අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සප්ත අභිඥාවන්ගේ ආලම්බන විභාගය

ආරම්මණ ත්‍රිකයෝ සතර දෙනෙක් වෙති. එනම්:-

  1. පරිත්තාරම්මණ ත්‍රිකය - (පරිත්තාරම්මණ, මහග්ගතාරම්මණ, අප්පමාණාරම්මණ)
  2. මග්ගාරම්මණ ත්‍රිකය - (මග්ගාරම්මණා ධම්මා, මග්ගහෙතුකා ධම්මා, මග්ගාධිපතිනො ධම්මා)
  3. අතීතාරම්මණ ත්‍රිකය- (අතීතාරම්මණා, අනාගතාරම්මණා, පච්චුප්පන්නාරම්මණා)
  4. අජ්ඣත්තාරම්මණ ත්‍රිකය- (අජ්ඣත්තාරම්මණ, බහිද්ධාරම්මණ, අජ්ඣත්තබහිද්ධාරම්මණ)
  5. ඒ අභිඥාවෝ සත්දෙනා අතුරෙන් සෘද්ධිවිධ ඥානය ආලම්බන සතක පවතී. එනම්:-
    1. පරිත්තාලම්බනය
    2. මහග්ගතාලම්බනය
    3. අතීතාලම්බනය
    4. අනාගතාලම්බනය
    5. පච්චුප්පන්නාලම්බනය
    6. අජ්ඣත්තාලම්බනය
    7. බහිද්ධාලම්බනය
  6. යම් කලෙක කරජකායය, අභිඥා චිත්තය සන්නිශ්‍රය කොට ගෙන අදෘශ්‍යමාන ශරීරයෙන් යනු කැමැතිව, මහග්ගත චිත්තයෙහි කය පිරිනමා ද, එකල්හි ඒ සෘද්ධිවිධ ඥානයට පැවති චතුර්ථ ධ්‍යාන චිත්තය, රූපකායයාගේ වර්ණායතනය ආලම්බනය කොට පවත්නා හෙයින් ඒ සිත පරිත්තාලම්බනික වේ.
  7. යම් කලෙක පාදක චාතුර්ථ ධ්‍යාන සිත දෘෂ්‍යමාන ශරීරයෙන් යනු කැමැතිව, රූපකායයෙහි පාදක චිත්තය පිරිනමාද නොහොත් මොනවට පිහිටුවාද, එකල්හි ධ්‍යාන චිත්තයම අරමුණු කොට සිත පවත්නා හෙයින් ඒ සිත මහග්ගතාලම්බනික වේ.
  8. යම් කලෙක අතීත වූ, නිරුද්ධවූ ඒ පාදක ධ්‍යාන චිත්තය ම අරමුණු කෙරේ නම් එකල්හි ඒ ධ්‍යාන චිත්තය අතීතාලම්බනය හෙයින් අතීතාලම්බනික වේ.

4. සර්‍වඥයන් වහන්සේ පිරිනිවි කල මහාධාතු නිධානයෙහි දී මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ “අනාගතයෙහි දෙසිය අටළොස් වැනි වර්‍ෂය දක්වා මේ සුගන්‍ධයෝ නොවියළෙත්වා, මේ මල් නොමැලවේවා, මේ පහන් නොනිමේවා” යි අධිෂ්ඨාන කළ සේක. ඒ සියල්ල එසේම සිදුවීය. මේ ධ්‍යාන චිත්තය අනාගත රූපයන් අරමුණු කොට පැවැති හෙයින් ඒ සිත අනාගතාලම්බ- නික වේ.

අස්සගුත්ත මහාතෙරුන් වහන්සේ වත්තනිය සෙනස්නෙහි වැසි භික්‍ෂු සඞ්ඝයා වහන්සේ වියළි බත් වළඳනු දැක එහි වූ ජලය දවසක් පාසා පෙර බත් වළඳන වේලාවෙහි දී රස වේවායි අධිෂ්ඨාන කළ සේක. ඒ අධිෂ්ඨානය පරිදි පෙර බත් කල ගත් ජලය දීරසවිය. පසු බත කාලයෙහි ගත් ජලය ප්‍රකෘති ජලය විය. මේ ඍද්ධියෙහි දී ද, ඒ ධ්‍යාන සිත අනාගතාලම්බනික වී ය.

