දස ඥාන බලය නම්
“ඨානාඨානං විපාකංච-මග්ගං සබ්බත්‍ථ ගාමිනං
අනෙක ධාතුයො ලොකෙ-අධිමුත්තිඤ්ච පාණිනා
ජානාති ඉන්‍ද්‍රියානං ච-පරොපරියතං මුනි
ඣානාදි සංකිලෙසාදි-ඤාණං විජ්ජාත්තයං තථා.”
- ස්ථානාස්ථාන දන්නා නුවණ හෙවත් වෙන් වෙන් ව හැකි නො හැකි දේ දන්නා නුවණ.
- විපාක ඥානය හෙවත් කාලත්‍රයවර්ති කර්ම විපාක දන්නා නුවණ.
- සර්‍වත්‍රගාමිනිප්‍රතිපත්ති දන්නා නුවණ හෙවත් මේ පිළිපැදීම අපායගාමිනීය. මේ මාර්ගය සුගතිගාමිනීය යනාදීන් දන්නා නුවණ.
- සත්ත්‍ව ගති දන්නා නුවණ.
- ධාතු ඥානය හෙවත් අනෙක ධාතු නා නා ධාතු ලොක දන්නා නුවණ.
- අධිමුක්ති ඥානය හෙවත් සත්ත්‍වයන්ගේ නානාධිමුක්තිකත්‍වාදී වශයෙන් ඇලීම් දන්නා නුවණ.
- ඉන්‍ද්‍රියපරොපපරියත්ත ඥානය හෙවත් ඉන්‍ද්‍රිය යන්ගේ පිළිවෙල දන්නා නුවණ.
- ඣානාදී සංකිලෙස ඥානය හෙවත් ක්ලේශයන්ගේ ව්‍යවදාන, ව්‍යුත්‍ථාන හෙවත් ධ්‍යාන කෙලෙසීම් පිරිසුදුවීම් දන්නා නුවණ.
- පූර්වෙනිවාස දන්නා නුවණ.
- ආශ්‍රවක්‍ෂයකර ඥානය.