4. චුති ප්රතිසන්ධි ක්‍රමය
ලෝක ව්‍යවහාර වශයෙන් ඒ ඒ සත්ත්වයන්, ඔවුනොවුන් උපන් සත්ත්ව සමූහයෙන් යම් ගිලිහිමක් වේද, ගිලිහෙන බවෙක් වේද, වෙන්වීමෙක් වේද, අතුරුදන් වීමක් හෙවත් නොපෙනීයාමක් වේද, මෘත්‍යු නම් වූ මරණයෙක් වේද, පරමාර්ථ වශයෙන් පඤ්ච උපාදානස්කන්ධයන්ගේ බිඳියාමෙක් වේද, කලේබරයාගේ හෙවත් ශරීරයාගේ දමාපීමෙක් වේද, රූපාරූප ජීවිතේන්ද්රියයාගේ මුල් සිඳීමෙක් වේද, එහෙයින් වන්නාවූ එක් භවයක්හුගේ අවසානය මරණය හෙවත් චුතිය නම් වේ.
මෙසේ වන්නාවූ මරණය මනුෂ්‍යාත්මභාවය සඞ්ඛ්‍යාත සුගති භවයාගේ වශයෙන් සතර වැදෑරුම් වේ. එනම්:—
- ආයුක්ෂය මරණය
- කර්මක්ෂය මරණය
- උභයක්ෂය මරණය
- උපච්ඡේදක මරණය