5. රූප කාය ය පාදක ධ්‍යාන චිත්තය නිශ්‍රය කොට අදාශ්‍යමාන කායයෙන් යන කල්හි ඒ ධ්‍යාන සිත පච්චුප්පන්නාලම්බනික වේ.

6. කාය වශයෙන් පාදක ධ්‍යාන චිත්තය හෝ, පාදක ධ්‍යාන චිත්තය වශයෙන් කය හෝ පිරිනමන කල්හි ද, තමාගේ කුමාර රූපාදිය මවාපාන කල්හි ද, තමාගේ රූප කාය හෝ පාදක ධ්‍යාන චිත්තය හෝ අරමුණු කරන හෙයින් ඒ ධ්‍යාන සිත අධ්‍යාත්මිකා- ලම්බනික වේ.

7. බාහිර වූ ඇත්, අස් ආදී රූපයන් මවාපාන කල්හි බහිධාලම්බනික වේ.

මෙසේ ඍද්ධිවිධ ඥාන චිත්තය ආලම්බන සතක පවත්නා බව දත යුතු.

  1. දිව්‍යශ්‍රෝත අභිඥා හෙවත් දිව්‍යශ්‍රෝත ධාතු අභිඥා තොමෝ සිව්වැදෑරුම් අරමුණෙක පවතී. එනම්:-
    1. පරිත්තා ලම්බනය
    2. පච්චුප්පන්නා ලම්බනය
    3. අජ්ඣත්තා ලම්බනය
    4. බහිද්ධා ලම්බනය යන සතරය.
    5. යම් කලෙක දිබ්බසෝත ධාතු අභිඥා තොමෝ ශබ්දය අරමුණු කරන්නේ නම්, සියළු ශබ්දයෝ කාමාවචර හෙයින් පරිත්තාලම්බනයෝ ය. එහෙයින් ඒ දිබ්බසෝත ධාතු අභිඥා සිත පරිත්තාලම්බනික වේ.
    6. ඒ දිබ්බසෝත ධාතු අභිඥා සිත ප්‍රත්‍යුත්පන්න ශබ්දයම අරමුණු කරන හෙයින් පච්චුප්පන්නාලම්බනික වේ.
    7. ඒ දිබ්බසෝත ධාතු අභිඥා සිත තමාගේ කුසතුලින් නික්මෙන ශබ්දය අරමුණු කරන කල්හි අධ්‍යාත්මා- ලම්බනික වේ.
    8. අනුන්ගේ ශබ්ද ශ්‍රවණය කරන කාලයෙහි ඒ ධ්‍යාන චිත්තය බහිද්ධාලම්බනික වේ.

මෙසේ දිව්‍යශ්‍රෝත ධාතු අභිඥාව ආලම්බන සතරෙක පවත්නා බව දත යුතු.

  1. පරචිත්ත විජානනඤාණය හෙවත් චෙතෝපරිය ඤාණය.

චෙතෝපරියඤාණය අරමුණු අටෙක පවතී. එනම්:-

    1. පරිත්තාලම්බනය
    2. මහග්ගතාලම්බනය
    3. අප්‍රමාණාලම්බනය
  1. මාර්‍ගාලම්බනය
  2. අතීතාලම්බනය
  3. අනාගතාලම්බනය
  4. පච්චුප්පන්නාලම්බනය
  5. බහිද්ධාලම්බනය යන ආලම්බන අට ය.
  6. අනුන්ගේ කාමාවචර සිත් දැනගන්නා කල්හි ඒ ධ්‍යාන සිත පරිත්තාලම්බනිකය.
  7. අනුන්ගේ රූපාවචර, අරූපාවචර සිත් දැනගන්නා කල්හි ඒ ධ්‍යාන සිත මහග්ගතාලම්බනිකය.
  8. මාර්‍ග - ඵලයන් දැනගන්නා කල්හි ඒ ධ්‍යාන සිත අප්‍රමාණාලම්බනික ය.

