අභිධර්මාර්ථ ප්‍රදීපිකා

විඤ්ඤාණ ධාතු

විඤ්ඤාණ යනු සිතට නමෙකි. තමතමන්ට අයත් ස්වභාව ලක්ෂණය දරන්නේය යන අර්ථයෙන් ධාතු නම් වේ.

සිත් සියල්ලම විඤ්ඤාණ ධාතුන්ගේ වශයෙන් සතකට බෙදනු ලැබේ. එනම්:—

  1. චක්ඛු විඤ්ඤාණ ධාතු=චක්ඛු විඤ්ඤාණ සිත් දෙක
  2. සොත විඤ්ඤාණ ධාතු=සොත විඤ්ඤාණ සිත් දෙක
  3. ඝාණ විඤ්ඤාණ ධාතු=ඝාණ විඤ්ඤාණ සිත් දෙක
  4. ජිව්හා විඤ්ඤාණ ධාතු=ජිව්හා විඤ්ඤාණ සිත් දෙක
  5. කාය විඤ්ඤාණ ධාතු=කාය විඤ්ඤාණ සිත් දෙක
  6. මනොධාතු =පඤ්චද්වාරවජ්ජනය සහ සම්පටිච්ඡන සිත් දෙක
  7. මනො විඤ්ඤාණධාතු=ඉතිරි සිත් හැත්තෑ හය