ධ්‍යාන චිත්ත වීථි
රූපාවචර අර්පණා ධ්‍යානය වනාහී, ප්‍රථමධ්‍යානය, දුතියධ්‍යානය, තතියධ්‍යානය, චතුත්ථධ්යානය, පඤ්චමධ්‍යානය යයි පස්වැදෑරුම් වේ. පෘථග්ජන හා ශෛක්ෂ (නොරහත්) පුද්ගල සන්තානයන්හි රූපාවචර ධ්‍යාන කුසල් සිත් පසත්, අශෛක්ෂ (රහත්) පුද්ගල සන්තානයෙහි රූපාවචර ධ්‍යාන ක්‍රියා සිත් පසත් යන ධ්‍යාන සිත් දසය, අර්පණා ජවන් වශයෙන් රූපාවචර ධ්‍යාන චිත්ත වීථින්හි පහළ වන්නේය.
ධ්‍යාන උපදවනු කැමැති පුද්ගලතෙමේ, විපාකාවරණ, කර්මාවරණ ක්ලේශාවරණ සඞ්ඛ්‍යාත ආවරණත්රයෙන් මුවහ නොවූ, ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කල්‍යාණ පෘථග්ජනයෙක්ව, ධ්‍යාන ලාභී ආචාර්ය්ය වරයෙකු කරා එළඹ, පළමුකොට සතර සංවර සීලයෙන් පිරිසුදුවී, ඒ ආචාර්‍ය්‍යයන් වහන්සේ ගෙන් උපනිශ්‍රය ලැබ, සුදුසු සෙනසුනක් දැන, භාවනා කර්මයට යෝග්‍ය අරමුණක් හෙවත් කර්මස්ථානයක් ලබාගෙණ, ධ්‍යානය පිණිස වීර්‍ය්‍ය කටයුතු වේ.