මේ චෙතොපරිය ඤාණයෙන් පෘථග්ජන පුද්ගලයාහට සෝවාන් ආදී ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ මාර්‍ග - ඵල සිත් දැනගත නො හැකි වේ. අභිඥාලාභි සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයාහට සකෘදාගාමි, අනාගාමි අර්හත් යන ආර්‍ය්‍යයන් වහන්සේලාගේ මාර්‍ග - ඵල සිත් දැනගත නො හැකි වේ. එසේ ම අභිඥාලාභි සකෘදාගාමි ආර්‍ය්‍ය පුද්ගලයාහට අනාගාමි, රහත් ආර්‍ය්‍යයන් වහන්සේලාගේ මාර්‍ග - ඵල සිත් දැන ගත නො හැකි වේ. අභිඥාලාභි අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයාහට රහතන් වහන්සේගේ අර්හත් මාර්‍ග සිත හෝ ඵල සිත හෝ දැනගත නොහැකි වේ. අභිඥාලාභි රහතන් වහන්සේ සියලුම ආර්‍ය්‍යයන් වහන්සේලාගේ සිත් දැනගන්නා සේක. එසේ ම අභිඥාලාභි අනාගාමි ආර්‍ය්‍ය පුද්ගලයෝ සෝවාන්, සකෘදාගාමි යන ආර්‍ය්‍යයන්ගේ සිත් දැන ගන්නා සේක. අභිඥාලාභි සකෘදාගාමි පුද්ගලයෝ සෝවාන් පුද්ගලයන්ගේ සිත් දැන ගන්නා සේක. සමසම වූ අභිඥාලාභි ආර්‍ය්‍යයෝ සමසම වූ ආර්‍ය්‍යයන්ගේ මාර්‍ග - ඵල සිත් දන්නා සේක.

  1. මාර්ග සිත් අරමුණු කරන කල්හි ඒ ධ්‍යාන සිත මාර්ගාලම්බනික වේ.
  2. අතීතයෙහි සත් දිනක් ඇතුළත අනුන්ගේ සිත් දැන ගන්නා කල්හි සිත අතීතාලම්බනික වේ.
  3. අනාගතයෙහි සත් දවසක් ඇතුළත සිත් දැන ගන්නා කල්හි ඒ ධ්‍යාන සිත අනාගතාලම්බනික වේ.
  4. ප්‍රත්‍යුත්පන්නාලම්බනයක් අරමුණු කරන ධ්‍යාන චිත්තය පච්චුප්පන්නාලම්බනික වේ.

පච්චුප්පන්නය වනාහි ත්‍රිවිධ වේ. එනම්:-

  1. ඛණ පච්චුප්පන්නය
  2. සන්තති පච්චුප්පන්නය
  3. අද්ධා පච්චුප්පන්නය කියායි.
  4. මේ ත්‍රිවිධ පච්චුප්පන්නයන් අතුරෙන් උත්පාද, ඨිති, භඞ්ග යන ක්‍ෂණත්‍රයට පැමිණි ධර්මය ඛණ පච්චුප්පන්න නම්.
  5. රූපාරූප ධර්මයන්ගේ වශයෙන් එක් සන්තති වාරයෙක හෝ ද්විසන්තති වාරයෙක හෝ ඇතුළත් වූ ධර්මය සන්තති පච්චුප්පන්න නම්.

අන්‍ධකාරයෙහි සිට ආලෝක ඇති තැනට ගිය කෙණෙහි ම රූපය ප්‍රකට වේ. යම්තාක් එය ප්‍රකට වේ ද ඒ අතර සන්තති වාර එකක් දෙකක් වෙති. ආලෝකයෙහි සිට අන්‍ධකාර තැනට ගියහුහට ද රූපාලම්බනය ප්‍රකට නොවේ. එය ද ප්‍රකට වන අතර සන්තති වාර එකක් දෙකක් වේ.

  1. ප්‍රතිසන්‍ධි, චුති දෙකින් පිරිසිඳිනා ලද එක භවයක් ඇතුළත වූ නාම - රූප සමූහය අද්ධා පච්චුප්පන්න ය.

