අභිධර්මාර්ථ ප්‍රදීපිකා

සීලානුස්සතියෙහි අනුසස්

සීලානුස්සතිය වඩන යෝගාවචරයා ශික්‍ෂාවෙහි ගෞරව කරන්නෙක් වන්නේ ය. සිල්වතුන් හා සභාග පැවතූම් ඇත්තෙක් වේ. ශික්‍ෂාවෙහි ගෞරව ඇති බැවින් ම ධර්‍මාමිෂ පටිසන්ථාරයෙහි නො පමා වන්නේ ය. ආත්මවාදාදී බියෙන් මිදුණේ ද වේ. ස්වල්පමාත්‍ර වරදෙක් හි ද බිය ඇත්තෙක් වේ. ශ්‍රද්ධාදීන්ගේ විපුලත්‍වයට ද පැමිණේ. ප්‍රීතිප්‍රමොද්‍යය බහුල වන්නේ ය. මතු මාර්‍ගඵල නොලබන්නේ නම් ඒකාන්තයෙන් ම සුගතිපරායණ වන්නේ ය.