අභිධර්මාර්ථ ප්‍රදීපිකා

පළමුවෙනි අසංඛාරික අකුසල් සිත (1)

සොමනස්ස දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංඛාරික අකුසල් සිතෙහි අන්‍යසමාන තෙළෙසත්, මොහ චතුස්කයත්, ලොභයත්, දිට්ඨියත් යන එකුන් විසි (19) චෛතසික ලැබෙන්නාහ. සොභන පස්විස්ස, මානය, දොස චතුස්කය, ථීන, මිද්ධ විචිකිච්ඡා යන තෙතිසක් (33) චෛතසිකයෝ නො ලැබෙත්.