මේ චෙතොපරිය ඤාණයට සන්තති පච්චුප්පන්නය හා අද්ධා පච්චුප්පන්නය ද අරමුණුවන්නේ ය. ඒ දෙවැදෑරුම් ආලම්බනයන් අතුරෙන් වර්‍තමාන ජවන වීථියෙන් අතීත අනාගත වශයෙන් දෙතුන් ජවන වීථි ප්‍රමාණ කාලයෙහි මෙරමාහට යම් සිතෙක් පහළ වේ ද ඒ සියලු සිත් සන්තති පච්චුප්පන්න නමි. මෙරමා සිත දැනගනු කැමැතිව එය ආවර්ජනා කොට අභිඥා සිතින් දැන ගනී ද ඒ කාලය අද්ධා පච්චුප්පන්න ය නමි. සන්තති පච්චුප්පන්නය ද අද්ධා පච්චුප්පන්නයෙහි ඇතුළත් වන හෙයින් චෙතොපරිය ඤාණය අද්ධාපච්චුප්පන්න වශයෙන් ම පච්චුප්පන්නාලම්බනික වේ යයි කියනු ලැබේ.

8. අන්‍යයෙකුගේ සිත අරමුණු කොට අභිඥා සිත පවත්නා කල්හි එය බහිද්ධා ලම්බනික වේ.

4. පුබ්බෙනිවාසානුස්සති ඥානය අරමුණු අටෙක පවතී, ඒ අටවැදෑරුම් ආරම්මණයෝ නම්:-

  1. පරිත්තා ලම්බනය
  2. මහග්ගතා ලම්බනය
  3. අප්පමාණා ලම්බනය
  4. මග්ගා ලම්බනය
  5. අතීතා ලම්බනය
  6. අජ්ඣත්තා ලම්බනය
  7. බහිද්ධා ලම්බනය
  8. නවත්තබ්බා ලම්බනය යන ආලම්බන අටය.

1. පුබ්බෙනිවාසානුස්සති ඥානයෙන් කාමාවචර ස්කන්ධයන් සිහි කරන කාලයෙහි අභිඥා චිත්තය පරිත්තා ලම්බනික ය.

    1. රූපාවචර, අරූපාවචර ධ්‍යානයන් අරමුණු කරන කල්හි ඒ අභිඥා සිත මහග්ගතා ලම්බනික ය.
    2. අතීත භවයෙහි තමා විසින් හෝ මෙරමා විසින් හෝ වඩන ලද මාර්ග හා ප්‍රත්‍යක්‍ෂ කරන ලද ඵල සිහි කරන කල්හි ඒ අභිඥා චිත්තය අප්පමාණා ලම්බනික ය.
    3. වඩන ලද මාර්ගය ම සිහි කරන කල්හි අභිඥා සිත මාර්ගා ලම්බනික ය.
    4. ස්වභාවයෙන් ම පූර්වේනිවාසානුස්සති ඥානය අතීතා ලම්බනික ය. මේ ඥානයට අතීත ස්කන්‍ධයන් ද, ස්කන්‍ධ ප්‍රතිබද්ධ වූ නාම ගෝත්‍රාදිය ද යන මේ ධර්මයෝ අරමුණු වෙත්.
    5. තමා පිළිබඳ අතීත වූ ස්කන්‍ධයන් සිහි කරන කල්හි මේ පූර්වේනිවාසානුස්සති ඥානය අධ්‍යාත්මා ලම්බනික වේ.
    6. පර සන්තාන ගත ස්කන්‍ධයන් අරමුණු කරන කල්හි ඒ අභිඥා සිත බහිද්ධා ලම්බනික ය.
    7. අතීතයෙහි අසුවල් භාග්‍යවතුන් වහන්සේ වූසේක. උන්වහන්සේගේ මෑණියෝ අසුවල් නම් වූහ. පියාණෝ අසුවල් නම් වූහ යනාදීන් නාම, ගොත්‍ර, පෘථිවි, නිමිත්තාදිය සිහි කරන කල ඒ අභිඥා චිත්තය නවත්තබ්බා ලම්බනික ය.
  1. දිව්‍යවක්‍ෂුරභිඥානය අරමුණු සතරෙක පවතී. එනම්:-
    1. පරිත්තා ලම්බනය
    2. පච්චුප්පන්නා ලම්බනය
    3. අජ්ඣත්තා ලම්බනය
    4. බහිද්ධා ලම්බනය යන සතරය.
  2. දිබ්බචක්ඛුඤාණය - කාමාවචර වූ රූපයන් අරමුණු කරන කල්හි පරිත්තා ලම්බනිකය.
  3. විද්‍යමාන වූ රූපා ලම්බනයෙහි පවත්නා හෙයින් පච්චුප්පන්නා ලම්බනිකය.
  4. තමාගේ කුක්ෂිගත රූපා ලම්බනාදියක් අරමුණු කරණ කල්හි අජ්ඣත්තා ලම්බනිකය.
  5. මෙරමාගේ රූපායතනාදියක් අරමුණු කරන කල්හි බහිද්ධා ලම්බනිකය.

