සප්ත අභිඥා ඥාන
සෘද්ධිවිධ ඥානය, දිව්‍යශ්‍රොත ඥානය, පරචිත්තවිජානන ඥානය, පුබ්බෙනිවාසානුස්සති ඥානය, චුතුපපාත ඥානය යයි අභිඥාවෝ පස්දෙනෙක් වුවද, චුතුපපාත ඤාණය යයි කියන ලද දිව්‍යචක්‍ෂුරභිඥානයට යථාකම්මූපග ඤාණයත්, අනාගතංස ඤාණයත් පිරිවර වන හෙයින් ඒ ඥාන දෙකත් පඤ්චාභිඥාවනට එකතු කළ කල්හි අභිඥාවෝ සත්දෙනෙක් වෙති. ඒ ඒ අභිඥාවන් පිළිබඳ ආලම්බන විභාගය දැක්වීමේ පහසුව සඳහා මෙසේ අභිඥාවෝ සත් දෙනෙක් කොට මෙහිදී විස්තර කරනු ලැබේ.
ඒ සප්ත අභිඥාවෝ නම්:-
- සෘද්ධිවිධ ඥානය
- දිව්‍යශ්‍රොත ඥානය
- පරචිත්තවිජානන ඥානය හෙවත් චෙතොපරිය ඥානය
- පූර්‍වෙනිවාසානුස්සති ඥානය
- චුතුපපාත ඥානය හෙවත් දිව්‍යචක්‍ෂුරභි ඥානය
- අනාගතංස ඥානය
- යථාකම්මූපග ඥානය යන සත් දෙනය.