පඨමජ්ඣාන ලොකොත්තර සිත් අට (1)
ප්‍රථම ධ්‍යාන ලොකොත්තර සිත් අටෙහි යෙදෙන්නා වූ චෛතසිකයෝ නම් තෙළෙස් අන්‍යසමානයෝ සහ විසිපස් සොභන චෛතසිකයන් අතුරෙන් අප්‍රමාණ්‍යයෝ දෙදෙනා හැර ඉතිරි තෙවිස්සය (23) යන චෛතසිකයෝ සතිස් (36) දෙනාය. තුදුස් අකුසල චෛතසිකයන් සහ අප්‍රමාණ්‍ය දෙදෙනාත් යන සොළොසක් (16) චෛතසිකයෝ නො ලැබෙන්නාහ.