අරූපාවචර කුසල කර්ම
රූපාවචර පඤ්චමධ්‍යානය උපදවා, ඉක්බිති කසිණුග්ඝාටිමාකාසාදී ආලම්බණයක් ගෙණ භාවනා කරන්නාවූ යොගාවචරයාහට උපදනා ආකාශානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපා වචර පඤ්චමධ්‍යාන ජවන් සිත්හි යෙදුනාවූ චේතනාවෝ අරූපාවචර කුසල කර්ම නම් වෙත්. මෙයද මනො කර්මයක්ම වන්නේය. එහි විපාක වශයෙන් සතර අරූප භූමියෙහි පටිසන්ධිය ලැබෙන්නේය. අරූපතලයන්හි පටිසන්ධිය ලබන්නාවූ පුද්ගල යන්ට සතර නාමස්කන්ධයන් පමණක් ලැබෙන හෙයින් එයට චතුවොකාර භවය යයි කියනු ලැබේ. එහි චිත්තසන්තතිය පවත්නේ අවත්ථුකවය.
තවද, කුසලාකුසල කර්මයන්ගේ විපාක දීම හෝ විපාක නොදීම සිදුවන ආකාරයෙන් ද, කර්මයෝ සොළොස් ආකාර වෙත්. ඒ සොළොස නම්:-
- ගති සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන අකුසල කර්ම
- උපධි සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන අකුසල කර්ම
- කාල සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන අකුසල කර්ම
- පයොග සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන අකුසල කර්ම
- ගති විපත්තිය නිසා විපාක දෙන අකුසල කර්ම
- උපධි විපත්තිය නිසා විපාක දෙන අකුසල කර්ම
- කාල විපත්තිය නිසා විපාක දෙන අකුසල කර්ම
- පයොග විපත්තිය නිසා විපාක දෙන අකුසල කර්ම
- ගති විපත්තියෙන් බාධිතව විපාක නොදෙන කුසල කර්ම
- උපධි විපත්තියෙන් බාධිතව විපාක නොදෙන කුසල කර්ම
- කාල විපත්තියෙන් බාධිතව විපාක නොදෙන කුසල කර්ම
- පයොග විපත්තියෙන් බාධිතව විපාක නොදෙන කුසල කර්ම.
- ගති සම්පත්තිය නිසා විපාක දෙන කුසල කර්ම
- උපධි සම්පත්තිය නිසා විපාක දෙන කුසල කර්ම
- කාල සම්පත්තිය නිසා විපාක දෙන කුසල කර්ම
- ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක දෙන කුසල කර්ම
- සුගති භවයෙහි උපන් පුද්ගලයාහට අනිෂ්ට විපාක දීමට අකුසල කර්මයන් ඇති නමුත් ගති සම්පත්තියෙන් බාධිතවූ වූ කල්හි ඒ අකුසල කර්මය විපාක නොදෙන්නේය.
- අකුසල කර්ම විපාක වශයෙන් දාසියකගේ කුස ඉපිද, රූපශ්‍රීන් යුක්තව වැඩිවිය පැමිණි කල්හි, ඔහුගේ ස්වාමිපුත්‍ර තෙම, ඔහුගේ රූපශ්‍රීය දැක සතුටුව, තමහට ජාත පුත්‍රයෙකු මෙන් සැපයෙන් වර්ධනය කොට, උසස් ස්ථානාන්තරාදියක තබන ලද කල්හි ඔහුගේ විද්‍යාමාන වූ අකුසල කර්මය උපධි සම්පත්ති යෙන් බාධිතව විපාක නොදෙන්නේ ය.
- ආදිකල්පික මනුෂ්‍යයන් කෙරෙහි හෝ සුලභවූ ආහාර පානයන් ඇති කාලයන්හි හෝ උපන් පුද්ගලයාහට, ඔහුගේ විද්‍යාමාන වූ පාපකර්මය, කාල සම්පත්තියෙන් බාධිතව විපාක නොදෙන්නේය.
- යම් පුද්ගලයෙක් සම්‍යග් ප්‍රයෝග නිසා ජීවත් වේද, යමෙක් සමීපයට එළඹෙන්නට සුදුසු කාලයෙහි එළඹේද, යන්නට සුදුසු කල්හි පලායයි ද, සුදුසු කල් බලා දුර ගමන් යාම, සොරකම් කිරීම ආදිය කෙරේ ද, ඔහුගේ විද්‍යාමාන වූ පාප කර්මය, ප්‍රයෝග සම්පත්තියෙන් බාධිතව විපාක නො දෙන්නේය.
- දුගතියෙහි උපන් සත්ත්වයාගේ පාපකර්මයෝ ගති විපත්තිය නිසා විපාක දෙන්නේය.
