රූපයෙහි ආයුෂය
අටවිසි (28) රූපයන් අතුරෙන් විඤ්ඤත්ති රූප දෙක සහ ලක්ෂණ රූප සතර හැර ඉතිරි දෙවිසි (22) රූපයන්ගේ ආයුෂය චිත්තක්ෂණ සතළොසකි (17) හෙවත් කුඩා චිත්තක්ෂණ එක් පනසෙකි (51).
විඤ්ඤත්ති රූපයන්ගේ ආයුෂය එක් චිත්තක්ෂණයකි හෙවත් කුඩා චිත්තක්ෂණ තුනෙකි.
උපචය, සන්තති, අනිච්චතා යන රූපයන්ගේ ආයුෂය එක් කුඩා චිත්තක්ෂණයකි.
ජරතා රූපයා ගේ ආයුෂය කුඩා චිත්තක්ෂණ එකුන් පනසෙකි (49).