විකාර රූප තුන

ලහුතා රූපය, මුදුතා රූපය, කම්මඤ්ඤතා රූපය යන මේ තුන විකාර රූපයෝ ය. ඔවුහු සෑම කල්හි ම ඔවුනොවුන් වෙන් නොවී එක ම රූප කලාපයකට එකට බැඳී උපදින්නෝ ය. ඔවුනොවුන් ගෙන් වෙන් කළ නො හෙන සේ එකට ම බැඳී උපදනා ඒ රූපයන්ගේ ලක්ෂණ වෙන් වෙන් වශයෙන් තේරුම් ගත හැකි වන්නේ වරින් වර ශරීරයේ ඇතිවන ලහුතාදීන් ගේ විරුද්ධ වූ ස්වභාවයන් අනුව සිතීමෙනි. එබැවින් ඒවායේ ලක්ෂණ විරුද්ධ ස්වභාවයන්ගේ අනුසාරයෙන් දක්වනු ලැබේ.

අනු මාතෘකා
keyboard_arrow_rightලහුතා රූපය
keyboard_arrow_rightමුදුතා රූපය