දස අනුස්සති කර්මස්ථාන භාවනා
නැවත නැවත සිහිකිරීම අනුස්සති නම් වේ. භාවනා කර්මස්ථානයන්ගේ වශයෙන් අනුස්සති දස වැදෑරුම් ය.
- බුද්ධානුස්සති - බුදුන්වහන්සේගේ ගුණ අරමුණු කොට ඇති සිහි ය.
- ධම්මානුස්සති - දහම් ගුණ අරමුණු කොට ඇති සිහි ය.
- සංඝානුස්සති - සංඝගුණ අරමුණු කොට ඇති සිහි ය.
- සීලානුස්සති - අඛණ්ඩ, අච්ඡිද්‍රාදී ශීල ගුණ අරමුණු කොට ඇති සිහි ය.
- චාගානුස්සති - ත්‍යාග ගුණ අරමුණු කොට ඇති සිහි ය.
- දෙවතානුස්සති - දෙවියන් සාක්‍ෂි කොට තබා තමන්ගේ ශ්‍රද්ධා ගුණ අරමුණු කොට ඇති සිහි ය.
- මරණානුස්සති - ජීවිතින්‍ද්‍රියෝපච්ඡේද සඞ්ඛ්‍යාත මරණය අරමුණු කොට ඇති සිහි ය.
- කායගතාසති - රූපකායයෙහි හෙවත් කෙශාදි කාය කොට්ඨාස අරමුණු කොට ඇති සිහි ය.
- ආනාපානසති - ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කොට ඇති සිහි ය.
- උපසමානුස්සති - දුක්ඛනිරෝධ නම් වූ නිර්වාණ සඞ්ඛ්‍යාත උපසමය අරමුණු කොට ඇති සිහි ය.