කර්මක්ෂය මරණය
ඒ ඒ සත්ත්වයන් විසින් නොයෙක් භවයන්හි රැස්කරණලද අනන්ත වූ අප්‍රමාණවූ කුසලාකුසල කර්මයන් අතුරෙන් යද්ගරුකාදි වශයෙන් ප්‍රස්තාව ලද එක් කර්මයකින් ප්රතිසන්ධියලැබ එම කර්ම ශක්තියෙන්ම නාම ජීවිතෙන්ද්රිය ප්රබන්ධයා විසින් රක්ෂා කරනලද චිත්ත සන්තතිය ද, කර්මජ වූ රූප කලාපයක් පාසා උපාදාය රූපයක් වශයෙන් පැවතෙමින්, ඒ ඒ කලාපයන්ට අයත් රූපයන්ට පන පොවමින්, එයට සම්බන්ධ වූ චිත්තජ, සෘතුජ, ආහාරජවූ අන්‍ය කලාපයන්ට අයත් රූපයන්ද මැළවිය නොදී නගා සිටුවමින්, තෙමේත් රැකෙමින්, රූප සන්තතියද පාලනය කරමින් පැවත ආ රූප ජීවිතෙන්ද්රිය ප්රබන්ධයා විසින් රක්ෂා කරන ලද රූපසන්තතියද, ප්රතිසන්ධි ජනක කර්මයාගේ ශක්තිය යම්තාක් කල් පවතීද, එතෙක් කල් නාම රූප ධර්මයන් වශයෙන් සන්තතිය නොසිඳ පවත්වාගෙණවිත්, කර්ම වේගය ගෙවී යාමෙන් යම් චුතියක් හෙවත් මරණයෙක් වේද, එයට කර්මක්ෂය මරණ යයි කියනු ලැබේ.
ඒ සත්ත්වයා පිළිසිඳ ගත් සත්ත්වනිකායට අයත් ආයුෂ ප්‍රමාණය ශේෂව තිබියදී ප්රතිසන්ධි ජනක කර්මයාගේ ශක්තිය ගෙවී යාමෙන් මේ මරණය සිදුවන බැවින් එයද කාල මරණ සඞ්ඛ්‍යාවටම ඇතුළත් වේ.