අභිධර්මාර්ථ ප්‍රදීපිකා

අරූපාවචර ප්‍රතිසන්ධිය

ආකාශානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූපාවචර කුසල කර්ම යන්ගේ විපාක වශයෙන් එම සතර අරූප භූමින්හි අරූපාවචර විපාක සිත් සතරින් ප්‍රතිසන්ධි ගන්නේය. අරූප භූමියෙහි සතර නාමස්කන්ධයන් පමණක් ම පහළ වන්නේය.