මෙය මෙහි ජවන නියමයයි
42. දුහෙතුක අහේතුක පුද්ගලයන්ට ක්රියා හා අර්පණා ජවන යෝ නො ලැබෙත්.
43. සුගතියෙහි ඤාණ සම්ප්රයුක්ත විපාකයෝද එසේම නො ලැබෙත්.
44. දුගතියෙහි ඤාණවිප්රයුක්ත මහාවිපාකයෝද නොලැබෙත්,
45. ත්රිහේතුක පුද්ගලයන් අතුරෙන් රහතන්වහන්සේට කුසලා කුසල ජවන් නොලැබෙත්.
46. එසේම ශෛක්ෂයන්ට හා පෘථග්ජනයන්ටද ක්රියාජවන් නො ලැබෙත්.
47. ශෛක්ෂයන්හට දිට්ඨිගත සම්ප්රයුක්ත ජවන් හා විචිකිච්ඡා ජවන්ද නොලැබෙත්.
48. අනාගාමී පුද්ගලයන්හට පටිඝජවන් නොලැබෙත්.
49. ලොකොත්තර ජවනයෝ ආර්ය්යයන්ටම තම තමන්ට අයත් පරිදි උපදනාහ.
50. රහතන්වහන්සේට සිව්සාළිසෙක්ද (44) ශෛක්ෂයන්ට සපණසෙක්ද (56) සෙසු පෘථග්ජනයන්ට සිව්පණසෙක්ද (54) ලැබෙන පරිදි දක්වන ලදී.