අභිධර්මාර්ථ ප්‍රදීපිකා

ආකාස කසිණය

පෙර පුරුදු කළ ආකාස කසිණ භාවනා ඇති පුද්ගලයාහට වනාහි බිත්ති සිදුරු ආදී කිසිවක් දැකීමෙන් නිමිත්ත උපදී. එසේ කෘතාධිකාර නැති අය විසින් සමක හෝ පැදුරක හෝ එක්වියත් සතරඟුල් පමණ සිදුරක් කොට එය බලා ආකාසො - ආකාසො යි භාවනා කළ යුතු. එසේ භාවනා කොට යට කියන ලද පරිදි නිමිති උපදවා ධ්‍යාන ලබා ගත යුතු වේ.