අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආචීර්ණ කර්මය

නිරන්තරයෙන් කරණ ලද්දාවූ වැඳි කෙවුල් ආදි කර්මාන්ත හෝ එක් වරක් කරණ ලද්දාවූ යම් කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් හෝ, නිරන්තරයෙන් සිහිපත් කරන්නේ වීනම්, ඒ කර්මය ආචීර්ණ හෙවත් යද්බහුල කර්මය නම් වේ. යමෙක් බලවත් වූ කුසල කර්මයෙහිත් සොම්නස් උපදවාද, අකුසල කර්මයෙහි බලවත් වූ සන්තාපය හෙවත් තැවිල්ල උපදවා ද, එයද ආචීර්ණ කර්ම නම් වන්නේය. දුර්වලවූ කර්මය මර්දනයකොට ආසේවන වශයෙන් බහුල වූ හෝ, කුසලා කුසල කර්මය ආචීර්ණ කර්මයක් වශයෙන් විපාක දෙන්නේය.