අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ෂට් අසාධාරණ ඥානය නම්

  1. ඉන්‍ද්‍රිය පරො පරියත්ත ඥානය
  2. ආසයානුසය ඥානය
  3. යමකප්‍රාතිහාර්‍ය්‍ය ඥානය
  4. මහා කරුණාසමාපත්ති ඥානය
  5. සර්‍වඥතා ඥානය
  6. අනාවරණ ඥානය.

අෂ්ටාදශ බුද්ධ ධර්මය හෙවත් බුදුරජාණන් වහන්සේට නිතර පුරුදු වූ ධර්ම දහඅට.

තීඤාණ මද්ධාසු අනාගතාදිසු-තිකම්මඤාණං

විගතං විසුද්ධං

අඞ්ගානි ඡන්‍දස්සච දෙසනාය-සම්මානි පග්ගාහ

විමුත්තිධීනං

චාරවා අප්ඵුත මෙව නත්‍ථි-වෙගායිතත්‍යව්‍යාවට

චිත්තතාච

නෙවත්‍ථි තස්සප්පවිඝංචුපෙක්ඛා-තෙ හොන්ති

අට්ඨාරස බුද්ධ ධම්මා

  1. බුදුන්වහන්සේගේ අතීතකොටසෙහි නොපැකිලි කුළුණු නුවණ.
  2. අනාගත කොටසෙහි නො පැකිලි කුළුණු නුවණ.
  3. වර්තමාන කොටසෙහි නො පැකිලි කුළුණු නුවණ.
  4. මේ කරුණු තුනෙන් යුත් බුදුන්වහන්සේගේ සියලු කාය කර්ම ද.
  5. එසේම වූ වාක් කර්ම ද,
  6. එසේම වූ මනඃ කර්ම ද, නුවණ පෙරටු කොට පැවැත්ම.
  7. මේ ධර්ම සයෙන් යුත් බුදුන්වහන්සේට ධර්මය පිළිබඳ ඡන්‍දයාගේ හානියක් නැත්තේ ය,
  8. ධර්ම දේශනාවගේ ද,
  9. වීර්යයාගේ ද,
  10. සමාධියගේ ද,
  11. ප්‍රඥාවගේ ද,
  12. විමුක්තියගේ ද,
  13. මේ ධර්‍ම දොළොසින් යුත් බුදුන්වහන්සේගේ ක්‍රීඩාභිප්‍රායෙක් නැත්තේ ය,
  14. බලහත්කාරයෙන් කරන ක්‍රියාවක් නැත්තේ ය.
  15. නුවණින් නුදුටු දෙයක් නැත්තේ ය,
  16. ඉක්මන් ක්‍රියාවක් නැත්තේ ය,
  17. නිෂ්ප්‍රයෝජන වූ සිත් පැවැත්මක් නැත්තේ ය,
  18. අඥාන මැදහත් කමක් නැත්තේ ය.

මෙසේ බොහෝ අනුසස් ඇති, සියලු බුද්ධකාරක ධර්‍ම හෙවත් පාරමි ධර්‍ම පිරීමට උපනිශ්‍රය වන මේ සතර බ්‍රහ්මවිහරණයන් උත්සාහයෙන් වැඩිය යුතු.