1. සිල් පිරිසුදු කරගැනීම.
පඤ්චශීලය, දශශීලය, උපොසථ ශීලය, සාමණේර ශීලය, උපසම්පදා ශීලය යනාදී වශයෙන් නොයෙක් ප්‍රභෙද ඇති ශීලයන් අතුරෙන් තමා රක්නා යම් සීලයක් වේනම්, එය මනාකොට සමාදන්ව, ආරක්ෂා කරගත යුතු. මෙයින් කාය සංවරයද, වාග් සංවරයද ඇතිවේ. ශීලය ආවර්ජනා කරන්නාහට ශ්‍රද්ධාදී ඉන්ද්රියයෝ තියුණු බවට පැමිණේ. එකල්හි ඔහුගේ සිත ක්ලේශයන්ගෙන් පිරිසුදු වන හෙයින් චිත්ත භාවනාවට සුදුසු වන්නේය.