සුදුසු විහාර
අඞ්ග පසකින් සමන්විත සේනාසන සුදුසු විහාර ලෙස සළකනු ලැබේ. ඒ අඞ්ග පස නම්:-
- ගමට ඉතා දුරත් නොවූ ඉතා ආසන්නත් නොවූ, ගමනාගමනයට ද පහසු වන්නේ ද,
- දහවල් ජනාකීර්ණ නොව, රාත්‍රි කාලයෙහි නිශ්ශබ්ද ව, මහාජන සන්නිපාතයෙන් වන ගිගුම් හඬ නැත්තේ වන්නේ ද,
- මැසි මදුරු, අවු සුලං, නයි පොළොං ආදීන් ගේ ස්පර්ශ නැත්තේ වන්නේ ද.
- සේනාසනයෙහි වසන්නවුන්ට චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පස බෙහෙත් පිරිකර නිරායාසයෙන් ලැබෙන්නේ ද,
- බහුශ්‍රුත වූ ධර්‍මවිනයධර ස්ථවිර භික්‍ෂුහු ඒ වෙහෙර වෙසෙත් ද, ඔව්හු කලින් කල එළඹ, අර්‍ත්‍ථ විචාරත් ද, ගැඹුරු අර්‍ත්‍ථ ලිහිල් කොට දක්වත් ද, සැක තැන් දුරු කරත් ද.
මෙසේ අඞ්ග පසකින් යුත් සෙනසුන් සුදුසු විහාර නම් වෙති.