි පැන් වූ අස්නෙහි බුදුපාමොක් සඟුන් වඩා හිඳුවා මහදන් දී බුදුන් මුහුලු අරම් වැඩුහැ. බුදුන් ගඳකිළියට වැදැ සැතපි වැඩැ හුන් කල්හි මහාජනයො බත් කා පෙහෙ වැ බොහො ගඳ මල් ගෙනැ බණ අසන්නට අරම් ගියො.[77] බුදුහු ධම් දෙසා මහජනා සසරින් මුදුහ.[78] මහත් බුද්ධකොලාහල වි යැ. බුදුහු මහජනා හට වැඩ සඳහා කිහිප දවසක් එහි මැ වුසුහැ. අරුණු වනාහි දෙව්රම් වෙහෙරැ මහ ගඳකිළියැ නැඟුහැ. එහි කිහිප දවසක් වාස කොටැ වෙණෙඳ ගම්හි වළඳා “තො මෙහි මැ වාස කරා”යි පුණු මහතෙරුන් නවතා, අතුරෙහි නර්මදා නම් හොයෙක් ඇති, එ හො-තෙරට වැඩියහැ. මෙය නර්මද[79] නම් නාගරාජ,[80] බුදුන් පෙරමඟට අවුදු නාග භවනයට වඩා ඇරැ තුණුරුවනට මහත් සත්කාර කෙළෙ. බුද්හු ඔහට ධම් දෙසා නාගභවනයෙන් නික්මුණුහු.[81] හෙ “වහන්සෙ, මා පුදන දැයක්[82] දෙන්නෙ යැ”යි අයජි යැ.

බුදුහු කැළණි ගඟැ මිණිඇසි[83] නාරජ හට සෙයින් නර්මදා නදී තීරයෙහි[84] පදලස් දැක්වූහු. හෙ රළ ආ කලැ මුවහ වෙයි. ගය කලැ විවර වෙයි. මහාසත්කාර ප්‍රාප්ත වී යැ. බුද්හු

එයින් නික්මැ සච්චබද්ධ පර්වතයට ගොස් සච්චබද්ධ මහ තෙරනට “තා විසින් මහාජනයො අපාය මඟට පමුණුවන ලදහැ. තො මෙහිමැ වාස කොටැ ඔවුන්ගෙ දුලදු විහිද්වා නිවන්මඟැ පිහිට්ව”[85] යි වදාළහැ. ඔහුද් පුදන්නට නිසි දැයක් ඉල්ලුහු. බුදුහු ගන ගල් පිටැ, අලුත් මැටිකඩෙක්හි[86] එබු හසක් සෙයින්, පදලස් පෙන්වුහු. එයින් දෙව්රම් වෙහෙර මැ වැඩියො.

මෙ සෙයින් බුදුහු තමන් පුරුෂදම්‍යසාරථී වන බැවින් සච්චබද්ධ නම් ජටිලයා හා ආදි ශබ්දයෙන් ගත් උරුවෙල් කසුබු ඈ ජටිලයනුදු දමා අමා මහනිවන් පැමිණිවූහු.

ජටිලදමන නම් එකොළොස් වන පරිච්ඡේද නිමි.

  1. සච්චබද්ධ සච්චබන්ධ

  2. සුනාපරන්තක

  3. බඩු ගෙන

  4. පුණුනම්-මු

  5. පිරිවරා, පිරිවර හා

  6. වෙහෙරට - මු

  7. අඹුදරුවන්

  8. තෙපුලෙන

  9. ආදිය

  10. මියුරුරසයෙන්

  11. පනවා, පණවා

  12. මහසඟනට

  13. වික්කේයැ - හැ, විකිණියේය - මු

  14. දෙවයි

  15. විය

  16. යවති-හැම, යවයි-මු. ‘කම්මට්ඨානපරායනො අහොසි’ - අටුවා

  17. පිළිස ලකුණෙන්

  18. මැදුම්සඟියෙහි

  19. දුන්නාහු නමු

  20. පහළවූහු නම්, පහර ලදහු නම්.

  21. පිරිස්සති

  22. පිරියැස මැ

  23. තො සූනාපරන්ත

  24. අඹැට, අපටපවියෙහි

  25. වැස්වි

  26. සතන්, සතක්, යකක්

  27. මුළු අරම්

  28. දවස් යවූහු, දවස් වුසුහු

  29. පිළිසැඹියා

  30. ඇතවැස, ඇතවැසි, අතවැස

  31. හැදවිය, හැදවිහිය

  32. එහි (ඒ) මිනිස්සු

  33. කෑ

  34. මිසයැයි හැම

  35. එකක්

  36. කඳෙක්

  37. සඳුනෙන්

  38. එක

  39. උප රළගත (රළගළ)

  40. තම තමන්ගෙ

  41. බෑයාණො

  42. දැක්මෙන්ම

  43. උත්පාතය

  44. යටියාදැයි, යායටිදැයි, යාටිහුදැයි-මු:

  45. නැව්හි සැළ, නැව්හි සල, නැව්හි සළා-මු: නැව්හි පල-මු: “නාවං පණෙ (ඵලෙ) අක්කමිත්‍වා” - අටුවා

  46. පන්සියය මැ

  47. දුටුවාහු දැයි, දුටුහාවිරුහුදැයි, දුටුවාවිරුහුදැයි

  48. නුදුටුවිරූහ

  49. ගඳකෙළියක් “මණ්ඩලමාලං” - අහිඅටුවා

  50. කරවට

  51. කරවන්නට

  52. වැදැ සිටියහ.

  53. බුදුන්-මු

  54. රහත් සඟනට

  55. දෙවයි

  56. සැළකළහ

  57. මහ මඩුවක්

  58. ගඳදුම්

  59. කොට

  60. විස්කම්

  61. වඩිති

  62. කූටාගාර ගෙවල්

  63. නිමවා ‘මාපෙත්වා’-අටුවා

  64. තබවයි

  65. කූටාගාරය

  66. සතර මුහුන

  67. සෙස්නට-මු

  68. ගඳකිළින්

  69. පටිපාටියෙන්

  70. එකනු

  71. එකක්, එක්-මු “මෙසෙයින් නිර්මිත කූටාගාරය(ට) -පොත්, අටුවායෙහි නැතියෙන් අධිකයෙකි.

  72. මිසදිටුහ

  73. දුලැද, දුලද, දුලද්

  74. එහි භික්ඛුභාවයෙන්

  75. වන්හ

  76. ගියහ

  77. මිදුහ

  78. නර්මදා, නිර්මදා

  79. නාරජ

  80. නික්මුණහ

  81. දෙයක්

  82. මිණිඅසි

  83. නර්මදතීරයෙහි

  84. පිහිටුවයි, පිහිටවායි

  85. මැටිකඩෙහි