මෙය මෙහි පුද්ගල භේදයයි
51. කාමාවචර භූමියෙහි මේ සියලු වීථි සිත් සුදුසු පරිද්දෙන් ලැබෙත්.
52. රූපාවචර භූමියෙහි පටිඝජවන් තදාරම්මණයන් හැර ඉතිරි විථිසිත් ලැබෙත්.
53. අරූපාවචර භූමියෙහි ප්‍රථම මාර්ග සිතය, රූපාවචර සිත්ය, හසිතුප්පාදය, යට අරූපාවචර සිත්ය යන මොවුන් හැර සෙසු සියලු වීථි චිත්තයෝ ලැබෙත්.
54. සියළුම භූමින්හි ඒ ඒ ප්‍රසාද රූප රහිතවූවන්ට ඒ ඒ ද්වාරික වීථි සිත් නොලැබෙත්මය.
55. අසඤ්ඤසත්ත්ව පුද්ගලයන්ට සර්වප්‍රකාරයෙන්ම සිත් පැවැත්මෙක් නැත.
56. කාමභූමියෙහි වීථි සිත් අසුවක්ද (80), රූපභූමියෙහි සිව් සැටක්ද (64), අරූපභූමියෙහි දෙසාළිසක්ද (42) සුදුසු පරිද්දෙන් ලැබෙති.