ප්‍රථමධ්‍යාන ලොකොත්තර සිත් අට
- පඨමජ්ඣාන සොතාපත්ති මග්ග සිත
- පඨමජ්ඣාන සොතාපත්ති ඵල සිත
- පඨමජ්ඣාන සකදාගාමි මග්ග සිත
- පඨමජ්ඣාන සකදාගාමි ඵල සිත
- පඨමජ්ඣාන අනාගාමි මග්ග සිත
- පඨමජ්ඣාන අනාගාමී ඵල සිත
- පඨමජ්ඣාන අරහත්ත මග්ග සිත
- පඨමජ්ඣාන අරහත්ත ඵල සිත
මේ ක්‍රමයෙන්, දුතියජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. තතියජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. චතුත්ථජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. පඤ්චමජ්ඣාන ලොකොත්තර සිත් අටෙකි. සියල්ල සතළිසකි.
මේ සිත් සතළිසෙහි යෙදෙන ධ්‍යානාඞ්ගයෝ ද ඒ ඒ ධ්‍යාන සිත්හි යෙදෙන ධ්‍යානාඞ්ගයෝ ම ය. එහි විස්තර පළමු කී පරිදි දත යුතුය.
ලෞකික සිත් අසූ එකත් (81), සාමාන්‍ය ලොකොත්තර සිත් අටත් (8) එකතු කළ කල්හි සිත් සියල්ල අසූ නවයකි (89).
ලෞකික සිත් අසූ එකට ලොකොත්තර ධ්‍යාන සිත් සතළිස එකතු කළ කල්හි සියල්ල සිත් එක් සිය විසි එකකි (121).
මේ එක්සිය විසි එකත් සිත් අතුරෙන් ධ්‍යාන සිත් හැට හතකි (67). එනම් ලොකොත්තර ධ්‍යාන සිත් 40 ත්, රූපාවචර ධ්‍යාන සිත් 15 ත්, අරූපාවචර ධ්‍යාන සිත් 12 ත් ය. එයින් ප්‍රථම ධ්‍යාන සිත් 11 කි. දුතියධ්‍යාන සිත් 11 කි. තතිය ධ්‍යාන සිත් 11 කි. චතුත්ථ ධ්‍යාන සිත් 11 කි. පඤ්චම ධ්‍යාන සිත් 23 කි. ඉන්ද්‍රිය භේදයෙන් මේ පඤ්චමධ්‍යාන සිත් 23 ම උපෙක්ඛා සහගත ය. ඉතිරි සිත් 44 සෝම නස්ස සහගත ය.
ප්‍රථම පරිච්ඡේදය නිමි.
- සොභන සිත් 59
- ලෞකික 51
- කාම සොභන 24
- කුසල් 8
- විපාක 8
- ක්‍රියා 8
- මහග්ගත 27
- රූපාවචර 15
- කුසල් 5
- විපාක 5
- ක්‍රියා 5
- අරූපාවචර 12
- කුසල් 4
- විපාක 4
- ක්‍රියා 4
- රූපාවචර 15
- කාම සොභන 24
- ලොකොත්තර 8
- මග්ග 4
- ඵල 4
- ලෞකික 51
| සොභන සිත් 91 | සොමනස්ස සහගත | උපෙක්ෂා සහගත | ඥාන සම්ප්‍රයුක්ත | ඥාන විප්‍රයුක්ත | අසංස්කාරික | සසංස්කාරික | |
|---|---|---|---|---|---|---|---|
| මහා කුසල් සිත් | 8 | 4 | 4 | 4 | 4 | 4 | 4 |
| මහා විපාක සිත් | 8 | 4 | 4 | 4 | 4 | 4 | 4 |
| මහා ක්‍රියා සිත් | 8 | 4 | 4 | 4 | 4 | 4 | 4 |
| රූපාවචර කුසල් සිත් | 5 | 4 | 1 | 5 | - | - | 5 |
| රූපාවචර විපාක සිත් | 5 | 4 | 1 | 5 | - | - | 5 |
| රූපාවචර ක්‍රියා සිත් | 5 | 4 | 1 | 5 | - | - | 5 |
| අරූපාවචර කුසල් සිත් | 4 | - | 4 | 4 | - | - | 4 |
| අරූපාවචර විපාක සිත් | 4 | - | 4 | 4 | - | - | 4 |
| අරූපාවචර ක්‍රියා සිත් | 4 | - | 4 | 4 | - | - | 4 |
| ලොකොත්තර සිත් | 40 | 32 | 8 | 40 | - | - | 40 |
| එකතුව සිත් | 91 | 56 | 35 | 79 | 12 | 12 | 79 |