අභිධර්මාර්ථ ප්‍රදීපිකා

රූප කලාපයන්ගේ වැඩීම හා හානිය

පටිසන්‍ධික්‍ෂණයේ පටන් කර්‍මජාදි රූප කලාපයන්ගේ වැඩීමත් චක්ඛු දසක, සොත දසක, ඝාණ දසක, ජිව්හා දසක යන සතර කර්‍මජ කලාපයන්ගේ පහළ වීමෙන් පසු කර්‍මජ රූපාදිය වැඩෙන ක්‍රමයත්, ඕජා ඵරණයෙන් පසු ආහාරජ රූපයන්ගේ වැඩීමත් මරණය හෙවත් චුති චිත්තය දක්වා ක්‍රමයෙන් කර්‍මජ රූපාදීන්ගේ හානියත් මේ සටහනින් දක්වනු ලැබේ. මෙහි මරණාසන්න චිත්තවීථිය විශයෙන් දක්වා තිබෙන්නේ චක්ඛුද්වාරික වීථියකි. (පිටු 130)