අභිධර්මාර්ථ ප්‍රදීපිකා

උභයක්ෂය මරණය

යම් පුද්ගලයෙක් යම්කිසි ජනක කර්ම ශක්තියකින් යම් සත්ව නිකායක ප්‍රතිසන්ධිය ලැබූයේ නම් ඒ සත්ත්ව නිකායට අයත්, ආයුෂයත්, ප්‍රතිසන්ධිය ලබා දුන් ජනක කර්ම ශක්තියත්, එකවර ගෙවි යාමෙන් මරණය සිදුවේ නම්, එය ආයු කර්ම දෙදෙනා ගේ ක්ෂයවීම කරණකොටගෙන වන්නාවූ මරණය හෙවත් උභයක්ෂය මරණය නම් වන්නේය. මෙයද කාල මරණයකි.