ප්‍රේත භූමිය
සර්වප්‍රකාරයෙන්ම සැපයෙන් දුරුවූ සත්ත්වයෝ ප්‍රේතයෝ යි. මේ ප්‍රේතයෝ සිව් කොටසකි. එනම්:—පරදත්තුපජීවි, ඛුප්පිපාසික, නිජ්ඣාමතණ්හික සහ කාලකඤ්ජික ප්‍රේත කොටස් සතරය. මේ හැර තවත් කොටස් දොළොසක් දක්වා ඇත. එනම් වන්තාස, කුණපාස, ගුථඛාදක, අග්ගිජාලමුඛ, සූචිමුඛ, තණ්හට්ඨිත, සුනිජ්ඣාමක සත්තඞ්ග, පබ්බතඞ්ග, අජගර, වේමානික, මහිද්ධික යන කොටස් දොළොසකට අයත් ප්‍රේතයෝ ය. මේ ප්‍රේත ආත්මයම ප්රේතයෝනි නම් වේ. ඔවුන්ගේ වාසයට නියම තැනක් නැත.