කුඩා පළිබොධ
මෙසේ සුදුසු විහාරයට පැමිණි යෝගාවචරයා විසින් යම් යම් කුඩා පළිබෝධ ඇත් නම් එය ද සිඳලිය යුතු. හෙතෙම දික් වූ කෙස් නිය ඇත්නම් එය කැපිය යුතු. සිවුරු කිලිටි නම් එය සෝදා පිරිසුදු කරගත යුතු. ගෙත්තම් කළ යුතු නම් එය ද කළ යුතු. පාත්රය මල බැඳි ඇත්නම් පිසගත යුතු. ඇඳ පුටු ආදිය ද ශුද්ධ පවිත්ර ව තබා ගත යුතු.