උපසමානුස්සතියෙහි අනුසස්
උපසමානුස්සතිය වඩන යෝගාවචර තෙම:-
සුවසේ සැතපෙන්නේ ය.
සුවසේ පිබිදෙන්නේ ය.
සන්සුන් ඉඳුරන් ඇති වන්නේ ය.
සන්සුන් සිත් ඇති වන්නේ ය.
හිරි - ඔතප් දෙකින් සමන්විත වේ.
ප්‍රසාද උපදවන්නේ ය.
ප්‍රණීත වූ අදහස් ඇති වන්නේ ය.
සබ්‍රම්සරුන්හට ගුරුද, සම්භාවනා කටයුතු ද වේ.
මතුයෙහි චතුරාර්‍ය්‍ය සත්‍යාවබෝධය නොකෙළේ නම් සුගතිපරායණ වේ.