මෙය මෙහි චුතිප්රතිසන්ධි ක්රමය යි.
93. මෙසේ ගන්නා ලද ප්රතිසන්ධි ඇත්තවුන්ගේ ප්රතිසන්ධි සිත නිරුද්ධ වූ තැන් සිට ඒ සිතම ඒ අරමුණම ගෙන චුතිචිත්තය උපදින තෙක් වීථිසිත් නූපදින කල්හි භවඞ්ග සන්තති සඞ්ඛ්යාත වූ සිත භවයාගේ පැවැත්මට හේතු භාවයෙන් ගංගා ප්රවාහයක් මෙන් අතර නොසිඳී පවතී. භවයාගේ අවශානයෙහි ද චුතවීම් වශයෙන් චුතිසිත ඉපිද නිරුද්ධ වෙයි.
94. ඉන් පසුද ප්රතිසන්ධි ආදීහු රථ චක්රයක් මෙන් පිළිවෙලින්ම පෙරලෙමින් පවතිත්. මේ භවයෙහි ප්රතිසන්ධි භවඞ්ගයක්ම හා වීථි සිත් ද චුති සිත ද යන මේ චිත්ත සන්තතිය යම් සේ පෙරලේද, එසේම නැවත භවාන්තරයෙහි ප්රතිසන්ධි භවඞ්ගාදී මේ චිත්ත සන්තතිය පරිවර්තනය වෙයි.
95. ත්රිහේතුක ප්රතිසන්ධිය ලත් නුවණැත්තෝ මෙහි අනිත්යතාවය සළකා මාර්ගඵලාධිගමය කොට තෘෂ්ණා බන්ධනය සිඳ නිවණට පැමිණෙන්නාහුය.
මෙතෙකින් අභිධර්මාර්ථ සංග්රහයෙහි වීථිමුක්ත සංග්රහ විභාග නම් වූ පඤ්චම පරිච්ඡේදය නිමි.