මෙය මේ පඤ්චද්වාරයෙහි වීථිචිත්ත ප්රවෘත්ති ක්රමයයි
17. මනොද්වාරයෙහි වනාහි ඉදින් විභූතාලම්බනයක් හමුවෙයිද ඉන් පසු භවඞ්ගචලන, මනොද්වාරාවජ්ජන, ජවනයන්ගේ අවසානයෙහි තදාරම්මණ විපාකයෝ උපදිත්. ඉන්පසු භවඞ්ග පාතය වේ.
18. අවිභූතාලම්බනයෙහි වනාහි ජවනයන්ගේ අවසානයෙහි භවඞ්ගපාතයම වේ. තදාරම්මණයන්ගේ ඉපදීමෙක් නැත.
19. මෙහි වීථි සිත් තුනෙකි. චිත්තුප්පාදයෝ දසයෙකි. විස්තර වශයෙන් සිත් එක්සාළිසෙක් (41) යයි කියනු ලැබේ.