අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූප තලයන්හි ආයු පරිච්ඡෙදය

ආකාශානඤ්චායතනයෙහි මහාකල්ප 20,000 කි

විඤ්ඤාණඤ්චායතනයෙහි මහාකල්ප 40,000 කි

ආකිඤ්චඤ්ඤායතනයෙහි මහාකල්ප 60,000 කි

නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි මහාකල්ප 84,000 කි

එකොළොස් කාම භූමිය, සොළොස් රූපාවචර භූමිය, සතර අරූප භූමිය. යන එක්තිස් භූමියෙහි හටගන්නාවූ පුද්ගලයන් සංක්ෂෙප වශයෙන් දොළොස් දෙනෙක් ද, විස්තර වශයෙන් දෙසිය තුදුස් දෙනෙක් ද වේ. ඒ දෙසිය තුදුස් (214) දෙනා නම් මෙසේයි:-

සතර අපායෙහි දුගති අහේතුකයෝ 4

මනුෂ්‍ය භූමියෙහි සහ වාතුම්මහාරාජිකයෙහි දුගති අහේතුකයෝ දෙදෙන හැර 22 අවශේෂ පඤ්ච සුගතියෙහි දුගති, සුගති අහේතුකයෝ දසදෙනා හැර 50

ප්‍රථමධ්‍යාන භූමි තුනය, දුතියධ්‍යාන භූමි තුනය, තතියධ්‍යාන භූමි තුනය, වෙහප්ඵලය යන දසවිධ භූමියෙහි සුගති දුගති අහේතුක සහ ද්විහේතුක තිස්දෙනා හැර 90

අසඥසත්ත්වයෙහි එකම සුගති අහේතුකයා යි 1

පඤ්ච සුද්ධාවාසයෙහි අනාගාමි ඵලස්ථයාය, අර්හත් මාර්ගස්ථයාය, අර්හත් ඵලස්ථයාය යන තිදෙනාගේ වශයෙන් 15

සතර අරූප භූමියෙහි සුගති දුගති අහේතුක ද්විහේතුක, සොවාන් මාර්ගස්ථ යන සතරදෙනා හැර ඉතිරි අටදෙනාගේ වශයෙන් 32

214