මෙය මේ මනොද්වාරයෙහි වීථි සිත් උපදනා ක්රමයයි
26. මේ සියලු වාරයන්හි අනිෂ්ඨාරම්මණයෙහි පඤ්ච විඤ්ඤාණ සම්පටිච්ඡන, සන්තීරණ තදාරම්මණයෝ අකුසල විපාකයෝ ම වෙත්.
27. ඉෂ්ඨාරම්මණයෙහි කුසල විපාකයෝම වෙත්.
28. අති ඉෂ්ඨාරම්මණයෙහි සොමනස්ස සහගත සන්තීරණ තදාරම්මණයෝ වෙත්.
29. එහි ද සොම්නස්සහගත ක්රියා ජවනාවසානයෙහි සොමනස්ස සහගත තදාරම්මණයෝම ලැබෙත්.
30. උපෙක්ඛා සහගත ක්රියා ජවනාවශානයෙහි උපෙක්ෂා සහගත තදාරම්මණ වෙත්.
31. දොම්නස් සහගත ජවනයන් ගේ අවශානයෙහි තදාලම්බනයෝද, භවඞ්ගයෝ ද, උපෙක්ඛා සහගතම වෙත්. එහෙයින් සොමනස්ස ප්රතිසන්ධිකයාහට දොම්නස්ස ජවනාවශානයෙහි තදාරම්මණයන්ගේ ලැබීමෙක් නැත. එකල්හි පෙර පුරුදු කරන ලද කිසි කාමාවචර ආලම්බනයක් අරමුණු කොට උපෙක්ඛා සහගත සන්තිරණය උපදී. එයට අනතුරුව ස්වකීය භවඞ්ගයම පතනය වේ යයි ආචාර්ය්යයෝ පවසත්.
32. එසේම කාමාවචර ජවනාවසානයෙහි කාමාවචර සත්ත්වයන් හටම කාමාවචර ධර්මයන් අරමුණු වූ කල්හිම තදාරම්මණය කැමති වෙත්.
33. කාමභවයෙහි ජවන, සත්ත්ව, ආලම්බන යන මොවුන්ගේ නියමයක් ඇති කල්හි විභූතාලම්බනයෙහිද අතිමහන්තාලම්බනයෙහිද තදාලම්බනය කියන ලදි.