රූපාවචර ප්රතිසන්ධිය
සාමාන්‍ය වශයෙන් ප්‍රථමධ්‍යානය පමණක් උපදවාගෙන, නොපිරිහුනු ධ්‍යානයෙන් කල්යවන පුද්ගල තෙමේ කාලක්රියාකෙළේ වී නම් බ්රහ්මපාරිසද්යයෙහි උපදින්නේය. එසේම ස්ත්‍රි ආත්මභාවයෙහි උපන්නාවූ, අෂ්ටසමාපත්තිලාභිවූ අනාගාමී හුද, බ්රහ්මපාරිසද්යයෙහි ඉපිද අනතුරුව මතු මතු බඹ තලයන්හි අනුක්රමයෙන් ඉපිද සුද්ධාවාස භූමියෙහි පිරිනිවන් පානාහුයයි දත යුතු. මධ්‍යම පමණින් ප්‍රථමධ්‍යානය වඩා ගත් පුද්ගල තෙමේ බ්‍රහ්ම පුරොහිත්යයෙහි උපදින්නේය. ප්‍රණීත ලෙස හෙවත් ප්‍රථමධ්‍යානය පඤ්චවසිතාවෙන් පුරුදු කළ පුද්ගල තෙමේ මහා බ්‍රහ්මයෙහි උපදින්නේය. මේ ත්‍රිවිධවූ ප්‍රථමධ්‍යාන තලයන්හි පහළවන බ්රහ්මයන්හට ප්රතිසන්ධි භවාඞ්ග චුති වශයෙන් ඇතිවන්නේ රූපාවචර ප්‍රථමධ්‍යාන විපාක සිතය.
සෙසු ධ්‍යානයන්ගේ විපාක වශයෙන් ලැබෙන ප්‍රති සන්ධිය මේ ක්‍රමයෙන් ම දත යුතුයි.