මෙසේ දිව්‍යචක්‍ෂුරභිඥානය සතර අරමුණෙක පවතී.

  1. අනාගතංස ඤාණය අට අරමුණෙක පවතී. එනම්:-
    1. පරිත්තා ලම්බනය
    2. මහග්ගතා ලම්බනය
    3. අප්පමාණා ලම්බනය
    4. මග්ගා ලම්බනය
    5. අනාගතා ලම්බනය
    6. අජ්ඣත්තා ලම්බනය
    7. බහිද්ධා ලම්බනය
    8. නවත්තබ්බා ලම්බනය යන අටය.
    9. අනාගත ආත්මයෙහි මෙතෙමේ කාමාවචර භූමියෙහි උපදනේ යයි දැනගන්නා කල්හි ඒ අභිඥාව පරිත්තා ලම්බනිකය.
    10. මතු රූපා රූප භූමින්හි උපදනේ යයි දැනගන්නා කල්හි මහග්ගතා ලම්බනිකය.
  2. මාර්‍ගය වඩන්නේ ය, ඵලය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ යැයි දැනගන්නා කල්හි අප්පමාණා ලම්බනිකය.
  3. මාර්‍ගය වඩන්නේ යයි දැනගන්නා කල්හි මාර්‍ග ලම්බනිකය.
  4. අනාගතංස ඤාණය ඒකාන්තයෙන්ම අනාගතා ලම්බනිකය.
  5. මම අනාගතයෙහි අසුවල් තැන උපදින්නෙමි යි දැනගන්නා කල් ඒ අභිඥා සිත අජ්ඣත්තා ලම්බනිකය.
  6. අසුවල් තැනැත්තා, අනාගතයෙහි දී අසුවල් තැන උපදින්නේ යයි දැනගන්නා කල්හි බහිද්ධා ලම්බනිකය.
  7. අනාගතයෙහි දී මෛත්‍රිය නම් බුදුන් උපදනාහ. උන්වහන්සේ ගේ පිය තෙම සුබ්‍රහ්මා නම් බ්‍රාහ්මණය. මව්තොමෝ බ්‍රහ්මවතී නම් බැමිණිය යනාදී වශයෙන් නාමගෝත්‍රාදීන් දැන ගන්නා කල්හි නවත්තබ්බා ලම්බනිකය.

මෙසේ අනාගතංස ඤාණය අට අරමුණෙක පවතී.

  1. යථා කම්මූපග ඤාණය අරමුණු පසෙක පවතී.
    1. පරිත්තා ලම්බනය
    2. මහග්ගතා ලම්බනය
    3. අතීතා ලම්බනය
    4. අජ්ඣත්තා ලම්බනය
    5. බහිද්ධා ලම්බනය යන අරමුණු පසය.
    6. යථාකම්මූපග ඤාණයෙන් කාමාවචර කර්‍ම දැනගන්නා කල්හි ඒ අභිඥා චිත්තය පරිත්තා ලම්බනික ය.
    7. රූපාවචර, අරූපාවචර කර්‍ම දැනගන්නා කල්හි මහග්ගතා ලම්බනිකය.
  2. අතීත වූ කුසලාකුසල කර්ම දැනගන්නා කල්හි අතීතා ලම්බනිකය.
  3. තමාගේ කර්ම දැනගන්නා කල්හි අජ්ඣත්තා ලම්බනිකය.
  4. මෙරමාගේ කර්ම දැනගන්නා කල්හි බහිදා ලම්බනිකය.

මෙසේ යථාකම්මූපග ඤාණය අරමුණු පසෙක පවති.