- යම් පුද්ගලයෙක් දාසියකගේ කුස පිළිසිඳගෙන දුර්වර්ණව උපදීද, ඔහු ඇත් අස් ගව මහිසාදීන් බලන්නෙකු වශයෙන් හෝ නීච ක්‍රියාවන් කිරීමට හෝ සලස්වති. එවිට ඔහුගේ පාපකර්මය උපධි විපත්තිය නිසා විපාක දෙන්නේය.
- යමෙක් දුර්භික්ෂ කාලයෙක්හි හෝ පිරිහෙන්නාවූ ද, සැප නැති කාලයෙක්හි හෝ අන්තඃ කල්පාන්තයෙහි හෝ මනුෂ්‍යයන් කෙරෙහි උපදීද, ඔහුගේ පාපකර්මය කාල විපත්තිය නිසා විපාක දෙන්නේය.
- යමෙක් ප්‍රයෝගයෙහි දක්ෂයෙක් නොවේද, නිසි කල්හි පැමිණීමට හෝ නික්ම යාමට නොදනීද, සොරකම් ආදියෙහි කල් නොදනීද, ඔහුගේ පාපකර්මය ප්‍රයෝග විපත්තිය නිසා විපාක දෙනු ලැබේ.
- යමෙක් සැප විඳීමට නිසි කුසල කර්මයක් ඇති කල්හි දුර්ගති භවයෙහි උපදී ද, ඔහුගේ කුසල කර්මය ගති විපතින් බාධිතව විපාක නො දේ.
- යමෙක් කුසලානුභාවයෙන් රාජරාජ මහාමාත්‍යාදී කුලයෙක්හි ඉපිද අන්ධ බධිර ආදි වශයෙන් අඞ්ග විකලත්වයකට පැමිණියේ වේද, එකල්හි ඕහට සුදුසු වයසයෙහිදී ලැබිය යුතු යුවරජ, සෙනෙවිරත් ආදී ස්ථානාන්තරයක් නොලැබෙන්නේය. මොහුගේ කුසලය උපධි විපත්තීන් බාධිතව විපාක නො දෙන්නේය.
- යමෙක් දුර්භික්ෂ කාලයෙක්හි හෝ සැප නැති කාලයෙක්හි හෝ, අන්තඃ කල්පාන්ත සත්ත්වයන් කෙරෙහි හෝ උපදීද, ඔහුගේ කුසල කර්මය, කාල විපත්තීන් බාධිතව විපාක නොදෙයි.
- යමෙක් ප්‍රයෝගයෙහි දක්ෂයෙක් නොවේද, ඔහුගේ කුසල කර්මය ප්‍රයෝග විපත්තීන් බාධිතව විපාක නොදෙයි.
- යමෙක් කුසල කර්මානුභාවයෙන් සුගතියෙහි උපදීද, ඕහට ඒ කුසල කර්මය ගති සම්පත්තිය නිසා විපාක දෙයි.
- යමෙක් රාජරාජ මහාමාත්‍යාදීන්ගේ කුලයෙක්හි ඉපිද, රූපශ්‍රීන් යුක්තව වැඩේද, ඔහුගේ රූප සම්පත්තිය දැක රජ, යුවරජ, සෙනෙවිරත් ආදී උතුම් ස්ථානාන්තර ඔහුට සුදුසු යයි ඒ ස්ථානයන්ට පමුණුවනු ලැබේ. ඔහුගේ කුසල කර්මය උපධි- සම්පත්තිය නිසා විපාක දෙන්නේය.
15. යමෙක් ආදිකල්පික සත්ත්වයන් කෙරෙහි හෝ, සැප ඇති කලෙක්හි හෝ උපදීද, ඔහුගේ කුසල කර්මය කාල සම්පත්තිය නිසා විපාක දෙන්නේය.
16. යමෙක් සුදුසු කල්හි ස්ථානාන්තරප්රාප්ත ධනවත් ප්‍රභූන් කරා ගොස් ඔවුන් සිත් ගෙණ, යහපත් ලෙස කථා කොට, සේව නය කොට සිටීද, ඒ ප්‍රභූන් කිපුණු කල්හි නොපෙණී ඉවත් වේ ද, ඒ ප්රභූන්ට විපතක් පැමිණි කල්හි අසලවත් නොසිට පිට පළාතකට පළාගියේ ද, සොරකමට සුදුසු තැන්හි සොරකම් කොට වස්තු රැස්කෙරේ ද, ඒ වස්තුව පැහැර ගන්නට පැමිණි කල්හි මිහිරි වචනයෙන් හෝ අල්ලස් දීමෙන් හෝ වස්තු හානියක් වන්නට ඉඩ නොතබා ද, තෙමේත් සැපසේ ජීවත් වේද, ඔහුගේ කුසල කර්මය ප්‍රයෝග සම්පත්තිය නිසා විපාක දෙන්නේය.